IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා

(පුෂ්පකුමාර ජයරත්න)

පොල්ගහවෙල සහ රඹුක්කන අතර පිහිටි පනලිය දුම්රිය ස්ථානය අසන්නයේදී අද (06) පස්වරු 6.30ට පමණ එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක් ගැටීමෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් 32කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

කොළඹ සිට සවස 4.35ට මහනුවර බලා ධාවය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ ඊට පසුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනව වූ කාර්යාල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

පනලිය දුම්රිය ස්ථානයට ආසන්නව මහනුවර බලා ධාවය කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව නැවැතී තිබියදී එම දුම්රිය යතා තත්ත්වයට පත්කර ධාවනය කරවන තෙක් මහනුවර බලා ධාවනය වූ දුම්රිය නවතා තිබියදී ඊට පසුපසින් පැමිණි දුම්රිය එහි ගැටී අනතුර සිදුවී ඇති බව පොල්ගහවෙල පොලිසිය කියයි.

අනතුර හේතුවෙන් මහනුවර බලා ධාවනය වූ දුම්රියේ පිටුපස දුම්රිය නියාමක මැදිරිය දෙකට කැඩී හානීයට ලක්ව තිබූ අතර ඊට පසුපසින් පැමිණි කාර්යාල දුම්රියේ මැදිරි දෙකකටද හානී සිදුවී එම මැදිරි පීලි පැන ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක ඇති අතර අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් පසු වූ 5 දෙනකු කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියයි.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට බදුල්ල බලා පිටත් වීමට තිබූ තැපැල් දුම්රියද මේ හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ඡායාරූප - නේරංජලා අතපත්තු  

අනතුරින් තුවාල ලැබූ රෝගීන්



අදහස් (18)

දුම්රිය දෙකක් ගැටී 32 කට තුවාල - දුම්රිය ගමනා ගමනයට බාධා

sarath Monday, 06 August 2018 03:51 PM

කට්ටිය ස්ට්‍රයික් කරයිද? මෙච්චර අතිරික්තයක් ඉන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ අනතුරක්? ඕවර් ටයිම් බැලුවොත් හැම එකාගෙම මාසේට ලක්ෂ ගණන් අතිකාල දීමනා...

:       0       9

Sam Monday, 06 August 2018 03:57 PM

බලන්නකෝ රියදුරු මහත්තයා බේරෙන හැටි සිග්නල් වැරදියි කියලා..

:       0       0

wije Monday, 06 August 2018 05:11 PM

මම මේ නොදන්නා කමට අහන්නේ එතකොට නුවර යන දුම්රිය කාර්මික දෝෂයක් නිසා නැවතිලා කියලා පිටිපස්සෙන් ආපු දුම්රියට සංඥාවක් ලැබිලා නැත්ද?

:       0       0

Kumar (Gulf) Monday, 06 August 2018 08:55 PM

එකත් එකටම කඩාකප්පල් කාරීන්ගේ වැඩක් මේක.

:       0       111

lalith Tuesday, 07 August 2018 12:26 AM

ඔය සිග්නල් වලට වැඩ හොඳ නැතිද අර රාළහාමිලා අතේ තියෙනවා වගේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර දුන්නනම් නියමක වරුන්ටයි රියදුරු මහත්වරුන්ටයි. පාරේ කැඩිලා නතර උනාම අහල පහල එන සේරම කොච්චි වලට අපි පාරේ හිටලා ඉන්නවෝ කියන්න. අඩු තරනේ ජංගම දුරකතනයක්වත්?

:       0       0

Udaya Tuesday, 07 August 2018 01:05 AM

සිග්නල් හරියට වැඩ කලා නම් හැප්පුනේ කොහොමද.?

:       0       0

vipula Tuesday, 07 August 2018 02:36 AM

මාර්ග සංඥා දිහා බලන්නේ නැහැ කියන එක පැහැදිලියි. ඊ ලගට එන දුම්රිය රියදුරුගේ දුරකථන අංකය නැද්ද අනේ කෝල් එකක් දෙන්න. මේවට මහා ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ. ඔලුව තියෙන්න ඕනේ .

:       0       0

Nimalee Tuesday, 07 August 2018 02:56 AM

මේ සම්බන්දයෙන් මොකද කතා නැත්තේ? කරමුද හොද වර්ජනයක් ? ඔහු ජනතාවගෙන් සමාව ගත යුතුයි .

:       0       7

Kavinda Herath Tuesday, 07 August 2018 03:13 AM

ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම සුදුසුයි

:       0       42

ලුම්බිණි Tuesday, 07 August 2018 03:50 AM

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක උනා නම් වැරදි කරුවා වෙන්නේ රියැදුරා නේද?

:       0       1

Nana Tuesday, 07 August 2018 04:44 AM

2018 හොඳම විහිළුව.

:       0       0

Darshana Tuesday, 07 August 2018 04:45 AM

අඩු තරමින් ඔය දුම්රිය රියදුරන් ගාව ජංගම දුරකතනයක් වත් තිබුනේ නැද්ද.?

:       0       0

d.upul Tuesday, 07 August 2018 05:12 AM

අපි හරි දියුණුයි.

:       0       0

වීර Tuesday, 07 August 2018 05:15 AM

අපි හැමදාම බලාගෙන ඉන්නේ නවීන ලෝකයට ගැලපෙන පරිදි දුම්රිය සේවය නවීකරණය කරයි කියල. දුම්රියේ යන්නේ අහිංසක මහජනතාව. ඔය යල්පැනපු සංඥා ක්‍රම අතහැරලා අනාගතේ ගැන හිතල දුම්රිය සේවය නවීකරණය කරන්න.

:       0       0

rohan Tuesday, 07 August 2018 05:17 AM

අනතුරක් වුනහම එක කොහොමද විහිළුවක් වෙන්නේ කරුනකර කියනවද ඔයාල වගේ කට්ටිය නිසා තම මේ සමාජය අද පිරිහීමට ලක්වෙලා තියෙනේ කෙනෙකුගේ විපත තවකෙනේකුට විහිළුවක් ජිවිත හානියක් නැති එක ගැන අපි සතුට වෙන්න ඕනේ තුවාල ලැබූ සියලුම අයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා

:       0       0

Nimali Tuesday, 07 August 2018 05:24 AM

අවම වසයෙන් ගල් බෝතලයක්ක්වත් වැටිලා තිබුනේ නැත්ද ? බුරු රියදුරු සංගමය මොකද කියන්නේ වර්ජනය කරමුද ?

:       0       63

uddika Tuesday, 07 August 2018 07:07 AM

ඔය හරියේ වෙන්නේ ස්වයන්ක්‍රීයව සංඥා ක්‍රියාත්මක වෙන එක. එතැනදී රියදුරු අනුකුලතාවය දක්වන්න ඕනා ඉදිරියෙන් දුම්රියක් නවතා ඇතිවිට ඊට පසු පසින් ඇති සංඥා කුලුනේ පෙන්වන්නේ රතු බල්බය. ඒ සංඥා කුලුනට පෙර සංඥා කුලේනෙන් පෙන්වන්නේ කහ බල්බය ඒ කියන්නේ 0-40 දක්වාවූ වේගයකින් යන්න කියලා, නමුත් බොහෝ රියදුරන් එය අනුගමනය කරන්නේ නැහැ. එවිට දඩාස් තමා ඉතින්. අඩුගානේ කවුරු හරි කෙනෙක් ඉන්න තිබ්බා රතු කොඩියක්වත් අරගෙන ඉදිරියෙන් අනුතුර අවම කරන්නවත්. වැදිලා තියෙන හැටියට දුම්රියේ තිරිංග ක්‍රියාත්මක වෙලා තියෙනවා පසු පසින් ආ දුම්රියේ.

:       0       0

ජනිත් අංජන Wednesday, 29 December 2021 10:51 AM

ගාඩ්ලාට, ඩ්‍රයිවර්ලාට මොකුත් වුණේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 54 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 116 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 85 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 78 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2345 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 593 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site