දුම්රිය සේවක වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය බෙහෙවින් අඩාල විය.
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ දුම්රිය කිහිපයක් මගීන්ගෙන් පිරී ගියේය.
ටිකට් කවුළු වසා තිබූ නිසා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට උදා විය.
කොළඹ එන මගීන්ගේ පහසුව සඳහා පානදුර දුම්රියපොළේ සිටම බස් සේවා පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවටීමේ කලාවේ රැවටීමේ සීමාවක් තිබිය යුතුයි. මගේ දැක්මට අනුව මෙම වර්ජනය සාධාරණයි. එ්ත් මෙවන් වර්ජන කොතරම් තිබ්බත් පාලකයන්ට ගානක් නැත. මොකද ඔවුන් මේවයේ ගමන් නොකරන නිසා. මේවාගෙන් පීඩා විදින්නේ උදේ හවස සීසන් අරන් දුම්රියේ යන අපි තමා. බස් දෙක තුනක් දාල කෝච්චි 10ක 12ක යන සෙනග ගෙනියන්න පුලුවන්ද? ඡන්දෙ දෙකට බෙදිලා මරාගන්න කඩේ යන මහජනයාගේ මොලේ කවදා පෑදෙයිද කියල දෙයියෝ තමා දන්නේ? (නදී)
හැමදාම ඔහොම නැහැනේ. කොහොමහරි නැඟලා යන්න තමයි තියෙන්නේ (නි)
ගැමුණු හොඳ සේවයක් දෙන්ඩ?(අ)
ටිකට් කවුළු වැසූ නිසා බස් වල යන මිනිස්සුත් එයි හවසට කෝච්චියේ යන්න. (නි)
හොඳ පල්ලම ! මාසයකට කලින් වාරප්‍රවේශ පත්‍රය අරගෙන අතින් සල්ලි දීලා බස්වල යන්න තමයි වැඩි දෙනෙකුට වෙන්නේ. (නි)
කට්ටිය වැඩි නිසා අර කට්ටිය නම් එන්නේ නැතුව ඇති. (නි)
අම්මෝ අද නම් අපේ අයියලා ටික හොදට ජැක් ගහගෙන යන්න ඇති (නදී)
ප්‍රනාන්දු, ගැමුණු පටන්ගන්නේ මේක ඉවර උනහම. පෙනෙන්නේ නැත්තේ ඇමති තුමත් අද වර්ජනයේද? (නදී)
මොන පල්ලමක්ද මහත්තයෝ. අපි වාර ප්‍රවේශ පත්‍රය ගන්නේ මාසෙටම එකවර ගෙවලා. හැබැයි අපි වැඩි හරියක් හා දුක් විදලා ඉන්නේ පාරේ. හරි නම් අපි දුම්රිය දෙපාර්තමේන්තුවට නඩු දන්නා ඕනි. අපෙන් සල්ලි අරන් අපිට හොද සේවයක් නොදෙන එකට (නදී)
මගීන්ට වඩා ගැට කපන්නනට පල්ලම. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න (නදී)
ලංකාවේ හැමදාම ස්ට්‍රයික්, ඉල්ලීම්, නොනවතින එම ඉල්ලීම, කොයි ආණ්ඩු ආවත්, එතනමයි. රටක් දියුණු වන්නේ කොහොමද , බලන්න ඩුබායි අද ලෝකයේ තියන දියුණුම ලස්සනම විනය ගරුක රේල්ලුවයි. මෙය බලන මොනම ඇමති කෙනෙක් හෝ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නම් යන්න ඩුබායි රේල්ලුවේ. හොරට යන්න නම් කොහෙත්ම බැහැ අවදානමක් ඇත්තෙම නැහැ. සම්පර්ණ ආරක්ෂාව නිලදාරීන් නොමැතිව සියලුම සේවාවන් කෙරෙනුයේ කොන්ට්‍රෝල් පාලන අංශසයෙනි. (නදී)
විපුල එය කල හැකියි. මොකද සේවයක් නොදෙන එකට මහජන ආරක්ෂක පනත අනුව කල හැකියි. එය මානව හිමිකම් හරහා යන්න. (නදී)
අයියෝ කෝච්චියේ ඇවිත් ඇඟ රිදෙනවා (නදී)
වර්ජනයට සම්බන්ධ නැති උප දුම්රිය ස්ථාන වලින් මහජනයාට විශාල සේවයක් ඉටු කරමින් දුම්රිය ධාවනයට සහාය දැක්වීම අගය කළයුක්තක්. (නි)