ගෝර්ලිෆ් සිගරට්ටුවක් රුපියල් දෙකකින් ද, ඩන්හිල් සිගරට්ටුවක් රුපියලකින් ද අද සිට වැඩි කර ඇත.
ඒ අනුව ගොර්ලිෆ් සිගරට්ටුව රුපියල් 30ක් ද, ඩන්හිල් සිගරට්ටුව රුපියල් 31ක් ද වේ.
ගෝර්ලිෆ් සිගරට්ටුවක් රුපියල් දෙකකින් ද, ඩන්හිල් සිගරට්ටුවක් රුපියලකින් ද අද සිට වැඩි කර ඇත.
ඒ අනුව ගොර්ලිෆ් සිගරට්ටුව රුපියල් 30ක් ද, ඩන්හිල් සිගරට්ටුව රුපියල් 31ක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරැට් මත්පැන් සියයට සීයකින් වැඩිවුණත් කමක් නැහැ. දුප්පත් අපිට කනබොන දේවල්, තෙල් මිල පොඩ්ඩක් අඩුකරලා දෙන්න (නි)
නියමයි. රුපියල් 100 ක් කළානම් තවත් හොදයි.(හේ)
සිගරට් වැඩි කළා...ගෑස් අඩු කළා.... ජනාධිපතිවරණයෙන් පසු....... ගෑස් වැඩි වෙනවා... එතකම් ඉවසන්න...(අ)
කරපු වැඩේ හොදයි. ඔයිට කලින් ඕව කරන්න තිබ්බෙ. ගෑස් අඩු කරාට ආණ්ඩුවට පාඩු නෑ දැන්. මිනිහෙක් දවසට සාමාන්‍යයෙන් සිගරැට් 5 ක් බොනව කියල හිතමු. එතකොට මාස දෙකක් ගියහම සිටරැට් 5 60 2 =රු.600 ක් වැඩිපුර යනව. සාමනයෙන් ගෙදරක ගැස් එකක් මාස 2 ක් පාවිව්චි කරොත් දැන් රු.250 ක් අඩුයි. ආණ්ඩුවෙ ලාබය රු. 350ක් කොහොමද වැඩේ. (අ)
තව ටිකක් වැඩි කරන්න තිබ්බේ. (හේ)
මේකේ නරක පැත්තකුත් තියෙනවා. වෙනදට අඩියක් ගහලා සිගරැට් පැකට් එකකුත් අරන්, ගෙදර ඉන්න පොඩි අයටයි බිරියටයි රුපියල් 100 ක බඩු අරන්යන කෙනා දැන් අර කලින් දෙකට වියදම් කරලා රුපියල් 80 ක බඩු තමයි අරගෙන යන්නේ. (නි)
ඒක නම් බොහොම හොඳයි (නි)
මම සිගරට් සහ අරක්කු පාවිචිකරන කෙනෙක් වෙමි.මේ දේවල් රටේ නීතිවිරෝදී නොවේ.එත් හැම රජයක්ම මේ පාවිච්චිය අපරාදයක් හැටියට සලකමින් පරිබෝගකයට , හැම අය වැය යෝජනාවකින්ම බදු වැඩි කරමින් දඩුවම් කරන්නේය.සිගරට් හා අරක්කුවලින් මියයන ගණන,දියවැඩියාවෙන් මියයන ගණන වඩා අඩුය. (අ)
සිගරට් මිල වැඩි කොරල අරක්කු මිල අඩු කොරනවා නම් කාටද ආඩම්බර (නදී)
ඇත්තමයි යුද්දෙ දිනපු ජොලියටත් එක්ක තව ටිකක් ගණන් ඉස්සුවොත් මොකද ? (අ)
රුපියල් 2කින් ගෝල්ඩ්ලේෆ් එකක් වැඩි උනාට මොකද බන්. යුද්දේ දිනන්නේ(අ)
අයියෝ ඕක අපිට නම් ගානක් නෑ. කීයක් වුනත් අපිට නවත්තන්න බෑනේ. (නදී)
අපි බොන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ (නි)
ශුවර් එකටම හෙට අනිද්දා මත්පැන් මිලත් වැඩිකරයි. මතට තිත තිතට වැඩ. (නදී)
ඡන්ද ගුණ්ඩු එකින් එක එලියට දානවා දැන්මම. නැතුව රටේ යහපත ගැන හිතල කරන දේවල් නෙමේ මේවා. (නදී)
විදුලි බිල, පැට්‍රෝල් මිල, ගෑස් මිල අඩුකලේ කව්ද කියලා හැම පත්තරේකම ලොකු අකුරින් පලවෙලා තිබුනානේ. මේක කලේ කව්ද? (නදී)
50 ට ගියාම නවත්වනවා වයස නොවෙයි සිගරට්ටුවේ මිල (අ)
ගෑස් ,විදුලියට සහන දුන්නනේ! ඒ මදෑ... (නි)
තව වැඩි කරන්න තිබුනේ (නදී)
හොඳ තීරණයක්, සිගරට් වැඩි කොට , කෑම ජාතිවල, කිරි පැකට්ටුවේ මිල අඩු කරන්ඩ. (නදී)
නියමයි.හරි සතුටුයි. තව වැඩි කරන්න. නැත්නම් ඕවා විකුණන එක නවත්වන්න. (නි)
අපි බොන්නේ නැතිහින්දා අපිටත් කමක් නැහැ (නි)
ඒක නම් ගොඩක් හොඳයි (නි)
ගෑස් අඩු කළානේ. ඒ නිසා කමක් නැහැ (නි)
ඒවා ඉස්සුවට අපිට කමක්නැහැ, ගෑස් බස්සලා, පඩි ටිකකුත් වැඩිකරලා (නි)
තව තවත් සිගරට් මිල ඉහල දැමිය යුතුයි. එතකොට දුම්වැටි වලින් වන රෝග අඩුවෙනවා. (නදී)
රුපියල් 28 තිබ්බත් අපි රුපියල් 30ට තමා ගත්තේ.. මොකද මාරු කාසී නැහැ කියලා කඩේ මුදලාලි මහත්තයා කියනවා නේ. ඉතින් අපි මොකටද රුපියල් 2කට මරාගන්නේ? (නදී)
ලංකාවෙන් දුම්වැටි ඉවත් තළා නම් මීට වැඩිය හොඳයි (නදී)
ගෝල්ඩ් ලීෆ් එකක මිල රු : 28 /=වෙළෙන්දා ට රු :30/= දුන්විට ඉතිරි 2/= ත් නැහැ .2/= ටොපිය දෙන්නෙත් නැහැ.අපි යනකන් එයා වෙන වැඩ.රු: 2/= රජයට ගත්තත් කමක් නැහැ. අරක්කු මිල මැතිවරණයෙන් පස්සේ වැඩිකරයි බෙදන්න තියෙන නිසා.. (නදී)
ගෝල්ඩ් ලීෆ් එකක මිල රු : 28 /=වෙළෙන්දා ට රු :30/= දුන්විට ඉතිරි 2/= ත් නැහැ .2/= ටොපිය දෙන්නෙත් නැහැ.අපි යනකන් එයා වෙන වැඩ.රු: 2/= රජයට ගත්තත් කමක් නැහැ.අරක්කු මිල මැතිවරණයෙන් පස්සේ වැඩිකරයි බෙදන්න තියෙන නිසා.(අ)
සිගරට් මිල වැඩි කල එක හොඳයි, ඕක රුපියල් 50ක් කරන්ඩ, අතාවශ්‍ය බඩු මිල පහල දමන්ඩ ඕනා. ඉන්ධන, ගැස්, අඩු කල මිල බොහොම මදි. සමන්‍ය මිනිසුන්ට ඕනා වැඩි පඩි නෙමේ අහාර ද්‍රව්‍ය වල, ඉන්දන වල මිල 50% ක වත් අඩු කිරීමක්. (අ)