යුද ගැටුම් වලින් පසුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
ඇමෙරිකාවේ වොෂීන්ටන් නුවර පැවති මෙම හමුවට දෙමළ ඩයස්පෝරා ප්‍රජාව නියෝජනය කරමින් බ්‍රිතාන්‍යය මූලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය සභාපති එස්.ජේ.එම්මානුවෙල් පියතුමා , එහි කැදවුම්කරු සුරේන් සුරේන්දිරන් ,දෙමළ පුනරුත්ථාපන සංවිධානයන් හි සාමාජිකයින් පිරිසක් හා ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ,කැනඩාව ,ඕස්ට්‍රේලියාව ,සහ ජර්මනිය යන රටවල් හි සිටින ඩයස්පෝරා සාමාජිකයින් සහභාගී වූ බවද තානාපති ආරංචි මාර්ග කියයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් හි සිදුකෙරෙන සංහිදියා සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබදවත්, එම ක්‍රියාවලිය සදහා දෙමළ ඩයස්පෝරා ප්‍රජාවට ලබා දියහැකි සක්‍රීය දායකත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හා එම දෙමළ ඩයස්පෝරා සංවිධාන සාකච්ඡා කොට ඇත. විශේෂයෙන්ම එම පළාත් හි සාමය ,යුක්තිය හා ආර්ථික කටයුතු සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට ගත හැකි පියවරයන් පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේවට කලබල වෙන්න හොඳ නැහැ (නි)
සංහිඳියාව කියන්නේ නම්කරන ලද පළාත් පමණක් දියුණු කරන එක නම් නෙමෙයි (නි)
ඕක ඉතින් අලුත් දෙයක්ද? මීට පෙරත් මේ අය, ඇය සමඟ සාකච්ඡා කර තිබෙනවා නේද? සාධාරණ, අවංක, රටේ සාමයට හා සංහිඳියාවට බලපා , ක්‍රියාත්මක කිරීමට පුළුවන් යෝජනාවලට නම් මුළු ශ්‍රී ලංකාවම එකඟ වේවි (නි)
ඒක ඇත්ත තමයි මොහාන්. මොකද කලබලවුණා කියලා මොනවා කරන්නද? (නි)