එෆ්.අස්ලම්
දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වය ගැනීම සඳහා එම සන්ධානයේම ප්‍රබල දේශපාලකයින් තිදෙනෙකු තුන්කොන් සටනක නිරතව සිටින බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වෙනුවෙන් මෙම සීතල යුද්ධය හටගෙන ඇති බවද වාර්තා වේ.
2000 වසරේ දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගැනීමෙන් පසු මේ දක්වාම එහි නායකත්වය ආර්.සම්බන්ධන් මහතා විසින් දැරූ අතර සම්බන්ධන් මහතා සන්ධානයේ නායකත්වයෙන් ඉවත්ව එහි අනුශාසකයකු වශයෙන් කටයුතු කිරීමේ අදහසින් පසුවන බව දැනගන්නට ලැබේ.
ඒ අනුව මෙම ධූරයට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මහතා පත්කළ යුතු බවට යෝජනා වී තිබුණ ද සන්ධානය අභ්‍යන්තරයෙන් ඊට විරෝධයක් ද මතුව තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ ද්විත්වය වන ප්ලොට් හා ටෙලෝ සංවිධාන සදහන් කර සිටියේ දෙමළ ජාතික සන්ධානය තුළ වර්තමානයේ ගොඩනැගී ඇති නායකත්වයේ කතිකාව සම්බන්ධයෙන් තම පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා කර සිටින බවයි.
ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාත් ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතාත් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත්තේ ඉලංගයි තමිල් අරසු කච්චි සහ සිය පක්ෂවල පොදු එකගතාවකින් මිස තනි තීරණ වලින් නොවන බවයි.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමළ සන්ධානයේ නායකත්වය ගැන තුන්කොන් සටනක
kule Monday, 18 February 2019 08:04 AM
මොකා ආවත් පුල්ලිනම් මාරුවෙන්නේ නෑ...
fasmy Monday, 18 February 2019 08:24 AM
වතුකරයේ තොන්ඩමන් මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක කරගෙන අද වතුකරයේ දෙමළ ජනතාව හොඳජීවන තත්වයක් ලබාගෙන සිටිනවා උතුරේ දෙමල නායකයොත් වතුකරය දිහා බලලා තමන්ගේ ජනතාවට හොඳ සේවයක් ලබාදෙන්න පටු දේශපාලනයෙන් මිදෙන්න රට බෙදලා වෙනරටක් හදනවා කියන බොරුවෙන් මිදෙන්න..
induni priyanthaMonday, 18 February 2019 09:22 AM
ඔය කියන වතුකරය ලංකාවේද තියෙන්නේ?
Hafeel Monday, 18 February 2019 11:30 AM
රනිල් ඉන්නකල් මොනවටද සුමන්තිරන්ට දෙමළ සන්ධානයේ නායකත්වය?
hasantha Tuesday, 19 February 2019 06:22 PM
තමිල් අරසු කියන්නේ 'දෙමළ රාජ්‍යක්' කියලා මම දැනගත්තේ ළගදි. වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ව නඩත්තු කරන්න අනිත් ජාතීන්ටත් අයත් ජනතාවට සිදුවීම කොච්චර සාධාරණ ද?