දඹුල්ල විහාර හන්දියේ ඇතැයි කියන කසිප්පු තිප්පොළ වසා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද එහි උද්ඝෝෂණයක් අරැඹුහ.
මෙය පවත්වාගෙන යාමට මෙම ස්ථානයට පොලීසියේ සහාය ක් ඇතැයි එහිදී චෝදනා නැගිණි.
එහි පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ මුලස්ථාන පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහත්වරු උද්ඝෝෂකයින්ට කියා සිටියේ මෙය වසා දැමීම සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දන්න දවස් 30ක් වැඩි නැද්ද? (දී)
දැන් මේ ඉහලින් දාල තියෙන අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කවුරුවත් නැතිද?? (ත)
ආශ්චර්යය දින 30 ක් , කල් ඉල්ලීමය ,අහෝ ,පාලක යිනි ,රට කොඉබටද?(දී)
මාසයක් ඉල්ලන්නේ මේක හරි කතාවක්නේ (දී)
මේවා මෙහෙම වෙද්දි බලධාරියෝ කොහොද (දිල්)
මතට තිතද තිතට මතද ? මේ වගේ තැනක් වහන්න කල් ඉල්ලන සිරිතක් තියෙනවද (දිල්)
උස් තැන දැක හැකිලෙන්නේ , මිටි තැන් දැක පුප්පන්නේ (දිල්)
දේශපාලනය සදාචාරයට ඉහලින් තියෙන්නේ!(දී)
මේක ලයිසන් තියෙන කසිප්පු තැබරුමක්ද? නගරාධිපති සහ පොලිස් පරීක්ෂක කලිසන් ඇඳගෙනද ඉන්නේ? (දී)
හැකි ඉක්මනින් මේවා වසා දමන්න (දී)
බාර ගත්ත ඔඩර් එකක් තියෙනවද දන්නේ නෑ (දිල්)
මාසයක්මොකටද?(දී)
තරහ ගන්න එපා ආයුබෝවන්ලා මේ දාල තියෙන වැඩිය පැහිල පෙරාගෙන බිස්නස් එක වෙන පලාතක ප්‍රති ස්ථාපනය කරගන්න තමයි මාසයක් කල් දුන්නේ. එතකම් ඉවසන්න ආයුබෝවන්. (අ)
මේක දේශපාලන බලධරයින් හා පොලිසියයි හව්ලේ කරන සැලැස්මක්ද??? කියන්නට නම් දන්නේ නැත. (අ)
නගරාධිපතිත් කසිප්පු බීලද මාසයක කාලයක් ඉල්ලන්නේ??(අ)
හැන්දෑවට කසිප්පු පොඩ්ඩක් බොන්න එන දුප්පත් මිනිහවත් කනට දෙකක් ගහල ලොකු වැඩ දන පොලිසියේ උන්නැහලට, මේ දන්නා තැනක තියන කසිප්පු පොළ වහන්න මාසයක් ඉල්ලනවා. කගේ නීතිද මන්ද මේවා. (අ)
මේකාගේ කළු පටිය ගෙදර බල්ලට දන්නා වටින්නේ.මෙහෙමට පුත්තූ අම්මප.ජනතාවගේ බදු මුදලෙන් ජිවිතේ ගැටගහගන්නේ කියල හිටන්න බැරිද (අ)
අයිතිකාරයා බර පොරක් වෙන්නැති.., නැතිනම් උපාංග ටික වෙන තැනක සවි කර ගන්න ඕන වෙන කාලය වෙන්න ඇති මාසයක් කල් ඉල්ලුවේ, අනේ මෙහෙමත් පොලිස් ලොක්කෝ..,(අ)
නගරාධිපති හා පොලිසිය කල් ඉල්ලීමෙන් පෙන්නේ ස්ථානය පිලිබඳ ඔවුන් දැනුවත්ව ඇති බවයි . මාධ්‍යය ප්‍රකාශකගෙන් තොරතුරු ලබාගමු .එතෙක් ඉවසන්න . (අ)
රතුපස්වල කර්මාන්ත ශාලාව වගේ ,වෙන තැනකට ගිනියන්න කල් ඉල්ලනවද? (අ)
පොලිසියේ සහයක් නැතිව මේවා කරන්න බැහැ (දී)
මෙය වසා දැමීම සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය ඇයි කියා හිතා ගන්න අමාරුයි. තේරෙන කෙනෙක් කියලා දෙන්නකෝ.(දිල්)
ඇයි මාසයක් ?(දිල්)
ගෙනාපු කසිප්පු ඉවර කර ගන්න කාලය දෙන්න (දිල්)
රටේ නීතීය වල් වැදිලා (දිල්)
කසිප්පු තිප්පොළ වසා දමන්න මාසයක කාලයක් ? ඒ කියන්නේ මෙය නීති ව්රෝධි දෙයක් නෙවෙයි කියන එකද ? (දිල්)
මේ කතාවේ තේරුම මොකද්ද (දිල්)
තිතට මත ඒකයේ අපේ පරමාදර්ශය (දිල්)
පොලිසිය මේවා නැවැත්වීමට කටයුතු කළයුතුයි. (දිල්)
ඒ වැඩේ වගේම තමා අනිත් වැඩත්. බොරුවට කල් ඉල්ලනවා හොද්ද බොරකරගන්න (දී)
මත්පැන් විකිණීම සදහා අනුබල දීම, මසක කාලයක් ඉල්ලීම, මේවා විකුණන අය කරන වැරැද්දට වඩා වැරද්දක් නිතිය ආරක්ෂා කරන හැටි මෙහෙමද ? (දිල්)
මෙකෙන් ඕඅයිසිට ගානක් යනවා වගෙ මාසයක් ඉල්ලන්නේ (දී)
පුණ්‍ය භූමියේ කසිප්පු? කස්සිප්පු තිබුනාට කමක් නැහැ පල්ලි කෝවිල් තියෙන්න බැහැ(දී)
හරිම ලැජ්ජයි!(දිල්)
මසක කාලයක් අවශ්‍යයි කියන්නේ ඇයි.දඹුල්ල පුජා නගරයක් නේද?(දිල්)
තරහ ගන්නදෙයක් නෑ දන්නැති නිසයි අහන්නේ දැන් කසිප්පු විකිණීම හා පෙරීම තහනම් නැතිද ??(දිල්)
කසිප්පු කර්මාන්ත ශාලාව ගලවල වෙන තැනක සවි කරන්නද මාසයක කාලයක් අවශ්‍ය?(දී)
අනේ මන්ද පොලිසියේ අත්තොන්ට දැන්නම් කලිසම ගැලපෙන්නේ නැහැ වගෙයි මට නම් තේරෙන්නේ (දී)
මාසයක්? ගෙනාපු දේවල් ඉවර වෙනකල් වෙන්නැති අනේ ඔය .හැම ඉල්ලීමක්ම උද්ඝෝෂණයෙන් ලබාගන්න වෙලා තියෙන කාලයක් මේක(දිල්)
වෙන තැනක ආයෙත් පටන් ගන්න කාලයක් වෙන්නැති .ඉතින් කල් දෙන්න (දිල්)