දඹුලු විහාරයේ පිහිටි බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපි වලට කිසියම් පිරිසක් අකුරු ඇද හානි සිදු කර තිබෙන බවට දඹුලු රජමහා විහාර මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ දඹුල්ල පොලිසියට අද (04)පැමිණිල්ලක් කළහ .
දඹුල්ල විහාරයේ පිහිටි බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපි වල ට හානි වන අකාරයෙන් සිංහල ඉංග්‍රීසි අකුරු ලියා ඇති බවත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් සේවයේ යොදවා සිටියදී මෙවැනි දේ සිදු වීම ගැන් කම්පා වන බවත් සුමංගල හිමියෝ කීහ .

![20160604_073228[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160604_0732281.jpg)
](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160604_07324011.jpg)
![20160604_073240[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160604_0732401.jpg)
![20160604_073907[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160604_0739071.jpg)
![20160604_114857[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160604_1148571.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය දඹුලු විහාරයට පමණක් නොවේ, ලංකාවේ අන් සියලුම තැන් වලට පොදුයි. සීගිරියට ගියත්, අනුරාධපුරයට ගියත්, පොළොන්නරුවට ගියත් කොහේ ගියත් දකින්න පුළුවන් අපේ රටේ ඓතිහාසික සම්පත් විනාශ කරන දේවල්. මේකට දේශපාලුවන්ගේ ඉඳලා දෙමවුපියන් දක්වාම වගකිවයුතුයි (නි)
මිනීමැරුමක් වුණත් පිරිත් නුල් බැඳලා ආශීර්වාද කරන්නේ සැකකරුවන්ට මරුණ අයට පිළිසරණක් නැහැ (ම)
මෙය ලංකාවේ බුදුදහම ශ්‍රී ලංකා ඉතිහාසයෙන් අතුගා දමන්නට ගත් වැයමක් නොව අද ලංකාවේ ජීවත් වන දෙලොවටම නැති සංස්කෘතික බංකොලොත් බැවින් අතරමන් වුවන්ගේ අමන ක්‍රියාවකි. (ම)
මෙවැනි තැන්වල දැන්වත් සීසීටීවී සවිකළ යුතුයි. (නි)
මේකටත් ජාතිවාදය ආගම්වාදය ඈදාගන්න තරම් මෝඩ මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා හිතෙද්දීත් දුකයි. මේක සමහර වෙලාවට කරන්න ඇත්තෙත් සිංහල කෙනෙක් වෙන්නත් පුළුවන්. එසේම වෙනත් ජාතියක, ආගමක කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මෙච්චර වටිනා පුරාවස්තු මේවගේ ගිනි මකරුන්ට නිරාවරණය කරලා තියෙන්නේ නම් අපේම සිංහල බෞද්ධයෝ කියන එක 100% ක් පැහැදිලියි. කාටත් ඇඟිල්ල දික්කරන්න කලින් අපේ අඩුපාඩු අපි හදාගන්න ඕනෑ. (නි)
නීතිය කාටත් පොදු නැති නිසා තමා මේවා මෙහෙම වෙන්නේ. අර සීගිරි කුරුටු ගී කටුගෑ කෙනාටත් නිදහස දුන්නේ. ඉතින් මේවා මොනවද? (නි)
මේවා කරන්න ඇත්තේ සිත්පිත් ඇති මිනිසුන් නම් වෙන්න බැහැ (නි)
මෙයින් පෙනී යන්නේ ලංකාව තුළත් එහි ඇති සම්පත් වල වටිනාකම නොදන්නා පුද්ගලයින් ඉන්න බවය. (නි)
ඇයි සීසීටීවී දමන්නේ නැත්තේ? (නි)
දඹුලු විහාරයේ ආරක්ෂාව තර කරන්න. සී.සී.ටී.වී කැමරා යොදන්න. ඔතනට විතරක් නොවේ, රටේ වැදගත් යැයි කියන සෑම තැනකටම ආරක්ෂාව අවශ්‍යයි. (නි)
තවමත් අපේ අය එකම තැන. ඕක කරන්න අත්තේ අනිවාර්යෙන්ම ආදරය කරන දෙන්නෙක්. ඒ ගොල්ලන්ගේ නම්වල මුල් අකුරු වගේ තමයි තේරෙන්නේ. අනික හැමදේම ජාතිවාදයට හෝ ආගම්වාදයකට හරවගන්න එපා. (නි)
පද්මිණි කියන එකත් හරි. එවැනි ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. අනෙක් අතට ලංකාවේ මිනිස්සු තමන්ගේ සංස්කෘතික උරුමයන් පිළිබඳව මිට වඩා සැළකිලිමත් විය යුතුයි. දැනගත යුතුයි (නි)
මෙතරම් වටිනා ලෙන් චිත්‍ර/ කලා නිර්මාණ විනාශවෙන්න ඉඩ දීලා බලා ඉන්න එක තමයි ලොකුම වරද. සී.සී.ටී.වී පද්ධතියක් ස්ථාපනය කරන්න එච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙම කරන්නම බැරි නම් පොඩි දැන්වීම් පුවරුවක හෝ තිබුනා නම් "ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය වේ " කියලා, කවුරුත් අතක්වත් තියන්නේ නැහැ. (නි)
ඉරි ඇන්ඳ කෙනා පොලීසියට බාර වුණා නම් පහුවෙනිදාටම රැකියාවකුත් දෙන්න බැරි නැහැ.මේ ලංකාවනේ! (නි)
විහාර ගෙට ඇතුල් විය යුත්තේ බොදුනුවන් පමණි අන්‍ය ආගමිකයන් ඇතුළු නොවිය යුතුය ඔවුන් මෙහි වත් පිලිවත් නොදන්නා නිසා (ම)
ඇත්තටම මේ වගේ සිදුවීමක් වෙනවා කියන්නේ ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. නමුත්, මෙවැනි සිදුවීමකට පසුබිම හැදෙන්නේ ලංකාවේ අතිමහත් බහුතරයකගේ නොදැනුවත් භාවය පමණක් නිසා නෙවේ කියලා මටනම් හිතෙන්නේ. ඒ වගේම මෙවැනි උරුමයන් නියමාකාරයෙන් ආරක්ෂා කරන්න ලංකාවේ තියන ආයතන වල සම්බන්ද කමක් නැති එකත් එක හේතුවක්. ඒ වගේම තව හේතුවක් තියනවා. එක කියලා මට බැනුම් අහන්නත් වේවි. නමුත් යථාර්තය අපි පිළිගන්න ඕනේ. එක තම අද ලංකාවේ ආගම වාණිජකරණය වීම. එකට හොඳම උදාහරණයත් ඔය විනාශය වෙලා තියන දඹුල්ල විහාරයම තම. උරුමයන් ආරක්ෂාවට සිටින ආයතන එතනින් එලවලා දැම්මේ ඒ වනිජකරණයේ නිරුවත් පැතිකඩක් නිරුපනය කරලා. ඒ වගේම ලෝක උරුම ස්ථානයක් වෙන දඹුල්ල විහාරයේ සිදුවුන නව ඉදිකිරීම් නිසා එහි පෞරාණික බව අද වෙනකොට නැවත ගොඩනගන්න බැරි තරම් විනාශ වෙලා. මගේ පෞද්ගලික මතය තමා අද වෙනකොට ලංකාවේ බෞද්ධ උරුමය සුරැකීම පිළිබඳව කතිකාවතක් නැවත ඇති කරන්න ඕනේ කියන එක. එක වඩාත් වීවෘත මනසකින් යුතුව සිදු විය යුතු බවත් කියන්න ඕනේ. (හේ)
මේ වැඩේ කරන්න ඇත්තේ මිනිස් වෙසින් ඉන්න තිරිසනෙක් වෙන්න ඇති (නි)
කවුද කළේ කියලා දැන් හොයන්න වෙන්නේ නෑ.(හේ)
තිළින හරි! (හේ)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ වැඩ! (නි)
දැන්වත් මේවායේ ආරක්ෂාවට යමක් කරන්න (නි)
මේවා මහා ජාතික අපරාධ! (නි)
මේ වගේ වැඩ කරන නරුමයන්ට තමයි මඩුවලිගෙන් තලන්න ඕනෑ. මේවට හේතු අපේ රටේ මිනිසුන්ට රට ගැන, රටේ උරුමයන් ගැන නිසි අධ්‍යාපනයක් ලබා නොදීම. රටේ මිනිස්සු තුළ රට ගැන, රටේ උරුමයන් ගැන ආදරයක් ඇති නොකිරීම. බලන්න ඉන්දියාව, බංග්ලාදේශ මිනිස්සු. එ් රටවල කෙතරම් වැරදි තිබුනත් ඔවුන්ට රට ගැන තිබෙන්නේ පුදුම ගෞරවයක්, ආඩම්බරයක්. (නි)
මේ වගේ ඉතාම පුරාණ බෞද්ධ කලා නිර්මාණයන් තමයි අද සමහර බොරු ඉතිහාසයක් පතුරවන අයට තියන ප්‍රධාන බාධක. මේවට හමුදා ආරක්ෂාව හෝ යොදා රැකගත යුතුයි. (නි)
මේකේ තිබෙන ප්‍රතිචාර දැක්කහම හිතාගන්නම බැහැ මේ ලංකාවේ මිනිස්සු කොච්චර ජාතිවාදීද කියලා. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. ඒවාට ඒ කරපු කෙනාගේ ජාතිය ගාවාගැනීම වැරදියි (නි)
තමන්ගේ ඉතිහාසය ගැන අවබෝධයක් නැති තරුණ කොල්ලෝ ටිකක් වෙන්න ඕනෑ (නි)
මේක ඉතාමත් පහත් ක්‍රියාවක්. මේකට මුල නිසි අධ්‍යාපනයක් නොමැතිකම. මෙවැනි දේ කිරීම තුළින් සංස්කෘතියට වෙන විනාශය සහ මෙම පෞරාණික චිත්‍ර වල ඇති වටිනාකම නොදන්නා නිසායි (නි)
මේ වගේ වැඩ කරන අය අපේ බෞද්ධ උරුමයන් විනාශ කරනවා. මේක පැහැදිලිවම සැළැස්මක් අනුව කළ දෙයක්. හැම පුරාණ බෞද්ධ විහාරයම මෙම ගැටලුවට ලක්වෙලා තියෙන්නේ. හැබැයි අපේ පාලකයෝ හොඳටම නිදි. (නි)
කවුරු මේ දේ කළත් කරපු දේ ගොඩක් වැරැදි දෙයක්.(හේ)
මේ හැමදේම වෙන්නේ බුදුදහමට. දන්නවද ඒ මොකද කියලා ඇත්තම ආගම සාදක ඇතිවම කාටත් ඔප්පුකරන්න පුළුවන් එකම ආගම මගේ බුදු දහම .(හේ)
මේ වගේ වැඩ කරන්නේ ඇයි මිනිසුනේ. අපේ සංස්කෘතිය විනාශ කරන්නේ ඇයි.(හේ)
සෞදිවල ආගමට විරුද්දව කලානම් දෙයියන්ගේම පිහිටයි බෙල්ල තම දෙන්න වෙන්නේ, ඒ උන්ගේ ආගම, නමුත් ලංකාවේ ඕන දෙයක්.(හේ)
විහාර ගෙය පිළිබඳව පමණක් නොවෙයි ඔබ වහන්සේගේ ජීවිතය පිළිබඳවත් සැලකිල්ලෙන් සිටිය යුතු කාලයක් එළඹිලා තිබෙන්නේ. (හේ)
ජනාධිපති තුමා මේ ගැන ඉක්මනින් ක්‍රියා කලොත් හොදයි. බුදු දහම විනාශ කරන කුමන්ත්‍රණ රටේ තියෙන කාලයක් මේක. (හේ)
පිළිමවල කුරුටු ගෑවම බුදු දහම විනාශ වෙනවද එහෙම නැත්නම් බුදු දහමින් කියවෙන අනිත්‍යය පේනවා ද ?(හේ)
මේ දේවල් කරපු අයට හෙන ගහන්න ඕනේ කාලකන්නි.(හේ)
මේ සිද්දිය බොදු කෙනෙක් කලා කියලා හිතන්න අමාරුයි, මොකද මේ අකුරු ලියලා තියෙන්නේ බුද්ධ රුපය මත, කවදාවත් බොදුනුවෝ එහෙම කරන්නේ නැහැ, කොහේ බලි අකුරු ඇන්දත් බුද්ධ රුප මත අදින්නේ නැහැ, මට නම් හිතාගන්න පුළුවන් මේක කවුරු කරන්න ඇතිද කියලා, අනේ ඇත්තට විහාර ගෙට ඇතුල් වෙන තැනනම් කීප දෙනෙක් ඉන්නවා ටිකට් එක බලන්න සංස්කෘතික ත්‍රිකෝනයෙන් කියලා,(හේ)
සිසිටිවි කැමරා හයි කරානම් අල්ල ගන්න තිබ්බා හොරු.(හේ)
මේ වගේ අගයක් නැති කවුරු හරි මේක කරන්න ඇත්තේ.(හේ)
මේ වගේ තැනක සීසීටිවි කැමරා නැද්ද (හේ)
මේවා පන්සලේ ඉන්න අය දැකලා නැද්ද කලින් (හේ)
දිනුක, ඔබ නියම විග්‍රහය දී තිබෙනවා. මේ විහාරේ බලා කියාගන්න උදවිය කොහේ හිටියද, කාගේ සාක්කුවේ හිටියද, නිද්‍රෝපගතව හිටියද ආදී දේ හොයලා බැලුවා නම් හොඳයි. මේකට ආරක්ෂකයින්ගේ විතරක් නෙමෙයි, සියලු දෙනාගේම නොසැළකිල්ල හේතුවෙලා තියෙනවා මම හිතන්නේ. (නි)
කොහොම වුණත් බලි ඇඳපු අය දැනගන්න ඕනෑ රූප උඩ බලි ඇන්ඳා කියලා අපේ නිර්මල බුදු දහම විනාශ කරන්න බැහැ. මේක බෞද්ධ රටක්. වසර සියයකටත් වඩා බටහිර ජාතීන්ට යටත් වෙලා තිබිලත් අපේ බුදු දහම ආරක්ෂා වුණා. (නි)
රූප කුරුටු ගෑවට බුදු දහම විනාශ වෙන්නේ නැහැ. නමුත් මෙතන බුදු දහම නිරුපණය කරන ඉතා වටිනා කලා නිර්මාණයක් තියෙන්නේ. ඒක විනාශ කරන්න හදන්නේ බොහොමයක් දෙනා. මොකද බුදු දහම ලංකාවෙන් විනාශවෙන තරමට තමයි සමහරුන්ගේ මිත්‍යාදෘෂ්ටික අදහස් පතුරුවන්න ලෙහෙසි වෙන්නේ. (නි)
මොන හිතකින් මේ කැත වැඩේ කළාද මන්දා? (නි)
සීසීටීවී කැමරා තිබුනා නම් දුෂ්ට මිනිස්සුත් මේවගේ අහස පොළොව නුහුලන අපරාධ කරන්න බයවෙනවා (නි)
මම වැඩ කරන්නේ ප්‍රංශයේ කෞතුකාගාරයක. මොනතරම් ආරක්‍ෂිත අන්දමින්ද මේවායේ වැඩකටයුතු සිදුවෙන්නේ. සැමතැනම කැමරා. මේ සීමා වලට ඇතුළු වනවිට එලාම් වැඩකරන විදියට ආරක්ෂා කටයුතු කළයුතු නොවේද? (නි)
රුවන්ගේ ප්‍රකාශය පරම සත්‍යයක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව කළත් ඔය පාපකර්මයේ වන්දිය ගෙවා ඉවරකරන්න බැහැ. (නි)
ඇයි මේවට තවත් බලාගෙන ඉන්නෙ? මේ ඵෙතිහාසික ද්‍ෙවල්. ස්වභාවය ධර්මයාගෙන් දඬුවම් ලැබෙනකම්ද මේවාටත් බලා ඉන්නෙ? අන්‍ෙ අප්‍ෙ රටට ගිය කලක්! (නි)
ලංකාවේ බුදුදහම ශ්‍රී ලංකා ඉතිහාසයෙන් අතුගා දමන්නට අසාර්ථක උත්සාහයක ඉන්නේ කවුද කියලා අපි නම් දන්නවා. (නි)
සිංහල බෞද්ධ අයිතිය රකින්නට යොදවා සිටින අය මර නින්දේද?දේශපාලන ගැතිබවින් තොරව බෞද්ධ භික්ෂුන් වහන්සේලා නැඟීසිටිය යුතු කාලය පැමිණ ඇත. මේවාට වගකිවයුතු සියල්ලන්ටම ශාප වේවා. (නි)
වටිනාකම සළකා කැමරා සහ වීදුරු ආවරණ යොදන්න. පස්සේ අඬලා වැඩක් නැහැ. (නි)
මේ වගේ වැඩ කරන අය අල්ලලා අනෙක් අයටත් හොඳ පාඩමක් වෙන්න දඬුවමක් දෙනවා නම් හරි (නි)