රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් රන්ගිරිපාය පන්සලේ සංඝාවාසය අත්හැර දැමීමට සිදුව ඇති බව භික්ෂුන් වහන්සේලා කියති, මේ සංඝාවාසය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඉදිකොට මහා සංඝරත්නයට පුජා කර ඇත. මෙහි වහලේ සෙවිලි තහඩු වලට යටින් එලා ඇති තාර සීට් ඉරු රශ්මියට උණු වී සංඝාවාසයට තාර වැටෙයි කියති.
උන්වහන්සේලාගේ සිවුරු පිරිකර පන්සලේ තිබු සියලු භාණ්ඩ, පිගන් කෝප්ප, පැදුර, පුටු ආදිය තාර වැටී ඇතැයි විහාරාධිපති කුඹුක් කදන්වල නන්දවිමල හිමියෝ කියති. මධ්‍යම සංස්කෘතික අරමුද මේ වහලට පෙති උළු ආවරණය කර තිබු බවත් ඒවා කඩා රිලවුන් පන්සල් ගෙට ඇතුළු වන නිසා ඇස්බැ ස්ටෝස් සෙවිලි තාර සීට් ඒ අකාරයෙන් තිබු බවත් කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් දීල වාහන ගන්නකොට, ඇයි මේ වගේ දේවල් වලට ඇස් කන් පියාගේ ඉන්නේ? ඒ වුණාට කතාව අපි සිංහල බෞද්ධ එ්ත් අපේ ස්වාමීන් වහන්සේලා මේ වගේ දුක් විදිනවා. (බ)
ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදෙස් අනුව වැඩ කල බවක් නොපෙනේ.උපදෙස් ගත යුතු වැඩේට අදාල උපදෙස් කලා සම්බන්ධ කලානම් මෙවෙනි විපත් නැත ..(ම)
දැයට කිරුල සැමරුවේ මේ පළාතේද . බැසිල් ,මහින්ද දෙන්නගෙම කිරුළ නැතිවෙලා ඉන්නේ. (බ)
රන්ගිරි දඹුලු රජ මහා විහාරය තනිකර කුණු ගොඩකි. ෂොපින් , කෑම කොළ, ඇතුළු සියලුම අපද්‍රව්‍ය පිරි ඇත. (බ)
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කල පෙති උළු ආවරණය වෙනුවට ඇස්බැස්ටෝස් සෙවිලි සවිකරේ කවුද? ඇස්බැස්ටෝස් උළු වලට වඩා තාපය උරාගනි. මෙවා උපදෙස් ගත යුතු වැඩ. (ර)
පව් දෙවියනේ .. ලංකාවේ ඉන්න මිනිසුන් වැඩ කරන්නේ ඉදිරියක් සහ ලැබෙන ප්‍රතිපලය ගැන නොසිතා. (ර)
කරුණාකර මා හට සම්බන්ධ වියහැකි දුරකථන අංකයක් ලබාදෙන්න. මම කැමතියි උදව්වක් කරන්න (නි)
මෙය දැක්ක මා හට ඇතිවුණේ මහත් කම්පාවකි. අපි කොහොමහරි බෞද්ධ ශාසනය වත්මන් හා පෙර රජයන්ගෙන් කර ඇති ව්‍යයසනයෙන් බේරාගැනීමට පෙළ ගැහෙන්න කාලය එළඹිලා තියෙන්නේ. බෞද්ධයිනි, අවදි වෙයවු! මම ඔය බලවේග වල ගැත්තෙක් නොවෙමි. අැස්බැස්ටෝස් නැතුව අපේ රජවරු ඔය පළාතේම හොඳ විහාරස්ථාන ඉදිකර ඇතිබව දැන් රජකරන සියලු දෙනාටම මතක් කරදිය යුතු කරුණක්ද. (නි)
කරන්න මේ තරම් දේවල් රටේ තිබියදී රජය මුදල් නාස්ති කරන්නේ මොනවාටද කියා සිතෙනවා (නි)
පවු මෙහෙම දුක්විඳින අහිංසක ජීවිත තව කොපමණ ඇද්ද? (නි)
මේ දේවල් මෙහෙම කරන්න පෙර ඇයි දුරදිග සිතුවේ නැත්තේ? (නි)
කොමිස් හා ලාබ තකා කොන්ත්‍රත්කරුවන්ට පිදෙන දොළ පිදෙනියේ විපාක තමයි මේ. (ර)
ලංකාදීපයේ බොහෝ අඩුපාඩු ඇති තැන පෙන්වද්දී ඒ අයට සහන සලසන්න ගොඩක් අය කැමති වෙනවා . එත් අපේ රටේ පිළිවෙලක් නැති නිසා ලැබෙන අයට සමහර විට ඕනෑවටත් වැඩ ලැබෙනවා සමහර අයට මොකුත්ම ලැබෙන්නේ නැහැ (හේ)
මේ සඳහා උදවු කරන්න කැමැති අය මේ දුරකතන අංකයට කතා කරන්න.කේ.නන්ද විමල හිමි, රන්ගිරිපාය රජ මහා විහාරය, දඹුල්ල.0714481486/ 94663660135 (බ)