IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

 මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල  රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි.

පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී  එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය  සමගින් උපකාර  පංති යන වස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක  කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත්  පාසල් සිසුවාටත් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී යයි පොලීසිය කියයි.

 

 



අදහස් (13)

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට

kam Sunday, 17 November 2024 12:05 PM

මේවා රටක තිබිය යුතු 'සාමාන්‍ය' දේවල් නෙවෙයි. මේවාට දියුණු රටවල කියන්නේ 'violence', 'abuse' කියා. මේවාට දැඩි දඬුවම් ලැබිය යුතුවක් මෙන්ම, මේවා ටෙලි නාට්‍යවල පෙන්වන පරිදි සරළ දේවල් ලෙස නොසැලකීමට ජනතාවද දැනුවත් කළ යුතුයි...

:       5       28

සීජේර Sunday, 17 November 2024 12:08 PM

මරු පියා

:       5       19

Lalla Sunday, 17 November 2024 12:11 PM

මෝඩ තකතීරුවෙක්. හොඳට ඉගෙන ගත්තොත් අනාගතේ කෙල්ල අරගෙන යන්න පුළුවන් කියලා ගොඩ දාගන්න තිබුණු ජීවිත දෙකක් එක්ක පිස්සු නටලා. අවසාන ඵලය දුවත් නැතිකරගෙන හිරේ ලැබීම...

:       2       35

බකල ජයාSunday, 17 November 2024 02:26 PM

ඔබ ගල්කිරියාගම වෙසෙන පහලොස් හැවිරිදි දියණියකගේ මෝටර් බයිසිකලයකින් පැමිණෙන පියෙක්ව සිටියේ නම් මෙවැනි සිද්ධියකදී මෙම පියාට වෙනස්ව හැසිරෙන බව දැනගැනීමට ලැබී ඉමහත් සතුටට පත්වීමි...

:       6       21

pakeerSunday, 17 November 2024 05:25 PM

බකලජයාගේ අදහසේ අමුතු ගතියක් තියෙනවා.

:       1       14

Sirisena Monday, 18 November 2024 10:06 AM

ඔන්න එක්තරා පළාතක මිට අවුරුදු තිහකට පමණ පෙර අවිවාහක තරුණයෙක් පොලිස් නිළධාරි කෙනෙකුගේ දුවක් යාලුකර ගත්තාම පොලිස් නිළධාරි කිව්වෙ කාර් එකක් ගත්තොත් දුව දෙන්නම් කියල. ඉතින් දැන්වගේ නැතත් ඒ කාලයේත් කුලියට කාර් ගන්න තිබුනා. මිනිහා සතියකින් පමණ කුලියට කාර් එකක් අරගෙනම කාර්‍යාලයට ගියා .ආසන්න නගරවල සැරිසරමින් කෙල්ලගෙ ගෙදරටත් ගියාම සාජන් මාමා හරිම කැමැත්තෙන් දුව දුන්නා. ඔහොම ටික දිනක් යද්දී කාර් එකේ කුලිය නොගෙවීම නිසා කාර් එක නැතිවුනා. රස්තියාදු ගහල සේවය පැහැරහැරීමෙන් සේවයත් අහිමිවුනා. ඒක නිසා දැන් මොනවා කරනවද කියල කලුගං දෑලේ කුඩා නගර ආශ්‍රීතව බැලුවොත් දැනගන්න පුලුවන් වේවි

:       0       0

Pradeep Kumara Sunday, 17 November 2024 02:36 PM

නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට සාමාන්‍ය දෙයක් වන මෙය, නව යොවුන් වියේදී හෝමෝන නිසි පරිදි ක්‍රියා නොකළ තරුණියගේ පියාට බරපතල වරදක් ලෙස පෙනීම පුදුමයක් නෙමෙයි. බුද්ධිමත්ව විසඳිය යුතුව තිබූ ප්‍රශ්ණයක් දුර ගිය තරම....

:       2       16

Rohana Sunday, 17 November 2024 02:37 PM

මේ වගේ සම්බන්ධතාවලට පහරදීමෙන් ප්‍රශ්නය විසඳීම වෙනුවට සිදුවන්නේ ප්‍රශ්නය දුරදිග යාමයි. උපදේශනය මගින් ප්‍රශ්ණය නිරාකරණය කර ගැනීම වඩා යහපත්...

:       2       18

බකල ජයාSunday, 17 November 2024 05:23 PM

මමත් හිතන්නේ එහෙම්මයි. තාත්තාට උපදේශනය ලැබුණා නම් මෙහෙම වෙන එකක් නෑ.

:       0       16

Ranjith Sunday, 17 November 2024 06:27 PM

මම දන්නවා ඔය තාත්තා ගැන. මිනිහා මැරයෙක්. එයා බොහොම තරුණ කාලේ ගෙදරට හොරෙන්ලු ගෑණිත් එක්ක පැනලා ගියේ. ඒ කාලෙත් ගෑනිගේ තාත්තා ඔය මිනිහාව මරන්න කට්ටියක්ව එව්වලු..

:       0       8

රමණිSunday, 17 November 2024 10:58 PM

Ranjith, පස්සෙ ආරංචි වුණාද? ඒ එවපු කට්ටිය මිනිහාව මරලා කියලා...

:       0       0

Perera Monday, 18 November 2024 07:56 AM

අතින් පයින් ප්‍රශ්න විසඳා ගන්නේ මොලේ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්න බැරි මිනිස්සු

:       0       0

rs Monday, 18 November 2024 08:24 AM

නීතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 446 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 803 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 553 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 224 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන්
2024 නොවැම්බර් මස 21 1463 0

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ


නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2861 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 458 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 690 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site