IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දයාසිරිගෙන් නව සංධානයක්

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.

දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ.

මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී  නීතිඥ  සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බවද එහි නායකයෝ පවසති.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති.

යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර   ජනාධිපතිවරණයට   තරඟ වදින බවද ඔවුහු කියති.



අදහස් (8)

දයාසිරිගෙන් නව සංධානයක්

G. K. Ekanayake Friday, 15 March 2024 11:16 PM

දයාසිරි ඉල්ලුවොත් පඬුවස්නුවරිනුත් පැරදිලා මඤ්ඤං වෙනවා. වාසි පැත්තට හෝයියා කියන එක තමයි නුවණට හුරු...!

:       0       5

Prabha Friday, 15 March 2024 11:57 PM

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ...!

:       0       7

Buddika Saturday, 16 March 2024 04:14 AM

ඉදිරි මැතිවරණයේ ඡන්ද නැතිව එළියට විසිවීමේ අවදානමකට වැටිලා ඉන්න දයාසිරි ලොකුවට හිතාගෙන සංධාන ගහන්නේ සන්ධානයක් ලෙසට කාට හරි හේත්තුව දාලා ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු පැන්ගන්න නේද? මේ මිනිස්සු ඉන්නේ තමන්ගේ ගැන අධිතක්සේරුවක. ඒත් ඡන්දෙට ඉල්ලුවොත් ශුවර් එකටම ගෙදර...

:       0       4

රිලාහාමි Saturday, 16 March 2024 06:44 AM

දයාසිරි කියන්නේ ජනාධිපතිවරණය කිසිම දවසක දිනන්න පුළුවන් කෙනෙක් නොවෙයි. එහෙම තියෙද්දී දැන් දරුණුම සැඩපහරක ගසාගෙන යනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ගසාගෙන යන මිනිහා තණකොළ ගහෙත් එල්ලෙනවා කියලා... ඒක නොදැන අලුත් ගස් සොයන්න ගිහිල්ලා මුහුදට ගසාගෙන ගොස් දකින්නවත් නොලැබේවි කියලා හිතෙනවා...

:       0       5

ranjith Saturday, 16 March 2024 08:18 AM

අනේ පව්, ජනාධිපති සිහිනයේ ඔක්කොම කට්ටිය. රට හදන්නද මේ..?

:       0       7

ranjith Saturday, 16 March 2024 12:57 PM

දේශපාලන පක්ෂ 18ක් එක්ක සංධානයක්... ඡන්දෙ ඉල්ලලාම බලන්නකෝ ඔය පක්ෂ 18 එක්ක මුළු රටෙන්ම ඡන්ද 25000... පුළුවනි නම් අරන් පෙන්නන්නකෝ...!

:       0       5

Samaradivakara Saturday, 16 March 2024 02:04 PM

ලංකාවේ තම තමන්ගේ පුද්ගලික අපේක්ෂා සඳහා දේශපාලන පක්ෂ හැටහුටහමාරක් තියෙනවා. ඒ මදිවට දේශපාලන පක්ෂ සංවිධායකයෝ ඔවුන්ගේ පවුල්වල එවුන් දාලා තමන්ගේ අතින් වියදම් කරලා ස්වාධීන කණ්ඩායම් ගොඩක් ඉදිරිපත් කරනවා. මේවා ඔවුන්ට විනෝදාස්වාදය සඳහා හේතුවක් වෙන්න පුළුවන්... ඒත් ඡන්දය ගණන් කරන අසරණ නිලධාරින් මහත් පීඩාවට පත්වෙනවා. එම නිලධාරින්ට බලවත් අසාධාරණයක් වෙනවා... මොකද ඡන්දය පවත්වන දවසට පෙර දවසේ ඡන්ද මධ්‍යස්ථානයේ මදුරුවෝ තලතලා නිදි වරාගෙන මහන්සි වෙනවා. ඒ අතර රාත්‍රියේ මැතිවරණ නීති කඩන දේශපාලුවෝ ඔවුන්ගේ හෙංචයියන් කරන අලුගුත්තේරු වැඩ නිසා පීඩාවට පත්වෙනවා මැතිවරණ අවස්ථාවල නැවතත් පීඩාවට පත්වෙලා ඡන්ද පෙට්ටි බාරදීමට ආවාම සෙක්කුවේ බැඳපු ගොනා වගේ මැඩවීමට ලක්වෙලා නැවතත් ගණන් කරන්න ගියාම දහ දොලොස් අතකට නැවූ ඡන්ද පත්‍රිකා දිගහැරීමට ගොස් නැවත පීඩාවට පත්වෙනවා. ඒ මදිවට වල් හරක් වගේ හෙංචයියො කරදර කරනවා. සමහරක් දේශපාලන අ‍යිතිවාසිකම් නැති අපි වගේ අධ්‍යාපනය සේවයේ නිලධාරින් පක්ෂ නියෝජිතයින් හැටියට ආවමත් කරදරයි කියලා කියන අය අනන්තවත් ඉන්නවා. මේනිසා ජනතා මුදල් නාස්තියට හේතුවක් වෙන ඡන්ද පත්‍රය විශාල වීම වළක්වන්න ඕනෑ.

:       0       5

ගමේ එකාලා Saturday, 16 March 2024 03:14 PM

තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙටයි මෙහෙටයි පැනපු කෙනාට හදන්න වෙන්නේ රිලවුන් ගේ සන්විදානයක් තමයි...!

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1231 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2697 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1672 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2875 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1930 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site