කපුවකුගේ වෙසින් ඉංගිරිය හඳපාංගොඩ දරු පල නැති කතුන් කෙළෙසීයැයි කියන යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක් ඉංගිරිය පොලිසියෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ගෙවල්වලට ගොස් දරුපල ඇති කිරීම සඳහා ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවනට අතවර කර ඇතැයි කියන පැමිණිලි ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමකුමාර,පිටබැද්දර ජයා, ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය මට මෙතන සඳහන් කළ නොහැක (නි)
එකක් අහුවෙන්ඩ ඕන අනිත් ඒවා එළි දකින්ඩ.මාධව ඔබ හරි .අන්තිමට අතවරයට ලක්වෙච්ච කෙනත් නොකර සද්දේ හිටියනම් අරයා ඔය සෙල්ලම දිගටම කරගෙන යාවි.(අ)
නියම දේ කරලා තියෙන්නේ (අ)
මාධව විතරයි මෙතන හරි දෙයක් කියල තියෙන්නේ. (ස)
මාධව විතරයි මෙතන හරි දෙයක් කියල තියෙන්නේ. (ස)
මේ මිනිහ එච්චර දෙයක් කරනකන් මේ ගෑනු පොල්ගෑවද? (ස)
හලෝ වරුණ ගොඩක් කාලෙකින්. කොහොමද උරුලෑවා. දරු දුක තියනවා වගේ. ඉස්සෙල්ලම මිනිස්සුන්ට දෙන දුක නවත්වන්න. එතකොට දරු පල ලැබෙයි. (නදී)
දඩුවම් දිය යුතුමයි (නදී)
මෙච්චර දියුණු වෙච්ච ලෝකයත් එක්ක තවමත් අපේ ගොඩක් මිනිස්සු මේ වගේ මිත්‍යා විශ්වාසයන් මත්තේ එල්බගෙන ඉන්න එක තමයි වැරැද්ද. ලංකාවේ තරම් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා යැයි කියන අය ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. පුවත් පතක් වෙබ් පිටුවක් බැලුවොත් තියෙන්නේ මේ වගේ දැන්වීම් ඒ මදිවට ස්කයිප් හරහාත් ගුරුකම් කරනවලු (නදී)
සඳුනි තුවාලය තියෙන මිනිහ තමයි වේදනාව දන්නේ. (නදී)
සඳුනි, මෝඩ ගැහැණු තවම ඉන්නවා කියන්න එපා. ඔයාටත් තේරෙයි වැඩේ උනහම එහි ඇති අගය (නදී)
මේකේ වැරැද්ද තියෙන්නේ දරු පල අහිමි කාන්තාවන්ගේ මිනිස්සු. සමාජය මගින් එල්ල කරන පීඩනයට එම කාන්තාවන් තමන්ට දරුපල අහිමි නැ කියල ඔප්පු කරනවා. (නදී)
මෙය දරු පල ලබාදෙන සාර්ථක ක්‍රමවේදයක්. කාන්තාවන් කැමැත්තෙන් නේ ගෙන්නාගෙන තියෙන්නේ. ඔය ශාන්ති කර්ම බොරු කියල නොදන්නා බබාලා නෙමෙයි, ලොකු අය නේ. (නදී)
ප්‍රේමකුමාරට මේ මිනිහගේ වැරද්දක් පෙනෙන්නේ නැතිලු! ප්‍රේමකුමාරත් හරිම ප්‍රේම කුමාර කෙනෙක් වගේ මට පෙනෙන්නේ! (නදී)
ඒ කාන්තාව සහ පවුලේ අය මන්දබුද්ධිකද කියලා හිතෙනවා මට (නි)
මොහුගේ වරදක් මම දකින්නේ නැහැ (දී)
මේ බවලතුන්ගේ මෝඩකම තමා. නමුත් අපි මෙතන නොදකින පැත්තක් තිබෙනවා. මගේ මිතුරියක් සහ ඥාති කෙනෙක් යන දෙන්නෙක්ම ඉන්නවා දරුවන් නැති. මම දැකලා තිබෙනවා ඔවුන්ට ඇති මානසික පීඩාව. පළමුව ඔවුන් වෛද්‍යවරුන් හමුවෙන්න ගිහින් ඒ ප්‍රතිකාර වලින් ප්‍රතිඵල නැති වුණාම ආගම පැත්තෙන් භාර හාර වලට යොමු වෙනවා. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සමාජයේ වෙන දේවල් ගැන නොදන්නා කාන්තාවක් නම් මේ වගේ ශාන්ති ක්‍රම වලට තමයි ඊළඟට යොමු වෙන්නේ. දරුවන් නැති උදවිය හරිම මානසික පීඩාවකින් ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනෑ. (නි)
අන්ධ විශ්වාසවල ගිලී ඉන්න අපි වගේ ජනතාවන් ඉන්න රටවල මෙවැනි දේ සුලබයි. (නි)
මේවා අපේ රජය සහ රජයේ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමට, ඒ වගේම අපරාධ වැඩිවී ඇති බව පෙන්වීමට සංවිධානාත්මකව සිදුකරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙසයි මට නම් පෙනෙන්නේ (නි)
ශාන්තිකර්ම වලින් ඵලක් තිබේද? (නි)
මේ පුද්ගලයට දොස් කියලා වැරදි පටවලා වැඩක් නැහැ .මෙවැනි දේවලට කාන්තාවන් යවන අයගේ ස්වාමි පුරුෂයන් මෙවැනි දේ වලට වගකිව යුතුයි. (නි)
කාන්තාවන්ට අතවර කිරීම වරදක්. ශාන්තිකර්ම කරන මුවාවෙන් කාන්තාවනට අතවර කිරීම බරපතල වරදක්. මේවා වැරදියයි නොදකින කියන සමාජයක අම්මා, අක්කා, නංගී ආරක්ෂිතද? (දී)
කපුවා කපෝතියි (දී)
ඕක තමයි කරන්න තියෙන එකම ශාන්ති කර්මය.(දී)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (දී)
හනේ අපොයි කාට කාටත් පාඩම් මේවා (දී)
21 වන සියවසේත් මෙබදු මෝඩ ගැහැණු තවම ඉන්නවනේ ගැහැණු සංහතියටම ලැජ්ජාවක්(දී)
දරු දුක වෙනුවෙන් නොයන තැනක් නැහැ මිනිස්සු (දී)
මාර කපුවෙක්නේ. උල තියන්න තියෙන්නේ... (දී)
දරුවන් නැති අම්මල 30% ඉන්නවලු එහෙම එකේ ඉතින් උදවුවක්නේ කරන්න හදල තියෙන්නේ , මදෙයි වඳින්න ගිය දේවාලේ ඔලුවටම කඩා වැටුන (දී)