අඟහරුවාදා (09) අලුයම අතුරුදන් වූ වැල්ලව තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් (4.3) දැරිය ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.
සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාගයක් පිරි නමන බව ද පොලිසිය කියයි.
011 24 22 176
011 30 24 24 5
0777 22 30 95


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අහිංසකීට කරදරයක් වෙන්න එපා දෙවියනේ! (නි)
අනේ මගේ අක්කාගේ දුවත් මේ වගේ. මේ සඳහා ගන්න තීරණයක් ඉක්මනින් ගන්න (නි)
පාන්දර හීනෙන් වගේ ඇහැරුනා. මට මතක් වුණේ රත්තරන් දෝනි. අනේ පොලිසියේ නිලධාරීතුමන්ලාට සියලු ශක්තිය ලැබේවා, ඉක්මනින් කිරිසප්පයව හොයලා දෙන්න. (නි)
අපි හැමෝම (මෙය කියවන හැමෝම)ඔය අහිංසක දරුවාව කිසිම කරදරයක් , හිරිහැරයක්,නැතුව ආරක්ෂා සහිතව නැවතත් දෙමවුපියන් හට ලබා දෙන්න කියා සියලුම ආගම්වල අය ප්‍රර්ථනා කරමු. මහේෂ්ගේ අදහසට මං සම්පුර්ණ එකඟයි. (නදී)
මහේෂ්ගේ කියමනට මම එකඟයි. නමුත් වංක, අවස්ථාවාදී පාලකයෝ මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. (නදී)
කව්ද දරුවාගේ සැබෑ තාත්තා (නදී)
මේක කළ අය අහුවුණොත් ගමේ මිනිසුන්ට බාරදෙන්න. පොලිසියට බාරදුන්නාට වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ (නි)
ශ්‍රී ලංකාව සුරකින ශ්‍රී විෂ්ණූ දෙවියන්ගේ පිහිටෙන් දරුවාව මව්පියන්ට ලැබේවා! දරු දුක දන්නේ දරුවන් ඉන්න මව්පියන් පමණයි. මේ වගේ වැඩකරන මිනිසුන් බුදුන් පය තැබූ පොළවට නොවාසනාවන්! (නි)
මෙයා මගේ දුව වගේමයි. බලනකොට දුකේ බැහැ. මම මගේ දුව ලංකාවේ තියලා ආව අම්ම ගාව. අපි රට ආවත් එයා ගැන හිතන්නේ නැති අඩන්නේ නැති දවසක් නැති තරම්. දරුවෝ දෙමව්පියන්ට කොච්චර වටිනවද කියලා වචනයෙන් කියන්න බැහැ. මේ දරුවා එයාලගේ අම්මට ඉක්මනටම ලැබෙන්න ඕනා. ඒ වගේම මට මගේ දරුවා බලන දවස ඉක්මනටම ලගා වෙන්න ඕනා. (නදී)
මේ අපරාධය කළවුන්ට හොඳක් නම් වෙන්න එපා (නි)
අනේ පුතේ, ඔයාව දෙවියන් බුදුන් රැකගනීවී පොලිසියේ මහත්වරු සොයාගන්නකම් (නි)
මටත් කියන්න තියෙන්නේ රත්න කියපු දෙයම තමා (නි)
දස ලක්ෂ නම් උවමනා නැත. මට නම් සැකයක් උපදිනවා ගෙදරට ආවයි,ගියයි කියන කට්ටඩිරාල ගැන. (නදී)
දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම දැරිය ලැබේවා (නදී)
අනේ රත්තරන් දුවේ, ඔයාට කිසිදු කරදරයක් නැතුව ගෙදර එන්න ලැබේවා! (නි)
අනේ මේ දු පැටියගේ මුණ දැක්කහම මට හරිම ලෝබයි. අනතුරක් වෙන්න එපා. (නදී)
අනේ පව්! කොච්චර ලස්සන කෙලි පොඩ්ඩක්ද? බුදුසරණින්, කරදරයක් නොමැතිව ආපසු මව්පියන් ළඟට එන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
මේ දරුවාව හදාගන්නත් කට්ටියක් ඉල්ලුවාලු නේද? මට නම් සැකයි (නි)
මේ මල් වගේ දරුවන් පැහැරගන්නන් හට මරණ දඩුවම දිය නොහැකි වුවත්, සදාකාලික අබ්බගාතයෝ කර ජිවත්වීමට සැළැස්විය යුතුයි. ලංකාවේ දඩුවම් ලිහිල් නිසාත් නීතියේ රැහැන් වලින් පැනයාමට ඇති ඉඩකඩ නිසාත් , ඒ වගේම නිසි ධාර්මික අධ්‍යාපනයක් නොමැතිකමිනුත් මිනිසුන් අතර ඇති ආදරය,කරුණාව අද ගිලිහී ගොස් ඇත (නි)
අනේ මේ දුවගේ මූණ බලලවත් අරන් ගිය කට්ටිය ආපසු ඇරලවන්න. ඔයාලටත් දරුවෝ ඉන්නවනේ පව් හරිම හුරු බුහුටියි. (නදී)
අර කට්ටඩි ගොයිය මේ ළමයාව හදා ගන්නත් ඉල්ලලා ලු. මේකේ අග මුල එයා දන්නවා ඇති. ගෙදර ඉටි කොළ කපලා තිබෙන්නේ හරියටම දරුවා නිදා ගන්න ඇඳ තිබෙන ඉසව්ව දන්නා කෙනෙක්. මේ පුද්ගලයා ගෙදරත් නැවතිලා හිටියාලු. (නදී)
දස ලක්ෂය පැත්තකට දාලා මේ අයට දඩුවම් දෙන්න ඔනේ (නදී)
පැහැරගෙන ගිය අයටයි. කරවපු අයටයි සාප වෙනවා. (නදී)
මේ දුව මගේ දුවගේ වයස. මේ ලමයව ගෙනත් දෙන කෙනාට මමත් මගෙන් පුළුවන් උදව්වව්ක් දෙනවා. (නදී)