IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දැරිය ඝාතන නඩුවෙන් කොණ්ඩයා නිදහස්

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කරන ලෙස නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා  කොණ්ඩයාගේ සහෝදරයා සමන් ජයලත් නොවැම්බර 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සේයා ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පරිවේෂනීය සාක්කි ඔස්සේ විමර්ශන කළ බවත්, ඒ අනුව මෙම නඩුවට කොණ්ඩයා අදාළ බව තහවුරු වී නැති නිසා ඔහු නිදහස් කරන මුදා හරින ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට වරෙන්තු වී සිටින බැවින් ඔහු එම අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝග කරන ලෙස ගම්පහ පොලිසිය සහ වේයන්ගොඩ පොලිසිය ඉල්ලීමක් කළේය.

ඒ අනුව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියෂාන්ත මුදා හරින බව කී මහේස්ත්‍රාත් එම නඩු දෙක සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරමින් එතෙක් රිමාන්ඩ් කළේය.

මීට පෙර පාසල් සිසුවකු හා කැළුම් නිශාන්ත නම් එක්දරු පියකු ද කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් විය.



අදහස් (0)

දැරිය ඝාතන නඩුවෙන් කොණ්ඩයා නිදහස්

නිමලරාජ් Monday, 19 October 2015 08:01 AM

මේවා තමයි යහපාලනයේ ජයග්‍රහණ. (ර)

:       0       0

සුපුන් Tuesday, 20 October 2015 12:16 PM

කොණ්ඩයා පමණක් නොව මෙවන් අසාධාරණ වලට ලක්වූ අය කොතෙක් අද මෙම සමාජයේ සිටීද? (නි)

:       0       0

නෙලුම් Monday, 19 October 2015 05:03 AM

මොහුට හොද රැකියා පුහුණුවක් ලබා දෙන්න. ඒ වගේම දැනට නිවාසයක් නොමැති නිසා නිවාස ව්‍යාපෘති මගින් ඉදිවෙන නිවාසයක් ලබාදෙන්න. මෙවැනි තරුණයන් පුනුරුත්තාපනය කර උසස් සමාජීය තලයකට යොමු කිරීම රජයේ වගකීමක්. (ත)

:       0       0

විපුල Tuesday, 20 October 2015 05:27 AM

කළ වැරැද්ද පාපොච්චාරණය කර නිදහස් වුණ කෙනෙක් විදිහට ඉතිහාසගත වෙනවා. (නි)

:       0       0

නලීන් Monday, 19 October 2015 05:09 AM

නෙලුම්, ඒවා කරන්න සල්ලි වියදම් කරපුවහම පිටරට සවාරි යන්න වගකිවයුත්තන්ට සල්ලි නැති වෙනවනේ. (ත)

:       0       0

අජිත් Monday, 19 October 2015 05:28 AM

අපේ රටේ එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 200 ක විතර පර්මිට් එකක් ලැබෙනවා. ඉතින් 225 ක් ඉන්න නිසා මේක ලොකු වියදමක්. මම ඉල්ලීමක් කරනවා අපේ මන්ත්‍රීතුමන්ලාගෙන් සහ තුමියලාගෙන් මේ පාර ඒ පර්මිට් එක ගන්නේ නැතුව මේ වගේ රස්තියාදු වෙන තරුණයන් පුනුරුත්තාපනය කරන්න එම මුදල් යොදවන්න කියල. එතකොට මේ වගේ අපරාද තවත් වෙන එකක් නැහැ. (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 05:30 AM

නිසි පුහුණුවක් සමග රැකියාවක් දී සමාජ ගත කරමු.(ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 19 October 2015 05:49 AM

කොණ්ඩයට මොලේ පාවිච්චි කළොත් ආයේ මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ....හැමදාමත් මාධ්‍ය ඉදිරියේ පට්ට පල් කෙබර කෙල කෙල වැදගතුන්ට මඩ ගගහ පොරක් වෙන්න හදන අපේ රන්ජන් නොහොත් පාර්ලිමේන්තු ජෝකර් මේ තරුණය එම සිදු වීම කරන අයුරු ඇහින් දුටුවාක් මෙන් පවසමින් කල අපහාසයට කවුරුන් හෝ නිතිය දන්නා කෙනෙක් මගින් යවන්න එන්තරවාසියක් මිලියන 500ක් වන්දි ඉල්ලලා..සාක්ෂි තියෙනවනේ ඕනෑවටත් වඩා..(බ)

:       0       0

ගගන Tuesday, 20 October 2015 12:49 AM

ඇති යන්තම් කොණ්ඩයා නිදහස් වුණා! (නි)

:       0       0

රතුවිතාන Tuesday, 20 October 2015 01:57 AM

දැන් කොණ්ඩයාට සමාජය ගැන වෛරයක් ඇතිවී තිබුණත් පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 184 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 260 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 221 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 412 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 397 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 647 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site