වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් කියයි.
දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු කියයි.
දරුවා පැහැර ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසති. විජය කුමාරායා කුවේනිය හා දරු දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියති.
‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා. ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා. තව විස්තර මම දරුවාගෙන් ඇසුවා. ‘කවුද මාම කෙනේ අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා. ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා.
කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා. මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.
කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙල් නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියවා.‘
එම දරුවා එම නිවසේ ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි.
‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘
(දරුවා සොයා ගත් නිමල් ජයසූරිය)
මිහිහෙක් දරුවා දමා කැළයට පනී?
ගැමියෝ කැළය වට කරති
2014 සැප්තැම්බර් මස 12 16:52:45
වැල්ලවින් පැහැර ගත් දරුවා ඉබ්බාගමුවේ කුඹුක්ගැටේ කඩපොළ ළඟ දමා අසල පිහිටි ගල්වළ කැළයට පැනගත් බව කියන මිනිසකු සොයා ගැමියෝ එම කැළය වට කර සිටිති.
පොලිස් කණ්ඩායම් ද එහි පැමිණීමට නියමිතය.
වැල්ලව දැරිය සොයා ගනී
ඉබ්බාගමුව කඩයක් ළඟ දමා ගිහින්
2014 සැප්තැම්බර් මස 12 16:52:45
දින හතරකට පෙර වැල්ලවින් අතුරුදන් වූ කේෂාණි බණ්ඩාර දැරිය ඉබ්බාගමුව කුඹුක්ගැටේ කඩය අසල දමා ගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.
දැරිය හොඳ සනීපෙන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.
පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අතුරුදන් වූ කේෂාණි බණ්ඩාර දැරිය ඉබ්බාගමුව කුඹුක්ගැටේ කඩය අසල දමා ගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි". පස්සේ කියනවා "පොලිස් විශේෂ කාර්ය බළකාය මඩගල්ල අවට කැළයක් වටලා අද විශේෂ මෙහෙයුමක් කරද්දී දැරිය සොයා ගත හැකි වූ බව වාර්තා විය."අනේ මන්දා (නදී)
හොඳම ආරංචියක් අපි ගොඩක් වික්ෂිප්තව හිටියේ මේ දරුවා ගැන (නදී)
රටටම සැනසීමක් (නදී)
හප්පේ..ඇති යන්තම්.. හොරුන් වත් හෙට අනිද්දා අහුවෙයි. (නදී)
හරිම සතුටුයි (නදී)
මට දැනුනු සතුට ඉහිලුම් නැහැ. දළදා හාමුදුරුවෝ අපේ රටේ වැඩ සිටිනවා. දැන් ඉතින් එම පවුලට ගෙයක් තනා ගන්න උදව් කරමු. (නදී)
රත්නත්ත්‍රයේ සරණයි, දළදා හාමුදුරුවන්ගේ, ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටාරක්ශාවයි දෝණියේ! (නදී)
හරිම සතුටුයි (නදී)
බුදු සරණයි දරු පැටියා බාර දුන්නට (නදී)
මෙය කළ අයට සමාවක් නම් දෙන්න එපා (නදී)
අනේ හොඳයි, පොඩි එකීව කොහොම හරි හම්බුන එක (නදී)
ගමේ එකමුතු කමේ උත්සාහයත් විශ්වාසයෙත් ප්‍රතිඵල (නදී)
අහිංසක දරුවා සනීපෙන් ඉන්න එක කොච්චර දෙයක්ද.(නදී)
හරිම සතුටුයි දරුවා ගැන (නදී)
අනේ ගොඩක් ස්තුතියි. අහිංසක කෙලි පොඩ්ඩ නිරුප්‍රදිතව හොයා ගත්තා කියලා දැනගත්තහම සතුටට ඇස්වලට කඳුළු ආවා. පොඩි දුවේ ඔබට තෙරුවන් සරනයි (නදී)
මෙය කරපු කෙනාගේ අතපය කඩලා දාන්න ඕනේ (නදී)
කුබුක්ගැටේ කඩයක් අසලදී ද ළමයව සොයා ගත්තේ නැත්නම් මඩගල්ල කැලයක් වටලාද ? (නදී)
මෙයා නම් ආයුධ පෙන්නන්න යයි වගේ (නදී)
තාමත් මේ කියන ගෙදර වටලා නැද්ද ? මට නම් අර දරුවාගේ ගෙදර ගැවසුනා කියන කට්ටඩි මාමාව තමයි සැක. ඔය ගෙදරට කලක ඉඳල රිංගන්න ඇත්තෙත් මේ දරුවා ගෙනියන්න තමයි. (නදී)
අනේ ලොකු සැනසීමක්. මම බුදුන් වඳින කොට මේ දරුවා ගැන මතක් කරලා සෙත් පැතුවා. මම අම්මලාගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන් පරිස්සම් කරගන්න කියලා. අපිට වගේ දරුවන් නැති වුනා නම් තේරේවි දරු දුකට වැඩිය දරුවන් නැති දුක කොච්චර දුකක් ද කියලා. (නදී)
අපේ රටේ මේ ගොඩක් දෙනා පොලිසියේ අයට නිතරම බනින වෙලාවක මේ වගේ දේවල් දැකලවත් පොලිසිය කෙරෙහි ඇති වෛරය දැන්වත් නැවත්තුවොත් නරකද ? (නදී)
මට ලොකු සැනසීමක් දැනුනා. මේකේ මුල අර කට්ටඩි රාල ඇති. දැන් නම් අපේ ළමයින් යන යන තැන ගෙනියන්න වෙන තත්ත්වයක් නේ මේක. ගෙදර අම්මලා එක්ක ඉන්නකොටත් පැහැර ගෙන යනවා නම් අපි නැති තැන අපේ දරුවට මොන ආරක්ෂාවක්ද ? (නදී)
මේ ළමයව සොයා ගත්තේ නිමල් ජයසූරිය මහත්තයද එහෙම නැත්නම් පොලිසියද ? මට පෙනෙන්නේ පොලිසිය ලකුණු දා ගන්න හදනවා වගේ. අර දෙනවායි කිව්ව ලක්ෂ 10 ගන්න (නදී)
මේ දරුවා නිදන් හැරීමකට ගන්න අරන් ගිහින් ඒ වැඩේ ඇත හැර දමන්න වුන නිසා ද දරුවාව නිදහස් වුනේ. ?. අපේ රටේ අලුතෙන් නිදන් , බලි තොවිල් පුජා සංස්කෘතියක් ඇවිල්ල බව හොඳටම පැහැදිලියි. මිනිස්සු ආයෙමත් ගල් යුගය පැත්තට ගමන් කරන්න පටන් අරන්. (නදී)
මොනවා කරන්නද කොණ්ඩේ කැපුවේ. බිල්ලක් දෙන්නවත්ද (නදී)
මේ දරුවාව හොයාගත්තට එ් උදවියට ගොඩක් පින්. දැන් ඉතින් නීතිය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අපේ රටේ වෙනත් රටවලට වඩා නීතියේ හිඩැස් තියනවා. මේ වගේ වැරදි වලට උපරිම දඩුවම් දෙන්න ඕනේ (නදී)
ඔය කියන ගෙදර එහෙනම් සීල් තියලා පරික්ෂා කරන්න වටිනා තැනක් වගේ. දරුවා හමු වුන එක ගැන නම් සිතට පුදුම සතුටක්. කරණාකර ඔය නිදන් රාල ල ටික අල්ල ගත් සැනින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නදී)
උස්සපු අය ගාව අනිවාර්යයෙන්ම ආයුධ ඇති. එව්වා හොයාගන්න. නැත්නම් ඕක වැරදි ආදර්ශයක් වෙන්න පටන් ගනීවි. නැත්නම් කොළඹට ගෙනල්ලා පැනල යන්න දෙන්න. එතකොට ජනතාව නියම උත්තරය දේවි. මගේ අදහසනම් සුදුසුම දේ ඒක (නදී)
හරිම සැනසීමක් මේ දරුවා සොයා ගත්තා කියල දැනගත්තම. සියලු දෙනාම තමන්ගේ දරුවෙක් කියල හිතල තම තමන්ගේ ආගමට අනුව මේ දරුවා වෙනුවෙන් සෙත් පතපු එකේ ප්‍රතිපලයක් තමයි.(නදී)
දැනගත් විගස මම අපේ නෝනාටත් කිව්වා. අපිට හරිම සතුටුයි. දුර රටක ඉඳන් අපි සැමදාම පතන්නේ අපේ මව්බිමේ අයගේ සතුට සැනසීම තමයි. (නදී)
මාධ්‍ය මෙහෙවරට මගේ උපහාරය දියණිය ඔබට තෙරුවන් සරණයි (නදී)
අහිංසක දරුවන් පැහැරගන්නා අයව ගල් ගසා මරා දැමිය යුතුය (නදී)
අනිත් හැම දරුවෙක් ගේ ආරක්ෂාව සදහා ප්‍රසිද්ද දඩුවමක් දෙන්න (නදී)
රත්නායක පොලිසිය හොයාගත්තු මගුලක් නැහැ. ගමේ මිනිස්සු හොයාගෙන පොලිසියට බාරදුන්නේ (නදී)
උපරිම දඬුවම් දිය යුතුය. මේ මෙයාලට ගෙයක් තනා ගන්න උදව් කරමු. (නදී)
අපරාධකරු හෝ කරුවන් හිරයට එන තුරු බාලා සිටිමු. අශූචි සංග්‍රහය වෙල්කම් ඩ්‍රින්ක් එකක් වේවි මෙදා පාර (නදී)
අනේ මගේ දු වගේ පුංචි කාලේ. පොඩි එකිට කරදරයක් නැතිව හම්බ වුනා. කිසි කෙනෙක්ව විශ්වාස කරන්ඩ එපා (නදී)
රටටම සහනයක් ගෙනදුන්නා (නි)
පොලිසියේ තෑගි මුදල කාටද? (නි)
මෙවැනි දෙවල් වළක්වන්න උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. නැත්නම් අපේ දරුවන්ටත් මේ ඉරණම උදාවෙනවා දවසක (නි)
හරිම සතුටුයි.මේ දරුවා සොයාගත්තාට, තවත් දුක්මුසු පුවතක් නොවී. මේ දරුවාගේ පවුලට සියලුදෙනා උදවු කළයුතුයි (නි)
චුටි දුවේ, ඔයාට බුදු සරණයි! (නි)
ඔබට ගොඩක් පින් ඒ චූටි නංගියාව බේරාගත්තාට (නි)
හරිම සතුටුයි. දැන්වත් මේ දෙමාපියන් දරුවන් ගැන සැළකිල්ලෙන් ඉඳීවි කියලා හිතනවා. කවුදෝ ආගන්තුක කෙනෙක් ගෙදර ගැවසුනාලු නේද පසුගිය දවස් වල. මේ සිද්ධියට ඒ පුද්ගලයාගේ සම්බන්ධයක් නැතත් දරුවන් නෑවීම් කෑම කැවීම් ආදියටත් ආගන්තුක පිට කෙනෙක්ව සම්බන්ධ කරගන්න එකේ ලොකු අවදානමක් තිබෙනවා. මැණික් කියනවා වගේ තමන්ගේම දරුවෙක් නැත්තටම නැති වුණාම තමයි සමහරුන්ට දරුවන්ගේ වටිනාකම දැනෙන්නේ. ඉන්නකම් ගානක් නැහැ. (නි)
පැනලා ගිය කෙනාට නම් දෙවියන්ගේම පිහිටයි! (නි)
නිධන් හාරන්නට බිල්ලට දෙන්න ගෙනගියා වගේ තමයි පෙනෙන්නේ. දරුවා බේරුණ එක දේව පිහිටක්.පොඩි එකීට සියලු දෙවි රැකවරණයි! (නි)
සල්ලි රජවෙයි, ජීවිතය බිලිවෙයි, කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙයි (නි)
දෙවියන්ට ස්තූතියි! (නි)
දවස් කීපයක් හරි දරුවා දෙමාපියන්ගෙන් ඈත් කරලා ඒ හිත් වලට මැරි මැරී උපදින්න තරම් ඇති කරපු ගින්නට, ළමයාව පැහැරගත් අයට මොනවා කරලා හිත් වදිනවද? (නි)
මල් කැකුළු වගේ අහිංසක දරුවන්ව විනාශ කරන්න හදන අයව මරන්නම ඕනේ. (නදී)
අනේ මගේ දරුවා ලැබුනා. දෙවියන්ට ස්තුතියි (නදී)
මේ සදහා මාද්‍ය කල මෙහෙවරට අපගේ උපහාරය. දුවේ ඔයාට බුදු සරණයි. මේ අපරාදය කළ අයට උපරිම දඩුවම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලමි (නදී)
ලක්ෂ 10 කාට හරි දෙන්නේ නැත්නම් එ්කෙන් ගේ හදා දෙන්න (නදී)
තෙරුවන්සරණින් දෙවිපිහිටෙන් පුංචි දියනිය හම්බ උනා (නදී)
පොඩි දරුවා ගෙන මේ වගේ දෙයක් අහන්න ලැබුන එක කොච්චර හොදද? බුදුසරණයි (නදී)
මෙම දරුවා ලැබීම ගැන ඉතාම සතුටුයි. නමුත් මෙහි නියම ඇත්ත කුමක්ද? කෙනෙක් දැකල බාර දුන්නද? ගෙදර ඉදල ඇල්ලුවද? කඩයක් ලග දමල ගිහින් ලැබුනද? පොලිසිය කැලය වටලා මෙහෙයුමකින් අල්ලගත්තද? මොකක්ද ඇත්ත හරි විදිහ. (නදී)
තෙරුවන් සරණයි දුවේ (නදී)
දැන් නිමල් අයියට රුපියල් මිලියන එකක් දෙයිද? (නදී)
බිලි දීලා නිධන් ගන්නම වෙන්න ඕන ඉදලා තියෙන්නේ. ඔය කට්ටඩියෝ නම් විස්වාස කරන්නම එපා. (නදී)
දියණිය ඔබට තෙරුවන් සරණයි. විදේශගතව ඉන්න අපි එකතුවෙලා ඔවුන්ට නිවසක් සාදා දෙමුද. (නදී)
අනේ හරිම සතුටුයි. ඒ දරුවට තෙරුවන් සරණයි. අපි අපේ දරුවන් ගැන එයාලගේ ආරක්ෂාව ගැන තව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. තෙරුවන් සරණින් සියලු යහපත සැලසේවා (නදී)
මට එම දියණිය හමුවුනා නම් මම ලක්ෂ 10 අරගෙන එම පවුලට නැවත පරිත්‍යාග කරනවා. (නදී)
ලංකාවේ දැන් අමුතු අමුතු විදියේ ලෙඩ්ඩු. සල්ලි හොයන්න බලන්නේ මොන ක්‍රමයකින් හරි. දැන් ඉතින් ළමයා පැහැරගත් ගවයින්ට දෙන දඬුවම කුමක්ද? (නදී)
මම මේ එංගලන්තේ ඉඳන් ලියන්නේ. ඇත්තටම මේ මේ මට කියන්න ඕනේ එච්චරයි. (නදී)
කෙසේ වෙතත් දරුවා හම්බ වීම සතුටට කාරණයක්. දරුවාව සොරකම් කල අයට නිසි දඩුවම් දෙන්න. ඇයි මේ වගේ අපරාද නොවෙන්නේ (නදී)
අර පළාත් සභාවත කියලා ඇත්තියක් ඇවිත්ලා ඔය දරුවන්ගේ ගෙදරදි මාධ්‍ය වේදීන්ට උම්බෑ කියලා අනින්න ගියා. කෝ දැන් එයා ඇයි සද්දයක් නැත්තේ (නදී)
කරන්දෙණියේ සිරිගේ කතාවට මමත් එකඟයි (නදී)
ළමයා කඩය ළඟ හිටි කතාව සහ කැලයකදී හමුවුණා කියන කතාව පරස්පරයි.මොකක්ද සත්‍ය සිද්ධිය? (නි)
මේ බබාව පැහැරගත් උන්ට අර අන්තිම ඡායාරූපයේ තිබෙන ගල පෙරළලා ඒකට යටවෙන්න දෙන්න ඕනෑ. චුටි දෝනි,ඔයාට බුදු සරණයි! (නි)
ඔයා හරිම වාසනාවන්තයි චුටි දුවේ. මේ වගේ දේවල් පොඩි දරුවන් සිටින අපිටත් හොඳ පාඩම්. අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලැබෙන්න ඕනෑ (නි)
නීති රීති ක්‍රියාත්මක වන තුරු ප්‍රමාද වීම මෙවැනි අපරාද වැඩි කරනවා. (නදී)
අපේ ලංකාව මුළු ලෝකෙම හොඳටම සුප්‍රසිද්දයි, පැහැරගැනීම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, මහ පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරීම්, ගබ්සා කිරීම්, නවතම ප්‍රසිද්දිය දිවිනසා ගැනීම් (නදී)
ආයුද පෙන්නන්න කියමුද ? (නදී)
දැන් ඉතින් ඔය ගලටත් දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නදී)
පොලිසිය හොයා ගත්තු දෙයක් නැහැ නේද? අර නිමල් ජයසූරිය නම් ගැමියා නිසයි දරුවා හොයා ගන්න ලැබුනේ (නදී)
පොලිසියෙන් ලක්ෂ 10 ක් දෙන කතාවක් කිව්වේ නැහැ නේද? (නදී)
අන් පව් දුවන්න දීල වෙඩි තියන්න. නැත්නම් නිදන් ගල පැත්තට මුණ හරවා උල තියන්න (නදී)
රජය මෙම සියලු අපරදකරුවන්ගේ දේපල තහනම් කළ යුතුය (නදී)
මේ අයට දඩයි සහ දඩුවම් දෙකම දෙන්න ඕනා. නිදානේ ගන්න දරුවා බිල්ලට දෙන්න ගෙනියන්න ඇත්තේ. දයාබර අම්මේ තාත්තේ ඔයලගේ දරුවන් ආරක්ෂා කර ගන්න නිදන් හොරුන්ගෙන් (නදී)
මේ වගේ අපරාධ නැවත නොවෙන්න වගබලාගන්න ඕනෑ. (නි)
ඔයාල සේරටම වගේ මටත් පුදුම සතුටක් දැනුනේ. මේ දිනවල අපේ මිතුරියන්ගේ මාතෘකාවත් මේ චුටි දුවම තමයි. දැන් නම් සතුටුයි ගොඩක්ම. කවුරු සොයාගත්තත් මේ දරුවාට කරදරයක් නොවීම ගැන පුදුම සතුටක් දැනෙන්නේ (නි)
දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තූති වේවා දරු පටියා ලබා දුන්නට. (නදී)
දරුවා හමු උනානේ ඒ ඇති. දෙවියන්ට පින් සිදුවේවා. (නදී)
සාධාරණය වෙනුවෙන් නීතිය පමා වැඩියි කියා හිතනවා (ස)
සමරේ , උපහාස කතා කියන්න කලින් කියන්න ඔබ ලංකාවේ ඉඳන් ඔබ තමන්ට කළ හැකි දේ කළාද කියා. තමන් අනුන්ට අපහාස කරන්න කලින් හිතන්න ඒ ගැන. (ස)
මේ සිද්ධියට සම්බන්ධ අයව ව මරලා වැඩක් නැහැ. අත පය කපලා දාලා විදවන්න අරින්නයි ඕනේ ජීවිත කාලෙටම (නදී)
දරුවා හමුවීම ලොකු සතුටක්. මෙි සමරේට කියන්න තියෙන්නේ එයා එංගලන්තේ ඉන්න බවලු. පත්තරේ දැන්වීමක් දැම්මා නම් වඩා හොඳයිනේ (නදී)
බුදුසරණයි මේ දුවට. කවදාවත් මේ වගේ කරදයක් වෙන්න එපා. හැමදාම සතුටින් ඉන්න (නදී)
මෙම අපරාදකරුවන්ට ඔවුන් ජීවත්ව සිටින තුරු විඳවීමට දඬුවම් නීතියෙන් සහ සමාජයෙන් ලැබිය යුතුයි. මෙයා වෙනුවෙනුත් මුදලට ඕනෑම අපරාද කාරයෙක් රැක ගන්නට උත්සාහ කරන අය ඉදිරිපත් වේවි. (නදී)
හැබැයි පොලිසියට අපේ උදව් ඕනේ. (නදී)
සමරේ නිකම් බහු බූත නොලියා පුවතට අදාල දෙයක් ලියන්න. අඩු ගනනේ මෙවැනි අපරාධ හෙලා දකින බව වත් කියන්න. වාචාල කතා ලියලා මෙතන සංවාදය අවුල් කරන්න එපා. (නදී)
දෙයියන්ගේ පිහිටෙන් දරුවා හම්බ උනා. එ්ක ලොකු සැනසීමක් (නදී)
මම සෞදි අරාබියාවේ සේවය කරන්නේ. මේ අහිංසක පුංචි දෝනිව අතුරුදහන් උන බව දැනගත්තම ඇති උනේ දරාගන්න බැරි දුකක්. ලංකාවේ ඉන්න මේ වගේ සමහර අය ගැන ඇති වුනේ වෙයිරයක් පිළිකුලක්. මම මේ පුංචි දුවව අායෙත් එයාගේ දෙමව්පියන්ට කිසිම දුකක් කරදරයක් නැතිව ලැබෙන්න ඕනේ කියල හැම වතාවකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. එහෙම නොවුනොත් මම දෙවියන් බුදුන් වැදීම අත්හරිනවා කියල හිතාගෙන හිටියේ. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මේ පුංචි දෝනිට කිසිම දුකක් කරදරයක් නැතිව අායෙත් එයාගේ දෙමව්පියන් ලඟට යන්න ලැබුනා. අපේ රටේ ඉන්න හැම හොඳ මිනිසුන්ගේ හිත්වල ප්‍රර්ථනා ඉටුවුණා. හැමදෙනාගේම නෙත්වලට සතුටු කඳුලක් එකතුවුනා. තවත් බලා ඉඳලා හරියන්නේ නැහැ. අායෙත් මේ වගේ දෙයක් වෙන්න කලින් මේ අයට සෞදි අරාබියාවේ නීතිය වගේ ප්‍රසිද්දියේ දඩුවම් කරන්න ඕනේ. එදාට තමයි අපේ රටට යහපත් කාලයක් උදාවෙන්නේ. ඉතින් මේ දරුවා වෙනුවෙන් මහන්සි වුන හැමදෙනාටම ගොඩක් පින් දුවේ ඔබට තෙරුවන් සරණයි (නදී)
සැකකරු ආයුද හංගපු තැනක් වත් පෙන්නන්න එක්ක යමුද (නදී)
යලි මෙවැන්නක් සිතන්නටවත් අනෙකෙක් බය වෙන දඩුවමක් මේකාට දිය යුතුයි (නදී)
කැලේදිම පැනලා යන්න හැදුවොත් රාලහාමිලා දන්නවා මොනවද කරන්න ඕනේ කියා (නදී)
දැරිවිය සොයාගැනීම සම්බන්ධව මාධ්‍ය වාර්තාවල පරස්පරතාවයක් තිබුනත් දැරිවිය කිසිම අනතුරක් නැතිව සොයා ගන්ට ලැබීම අපි කාගේත් සතුටට කරුණක්. (නදී)
ඇයි මේ දරුවෝ සෙල්ලමක් පටන් ගත්තේ? මරාගෙන මෙරෙන්න හිතෙනවා සම්බන්ද එවන් ඔක්කෝම සමග (ස)
අනේ මගේ සුදු දුවට දළදා හමුදුරුවන්ගේම පිහිටයි. (ස)
අහිංසක පැටියට අනතුරක් නැතිව හම්බවිම ගැන සතුටුයි. පුංචි පැටියට දෙවියන්ගෙ පිහිටයි. පත්තර කාරයො හොඳ වැඩ කරනව වගේම කරන විකාර දැක්කම ලැජ්ජත් හිතෙනව. අද දිවයින පත්තරේ තියෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් විස්තරයක්. (ස)
මේවා නිකන් රඟපෑම් වගේ,,හැම එකක්ම එක වගේ,, මිනිස්සුන්ගේ ඔලුව වෙන අතකට යවන්න කරන වැඩ වෙන්නත් පුළුවන්,,සන්විදනාත්මකව රටේ ප්‍රශ්න අමතක කරන්න,,තෙල් මිල 10% කින් ලෝක වෙළඳපොලේ අඩු වුනා කෝ අඩු කලාද ? මේ රටේ අද වෙන දේවල් අනුව කාටවත් මෙහෙම නොහිතෙන්නේ අැයි. (ස)
වදාපු දෙමව්පියන්ටත් එක්ක සහ ගහන්න ඕන, කරන වැඩවලට..........(ස)
මේ වෙනුවෙන් ඇප කැප වී වැඩ කල සියලු දෙනාටම පින් (නදී)
මේ පුවත ,එ් වගේම මෙතන අදහස දක්වලා තියෙන විදිහත් හරිම කෘතිමයි. (අ)
මලින්ත ඔබ හිතන දෙය මටත් හිතුන්නා මෙතන අපිට නොතේරෙන වෙනත් කතවක් තියනවා මිනිසු නොමග යවන ක්‍රියාවලියක් මෙහි අනිවාර්යෙන්ම ඇතුලත් අසරණ මිනිසුන් යොදගෙන්න රගපාන ජවනිකාව වියහැකි (අ)
මේ සිද්දිය ගැන පත්තර වල විස්තර කරලා තියෙන්නේ වෙනස් වෙනස් ආකාරයට අනේ මන්දා මොකක්ද ඇත්ත කියලා. දරුවා හොඳින් හම්බ උන එකට නං සන්තෝෂ වෙනවා අපි. (අ)
කයි වාරු නං ගහනවා . තාම බැරි වුණා, කුඩු එන විදිහයි, පාතාලේ මැර කනුයි, අහිංසක දරු පැටවුනට වෙන මේ දේවල් නවත්තන්න. නිකන් බොරුවට නඩු අහල උසාවියේ කලේ කන්න එපා. හිරේ දාල ජනතාවගේ සල්ලිවලින් කන්න දෙන්න එපා. ඔය ටික කරන්න බැරිනං දාල යනවල ආණ්ඩු නොකර. දරු 3දෙනෙක් ගේ තාත්තා කෙනෙක් මමත්. එකයි අපිට දුක.(අ)
ඔව්, මරාගෙන මැරෙන්න ඕනේ ඔය දේවල් කරන අයගේ පවුල් පිටින්. (නදී)
මේ දරුවා හම්බ උණු ආරංචිය තමයි මට අද උදේ සතුටුම ආරංචිය. දරු පැටියාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා (නදී)
ප්‍රධාන සැකකරු මීට පෙර පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් දුෂණ ය කිරීමේ චෝදනා ඇති කෙනෙක් ලු. දැරිය ගේ ගෙදරට ආව ගිය නෑදා කෙනෙක්ලු. ඒ බව දැරියගේ මව්පියන් දැන ගෙන නොහිටි එක හරි පුදුමයි. කොහොම වුනත් මේ දෙමව්පියනුත් පිටස්තර උදවිය දරුවන් සුරතල් කරන මුවාවෙන් ගෙට වැදුන විට ඒ ගැන සැලකිලිමත් වෙලා නැති බව පේනවා. මේවා හැමෝටම හොඳ පාඩම්. (නදී)
මේ දරුවා සොයා ගැනීම සදහා මාද්‍ය සගයන් දුන් සහයෝගයට, හා වැල්ලව පොලිස් ස්ථානාදී පති තුමා, ඇතුළු කර්ය මණ්ඩලයටත්, නිතර අවදියෙන් සිටි අවට ගම්වසින්ටත් අපගේ ගෞරවය හා සතුට පලකර සිටිමු (නදී)
අනේ ලොකු දෙයක් මොන විදියක කොහේ ඉඳල හරි හම්බවුණ එක ලොකු දෙයක් බුදු සරණයි චූටි දුවේ ඔයාට (අ)
පොලිසියේ මහත්වරු නිදා සිටියදී දැරිය ගම වැසියෙක් මාර්ගයෙන් හොයාගෙන. ආසියාවේ ආශ්චර්යය. දැන් සල්ලි දෙන්නේ කොහොමද කාටද කියල බලමු. එක තම හොඳම කොටස...(අ).
අපේ රටේ නීති මදි (නි)
දරුවාට දෙවි පිහිටයි! (නි)
අරගෙන ගිය කෙනාට නම් හොඳක් වෙන්න එපා (නි)
දුවේ නුඹට මින් මතුවට කිසිම අනතුරක් වෙන්න නම් එපා කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා. දුවට සහ දෙමව්පියන්ට තෙරුවන් සරණයි (නදී)
මේ අයව මරන්ඩයි වටින්නේ. (නදී)
මේ දරුවා ගෙනියන්න ඇත්තේ නිදන් බිල්ලකට වගේ. කප්පම් ඉල්ලන්න නෙවෙයිනේ. ලංකාවේ මිනිස්සුන්ට දැන් ඕනේ ඉක්මනට සල්ලි හොයන්න. අධික තණ්හාවත් ඒ වගේමයි. මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ. මේවා නැවත නොවෙන්න පොලිසියත් පන්සල් පල්ලිත් එකතුවී, ජනතාව රැස්කර කරුණු වටහා දීමට සංවිධානය වනවා නම් හොඳයි. මොන අපරාධය කලත් ගැලවීමක් නැති බව තේරුම් කරදිය යුතුයි. (නදී)
මේ අයට දැන් මොකද්ද කරන්නෙ? රක්‍ෂිත බන්ධනාගාරයේද?ඉදිරී අහිංසක ළමා පරපුරවත් ආරක්ෂා වෙන විදියට පිළියමක් යොදන්න ක්‍රියාකළොත් ලොකු දෙයක්. (නි)
දරුවාට කරදරයක් නොවුණ එක ගැන හරිම සතුටුයි (නි)
මේ වගේ අපරාධකරුවන්ට තමයි ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)