වැල්ලව නිකදළුපොත අඹකොළවැව කඩයප්පන් සාදා දරු තිදෙනා ජීවත් කරවූ මවකගේ දැරියක (අවුරුදු හතරයි මාස තුනයි) සොයා ගැනීමට මව්පියෝ වෙහෙසෙති.
දැරිය මව සමග නිදා සිටිය දී කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පෙනේ යැයි ද ඇගේ ජීවිතයට හානියක් නොකරන්නැයි ද මව්පියෝ ඉල්ලති.
(වීඩියෝ සහ ඡායාරූප සංජීව රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දක්ෂ පොලිස් නිලධාරීන් ඉක්මනින් දරුවා සොයා ගනී ! (නදී)
දරු පැටියාට අනතුරක් නොවී ඉක්මනින් හමුවේවායි පතමි (නි)
බලන්න මේ මිනිසුන් ජීවත්වෙන හැටි. ඒ වුණාට ඌව ඡන්දෙට කටවුට් වලට යන සල්ලි වලින් මේ වගේ මිනිසුන්ට ගෙවල් සිය ගණනින් හදාදෙන්න පුළුවන් (නි)
වැරදිකරුවන්ට දෙන දඩුවම් ලිහිල් බැවින් මෙවැනි දේවල් නවතින්නේ නැහැ. වැරදි කරනවුන්ට තදබල දඩුවම් දෙනවා නම් මේවා මීට වඩා අඩුවේවි (නි)
රටට, ජනතාවට සාමය, සතුට සැබෑ නිදහස සාධාරණ නීතියක් ලබාදෙන්න. රටට ජයම වේවා! (නි)
පද්මිනි, ඔබ කියා තියෙන දේ කියනවා තියා හිතන්නවත් නරකයි. මේ දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් වෙත ලැබේවා! මේ පවුලට අපි හැකි උදව්වක් කළයුතු වෙමු. (නි)
දැන් රට වටේම බලි තොවිල්, පුජා සංස්කෘතියක් තිබෙන නිසා ළමා ලපටි , තුන් කුළුඳුල් ආදී වශයෙන් හැමෝටම ප්‍රවේශම් වෙන්න සුදුසු කාලයක්ද මන්දා! (නි)
කොහොමටත් වැඩිපුර විස්තර එකපාරටම හෙළිකරන එකක් නැහැ. පරීක්ෂණ සඳහා රහස්‍යභාවය රැක ගැනීමට අවශ්‍යයි. (නි)
ලංකාවේ තිරිසන් මිනිසුන් තවත් සිටිනවා. (නි)
මේ දැරිය මෙලෙස පැහැරගෙන තිබෙන්නේ කුමක් සදහාද යන්න තේරුම් ගත නොහැකියි. නමුත් සැලසුම් සහගත පැහැර ගැනීමක් බව නම් පේන්න තිබෙන්නේ. පොලිස් නිලදාරින්ගෙන් වගේම ජනතාවගේ සහයෝගෙන් දරුවා සොයා ගන්න ලැබේවි. දරුවට අනතුරක් නොවේවා. (නදී)
පවු සරණ දරුවා! (නි)
තමන්ගේ දරු පැටවුන් ආරක්ෂා කරගත යුතු කාලයක් බව පේනවා (දිල්)
මේ මිනිස්සු ජීවත් වෙලා තියන විදිය බලන්න. පිරිසක් රටේ ධනය විනාස කරද්දී මේ මිනිසුන්ට ජීවත් වෙන්න බිත්ති හතරක් තියන කාමර කෑල්ලක්වත් නැහැ (නදී)
මීගලෑවේ දරුවා සොයාගත් පොලිස් නිලධාරින්ටම වැඩේ බාර දෙන්න පොලිස්පතිතුමනි (නදී)
මේ දරුවාට පියාගේ ආරක්ෂාවක් මේ වෙලාවේ තිබිලා නැද්ද ? මට පේන්නේ සිද්ධිය වෙනකොට පියා ගෙදර සිටියේ නැහැ වගේ. (නදී)
රටට සහ රටේ පාලකයන්ගේ වස් දොස් නැති වෙන්න කියල ගිනි පුජා, බිලි පුජා, බහිරව පුජා,දේව පුජා එකී නොකී හැම පුජාවක්ම කරනවා කියන කාලේ මේ වගේ නිවුන් දරුවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන් දැන් ගන්න ඕනෙනේ. (නදී)
හිත හදා ගන්න රූපවතී. තරුණ ජවයට ඊර්ෂ්‍යා නොකර. මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ (නදී)
චන්නට හිතුන දේම මට හිතුනා. ඇයි මේ අම්මාට නිකන් වත් ඇහැ ඇරුනේ නැත්තේ ? ගෙදර සැමියා ඉඳල නැද්ද මන්දා. ඉටිකොලයි මදුරු දැලයි දෙකම කපනකන් ගෙදර නිදා ගෙන සිටි කාටවත් සද්දයක් වත් ඇහිලා ඇහැරිලා නැහැ. (නදී)
මේ ඉටි රෙද්ද බ්ලේඩ් එකකින් කපල තියෙන්නේ. ඒ සද්දෙටවත් අම්මට ඇයි ඇහැරුනේ නැත්තේ? මේ දරුවාට කිසිම කරදරයක් නොවේවායි. මා හද භක්තියෙන් අදහන මගේ ආගම සිහිකර දෙවියන්ගෙන් අයැද සිටින්නේ. හැකි විගස සියසින් දැක අම්මා වෙත පැමිණේවා. (නදී)
ධම්ම, ඔයා දේශපාලුවන්ගෙන් අහුලා ගත්තු කෑලි ( තරුණ ජවය ) ගෙදර තියාගන්න. මෙතනට පාවිච්චි නොකර මට ඔය වචනේ ඇහෙනකොටත් මගේ ඇගේ මාළු නටනවා (නදී)
බොරු අදහස් දාන්න එපා. දරුවෙක් ඉන්න කෙනෙක් විතරයි දුක දන්නේ. (ස)
එම නිවසෙහි මොනවගේ තත්ත්වයක් තිබෙනවා ඇද්ද? (නි)
මීට කලින් පිරිමි ළමයා අතුරු දහන් වුනු ගෙදර මව්පියන්ගේ හැසිරීම සහ මෙහි මව්පියන්ගේ හැසිරීම ඉතාමත්ම පරස්පරතා ඇති නිසා මේ සිදුවීම බොහෝ විට සැක සහිතයි (නදී)
පෙනුමෙන් නම් ඒ ගෙදර අය සල්ලිකාරයෝ නෙමෙයි වගේ. එහෙම වුණොත් ඒ ළමයාට මාධ්‍යයේ පිහිටම තමයි. (නි)
සමහර මිනිස්සු නීතිය ගණන් ගන්නේ නැහැ. කරන්න හිතෙන දේ කරනවා. නීතියෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවා. කලින් ළමයෙක් පැහැරගෙන දඩුවම් නියම කර තිබියදී මෙසේ කිරීම නීතිය කොයිතරම් දුරට සමාජය පිළිගන්නවාද යන්න පාලකයන් සිතා බැලිය යුතුයි. (නි)
සලීන්, මුදල් නැති නිසා, අසරණකම නිසා දෙමව්පියන්ට තම දරුවන් විකිණීමට නීතියෙන් කිසිම අවකාශයක් සළසා නැත. (නි)
දරුවන් පැහැර ගන්නන්ට සහ බාලඅපරාධ කරන්නන්ට මරණීය දණ්ඩනය ගෙන එන නීති සම්පාදනය කළ යුතු කාලය ඇවිත් (ස)
මෙතන කට්ටිය එක එක කතා කියනවා. දෙමාපියන්ට මුදල් තිබෙනවා නම් ළමයින් විකුණයිද? කුමක් හෝ අසරණකමක් තිබෙන නිසා දෙමාපියන් එහෙම කළාට කිසි කෙනෙක් ඔවුන්ගේ පැත්තෙන් හිතා බැලුවද? ළමයින් පැහැර ගන්නා උදවියට අනිවාර්යයෙන් මරණ දඩුවම දිය යුතුමයි. (නි)
තෙරුවන් සරණින් දරුවාට අනතුරක් නම් වෙන්න එපා. මොනවද මේ රටට වෙන්නේ? (නි)
දූෂණයට, ළමා අපචාරයට ,මිනීමරුවන්ට නිසි එකම දඩූවම ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. අපේ රටේ අපරාධ මඩින්න පාලකයන්ට අවශ්‍ය නැති හින්දද එල්ලුම් ගහ නැවත ආරම්භ නොකරන්නේ?අපරාද කරුවන් එල්ලා මරනු.........අපරාධ කරුවන් එල්ලා මරනු.(ස)
මෙතන වෙලා තියෙන දේ හිතාගන්න අමාරුයි. අද කාලේ වෙන දේවල් වල හැටියට හිතාගන්න අමාරුයි. දරුවට මොකුත් වෙන්න නම් එපා (නදී)
මේ දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් වෙත ලැබේවා! මේ පවුලට අපි හැකි උදව්වක් කළයුතු වෙමු. අපි මින්සුන් වෙමු (ස)
මට නම් පෙනෙන විදිහට මේක හැමෝගෙම අනුකම්පාව,අවධානය ගන්න කළ දෙයක් වගෙයි. (නි)
දරුවා ගැන කණගාටුයි. අනතුරක් නොවේවා කියලා පතනවා. ඒ කොහොම වුණත් මේ රටේ සංවර්ධන වේගය ගැන අපේ ලොකු ලොක්කන් පුරාජේරු කියන විදිහට මේ පින්තූර වලින් දැක්වෙන ගෙදර මගේ හිතේ වෙනත් රටක එකක් වෙන්න ඇති! (නි)
මේ වාගේ මිනිසුන් මොන පාපයකටද මේ රටේ ඉපදුනේ? මොනවාහරි වෙලා තිබුණොත් දැරිය උස්සාගෙන ගිය අයගේ හිස ගසාදමමු. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කළයුතුයි. මේ විදිහට ගියොත් වෙන්නේ ලොකු අපරාධයක්. (නි)
දරුවා නිරුපද්‍රිතව නැවත හමුවේවා කියා පතමි. (නි)
මේකේ දාන නමින් කොහොමද සිරිපාල එයාගේ වයස කියන්නේ? (නි)
දරුවන් නැති අම්මලා මොනතරම් දේවල් කරනවද ළමයෙක් ලබාගන්න? ළමයා ආරක්ෂා කිරීම මව හා පියාගේ වගකීමක්. එය පැහැරහැරීම බරපතල වරදක් (නි)
පැහැරගත් දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)
මේ අය අර කලින් ළමයාගේ වගේ කෝටිපති පවුලක අය නෙමෙයි. (නි)
අර ලංකාවේ ලොකුම දල ඇතාට සිද්ද වුණේ කෙනෙකුගේ අපලයක් දුරු කරන්න ජීවිත දානය දෙන්න.ඒ වගේ දෙයක් ද දන්නේ නෑ (දිල්)
ජයනි කියන දෙයම තයි මටත් කියන්න වෙන්නේ. අනේ දරු පැටියට නම් කරදරයක් වෙන්න එපා (නදී)
මගේ රටට දළදා හිමි සරණයි - මගේ දැයට දළදා හිමි සරණයි (නදී)
දරුවන් පැහැරගෙන යාම වලක්වන්න නීති දැඩි කල යුතුයි ! අඩුම ගානේ එවැනි චෝදනාවකට වරදකරුවකු වුවොහොත් වසර විස්සක සිරදඩුවමක් නියම වන ලෙසට නීති පැනවිය යුතුයි. (නදී)
අද කාලේ දෙමව්පියන් පවා විශ්වාස කරන්න අමාරුයි ! දරුවන් විකුණලා ගෙවල් ගන්නවා,ගඟේ,මුදේ පාකරනවා,තම දුවනියටම අපචාර කම් කරන පියවරු . අනියම් සැමියා සහ දරු අපචාර. කෙසේ වෙතත් අපි නම් අහලා තියෙන්නේ... දරුවන් ඇති ගෙදරකට හොරෙකුටවත් ඇතුල්වෙන්න බැරිලු අම්මලා අවදියෙන් ඉන්න නිසා. (නදී)
පළමු සැකකරු පියා. හේතුව, අගහිඟ කම් නිසා එක දරුවෙක් විකුණා සල්ලි ගැනීම. පියා නෙමෙයි නම් වෙනත් කෙනෙක් වෙනත් අරමුණකට. බිලි පුජාවකට වගේ. සමාවෙන්න මෙහෙම ලිවුවට. මේක තමයි අද රටේ තත්වේ (නදී)
බලන්න මෙතන නිකරුණේ කාලය ගත කරන තරුණ අය කී දෙනෙක් ඉන්නවාද කියලා. තරුණ ජවය මෙසේ අපතේ යවන්න ගත්තාම මොනවාද මේ රටේ නොවෙන්න බැරි. (නදී)
දරුවා හැකි ඉක්මනින් ආපසු මවට ලැබීමට අපේ ප්‍රාර්ථනාවයි (දිල්)
මේ දරුවා ඉක්මනින් සොයා ගන්න පුළුවන් වෙයි (දිල්)
බොහොම ලොකු අපල කාලයක් රටට උදා වෙලා තියෙන්නේ.(දිල්)
එදා කප්පම් ගන්ඩ පැහැර ගත්තු ලමයව සොයගත්තා වගේ මේ ලමයවත් සොයාගන්ඩ උදව් කරමු (නදී)
මට පුදුම ලමයව ගෙනියනකොට අම්මාට ඇහැ ඇරුනේ නැද්ද කියලා. ගෙදරත් තව කවුරු හරි ඉන්න ඇතිනේ. දැන් අලුත්ම වැඩේ ගෙදර ඇතුලේ ඉන්න මිනිස්සු මරල දානවා උස්සන් යනවා. හැබැයි ගෙදර කාටවත් ඇහැ ඇරෙන්නේ නැහැ. අර මාතලේ තරුණිය අම්මත් එක්ක කාමරේ නිදාගෙන ඉන්න කොට නේ ගෙනිහින් මරා දමලා තියෙන්නේ. ඒ අම්මටත් කිසිම් සද්දයක්වත් ඇහිලා නැහැ. අනේ මන්දා (නදී)
මොකක්ද මේකට හේතුව? (නදී)
මොනවද මේ එක දිගට සිද්ධ වෙන්නේ?. අරෙහෙන් දියේ ගිලිලා මැරෙනවා. රිය අනතුරු වලින් මෙහෙන් මැරෙනවා. තව තැනක ළමයින්ව පැහැර ගන්නවා. මගේ රටට බොහොම නරක කාලයක්. (නදී)
මෙතන අමුතුම තත්ත්වයක්. පවුල් ආරවුලක් වුනත් වෙන්න පුළුවන්. කප්පමකට පැහැර ගත්තා කියල නම් හිතන්න බැහැ. කවුරු හරි හොඳට දන්නා කෙනෙක් මේකට සම්බන්ධ ඇති. (නදී)
අනතුරක් නොවී දරුවා ඉක්මනටම ලැබේවා. (නදී)
මෙය කව්රු කලත් අපේ දක්ෂ පොලිස් පරික්ෂකවරුන් ඉක්මනින් දරුවා සොයා ගනීවි. (නදී)
එම පවුල දන්නා කෙනෙක් සිටිනවා(නදී)
අම්මා ලග නිදාගෙන හිටියා නම් දැරිවිව අරගෙන ගියේ කොහොමද ? (නදී)
කවුරුහරි ලොකුම ලොක්කෙක්ගේ අපලයකට බිලි දෙන්නද දන්නේ නැහැ. (නදී)
මේකටත් කවුරු හරි දන්නා කියන කෙනෙක් සම්බන්ධ ඇති. (නදී)
විදුරංග, රටේ වෙන දේවල් වල හැටියටයි, කරන දේවල්වල හැටියටයි එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ. (නදී)
ඉටිකොලේ කපලා තියෙන්නේ දරුවා නිදන ඇඳ ලගින් නම් ගේ ඇතුලේ වටපිටාව හොඳට දන්නා කෙනෙක්. නැති නම් දරුවාගේ ඇඳ තිබෙන තැන කොහොමද හරියටම දන්නේ. (නදී)
මිහිපිට අපායක්ද කියල හිතෙනවා ලංකාවේ වෙන වැඩ ඇහුවම. (නදී)
ඉක්මනින් දරුවා ලැබෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරනවා (නදී)
මේ නිවස දැක්කහම මව හා දරුවන් කොපමණ දුක් විඳලා ඇතිද කියා සිතෙනවා. තවත් මෙම අසරණයන්ට දුකක් නොදී දරුවාව නිරුපද්‍රිතව මවට ලැබේවා! (නදී)
මේ දරුවා ගේ දෙමව්පියන් ආර්ථික තත්වයේ හැටියට කප්පමක් ඉල්ලන්න වෙන්න බැහැ. එක්කෝ පවුල් ආරවුලක්. මට නම් බය ගැහැණු දරුවෙක් නිසා නිධන් වැඩකට වත් අරන් ගියාද දන්නේ නැහැ. (නදී)
ආස්චර්යයට යන කොට ඔය වගේ දේවල් වෙනවා ජයනි. (නදී)
මට නම් දැන් රටේ දරුවන්ට වෙන විපත් ඇහුවාම අපේ ළමා කාලය කොච්චර ආරක්ෂිතව ගෙවුනාද කියල හිතෙනවා. බෝම්බ පිපිරෙන කාලයේත් ළමා වියේ සිටි අපිව ආරක්ෂා වුනා. අනේ දැන් කාලයේ දරුවන්ට වෙන දේවල් (නදී)
ඇයි මේ රටේ දරුවන්ට මෙච්චර අපල ? දියේ ගිලිලා මැරෙනවා. අතුරුදහන් වෙනවා. පැහැර ගන්නවා. පවුලේ කවුරුන් හෝ අතින් මියැදෙනවා. හැමදාම අහන්න ලැබෙන්නේ දරුවන් ගැන හරිම දුක්මුසු පුවත්. මේ පුවතේ දරුවාට තෙරුවන් සරණින්, කරදරයක් නොවී ගෙදර එන්න ලැබේවා. (නදී)
දැරියගේ පියා නිවසේ වාසය කලේ නැත්නම් පළමුවෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කල යුතුයි. (නදී)
මේක රටේ වැරද්දක් නෙවෙයි මේකේ ඉන්න කාලකන්නි ටිකගේ වැරදි (නදී)
දරුවා බිල්ලකට දෙන්නද දන්නේ නැහැ (නදී)
පොඩි අය පැහැර ගන්න එක දැන් සෙල්ලමක් වෙලා වගේ (නදී)
ජයනි නිකන් නරක කාල ලබන්නේ නැහැ ...පාලකයන්ගේ වැරදි මෙව්වා...(නදී)
උපජීවලාට මොනව කලත් ලොක්කො පලි. උප ජීවලා වගේ අය පොලිස් දෙපාර්තමේන්තුවේ හිටියනම් දෙයියංගෙම පිහිටයි. මේක පවුලෙ ගැටලුවක් බවයි පෙනෙන්නෙ. දරුවට අනතුරක් නොවෙනවා නම් එච්චරයි. (නදී)
මේ ගෙවන්නේ රටේ අපල කාලයක්ද (නදී)
ඉක්මනින්ම දරුවා දෙමව්පියන්ට ලබේවා සියලු දෙවි දේවතාවන් දරුවා අාරක්ෂා කරත්වා (නදී)
ඇගේ දෙමව්පියන්ව ෆලෝ කරන්න. ඒ අය මෙයට වගිකිවයුතුයි (නදී)