IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘‘දැරියට අනතුරක් කරන්න එපා‘‘

වැල්ලව නිකදළුපොත අඹකොළවැව කඩයප්පන් සාදා දරු තිදෙනා ජීවත් කරවූ මවකගේ  දැරියක (අවුරුදු හතරයි මාස තුනයි) සොයා ගැනීමට මව්පියෝ වෙහෙසෙති.

දැරිය මව සමග නිදා සිටිය දී කිසිවකු විසින් පැහැරගෙන ගොස් ඇති බව පෙනේ යැයි ද ඇගේ ජීවිතයට හානියක් නොකරන්නැයි ද මව්පියෝ ඉල්ලති.

(වීඩියෝ සහ ඡායාරූප සංජීව රත්නායක)

Grabbed-Frame-18 Grabbed-Frame-19 Grabbed-Frame-20 Grabbed-Frame-21 Grabbed-Frame-22 Grabbed-Frame-23

 



අදහස් (0)

‘‘දැරියට අනතුරක් කරන්න එපා‘‘

නෙලුම් Tuesday, 09 September 2014 04:50 PM

මට නම් පෙනෙන විදිහට මේක හැමෝගෙම අනුකම්පාව,අවධානය ගන්න කළ දෙයක් වගෙයි. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 09 September 2014 09:00 AM

විදුරංග, රටේ වෙන දේවල් වල හැටියටයි, කරන දේවල්වල හැටියටයි එහෙම නොහිතෙනවා නම් තමයි පුදුමේ. (නදී)

:       0       0

උදය කුමාර Tuesday, 09 September 2014 09:04 AM

මෙතන වෙලා තියෙන දේ හිතාගන්න අමාරුයි. අද කාලේ වෙන දේවල් වල හැටියට හිතාගන්න අමාරුයි. දරුවට මොකුත් වෙන්න නම් එපා (නදී)

:       0       0

රයන් Tuesday, 09 September 2014 05:10 PM

මේ දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් වෙත ලැබේවා! මේ පවුලට අපි හැකි උදව්වක් කළයුතු වෙමු. අපි මින්සුන් වෙමු (ස)

:       0       0

තිලක් Tuesday, 09 September 2014 05:14 PM

බොරු අදහස් දාන්න එපා. දරුවෙක් ඉන්න කෙනෙක් විතරයි දුක දන්නේ. (ස)

:       0       0

රූපවතී Tuesday, 09 September 2014 09:14 AM

ධම්ම, ඔයා දේශපාලුවන්ගෙන් අහුලා ගත්තු කෑලි ( තරුණ ජවය ) ගෙදර තියාගන්න. මෙතනට පාවිච්චි නොකර මට ඔය වචනේ ඇහෙනකොටත් මගේ ඇගේ මාළු නටනවා (නදී)

:       0       0

රූපවතී Tuesday, 09 September 2014 09:17 AM

මේ ඉටි රෙද්ද බ්ලේඩ් එකකින් කපල තියෙන්නේ. ඒ සද්දෙටවත් අම්මට ඇයි ඇහැරුනේ නැත්තේ? මේ දරුවාට කිසිම කරදරයක් නොවේවායි. මා හද භක්තියෙන් අදහන මගේ ආගම සිහිකර දෙවියන්ගෙන් අයැද සිටින්නේ. හැකි විගස සියසින් දැක අම්මා වෙත පැමිණේවා. (නදී)

:       0       0

නිර්මාලි Tuesday, 09 September 2014 06:01 PM

දූෂණයට, ළමා අපචාරයට ,මිනීමරුවන්ට නිසි එකම දඩූවම ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. අපේ රටේ අපරාධ මඩින්න පාලකයන්ට අවශ්‍ය නැති හින්දද එල්ලුම් ගහ නැවත ආරම්භ නොකරන්නේ?අපරාද කරුවන් එල්ලා මරනු.........අපරාධ කරුවන් එල්ලා මරනු.(ස)

:       0       0

අමල් Tuesday, 09 September 2014 09:47 AM

චන්නට හිතුන දේම මට හිතුනා. ඇයි මේ අම්මාට නිකන් වත් ඇහැ ඇරුනේ නැත්තේ ? ගෙදර සැමියා ඉඳල නැද්ද මන්දා. ඉටිකොලයි මදුරු දැලයි දෙකම කපනකන් ගෙදර නිදා ගෙන සිටි කාටවත් සද්දයක් වත් ඇහිලා ඇහැරිලා නැහැ. (නදී)

:       0       0

ධම්ම Tuesday, 09 September 2014 09:55 AM

හිත හදා ගන්න රූපවතී. තරුණ ජවයට ඊර්ෂ්‍යා නොකර. මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 09:54 AM

රටට සහ රටේ පාලකයන්ගේ වස් දොස් නැති වෙන්න කියල ගිනි පුජා, බිලි පුජා, බහිරව පුජා,දේව පුජා එකී නොකී හැම පුජාවක්ම කරනවා කියන කාලේ මේ වගේ නිවුන් දරුවන් ආරක්ෂා කර ගන්න දෙමාපියන් දැන් ගන්න ඕනෙනේ. (නදී)

:       0       0

සශි Tuesday, 09 September 2014 09:59 AM

මේ දරුවාට පියාගේ ආරක්ෂාවක් මේ වෙලාවේ තිබිලා නැද්ද ? මට පේන්නේ සිද්ධිය වෙනකොට පියා ගෙදර සිටියේ නැහැ වගේ. (නදී)

:       0       0

චමී Tuesday, 09 September 2014 09:58 AM

මීගලෑවේ දරුවා සොයාගත් පොලිස් නිලධාරින්ටම වැඩේ බාර දෙන්න පොලිස්පතිතුමනි (නදී)

:       0       0

මනෝජ් Tuesday, 09 September 2014 10:09 AM

මේ මිනිස්සු ජීවත් වෙලා තියන විදිය බලන්න. පිරිසක් රටේ ධනය විනාස කරද්දී මේ මිනිසුන්ට ජීවත් වෙන්න බිත්ති හතරක් තියන කාමර කෑල්ලක්වත් නැහැ (නදී)

:       0       0

අප්පුහාමි Tuesday, 09 September 2014 10:25 AM

තමන්ගේ දරු පැටවුන් ආරක්ෂා කරගත යුතු කාලයක් බව පේනවා (දිල්)

:       0       0

සෆෙර්දීන් Tuesday, 09 September 2014 10:31 AM

අපේ දක්ෂ පොලිස් නිලධාරීන් ඉක්මනින් දරුවා සොයා ගනී ! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 09 September 2014 10:39 AM

මේ දැරිය මෙලෙස පැහැරගෙන තිබෙන්නේ කුමක් සදහාද යන්න තේරුම් ගත නොහැකියි. නමුත් සැලසුම් සහගත පැහැර ගැනීමක් බව නම් පේන්න තිබෙන්නේ. පොලිස් නිලදාරින්ගෙන් වගේම ජනතාවගේ සහයෝගෙන් දරුවා සොයා ගන්න ලැබේවි. දරුවට අනතුරක් නොවේවා. (නදී)

:       0       0

දිස්නා Wednesday, 10 September 2014 12:43 AM

තෙරුවන් සරණින් දරුවාට අනතුරක් නම් වෙන්න එපා. මොනවද මේ රටට වෙන්නේ? (නි)

:       0       0

සුනිල් මාපලගම Tuesday, 09 September 2014 11:04 AM

ලංකාවේ තිරිසන් මිනිසුන් තවත් සිටිනවා. (නි)

:       0       0

මේනක Tuesday, 09 September 2014 11:05 AM

කොහොමටත් වැඩිපුර විස්තර එකපාරටම හෙළිකරන එකක් නැහැ. පරීක්ෂණ සඳහා රහස්‍යභාවය රැක ගැනීමට අවශ්‍යයි. (නි)

:       0       0

සලීන් Wednesday, 10 September 2014 01:47 AM

මෙතන කට්ටිය එක එක කතා කියනවා. දෙමාපියන්ට මුදල් තිබෙනවා නම් ළමයින් විකුණයිද? කුමක් හෝ අසරණකමක් තිබෙන නිසා දෙමාපියන් එහෙම කළාට කිසි කෙනෙක් ඔවුන්ගේ පැත්තෙන් හිතා බැලුවද? ළමයින් පැහැර ගන්නා උදවියට අනිවාර්යයෙන් මරණ දඩුවම දිය යුතුමයි. (නි)

:       0       0

තුසිත Tuesday, 09 September 2014 11:17 AM

දැන් රට වටේම බලි තොවිල්, පුජා සංස්කෘතියක් තිබෙන නිසා ළමා ලපටි , තුන් කුළුඳුල් ආදී වශයෙන් හැමෝටම ප්‍රවේශම් වෙන්න සුදුසු කාලයක්ද මන්දා! (නි)

:       0       0

උදය Wednesday, 10 September 2014 02:47 AM

දරුවන් පැහැර ගන්නන්ට සහ බාලඅපරාධ කරන්නන්ට මරණීය දණ්ඩනය ගෙන එන නීති සම්පාදනය කළ යුතු කාලය ඇවිත් (ස)

:       0       0

පද්මිණි_ ප්‍රංශය Tuesday, 09 September 2014 11:20 AM

පද්මිනි, ඔබ කියා තියෙන දේ කියනවා තියා හිතන්නවත් නරකයි. මේ දරුවා නිරුපද්‍රිතව දෙමාපියන් වෙත ලැබේවා! මේ පවුලට අපි හැකි උදව්වක් කළයුතු වෙමු. (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 09 September 2014 11:22 AM

රටට, ජනතාවට සාමය, සතුට සැබෑ නිදහස සාධාරණ නීතියක් ලබාදෙන්න. රටට ජයම වේවා! (නි)

:       0       0

රකිත් Wednesday, 10 September 2014 03:12 AM

සලීන්, මුදල් නැති නිසා, අසරණකම නිසා දෙමව්පියන්ට තම දරුවන් විකිණීමට නීතියෙන් කිසිම අවකාශයක් සළසා නැත. (නි)

:       0       0

සුගුනවති Tuesday, 09 September 2014 11:49 AM

වැරදිකරුවන්ට දෙන දඩුවම් ලිහිල් බැවින් මෙවැනි දේවල් නවතින්නේ නැහැ. වැරදි කරනවුන්ට තදබල දඩුවම් දෙනවා නම් මේවා මීට වඩා අඩුවේවි (නි)

:       0       0

විපුල Wednesday, 10 September 2014 03:37 AM

සමහර මිනිස්සු නීතිය ගණන් ගන්නේ නැහැ. කරන්න හිතෙන දේ කරනවා. නීතියෙන් බේරෙන්න පුළුවන් කියල‍ා හිතනවා. කලින් ළමයෙක් පැහැරගෙන දඩුවම් නියම කර තිබියදී මෙසේ කිරීම නීතිය කොයිතරම් දුරට සමාජය පිළිගන්නවාද යන්න පාලකයන් සිතා බැලිය යුතුයි. (නි)

:       0       0

රකිත් Tuesday, 09 September 2014 03:02 AM

දැරියගේ පියා නිවසේ වාසය කලේ නැත්නම් පළමුවෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කල යුතුයි. (නදී)

:       0       0

උපජීව Tuesday, 09 September 2014 03:05 AM

කවුරුහරි ලොකුම ලොක්කෙක්ගේ අපලයකට බිලි දෙන්නද දන්නේ නැහැ. (නදී)

:       0       0

චන්ද්‍රසිරි කඩුපිටියගේ Tuesday, 09 September 2014 03:13 AM

අම්මා ලග නිදාගෙන හිටියා නම් දැරිවිව අරගෙන ගියේ කොහොමද ? (නදී)

:       0       0

චාමින්ද Wednesday, 10 September 2014 03:52 AM

පෙනුමෙන් නම් ඒ ගෙදර අය සල්ලිකාරයෝ නෙමෙයි වගේ. එහෙම වුණොත් ඒ ළමයාට මාධ්‍යයේ පිහිටම තමයි. (නි)

:       0       0

හ.කුමාර ගුණවර්ධන Tuesday, 09 September 2014 03:24 AM

එම පවුල දන්නා කෙනෙක් සිටිනවා(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 09 September 2014 03:31 AM

මෙය කව්රු කලත් අපේ දක්ෂ පොලිස් පරික්ෂකවරුන් ඉක්මනින් දරුවා සොයා ගනීවි. (නදී)

:       0       0

රත්නායක Tuesday, 09 September 2014 12:14 PM

බලන්න මේ මිනිසුන් ජීවත්වෙන හැටි. ඒ වුණාට ඌව ඡන්දෙට කටවුට් වලට යන සල්ලි වලින් මේ වගේ මිනිසුන්ට ගෙවල් සිය ගණනින් හදාදෙන්න පුළුවන් (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 09 September 2014 03:50 AM

අනතුරක් නොවී දරුවා ඉක්මනටම ලැබේවා. (නදී)

:       0       0

හේරත් Tuesday, 09 September 2014 12:15 PM

දරු පැටියාට අනතුරක් නොවී ඉක්මනින් හමුවේවායි පතමි (නි)

:       0       0

සමන්ත Tuesday, 09 September 2014 04:02 AM

මෙතන අමුතුම තත්ත්වයක්. පවුල් ආරවුලක් වුනත් වෙන්න පුළුවන්. කප්පමකට පැහැර ගත්තා කියල නම් හිතන්න බැහැ. කවුරු හරි හොඳට දන්නා කෙනෙක් මේකට සම්බන්ධ ඇති. (නදී)

:       0       0

ජයනි Tuesday, 09 September 2014 04:08 AM

මොනවද මේ එක දිගට සිද්ධ වෙන්නේ?. අරෙහෙන් දියේ ගිලිලා මැරෙනවා. රිය අනතුරු වලින් මෙහෙන් මැරෙනවා. තව තැනක ළමයින්ව පැහැර ගන්නවා. මගේ රටට බොහොම නරක කාලයක්. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 04:16 AM

මොකක්ද මේකට හේතුව? (නදී)

:       0       0

මහසෙන් Tuesday, 09 September 2014 12:20 PM

පවු සරණ දරුවා! (නි)

:       0       0

අශෝක Tuesday, 09 September 2014 12:35 PM

මේ අය අර කලින් ළමයාගේ වගේ කෝටිපති පවුලක අය නෙමෙයි. (නි)

:       0       0

චන්න Tuesday, 09 September 2014 04:23 AM

මට පුදුම ලමයව ගෙනියනකොට අම්මාට ඇහැ ඇරුනේ නැද්ද කියලා. ගෙදරත් තව කවුරු හරි ඉන්න ඇතිනේ. දැන් අලුත්ම වැඩේ ගෙදර ඇතුලේ ඉන්න මිනිස්සු මරල දානවා උස්සන් යනවා. හැබැයි ගෙදර කාටවත් ඇහැ ඇරෙන්නේ නැහැ. අර මාතලේ තරුණිය අම්මත් එක්ක කාමරේ නිදාගෙන ඉන්න කොට නේ ගෙනිහින් මරා දමලා තියෙන්නේ. ඒ අම්මටත් කිසිම් සද්දයක්වත් ඇහිලා නැහැ. අනේ මන්දා (නදී)

:       0       0

සුලක්ෂි Tuesday, 09 September 2014 12:42 PM

පැහැරගත් දරුවාට කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 05:13 AM

අර ලංකාවේ ලොකුම දල ඇතාට සිද්ද වුණේ කෙනෙකුගේ අපලයක් දුරු කරන්න ජීවිත දානය දෙන්න.ඒ වගේ දෙයක් ද දන්නේ නෑ (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 09 September 2014 05:13 AM

බොහොම ලොකු අපල කාලයක් රටට උදා වෙලා තියෙන්නේ.(දිල්)

:       0       0

රුවන් Tuesday, 09 September 2014 05:14 AM

මේ දරුවා ඉක්මනින් සොයා ගන්න පුළුවන් වෙයි (දිල්)

:       0       0

මරික්කාර් Tuesday, 09 September 2014 05:12 AM

දරුවා හැකි ඉක්මනින් ආපසු මවට ලැබීමට අපේ ප්‍රාර්ථනාවයි (දිල්)

:       0       0

ධම්ම Tuesday, 09 September 2014 05:25 AM

බලන්න මෙතන නිකරුණේ කාලය ගත කරන තරුණ අය කී දෙනෙක් ඉන්නවාද කියලා. තරුණ ජවය මෙසේ අපතේ යවන්න ගත්තාම මොනවාද මේ රටේ නොවෙන්න බැරි. (නදී)

:       0       0

චමල් Tuesday, 09 September 2014 05:35 AM

පළමු සැකකරු පියා. හේතුව, අගහිඟ කම් නිසා එක දරුවෙක් විකුණා සල්ලි ගැනීම. පියා නෙමෙයි නම් වෙනත් කෙනෙක් වෙනත් අරමුණකට. බිලි පුජාවකට වගේ. සමාවෙන්න මෙහෙම ලිවුවට. මේක තමයි අද රටේ තත්වේ (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 05:46 AM

අද කාලේ දෙමව්පියන් පවා විශ්වාස කරන්න අමාරුයි ! දරුවන් විකුණලා ගෙවල් ගන්නවා,ගඟේ,මුදේ පාකරනවා,තම දුවනියටම අපචාර කම් කරන පියවරු . අනියම් සැමියා සහ දරු අපචාර. කෙසේ වෙතත් අපි නම් අහලා තියෙන්නේ... දරුවන් ඇති ගෙදරකට හොරෙකුටවත් ඇතුල්වෙන්න බැරිලු අම්මලා අවදියෙන් ඉන්න නිසා. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 09 September 2014 05:45 AM

දරුවන් පැහැරගෙන යාම වලක්වන්න නීති දැඩි කල යුතුයි ! අඩුම ගානේ එවැනි චෝදනාවකට වරදකරුවකු වුවොහොත් වසර විස්සක සිරදඩුවමක් නියම වන ලෙසට නීති පැනවිය යුතුයි. (නදී)

:       0       0

රොහාන් ගල්ගමුව Tuesday, 09 September 2014 05:55 AM

මගේ රටට දළදා හිමි සරණයි - මගේ දැයට දළදා හිමි සරණයි (නදී)

:       0       0

ශාන්ති Tuesday, 09 September 2014 05:59 AM

ජයනි කියන දෙයම තයි මටත් කියන්න වෙන්නේ. අනේ දරු පැටියට නම් කරදරයක් වෙන්න එපා (නදී)

:       0       0

නිමල් Tuesday, 09 September 2014 01:28 PM

දරුවන් නැති අම්මලා මොනතරම් දේවල් කරනවද ළමයෙක් ලබාගන්න? ළමයා ආරක්ෂා කිරීම මව හා පියාගේ වගකීමක්. එය පැහැරහැරීම බරපතල වරදක් (නි)

:       0       0

සුගුනවති Tuesday, 09 September 2014 01:33 PM

මේකේ දාන නමින් කොහොමද සිරිපාල එයාගේ වයස කියන්නේ? (නි)

:       0       0

ෆෛරූස් Tuesday, 09 September 2014 06:00 AM

එදා කප්පම් ගන්ඩ පැහැර ගත්තු ලමයව සොයගත්තා වගේ මේ ලමයවත් සොයාගන්ඩ උදව් කරමු (නදී)

:       0       0

ඒ.ආර් මානගේ Tuesday, 09 September 2014 06:03 AM

ඇගේ දෙමව්පියන්ව ෆලෝ කරන්න. ඒ අය මෙයට වගිකිවයුතුයි (නදී)

:       0       0

සිසිර Tuesday, 09 September 2014 06:17 AM

ඉක්මනින්ම දරුවා දෙමව්පියන්ට ලබේවා සියලු දෙවි දේවතාවන් දරුවා අාරක්ෂා කරත්වා (නදී)

:       0       0

ලක්ෂ්මී රම්‍යා Tuesday, 09 September 2014 06:41 AM

මේ ගෙවන්නේ රටේ අපල කාලයක්ද (නදී)

:       0       0

විදුරංග විලෝචන ගුණසේකර Tuesday, 09 September 2014 06:52 AM

උපජීවලාට මොනව කලත් ලොක්කො පලි. උප ජීවලා වගේ අය පොලිස් දෙපාර්තමේන්තුවේ හිටියනම් දෙයියංගෙම පිහිටයි. මේක පවුලෙ ගැටලුවක් බවයි පෙනෙන්නෙ. දරුවට අනතුරක් නොවෙනවා නම් එච්චරයි. (නදී)

:       0       0

සාරංග Tuesday, 09 September 2014 06:59 AM

ජයනි නිකන් නරක කාල ලබන්නේ නැහැ ...පාලකයන්ගේ වැරදි මෙව්වා...(නදී)

:       0       0

අජිත් Tuesday, 09 September 2014 02:01 PM

දරුවා නිරුපද්‍රිතව නැවත හමුවේවා කියා පතමි. (නි)

:       0       0

උදයංගනී Tuesday, 09 September 2014 07:04 AM

පොඩි අය පැහැර ගන්න එක දැන් සෙල්ලමක් වෙලා වගේ (නදී)

:       0       0

වසන්ත Tuesday, 09 September 2014 02:05 PM

මේ වාගේ මිනිසුන් මොන පාපයකටද මේ රටේ ඉපදුනේ? මොනවාහරි වෙලා තිබුණොත් දැරිය උස්සාගෙන ගිය අයගේ හිස ගසාදමමු. ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක කළයුතුයි. මේ විදිහට ගියොත් වෙන්නේ ලොකු අපරාධයක්. (නි)

:       0       0

පද්මිනී Tuesday, 09 September 2014 07:07 AM

දරුවා බිල්ලකට දෙන්නද දන්නේ නැහැ (නදී)

:       0       0

රොකී Tuesday, 09 September 2014 02:40 PM

දරුවා ගැන කණගාටුයි. අනතුරක් නොවේවා කියලා පතනවා. ඒ කොහොම වුණත් මේ රටේ සංවර්ධන වේගය ගැන අපේ ලොකු ලොක්කන් පුරාජේරු කියන විදිහට මේ පින්තූර වලින් දැක්වෙන ගෙදර මගේ හිතේ වෙනත් රටක එකක් වෙන්න ඇති! (නි)

:       0       0

රොමේෂ් Tuesday, 09 September 2014 07:45 AM

මේක රටේ වැරද්දක් නෙවෙයි මේකේ ඉන්න කාලකන්නි ටිකගේ වැරදි (නදී)

:       0       0

ලසිත් Tuesday, 09 September 2014 08:03 AM

මේකටත් කවුරු හරි දන්නා කියන කෙනෙක් සම්බන්ධ ඇති. (නදී)

:       0       0

නෙලුම් Tuesday, 09 September 2014 08:04 AM

ඇයි මේ රටේ දරුවන්ට මෙච්චර අපල ? දියේ ගිලිලා මැරෙනවා. අතුරුදහන් වෙනවා. පැහැර ගන්නවා. පවුලේ කවුරුන් හෝ අතින් මියැදෙනවා. හැමදාම අහන්න ලැබෙන්නේ දරුවන් ගැන හරිම දුක්මුසු පුවත්. මේ පුවතේ දරුවාට තෙරුවන් සරණින්, කරදරයක් නොවී ගෙදර එන්න ලැබේවා. (නදී)

:       0       0

වරුනි Tuesday, 09 September 2014 08:11 AM

මට නම් දැන් රටේ දරුවන්ට වෙන විපත් ඇහුවාම අපේ ළමා කාලය කොච්චර ආරක්ෂිතව ගෙවුනාද කියල හිතෙනවා. බෝම්බ පිපිරෙන කාලයේත් ළමා වියේ සිටි අපිව ආරක්ෂා වුනා. අනේ දැන් කාලයේ දරුවන්ට වෙන දේවල් (නදී)

:       0       0

පිටිගල Tuesday, 09 September 2014 08:17 AM

ආස්චර්යයට යන කොට ඔය වගේ දේවල් වෙනවා ජයනි. (නදී)

:       0       0

කාන්ති Tuesday, 09 September 2014 08:23 AM

මේ දරුවා ගේ දෙමව්පියන් ආර්ථික තත්වයේ හැටියට කප්පමක් ඉල්ලන්න වෙන්න බැහැ. එක්කෝ පවුල් ආරවුලක්. මට නම් බය ගැහැණු දරුවෙක් නිසා නිධන් වැඩකට වත් අරන් ගියාද දන්නේ නැහැ. (නදී)

:       0       0

රුවන් Tuesday, 09 September 2014 08:28 AM

මේ නිවස දැක්කහම මව හා දරුවන් කොපමණ දුක් විඳලා ඇතිද කියා සිතෙනවා. තවත් මෙම අසරණයන්ට දුකක් නොදී දරුවාව නිරුපද්‍රිතව මවට ලැබේවා! (නදී)

:       0       0

සන්ද්‍යා Tuesday, 09 September 2014 08:37 AM

ඉක්මනින් දරුවා ලැබෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරනවා (නදී)

:       0       0

ගාමිණී නිශාන්ත Thursday, 11 September 2014 04:34 PM

මීට කලින් පිරිමි ළමයා අතුරු දහන් වුනු ගෙදර මව්පියන්ගේ හැසිරීම සහ මෙහි මව්පියන්ගේ හැසිරීම ඉතාමත්ම පරස්පරතා ඇති නිසා මේ සිදුවීම බොහෝ විට සැක සහිතයි (නදී)

:       0       0

පෙරේරා Tuesday, 09 September 2014 08:48 AM

මිහිපිට අපායක්ද කියල හිතෙනවා ලංකාවේ වෙන වැඩ ඇහුවම. (නදී)

:       0       0

නිශාන්ත Thursday, 11 September 2014 04:42 PM

එම නිවසෙහි මොනවගේ තත්ත්වයක් තිබෙනවා ඇද්ද? (නි)

:       0       0

ජිලෝ Tuesday, 09 September 2014 08:53 AM

ඉටිකොලේ කපලා තියෙන්නේ දරුවා නිදන ඇඳ ලගින් නම් ගේ ඇතුලේ වටපිටාව හොඳට දන්නා කෙනෙක්. නැති නම් දරුවාගේ ඇඳ තිබෙන තැන කොහොමද හරියටම දන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 13 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 143 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 141 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 378 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 416 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site