(උපාලි ආනන්ද)
වැලිඔය පොලිසියේ අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට අපයෝජනයට ලක් වූ දරුවා සමත් විය.
ඒ සැකකාර පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (14) පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදීය.
පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා 20 වන දින දක්වා තවදුරටත් රිමාන්ඞ් කරන ලෙස නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා මෙතෙක් කලක් පරිවාස බාරයට පත් කර සිටි අපයෝජනයට ලක් වූ බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා ඉන් ඉවත්කර ඔහුගේ ලොකු අම්මට බාර දෙන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
මෙලෙස තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබුයේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකි.
15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ විය.
වැලිඔය පොලිසිය තුලදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි.
එසේ අත් අඩංගුවට ගෙන පසු දින (09) පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ වැලිඔය පොලිසිය තුල සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවද සදහන් කර ඇත.
එලෙස තමන්ව අපයෝජනය කලේ වැලිඔය පොලිස් ස්ථානයේ එදින රාත‍්‍රියේ නිළ ඇදුමින් රාජකාරියේ යෙදී සිටි නිතර නිතර පොලිසියේ දුරකතනයට පිළිතුරු දෙමින් සිටි පොලිස් නිලධාරියා බවද දරුවා තවදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.
එසේ තමන් අපයෝජනය කලේ මෙම සිද්ධිය යමෙකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් බවද දරුවා තවදුරටත් විමර්ශන නිලධාරින්ට සහ පරිවාස නිලධාරීන්ට කියා තිබේ.
තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට වැලිඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමු කර සිටිනුයේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා පසුගිය මැයි මස 9 දා පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය .
සිද්ධිය පිලිබදව දරුවාගෙන් දීර්ඝව ප‍්‍රකාශ සටහන් කරගෙන අනතුරුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා සනාථ කර ඇත්තේ දරුවා බරපතල ලෙස අපයෝජනය කර ඇති බවයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවා අපයෝජනය කළ කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනාගනි
rohana kumara mendis Thursday, 14 June 2018 12:25 PM
කෝ මේ බරටම ලියන රටට ආදරේ කරන රණ විරුවෝ ගැන ලියන අය සද්ද නැත්තේ ? දඩුවම් දෙන්න එපා නේද රට බේරා ගත්තු අය නේද කමක් නැ නේද