වසරක හා දින හතක් වයසැති තම දරු දෙදෙනා නීති විරෝධී ලෙස හදාවඩා ගැනීමට වෙනත් අයකුට දුන් බව කියන මවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 24 හැවිරිදි මව පවසා ඇත්තේ තමා දරුවන් නොවිකිණූ බවයි.
වසරක හා දින හතක් වයසැති තම දරු දෙදෙනා නීති විරෝධී ලෙස හදාවඩා ගැනීමට වෙනත් අයකුට දුන් බව කියන මවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 24 හැවිරිදි මව පවසා ඇත්තේ තමා දරුවන් නොවිකිණූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න දිහා පොලිසිය අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒ වාගේම අපේ රට තුල දරුවෝ හදා වඩා ගැනීමට භාර කරන නීතිය මීට වැඩිය ලිහිල් කරන්න ඕනේ. (නදී)
හැම දෙනාම වගේ මේ ගැටළුව දෙස සාධාරණ ඇසකින් බලලා අදහස් දාලා තියෙන්නේ. මමත් ඒ අදහස් වලට එකඟයි.අපේ රටේ හදාවඩා ගැනීමේ නීතිය මීට වඩා ලිහිල් කරලා මේ වගේ අසරණ භාවයට පත්වන දරුවන් දරුවන් නොමැති පවුල් වලට ලබාදීමටත් ඒ දරුවන් පිළිබඳ පසුවිපරමටත් සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන්නේ නම් මැනවි.ඒ තුළින් දරුවන් හදා ගැනීමට නොහැකිව අසරණ වෙන මාපියන් මෙන්ම දරුවන් නොමැති පවුල්වලටද යහපතක් වනු ඇත. වැදගත්ම කරුණ නම් ඒ දරුවන්ගේ අනාගතය යහපත් වීමයි. මේ සඳහා රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීම අනිවාර්යයි. (අ)
එතකොට මේ දරුවන් දෙන්නා තාත්තා නැති කිරි සප්පයෝ දෙන්නෙක්. සමහර විට නොදන්නා කමින් කළ දෙයක් නම් නීති මගින් එය ඉටු කර දීමට වගකිව යුත්තන් ක්‍රියා කළ යුතුය .(දිල්)
අසේල මෙතන තියෙන ප්‍රශ්නය දරුවෙකු හදා ගන්න කැමති කෙනෙකුට ඒ කාර්යය උභතෝ කෝටික ප්‍රශ්නයක් කරලා තිබෙන එක. ඉතින් දරුවෝ මහපාරේ, ලඳු කැලෑ වල, වැසිකිලි වලවල් වල , ගංගා වල. (නදී)
ඇත්තටම මොකද්ද මෙතන වැරැද්ද? තමුන්ට හදාගන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දුන්නාට මොකද්ද තියෙන වැරැද්ද? (නි)
හොද ආර්ථික ශක්තියක් තිබෙනවානම් කිසිම අම්ම කෙනෙක් දරුවන්ව මෙහෙම දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ආශ්චර්ය මේ වගේ දේ වලින් පැහැදිලි වෙනවා (නදී)
රුවන්, මටත් ඉන්නවා දරුවෝ හමුදාවක්. කොල්ලෝ තුනයි, එක කෙල්ලයි. මම නම්, ඒ ගැන ආඩම්බර වෙන තාත්තා කෙනෙක්. (නදී)
දරුවන් හදාපල්ලා කියන සේනාව කෝ? (නදී)
ලංකාවේ දරුවන් නැති ,එ්ත් අනුන්ගේ දරුවෙක් හරි හදා ගන්න කැමති කාරුණික යුවල වල් ඕන තරම් ඉන්නවා. ඒ වුනාට දරුවෙක් හදා ගන්න ඉල්ලුවාම අදාළ කාර්යාල ඒ කට්ටියව මඩවන හැටියට අන්තිමේ ඔවුන්ට එපා වෙනවා. මම දන්නා ලාංකික යුවලක් පිටරට සිට ඇවිත් ලංකාවේ දරුවෙක් හදා ගන්න හදලා ඒ අයට එපා වුනා. දැන් අන්තිමේ ඉන්දියානු දරුවෙක්ව හදා ගන්නවා. ඒ ළමයාට රජ සැප. අපේ රටේ දරුවෙකුට පිනක් තිබුනේ නැහැ. (නදී)
දරුවන් ලබා ගන්න ක්‍රම වේදය හරියට හදා ගන්න යන යුවලට අච්චු කරන්න වගේ තිබෙන නීතියක්. මේවා හොඳට සොයා බලා කල යුතු දේවල් බව ඇත්ත. නමුත් හදා ගන්න යන අයව පීඩනයට පත් කරමින් තිබෙන ක්‍රම වේදය තව දියුණු වුනොත් හොඳයි. දරුවා ගැන ඕන නම් පසු විපරමක් කල හැකි නේ. (නදී)
දරුවෙක් හදා ගැනීමට යාමේදී අත්‍යවශ්‍ය කාරනා හැරෙන්නට නිකන් කාලය නාස්ති කරමින් යන ක්‍රමවේදයක් තිබෙන්නේ. මෙන්න මේ නිසා අවංකව දරුවෙකු හදා වඩා ගැනීමට කැමති දරුවන් නැති කරුණාවන්ත අයට දැනට තිබෙන කල ගතවෙන ක්‍රමය එපා වෙනවා. මගේ මිතුරෙක් මේ අත් දැකීමට මුහුණ දුන්නා. දරුවෙක් හදා ගැනිල්ල එපා වෙන්න ඔන්න මෙන්න තිබියදී තමයි දරුවා ඔවුන්ට නීතියෙන් ලැබුනේ. (නදී)
පවුලේ ප්‍රශ්න නිසා අද අම්මා කෙනෙකුට දරුවන් පෝෂණ කිරීමට තරම් වත්කමක් නොමැති කමින් ගඟේ මුහුදේ පාකර සිය දිවී නසාගන්නවාට වඩා පුළුවන් කෙනෙකුට බාරදීමට අයිතියක් අම්මා කෙනෙකුට නැද්ද ? (නදී)
හදා ගන්න බැරිනම් කාට හරි දුන්නම ඒ ළමයි කොතන හරි හොදින් හැදෙනවා. (නදී)
චමින්ද ගේ අදහස නිවැරදියි. නීත්‍යනුකුලව දරුවන් හදා වඩා ගන්න හැකි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කලොත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නදී)
දරුවෝ හදාගන්න නීතිය අපේ රටේ හරිම තදයි කියලා මම අහල තියෙනවා. මම නම් කියන්නේ නීතිය ලිහිල් කරලා හදාගන්න ගත්ත දරුවා හොදින් බලාගන්නවාද කියල ළමාරක්ෂණ අධිකාරියට පුළුවන්නේ කාලෙන් කාලෙට සොයා බලන්න. එහෙම උනාම ළමයෙ සමග සියදිවි නසා ගැනීම් මහ මග අත්හැර දැමීම් ආදිය අඩුකරගන්න පුළුවන්. (නදී)
දරුවන්ව මෙහෙම කාට හරි හදා වඩා ගන්න දෙන එක පිනක් මරා දන්නේ නැතුව. බලදාරින් මේවට නීති මගින් කටයුතු කරලා සමතයකට පත් කරනවා ඇරෙන්න ඒ මිනිසුන්ව නඩු මගට බස්සන එක සුදුසු නැහැ. (නදී)
නිලධාරීන්ටත් මේවා තමයි මහා ලොකුවට පේන්නේ. ළමයින්ව මහමග දමා යන්නේ නැතුව, මරලා දාන්නේ නැතුව, කාට හරි හදා ගන්න මුදලට හෝ නැතුව හෝ දුන්නනේ. ඒ ටිකම මදිද. දුෂණ,වංචා ගැන නම් මෙතරම් උනන්දුවක් නැති එකටයි අපිට කනගාටු. (නදී)
මෙය කිසිසේත්ම වරදක් නොවන බවයි මගේ අදහස... දුවෙක් දරුකමට නීතිමය කටයුතු මගින් හදාගැනීමට සොයනවා. ඵ් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් කාරුණිකව අමතන්න..