සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති. සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති. සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ගෙන්වා පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තක්ද ඇත්තටම? (නි)
මේක කරන්න ඕනෑ ආණ්ඩුව විසිනුයි. (නි)
ඔබවහන්සේ ප්‍රශ්නය හදුනාගත් එක බොහොම හොදයි. (නි)
හොද අදහසක්. බෙල්ජියමේ එක පවුලකට දරුවන් හතක් සිටියොත් හත් වැනි දරුවාට එම රටේ රැජිණියගේ සියලු සත්කාර හිමිවේ. (නි)
ඔබ වහන්සේගේ තීරණය ඉතාම හොදයි. (නි)
ඇත්තටම අපිත් අපේ ජාතිය ගැන හිතුවේ නැත්නම් අපි සුලු ජාතියක් වෙන දිනය වැඩි ඈතක නැහැ. (නි)
සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑමට හේතුව, ප්‍රමාද වී විවාහ වීම යැයි මා සිතන්නෙමි. (නි)
බෞද්ධාගමට ජාතිවාදයක් තියෙනවද හාමුදුරුවනේ? සිංහල හෝ ප්‍රංශ හෝ දමිල හෝ මුස්ලිම් හෝ වේවා යථාර්තය අවබෝධ කරදීම නේද බුදුදහම කියන්නේ? සිංහල ජාතිය ව්‍යාප්ත කිරීමට ළමයින් වැඩියෙන් හැදීම් වෙනම දෙයක්. (නි)
හරිනම් මේ දේවල් වලට ඔබවහන්සේ නෙමෙයි මැදිහත් වෙන්න ඕනෑ. දුප්පත් මිනිසුන්ට ලැබෙන්න ඕනෑ සල්ලි ලොක්කෝ කොච්චර නම් ගසාකනවද? (නි)
ලුම්බිණි ශයා දන්නේ නැතිවුනාට මේ අපේ හාමුදුරුවො ලංකාවට විශාල සේවයක් කරන හාමුදුරු නමක්.. ඔබවහන්සේට නිරෝගී සුවය ශක්තිය ලැබේවා..!(නු)
ලුම්බිණිගේ අදහස් හරිම අමුතුයි. (නි)
අනිත් රටවල විහාරවලට වෙලා ගිහි පවුල්වල නෑයන්ගේ පවුල් නඩත්තු කරන සමහර හාමුදුරුවරුන්ටත් මේ උතුම් අදහස පහළ වේවා..!! (නි)
ඒත් දැන් ජිවන බරත් එක්ක පුලුවන්ද (දී)
ඇත්තටම මේ ගැන ගොඩක් සතුටු වෙනවා.. අපි බෞද්ධාගම සිංහල ජාතිය රැක ගත යුතුයි..!(නු)
රට ජාතිය ගැන කැක්කුම තියෙන හැමෝටම (දී)
මේ යන විදිහට ගියොත් සිංහල ජාතිය නැති වෙනවා. සිකුරුයි. (දී)
හොද වැඩක් (දී)
අපි දෙන්නම් සහයෝගය. වැරදියට හිතන්න එපා. සිංහල ජාතිය වෙනුවෙන් (දී)
සිංහල ජාතිය සුරැකීමටගත් හොද වැඩක් (දී)
කොච්චර දෙනවද දන්නේ නැහැ (දී)
ඉතාමහොදයි (දී)
ජාතිය සුරක්ලිමට එක්වෙමු (දී)
ගොඩාක් සතටුයි.ජාතියේම සහයෝගය හිමිවිය යුතයි. (දී)
මම හිතන්නේ මේ නැහැ සල්ලි පස්සෙම යන්න ඕනෙම කියලා (දී)
තෑගි ගන්න නෙවෙයි අපේ යුතුකමක් තියෙනවා අපේ ජාතිය රැකගන්න (දී)
ඒ වැඩේ හොදයි (දී)
(මාගේ මෙම ඉදිරිපත් කිරීම විහිළුවකට නොගන්නා ලෙස ඉල්ලමි.) තෑගි ටිකක් ප්‍රසිද්ධ කළොත් හොඳ නැද්ද? එතකොට තීරණයකට එන්න පුළුවන්. (නි)
ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත (දී)
මාසෙකට රුපියල් 60000ක විතර පඩියක් ලැබෙනවා නම් පහක් හදන්න පුලුවන්. (නි)
අනේ වාසනාවන් (දී)
ලජ්ජා නැද්ද.. සල්ලි දීල ළමයි හදාගන්න (දී)
සිංහලයිනි අවදි වෙන්න (දී)
අපි මිනිස්සුන්ට දැන්වත් ඇස් ඇරේවා (දී)
සිංහල ජාතියට ජයවේවා (දී)
හාමුදුරුවෝ නම් කියයි. ඒත් ඉතිං අපි එපායැ බර අදින්න. (නි)
මෙය සියලු සත්ත්වයින් වෙනුවෙන් පතුරවනු ලැබූ නිර්මල බුදු දහමට කොපමණ දුරට එකගද? (නි)
ගොඩක් හොද වැඩක්. (නි)
මගේ අදහස නම් මුස්ලිම් අයට දරුවන් හදන සීමාවක් පැනවිය යුතු බවයි. (නි)
සන්තෝසයි
මේකට විරුද්ධව අදහස් දාලා තියෙන අය සිංහල නෙමෙයි. ඒක නිසා ඒවා ගණන් ගන්න එපා. අපි අපේ ජාතිය බේරා ගමු. (නි)
ඒ හිමියන් කරනවදේ අපි අගය කරන්න ඕනේ (දී)
හාමුදුරුවන්ගේ යෝජනාව ඉතා අගය කර සළකනවා. (නි)
වෙන ආගමක වුණත් පොරොන්දු වුණා නම් දෙන්න වෙයි. (නි)
කන්න දෙන්නේ පන්සලෙන්ද? ඔහොම කතා කියන්න එපා. (නි)
ජිවිත කාලයම රැක බලා ගන්න උදව් කරනවාද (දී)
දමිළ, මුස්ලිම් ජනයාට ජය වේවා! (නි)
ළමයි දෙන්නෙකුට කන්න දෙන්නත් අපි විදින දුක දන්නේ අපි විතරයි. (නි)
ඔය කතාවම ගිය බජට් එකේදී ඇහුණා වගේ මට මතකයි. (නි)
ජනක, ජාතිවාදී වෙන්න එපා. (නි)
කමල්, ඔයාට හිතෙන විදියට හිතෙන්නේ උප්පත්තියේ දෝෂ ඇති අයට. (නි)
ජනක, ඔයගොල්ලන්ට කොන්ද පණ නැති වුණාට අපි මක්කරන්නද? (නි)
අපේ ජාතියේ අනාගතය ලස්සන කරන්න ඕනේ (දී)
ළමයින්ගේ අධ්‍යාපනයට යන මුදලක් මාසෙකට (දී)
රුහුණේ උපන් ඔබ වහන්සේට මෙවැනි උතුම් අදහසක් පහළ වීම සතුටුයි. රට ඡාතිය ආගම ගැන වැඩි ආදරයක් තියෙන්නේ රුහුණු පුතුන්ටයි. (නි)
ළමයි හදලා විතරක් මදි, පිළිවෙළකට හදන්නත් ඕනෑ. (නි)
රටට ජාතියට ආගමට ආදරයක් නැති විජාතික ගැත්තන්ට නම් මේක විහිළුවක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ගිණුමක් විවෘත කළොත් අංකය ප්‍රසිද්ධ කරන්න. අපට හැකි අයුරින් ආධාර කරන්නම්. (නි)
සල්ලි වෙනුවෙන් නොවෙයි රට වෙනුවෙන් (දී)
ඉපදුනාම සල්ලි දුන්නට ළමයි පස් දෙනෙක් ලොකු වෙනකොට ඒ වියදම් දරන්නේ කවුද?(නු)
චානක මේ වගේ කෙනෙක්ද? අපේ හාමුදුරුවො මුදල් දෙන්න සූදානම් වෙලා ඉන්නවා.. අපේ හාමුදුරුවො කරන්නෙ හරි හොද වැඩක්.. පටන්ගන්න හාමුදුරුවනේ අපි ඒකට දිවිහිමියෙන් උපකාර කරනවා..!(නු)
මාතර ඡනතාවෙග් ප්‍රණාමය...(නු)
තව ටිකක් කලින් දැනගත්තානම් හොදයි කියලා හිතනවා..!(නු)
සල්ලි එපා, අපි අපේ රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කරනවා (දී)
ප්රංශයේ මේ ක්‍රමය ක්‍රියාත්මකයි... මීට අවුරුදු තිහකටත් කලින්.. පළමු දරුවාගේ ඉදළම රජයෙන් ආධාර කරනවා..!(නු)
ළමයි හැදුවා වගේ නෙමෙයි ඉදිරිය ගැනත් බලන්න ඕන.!(නු)
ප්‍රශ්ණෙ ඒක නෙමෙයි හාමුදුරුවනේ.. ලංකාවෙ ජීවන වියදම ගොඩක් වැඩියි...(නු)
ඔබවහන්සේ කිව්වට ඕවා කොහොමද කරන්නේ.. තමන් ජීවත් වෙන්නේ අවුරුදු කීයද කියලා නිගමනය කරන්නෙ කොහොමද ඒවා දෙවියන්ට පමණයි පුළුවං..(නු)
ජනක සහෝදරයා, අනෙක් ආගම් ගැන බලන්න අවශ්‍ය නැහැ. (නි)
ජනක ඔබ හරි. දැන් එහෙම නොකර බැහැ. (නි)
සල්ලි වෙනුවෙන් නොවෙයි ජාතිය වෙනුවෙන් වැඩ කරමු (දී)
අශෝක මහතාට ලිපියක් තේරුම් ගන්න බුද්ධියක් නැද්ද. මේ ලිපියේ කොහෙද බෞද්ධ අයට කියලා තියෙන්නේ. සිංහල ජාතිය කියන්නේ බෞද්ධයෝ විතරක් නොවෙයි. හොදට කියවලා දෙයක් ලියන්න. කොහොමත් බුදුදහම කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා බව අපට වඩා මේ වටිනා කටයුත්ත කරන හාමුදුරුවෝ දන්නවා ඇති. (නි)
හතර දෙනෙක්ම හාමුදුරුවෝ බලාගන්නවා නම් කමක් නැහැ. (නි)
වසරකට ගබ්සා වෙන දරුවන් බේරාගන්න පුලුවන් වුණොත්....? (නි)
මම කියන්නේ අපේ ජාතිය රැක ගන්න ඕනේ (දී)
යෝජනාව හොඳයි , (ස)
ඉතා හොදයි. දරුවන් තුන් දෙනෙකුගේ ඉදලා ආධාර දෙනවා නම් තවත් හොදයි. (නි)
මේ වැඩේ නම් ඉතාම හොදයි.. ජීවන වියදම අඩුවෙලා ළමයින්ට පාසල් ලැබෙන්නත් ඕන..!(නු)
එයාලට උපදින දරුව් මරා නොදමා ඔවුන් රුක ගැනීමට මාවතක් සළස්වන්න.,!(නු)
ඔස්ට්‍රලියාවෙනම් දරුවෙක් හැදුවහම රජයෙන් සල්ලිත් දෙනවා, සති දෙකකට හෙදියෙකුත් දෙනවා (නු)
ඉතාම හොද අදහසක් හාමුදුරුවනේ..!(නු)
සිංහල ජාතිය රැක ගන්න ඕනේ (දී)
සල්ලි දීලා ඔළු ගෙඩි බිහිකරලා ජනගහනය වැඩි කලාට වැඩක් නැහැ රටට ජාතියට ආදරය කරන ජනතාවකුයි අවශ්‍ය වෙන්නෙ.. (නු)
ඉතාම හොඳ අදහසක් ලංකාවේ අපටත් මාසිකව ඔය අරමුදලට දායකවන්න අවස්ථාවක් ලබාදෙන්න... හැකි අයට පුළුපුළුවන් තරමින් දායක වීම සඳහා.....(නු)
ජනක, ඔබ වේදනාව හදුනා ගත්තා. (නි)
ඔය අදහස කව්රුහරි ලංකාව තුළ ක්‍රියාත්මක කරනවානම් ලංකාවේ ව්‍යාපාරිකයනුත් උදව් කරාවි... හැමෝම නෙවි... මෙවන් දෙයකට කැමති අය....(නු)
මාසයකට ලක්ෂ දෙකක්වත් දෙන්න ඕන..!(නු)
අපවත්වී වදාල අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ කාලයේ බෞද්ධයෝ අවධියෙන් සිටියා.. වර්තමානයේ සිංහලයා ඉංග්‍රීසි තාලයට තමයි වැඩ...!(නු)
ගෞරවණීය ස්වාමින්වහන්සේ යුරෝපය අතුළු සියළුම විදේශ රටවල ඉන්න ලාංකිකයන්ට විවෘත ආරාධනයක් කරන්න මේ උතුම් වැඩපිළිවෙලට සහභාගීවීමට.!(නු)
කවුරු කවුරුත් විහිළුවට ගන් එපා වෙන්න ඕන හාමුදුරුවන්ගේ අදහසට එකගවෙන එකයි.. පන්සලෙන් කාලා හරි ජාතිය ගැන හිතන එක නැත්නම් මොන ගැටළුවලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ.!(නු)
මට දැනට ළමයි හතරක් ඉන්නවා. තව එක් කෙනෙක් හදාගන්න ඕනෑ. (නි)
හොදම දෙය තමයි මේ සදහා අරමුදලක් පිහිටුවන එක. (නි)
හැමෝම එකට එක කරන්න ගියොත් මේක නිකන් චීනයක් වගේ තියෙයි. අනෙක තෑගි ගන්න ළමයි හදන්නේ කවුද? (නි)
පිං මද පුතුන් සියයක් ලදුවත් නිසරූ ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ ඉතාම හොද වැඩපිළිවෙලක් හාමුදුරුවනේ..!(නු)
අපේ හාමුදුරුවනේ මමත් මම වැඩකරන රටේ යාලුවනුත් ඔබේ ක්‍රියාවට සහයෝගය දැක්වීමට කැමතියි.. ඒ සදහා අරමුදලක් වැනි දෙයක් ආරම්භ කිරීමට කටයුතු කරනවානම් අපේ සහයෝගය දීමට බලාපොරොත්තු වෙමු..!(නු)
ජනක, මම ඔයාගේ අදහසට එකඟ වෙනවා. ළමයෙක් ලෝකෙට ඉපදුන දවසේ ඉදල මැරෙනකන් එයාගේ මුලික අවශ්‍යතා ටික සම්පුර්ණ කරගන්න පුළුවන් වට පිටාවක් තියෙන්න ඕන. දැනට ලෝකේ තියන සම්පත් ඉතාම ඉක්මනින් ක්ෂය වෙලා යන කාලෙක අපි ඉන්නේ. දරුවෝ 5 - 6 හැදුවට එයාලගේ මුලික අවශ්‍යතා ඉටු කරගන්න, කරලා දෙන්න අපිට බැරිනම් අපි එයාලට කරන්නේ ලොකු අසාධාරණයක්. මොකොද ජනගහනය වැඩි වෙනකොට ලංකාවත් තව ලොකු වෙලා සම්පත් වැඩි වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කරන්න තියන හොදම දෙය තමා ජනගහනය පාලනය කිරීම. (නු)
මෙතන තවත් පැත්තක් තියෙනව. වෛද්‍යවරුන් අනවශ්‍ය සිසේරින් සැත්කම් කර ලැබෙන ලමි ගණන අඩු කරන්න හදනවා .අපේ රටේ වඳ සැත්කම් කරන්නේ සිංහල මවුන් පමණි.එය කරන වෛද්‍ය වරුන් බොහෝවිට සිංහල අය නොවේ.අපේ අම්මලට දරුවන් හදන්න උන්නදු කරනවත් සමගම මේ දේ ගැනත් විමසිලිමත් විය යුතුය.කොළඹ අපේ ප්‍රතිශතය සියයට 24 දක්වා අඩු වී ඇත .මෙය භයානක ප්‍රවණතාවයකි .(නු)
පාසලකට දාන්න ගියහම තමයි කරපු මෝඩකම කියලා හිතෙන්නේ. (නි)
මම හිතන්නේ මේක වෙන්න ඕනෑ මෙහෙම නෙමෙයි. ළමයි තුනකට වැඩිය ඉන්න පවුල් වලින් බද්දක් අද කළා නම් හරි. (නි)
අපි කාන්තා කුළගන සමිතියක් හදලා මේ ගැන කාන්තාවන් දැනුවත් කරමු. හැමෝම එකතු වෙමු. (නි)
ප්රංශයේ සිටින රටට ජාතියට ආදරය කරන සියලුම සිංහලයන් ඔබ වහන්සේගේ මෙම තීරණය ඉතාමත් කැමැත්තෙන් උදවු කරාවි. කවදත් රටට ජාතියට වටිනා සේවයක් කරන ඔබවහන්සේට මේක කරන්න පුලුවන්. අපේ සහයෝගය ඔබ වහන්සේට. (නි)
ළමයි හැදුවට පස්සේ "අරමුදල ඉවරයි" කියලා කිවුවොත් මොකද වෙන්නේ? (නි)
අශෝක, අතීතයෙ හාමුදුරුවරුන් රට ජාතිය ගැන නොසිතුවා නම් අද ඔහේත් ඉපදෙන්න තිබුණේ ඉතියෝපියාවේ. (නි)
බෞද්ධාගමේ නොවෙන කට්ටියට හොදටම රිදිලා. (නි)
ඇත්තටම මේක ඉතාමත් කාලෝචිත වැඩක්, ලුම්බිණි මට පුළුවන් ඔයාට ඕනෑ නම් උදවු කරන්න. (නි)
මේ යෝජනාවට විරුද්ධව අදහස් දාලා තියෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ ඇස් වල තියෙන පොල් පරාලේ පෙනෙන්නේ නැහැ. අනුන්ගේ ඇස් වල තියෙන පොල් කෙන්ද ගැන හොයනවා. (නි)
ගරු හාමුදුරුවනේ, මෙම සද්කාර්යය සදහා ශ්‍රී ලාංකීය නියෝජිතයින් පත්කරන්නේ නම් ඒ සදහා ස්වේච්ඡාවෙන් වඩ කිරීමට කැමති පිළිගත හැකි පුද්ගලයින් පත්කරන්න. (නි)
ඉතාම වැදගත් කාලෝචිත අදහසක්. (නි)
නියමයි ! දැන් සියල්ල අතහැර මේ සම්බන්ධ නිෂ්පාදනයන්ට දායකවීම හෝ ජපන් ක්‍රමයට හැඩගැසීම යෝග්‍යවේ යැයි සිතේ. (නි)
ඔබවහන්සේගේ අදහස ඉතාමත් උතුම්. (නි)
ලංකාවේ මිනිස්සුන්ට මොනවා කිවුවත් වැරදියි. (නි)
සිංහල ජාතිය වෙනුවෙන් කැප වෙමු (දී)
කතාව ඇත්ත
තමන්ගෙ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ජාතියේ නායකයො පෙනී සිටීම අගය කළයුතුයි. (නි)
මේකේ ඉන්න ගොඩාක් පිරිමින්ට දරුවො හදන්න සල්ලි නෑලු. ඒත් සිගරට් බොන්න අරක්කු බොන්න සල්ලි දෙවියො වෙන්න ඇති දෙනවා ඇත්තේ. (නි)
තවත් මෝඩයෝ වැඩි වේවි !!!!!!! (ස)
හොද අදහසක්. (නි)
ඇයි ඔබවහන්සේ මෙහෙම තීරණයක් ගත්තේ? (නි)
සල්ලි දුන්නට මදි. අපිනේ විදවන්න ඕනෑ. (නි)
මමත් මේ අදහස වෙනුවෙන් උපරිම සාධාරනය ඉටුකරනවා. (නි)
ඉතා උතුම් අදහසක්. ඔබවහන්සේට බුදු බව අත්වේවා! (නි)
තුන්වෙනි දරැවාට ලක්ෂයක් දෙන නිසා හමුදාවේ අය දැන් වැඩේ ඉහළින්ම කරනවා වගේ. දැන් ඉතින් අනෙත් අයත් පටන් ගනිමු. හැබැයි බිහිවන්නේ සිංහල අයද යන්නත් ප්‍රශ්නයක්. හේතුව ඔවුන් කිසිකෙනෙක් ළගවත් සිංහල ගතිය නම් නැහැ. තිබෙන්නේ පරංගි නැත්නම් සුද්දන්ගෙ ආකල්ප,ගතිපැවතුම්, ආචාර විධි, අන්‍යාගමික අදහස්, පරහැති මානසිකත්වය. ඒකට මොනවද කරන්නේ? මටත් සල්ලි දෙනවා නම් 10ක් වුණත් හැදිය හැකියි. ඒත් වැඩක් තියෙයිද? (නි)
සිංහල ජාතිය වෙනුවෙන් කැප වෙන්න ඔනෙ අපි (දී)
මම හිතන්නේ ප්‍රයෝගික නැහැ
දිනේෂ්, ඔබ හරි. (නි)
රට ගැන ආදරයක් තියෙන්නේ රටින් පිට ඉන්න අයටයි. (නි)
ජිවිත කාලෙම සල්ලි දෙනවාද (දී)
ඊටපස්සේ අපිට මුහුද ගොඩකරලා හරි ගෙවල් හදාගන්නත් බැරියෑ. (නි)
ඔය දේ දැනටමත් අනෙක් ජාතින් කරගෙන යමින් තිබෙනවා. ඒකනේ කොච්චර බඩුමිළ ඉහළ ගියත් ඒ අයගේ ජනතාව වැඩිවෙලා තියන්නේ. අපේ හමුදුරුවන් මේ වගේ ඉදිරිපත් වී ජාතිය දිරිමත් කිරීම අගය කරමි. එහෙත් නීතිය මගිනුත් යම්කිසි පියවරක් ගැනීමක් මගින් සිංහල ජාතිය සුලු ජාතිය නොවීමට වගබලාගැනීමට අවශ්‍ය කාලය එලඹ ඇත. (නි)
හාමුදුරුවරුනුත් සිවුරු අත්හෑර පෙලවහක් කරගත්තොත් තෑගි ලබා ගත හෑක. (නි)
ඉදිරියේදී සිංහල ජාතිය ලංකාවේ සුලු ජාතියක් වෙන එක අපි විසින්මයි නැවැත්විය යුත්තේ. (නි)
ඔය කවුරු මොනවා කිවුවත් ළමයි හදන එක තීරණය කළ යුත්තේ අදාළ දෙමවුපියන් මිස අපි නෙමෙයි. (නි)
ඉ්සසර විදුලිය විසන්ධි කරපු කාලේ මතකද ජනග්‍රහණය වැඩි වුණා. (නි)
ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට පින්. ජාතිය විනාශ කරන්න එල් ආර් ටී සැත්කම ගෙනැල්ලා. (නි)
මේ ඉන්න දෙන්නා බලා ගන්න වෙලාවක් නැතුව කොහෙද පහක් හැදුවනම් (දී)
සිංහල ජාතිය එහෙම නැති කරන්න බැහැ (දී)
අපි සේරම කට්ටිය එකතුවෙලා මේ වෙන්න යන විනාසය නවත්වන්න ඕනේ (දී)
මටනම් විස්වාස නැහැ. හැමදාම දෙනවද (දී)
මේක මේ රටේ ඉන්න දේශපාලුවන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ. (නි)
ජීවන වියදම අඩු නම් දරුවන් 10ක් වුණත් හදන්න බැරියෑ. (නි)
කොහොමද ළමයි 5ක් හදල උන්ට කන්න දෙන්නේ. හැමදාම හාමුදුරුවෝ සල්ලි දෙනවද (දී)
මම රුවන් එක්ක එකඟයි. ඒක නම් සාධාරනයි. දරුවෝ 5 කගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් පොහොසතුන්ටයි. දරුවෝ පව්. (නි)
දරුවන් හැදුවට පස්සේ පොරොන්දු වුණ මුදල් නොලැබුණොත්? (නි)
තාත්තලාට නම් මොකෝ? අම්මලාටනේ දුක... (නි)
හාමුදුරුවන්ට තියෙන සල්ලි ඉපදිලා ඉන්න දුප්පත් දරුවන්ට දෙන්න. සුබාසිතයේ කවිය මතක් කරගන්න. බෝ කරන එක නොවෙයි හපන්කම. හොඳ පුරවැසින් කරන එක. (නි)
ඔබවහන්සේලාම මැදිහත්වෙලා මෙය ක්‍රියාත්මක කළොත් නරකද? (නි)
මෙහෙ බඩු මිළ ඉහළ යනකොට, තරුණයින්ට රැකියා නැතිකොට කොහොම ළමයි හදන්නද? (නි)
දිනකට ගබ්සා 1000ක් පමණ ලංකාවේ සිදුවනවා. ඒ ඇයි කියලා හිතලා බලන්න. පුලුවන් නම් ඒවා නවත්වන්න බලන්න. (නි)
හැදුව වගේ නෙවෙයි උන්ට කන්න දෙන්නේ කොහොමද (දී)
හාමුදුරුවනේ කන්න බොන්න දෙන්න පුළුවන් තත්වයක් අපිට නැහැ (දී)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි (දී)
මිනිසුනේ, ඔබ ඡන්දය පාවිච්චි කරද්දී රට ගැන සිතුවා නම් හාමුදුරුවන්ට අද මෙහෙම කරන්න දෙයක් ඉතුරු නොවනු ඇත. (නි)
පිස්සු කතා කරන්න එපා (දී)
හැමදාම දෙන්නේ නැහැනේ සල්ලි ඒත් ළමයි හැමදාම ඉන්නවනේ (දී)
පුංචි පවුල රත්තරන් (දී)
තව තව එන එන ඕනෑම ආණ්ඩුවකට සල්ලි දෙමු. අපි තව තව ලෝකෙටම ණය වෙමු. (නි)
නිලා "පුංචි පවුල රත්තරන්" කියුවේ සුද්දා ඕකට අහු වෙන්න එපා (දී)
සිංහල ජාතිය තමයි මහා ජාතිය. එක නැති කර ගන්න එපා (දී)
බෞද්ධ භික්ෂුවකට ජාතියක් තිබිය හැකිද? (නි)
මිනිසුනේ දැන්වත් සිංහල ජාතියට වෙලා තියෙන දේ තේරුම් ගන්න (දී)
අන්න නියම වැඩේ. අපිත් උදවු කරනවා. (නි)
සල්ලිවලට දරුවන් හැදීම (දී)
දරුවෝ හැදුවොත් සල්ලි තමයි (දී)
රට ජාතිය ගැන කැක්කුම නැතිව මොනවා කලත් වැඩක් නැහැ (දී)
සල්ලි දෙනවා කියුවොත් ඕන දෙයක්
සිංහල ජාතිය මුදලට පාවාදීමක් (දී)
දරුවන්ට මිලක් නියම කිරීමක්ද (දී)
ජාතිය බේරා ගැනීමේ සටන (දී)
ඉතාම හොද වැඩපිළිවෙළක්. (නි)
සිංහල ජනගහනය අඩු වීමට ජිවන බර (දී)
සිංහල ජනගහනය අඩුයි ඇත්ත (දී)
ඔබ වහන්සේට ගොඩාක් පින් !!! (දී)
වැඩේ නම් හොදයි.... අපේ ජාතිය වෙනුවෙන් අපි (දී)
2011 සංගණනය අනුව කොළඹ 50% ව තිබු සිංහල ජනගහනය 24% දක්වා අඩුවෙලා.(දී)
කතාව හරියට හරි (දී)
රෑට විදුලිය විසන්ධි කළා නම් ඕක හරියයි. (නි)
ඒක විශිෂ්ට අදහසක්. (නි)
පින්වත් රූමත් උපාසිකාවනි, වහාම මෙම උපදෙස් පිළිපදින්න. (නි)
අනේ දෙයියනේ! එක ළමයෙක් හදාගන්න විදින දුක දන්නෙ අපිනේ. (නි)
කන්න දෙන්න ඕනේ අපිනේ (දී)
බෞද්ධාගම යනු තණ්හාවෙන් රැස්කිරීමද? (නි)
මේක හොද වැඩක් (දී)
ඔබවහන්සේට ගොඩක් පින්. සිංහලයෙක් වශයෙන් දියහැකි උපරිම සහයෝගය දෙමි. (නි)
ඔබවහන්සේලාට නම් ඉතින් මොකද? මේ දරුවො හදන අයටනේ ඒ ජීවන බර බලපාන්නේ. (නි)
නිර්මල බුදු දහම ආරක්ෂා කළ යුත්තේ බෞද්ධ කුල දරුවන් විසිනි. එමනිසා මා හට මෙම හාමුදුරුවන් ගැන ඇත්තේ ආඩම්බරයකි. (නි)
අපිනේ ඇත්ත දන්නේ. (නි)
ඔහොම කිවුවට අපිනේ ඇත්ත දන්නේ. (නි)
සිංහල ජාතිය වෙනුවෙන් අපි (දී)
ළමයි සල්ලි වලට විකිනිමක්ද (දී)
ඔබ වහන්සේට ගොඩාක් පින්! (නි)
සංඛ්‍යාවට අඩුවීමට වඩා ගැටලුව ඉන්න අයගෙ ගුණාත්මක බව අඩුවීම. නැද්ද ඒකට විසදුමක්? (නි)
සල්ලිවලට නැමෙන ජාතියක් නොවෙයි අපි (දී)
තෑගි දෙන්න නෙවෙයි හාමුදුරුවනේ. ආණ්ඩුවත් එක්ක කතා කරලා ජිවන බර අඩු කරලා දෙන්න (දී)
සිංහල ජාතියට ජය වේවා (දී)
දරුවන් දෙන්නෙකුට වඩා හිතන්න එපා (දී)
දුප්පත් කම තුරන් කරමු. එතකොට මේ කිසි ප්‍රශ්නයක් නැහැ (දී)
මිනිස්සු සල්ලි දෙනවනම් ඕනදෙයක් කරනවා (දී)
උගතුන්ට නම් දරුවන් පහක් හදන්න බැහැ. (නි)
අන්න ඒක හොද වැඩක් (දී)
ඔක්කොටම කලින් කසාද බදින්න එපැයි. (නි)
කන්න දෙන්නේ කොහොමද (දී)
තෙරුවන් සරණයි! වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා! (නි)
ඔබ වහන්සේ කරන්න යන මේ ක්‍රියාව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා (ස)
පුංචි පවුල රත්තරන් කියලා විජාතික බලවේග සිංහලයො නැතිකරන්න හදන යුගයක ජාතිය වෙනුවෙන් හොද ආරම්භයක් වේවි මේක. පවුල් සැලසුම් කියල අපේ මොළ හෝදලා සිංහල ජාතිය වද කරන්න හදන අයට ගොඩක් රිදෙයි. දිනේෂ්, අපි ජනග්‍රහනය පාලනය කරන්න ඕනෑ කියලා හිතුවට අනිත් ජාතීන් එහෙම කරනවද. මුස්ලිම්වරු පෝලිමේ ළමයි හදනවා. මෙහෙම හරි සිංහල ජනතාවට උනන්දු කරන්න වෙනවා සිංහල ජාතිය ඉදිරියටත් ගෙනියන්න. මොකද සිංහල ජාතිය ඉන්නකන්ල් විතරයි ලංකාවෙ බුදුදහම නැමති සත්‍ය පවතින්නෙ නැත්තන් දවසක මිත්‍යාව රජකරයි මේ පුංචි මුතු කැටයෙත්. (නි)
දැන් කාලේ එහෙම කරන්න මිනිස්සුන්ට ආර්ථික ශක්තියක් නැහැ (දී)
සිංහල ජාතිය ගැන හිතනවිට වැඩේ නම් යහපත්. ඒ..ත් ඉතිං මේ තියෙන ජීවන ගැටළු ,පාසල් ප්‍රශ්න බැලුවහම තමයි ඔළුව නරක් වෙන්නේ.හාමුදුරුවන්ගේ අදහස අගේකරන අතරම,පුළුවන් නම් පාලකයින්ට මොලේ ටිකක් දෙන්න ජනතාවගේ රිරී මාංශ උරන්නේ නැතිව ජීවන බර අඩු කරලා සහනයක් දෙන්න. නීති විරෝධී ගබ්සා නැතිකරන්න. ඔබවහන්සේට පිං. (නි)
තව ප්‍රමාධ විය යුතු නෑ . හැකි ඉක්මනින් අපේ කම රැකගන්න (ස)
විවාහවන වයස 23-25 වත් අනිවාර්ය කලොත් (ස)
ජාතිය විකුනන්න එපා (දී)
මේ සිංහල කමයි , බෞද්ධ කමයි පටලවා ගැනීමක් (ස)
ආර්ථික වරදානයක් තිබ්බොත් හොදයි නේද (දී)
"බැහැ" කියන වචනයෙන්ම හැම දෙයක්ම පටන්ගන්න එපා. (නි)
වැදගත් වන්නේ තත්ත්වය මිස ප්‍රමාණය නොවේ. (නි)
නියම වැඩක් හාමුදුරුවනේ (ස)
නියම වැඩක් හාමුදුරුවනේ (ස)
පුංචි පවුල රතතරන් වුණ එකතමයි මේ ඔක්කොටම මුල. (නි)
සිංහල ජාතිය මේ වෙනකොට රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වෙලාද දන්නෙත් නැහැ. (නි)
අපේ හාමුදුරුවන් දුර දිග බලලා ගත්ත ඉතා හොද තීරණයක්.මේක අපේ අනිත් ඇත්තන්ට පේන්නේ නැති එකනේ වැඩේ කියන්නෙ???? (ස)