IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දරුවන් හැදුවොත් සල්ලි තමයි

සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති. සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්,  එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති. සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ගෙන්වා පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.



අදහස් (0)

දරුවන් හැදුවොත් සල්ලි තමයි

ධනුක Sunday, 16 December 2012 08:19 PM

තෙරුවන් සරණයි! වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා! (නි)

:       0       0

හිල්ම් Friday, 14 December 2012 07:33 PM

සල්ලි වෙනුවෙන් නොවෙයි රට වෙනුවෙන් (දී)

:       0       0

කුමාරි Saturday, 15 December 2012 10:48 AM

ඔය දේ  දැනටමත් අනෙක්  ජාතින්  කරගෙන  යමින්  තිබෙනවා. ඒකනේ   කොච්චර  බඩුමිළ ඉහළ  ගියත්  ඒ අයගේ  ජනතාව  වැඩිවෙලා තියන්නේ. අපේ  හමුදුරුවන්  මේ වගේ   ඉදිරිපත් වී  ජාතිය  දිරිමත්  කිරීම  අගය කරමි. එහෙත් නීතිය  මගිනුත්  යම්කිසි  පියවරක්  ගැනීමක්   මගින්  සිංහල  ජාතිය  සුලු  ජාතිය  නොවීමට  වගබලාගැනීමට   අවශ්‍ය  කාලය   එලඹ  ඇත. (නි)

:       0       0

කිවි Friday, 14 December 2012 07:34 PM

ඉපදුනාම සල්ලි දුන්නට ළමයි පස් දෙනෙක් ලොකු වෙනකොට ඒ වියදම් දරන්නේ කවුද?(නු)

:       0       0

ටී.සම්පත් Friday, 14 December 2012 07:34 PM

චානක මේ වගේ කෙනෙක්ද? අපේ හාමුදුරුවො මුදල් දෙන්න සූදානම් වෙලා ඉන්නවා.. අපේ හාමුදුරුවො කරන්නෙ හරි හොද වැඩක්.. පටන්ගන්න හාමුදුරුවනේ අපි ඒකට දිවිහිමියෙන් උපකාර කරනවා..!(නු)

:       0       0

රොක් Saturday, 15 December 2012 10:50 AM

හාමුදුරුවරුනුත් සිවුරු අත්හෑර පෙලවහක් කරගත්තොත් තෑගි ලබා ගත හෑක. (නි)

:       0       0

හේරත් Saturday, 15 December 2012 10:51 AM

ඉදිරියේදී සිංහල ජාතිය ලංකාවේ සුලු ජාතියක් වෙන එක අපි විසින්මයි නැවැත්විය යුත්තේ. (නි)

:       0       0

මල්නිමොහොට්ටි Friday, 14 December 2012 07:44 PM

මාතර ඡනතාවෙග් ප්‍රණාමය...(නු)

:       0       0

රසාල් Saturday, 15 December 2012 10:57 AM

ඔය කවුරු මොනවා කිවුවත් ළමයි හදන එක තීරණය කළ යුත්තේ අදාළ දෙමවුපියන් මිස අපි නෙමෙයි. (නි)

:       0       0

දිල් Sunday, 16 December 2012 11:33 AM

උගතුන්ට නම් දරුවන් පහක් හදන්න බැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 14 December 2012 07:44 PM

තව ටිකක් කලින් දැනගත්තානම් හොදයි කියලා හිතනවා..!(නු)

:       0       0

නීලා Tuesday, 18 December 2012 01:30 PM

සිංහල ජාතිය ගැන හිතනවිට වැඩේ නම් යහපත්. ඒ..ත් ඉතිං මේ තියෙන ජීවන ගැටළු ,පාසල් ප්‍රශ්න බැලුවහම තමයි ඔළුව නරක් වෙන්නේ.හාමුදුරුවන්ගේ අදහස අගේකරන අතරම,පුළුවන් නම් පාලකයින්ට මොලේ ටිකක් දෙන්න ජනතාවගේ රිරී මාංශ උරන්නේ නැතිව ජීවන බර අඩු කරලා සහනයක් දෙන්න. නීති විරෝධී ගබ්සා නැතිකරන්න. ඔබවහන්සේට පිං. (නි)

:       0       0

රොහාන් Friday, 14 December 2012 07:51 PM

සල්ලි එපා, අපි අපේ රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කරනවා (දී)

:       0       0

සංජීව Saturday, 15 December 2012 11:01 AM

ඉ්සසර විදුලිය විසන්ධි කරපු කාලේ මතකද ජනග්‍රහණය වැඩි වුණා. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 15 December 2012 11:02 AM

ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට පින්. ජාතිය විනාශ කරන්න එල් ආර් ටී සැත්කම ගෙනැල්ලා. (නි)

:       0       0

පද්මි Friday, 14 December 2012 07:47 PM

ප්‍රංශයේ මේ ක්‍රමය ක්‍රියාත්මකයි... මීට අවුරුදු තිහකටත් කලින්.. පළමු දරුවාගේ ඉදළම රජයෙන් ආධාර කරනවා..!(නු)

:       0       0

කුරුවිට Friday, 14 December 2012 07:47 PM

ළමයි හැදුවා වගේ නෙමෙයි ඉදිරිය ගැනත් බලන්න ඕන.!(නු)

:       0       0

මොහොමඩ් Saturday, 15 December 2012 11:06 AM

මේ ඉන්න දෙන්නා බලා ගන්න වෙලාවක් නැතුව කොහෙද පහක් හැදුවනම් (දී)

:       0       0

මුබාරක් Friday, 14 December 2012 07:57 PM

ප්‍රශ්ණෙ ඒක නෙමෙයි හාමුදුරුවනේ.. ලංකාවෙ ජීවන වියදම ගොඩක් වැඩියි...(නු)

:       0       0

රිස්වාන් Saturday, 15 December 2012 07:20 PM

2011 සංගණනය අනුව කොළඹ 50% ව තිබු සිංහල ජනගහනය 24% දක්වා අඩුවෙලා.(දී)

:       0       0

නිරෝෂන් Saturday, 15 December 2012 07:36 PM

කතාව හරියට හරි (දී)

:       0       0

තාරක Monday, 17 December 2012 04:40 PM

පුංචි පවුල රත්තරන් කියලා විජාතික බලවේග සිංහලයො නැතිකරන්න හදන යුගයක ජාතිය වෙනුවෙන් හොද ආරම්භයක් වේවි මේක. පවුල් සැලසුම් කියල අපේ මොළ හෝදලා සිංහල ජාතිය වද කරන්න හදන අයට ගොඩක් රිදෙයි. දිනේෂ්, අපි ජනග්‍රහනය පාලනය කරන්න ඕනෑ කියලා හිතුවට අනිත් ජාතීන් එහෙම කරනවද. මුස්ලිම්වරු පෝලිමේ ළමයි හදනවා. මෙහෙම හරි සිංහල ජනතාවට උනන්දු කරන්න වෙනවා සිංහල ජාතිය ඉදිරියටත් ගෙනියන්න. මොකද සිංහල ජාතිය ඉන්නකන්ල් විතරයි ලංකාවෙ බුදුදහම නැමති සත්‍ය පවතින්නෙ නැත්තන් දවසක මිත්‍යාව රජකරයි මේ පුංචි මුතු කැටයෙත්. (නි)

:       0       0

රිස්මි Friday, 14 December 2012 08:05 PM

ඔබවහන්සේ කිව්වට ඕවා කොහොමද කරන්නේ.. තමන් ජීවත් වෙන්නේ අවුරුදු කීයද කියලා නිගමනය කරන්නෙ කොහොමද ඒවා දෙවියන්ට පමණයි පුළුවං..(නු)

:       0       0

නිර්මාලි Friday, 14 December 2012 08:06 PM

ජනක සහෝදරයා, අනෙක් ආගම් ගැන බලන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ජනක; Friday, 14 December 2012 08:07 PM

ජනක ඔබ හරි. දැන් එහෙම නොකර බැහැ. (නි)

:       0       0

ඩොකා Saturday, 15 December 2012 11:50 AM

සිංහල ජාතිය එහෙම නැති කරන්න බැහැ (දී)

:       0       0

චමින්ද Friday, 21 December 2012 04:20 PM

අපේ හාමුදුරුවන් දුර දිග බලලා ගත්ත ඉතා හොද තීරණයක්.මේක අපේ අනිත් ඇත්තන්ට පේන්නේ නැති එකනේ වැඩේ කියන්නෙ???? (ස)

:       0       0

කුරුවිට Saturday, 15 December 2012 11:53 AM

අපි සේරම කට්ටිය එකතුවෙලා මේ වෙන්න යන විනාසය නවත්වන්න ඕනේ (දී)

:       0       0

නාලක Friday, 14 December 2012 08:14 PM

සල්ලි වෙනුවෙන් නොවෙයි ජාතිය වෙනුවෙන් වැඩ කරමු (දී)

:       0       0

මහේන්ද්‍ර Saturday, 15 December 2012 11:55 AM

මටනම් විස්වාස නැහැ. හැමදාම දෙනවද (දී)

:       0       0

සකු Sunday, 16 December 2012 12:13 PM

අන්න ඒක හොද වැඩක් (දී)

:       0       0

සුසිල් මිලානෝ Friday, 14 December 2012 08:24 PM

අශෝක මහතාට ලිපියක් තේරුම් ගන්න බුද්ධියක් නැද්ද. මේ ලිපියේ කොහෙද බෞද්ධ අයට කියලා තියෙන්නේ. සිංහල ජාතිය කියන්නේ බෞද්ධයෝ විතරක් නොවෙයි. හොදට කියවලා දෙයක් ලියන්න. කොහොමත් බුදුදහම කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා බව අපට වඩා මේ වටිනා කටයුත්ත කරන හාමුදුරුවෝ දන්නවා ඇති. (නි)

:       0       0

වජිර Friday, 14 December 2012 08:19 PM

හතර දෙනෙක්ම හාමුදුරුවෝ බලාගන්නවා නම් කමක් නැහැ. (නි)

:       0       0

චතුර Saturday, 15 December 2012 11:58 AM

මේක මේ රටේ ඉන්න දේශපාලුවන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ. (නි)

:       0       0

ගයා Friday, 14 December 2012 08:26 PM

වසරකට ගබ්සා වෙන දරුවන් බේරාගන්න පුලුවන් වුණොත්....? (නි)

:       0       0

යසින්ත Saturday, 15 December 2012 09:09 PM

රෑට විදුලිය විසන්ධි කළා නම් ඕක හරියයි. (නි)

:       0       0

දමිත් Sunday, 16 December 2012 12:46 PM

ඔක්කොටම කලින් කසාද බදින්න එපැයි. (නි)

:       0       0

චන්දන Friday, 14 December 2012 08:50 PM

මම කියන්නේ අපේ ජාතිය රැක ගන්න ඕනේ (දී)

:       0       0

ලක්මාල් Saturday, 15 December 2012 09:06 PM

ඒක විශිෂ්ට අදහසක්. (නි)

:       0       0

සුනිල් Saturday, 15 December 2012 09:14 PM

පින්වත් රූමත් උපාසිකාවනි, වහාම මෙම උපදෙස් පිළිපදින්න. (නි)

:       0       0

ෆිල්ටෝ Saturday, 15 December 2012 12:10 PM

ජීවන වියදම අඩු නම් දරුවන් 10ක් වුණත් හදන්න බැරියෑ. (නි)

:       0       0

නවුශාඩ් Friday, 14 December 2012 09:13 PM

යෝජනාව හොඳයි , (ස)

:       0       0

කීන් Wednesday, 19 December 2012 09:23 PM

"බැහැ" කියන වචනයෙන්ම හැම දෙයක්ම පටන්ගන්න එපා. (නි)

:       0       0

ලාල් Saturday, 15 December 2012 09:53 PM

අනේ දෙයියනේ! එක ළමයෙක් හදාගන්න විදින දුක දන්නෙ අපිනේ. (නි)

:       0       0

ලොල් Saturday, 15 December 2012 10:02 PM

කන්න දෙන්න ඕනේ අපිනේ (දී)

:       0       0

ලාල් Saturday, 15 December 2012 09:59 PM

බෞද්ධාගම යනු තණ්හාවෙන් රැස්කිරීමද? (නි)

:       0       0

සුරේෂ් Tuesday, 18 December 2012 02:40 PM

තව ප්‍රමාධ විය යුතු නෑ . හැකි ඉක්මනින් අපේ කම රැකගන්න (ස)

:       0       0

රොකට් Saturday, 15 December 2012 12:19 PM

කොහොමද ළමයි 5ක් හදල උන්ට කන්න දෙන්නේ. හැමදාම හාමුදුරුවෝ සල්ලි දෙනවද (දී)

:       0       0

සදුනි Friday, 14 December 2012 10:02 PM

ඉතා ‍හොදයි. දරුවන් තුන් දෙනෙකුගේ ඉදලා ආධාර දෙනවා නම් තවත් හොදයි. (නි)

:       0       0

තුවාන Saturday, 15 December 2012 10:20 PM

මේක හොද වැඩක් (දී)

:       0       0

රසික Saturday, 15 December 2012 10:18 PM

ඔබවහන්සේට ගොඩක් පින්. සිංහලයෙක් වශයෙන් දියහැකි උපරිම සහයෝගය දෙමි. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 15 December 2012 10:31 PM

ඔබවහන්සේලාට නම් ඉතින් මොකද? මේ දරුවො හදන අයටනේ ඒ ජීවන බර බලපාන්නේ. (නි)

:       0       0

අරුණි Saturday, 15 December 2012 12:35 PM

මම රුවන් එක්ක එකඟයි. ඒක නම් සාධාරනයි. දරුවෝ 5 කගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් පොහොසතුන්ටයි. දරුවෝ පව්. (නි)

:       0       0

රුවන් Friday, 14 December 2012 10:15 PM

මේ වැඩේ නම් ඉතාම හොදයි.. ජීවන වියදම අඩුවෙලා ළමයින්ට පාසල් ලැබෙන්නත් ඕන..!(නු)

:       0       0

අමරා අයිරංගනී Friday, 14 December 2012 10:25 PM

එයාලට උපදින දරුව් මරා නොදමා ඔවුන් රුක ගැනීමට මාවතක් සළස්වන්න.,!(නු)

:       0       0

කුමාර සමරනායක Friday, 14 December 2012 10:40 PM

ඔස්ට්‍රලියාවෙනම් දරුවෙක් හැදුවහම රජයෙන් සල්ලිත් දෙනවා, සති දෙකකට හෙදියෙකුත් දෙනවා (නු)

:       0       0

ජානකි Monday, 17 December 2012 06:09 PM

දැන් කාලේ එහෙම කරන්න මිනිස්සුන්ට ආර්ථික ශක්තියක් නැහැ (දී)

:       0       0

ශ්‍යාමා Friday, 14 December 2012 10:49 PM

ඉතාම හොද අදහසක් හාමුදුරුවනේ..!(නු)

:       0       0

කමල් Friday, 14 December 2012 10:49 PM

සිංහල ජාතිය රැක ගන්න ඕනේ (දී)

:       0       0

පනාගොඩ Saturday, 15 December 2012 12:57 PM

දරුවන් හැදුවට පස්සේ පොරොන්දු වුණ මුදල් නොලැබුණොත්? (නි)

:       0       0

මර්වින් රාජක්ෂ Friday, 14 December 2012 10:51 PM

සල්ලි දීලා ඔළු ගෙඩි බිහිකරලා ජනගහනය වැඩි කලාට වැඩක් නැහැ රටට ජාතියට ආදරය කරන ජනතාවකුයි අවශ්‍ය වෙන්නෙ.. (නු)

:       0       0

මනෝජ් Thursday, 20 December 2012 03:12 PM

නියම වැඩක් හාමුදුරුවනේ (ස)

:       0       0

මනෝජ් Thursday, 20 December 2012 03:12 PM

නියම වැඩක් හාමුදුරුවනේ (ස)

:       0       0

ලුම්බිණි Friday, 14 December 2012 04:05 PM

මේක ඇත්තක්ද ඇත්තටම? (නි)

:       0       0

මයික් Friday, 14 December 2012 04:00 PM

මේක කරන්න ඕනෑ ආණ්ඩුව විසිනුයි. (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 11:05 PM

ඉතාම හොඳ අදහසක් ලංකාවේ අපටත් මාසිකව ඔය අරමුදලට දායකවන්න අවස්ථාවක් ලබාදෙන්න... හැකි අයට පුළුපුළුවන් තරමින් දායක වීම සඳහා.....(නු)

:       0       0

දිලිප් Friday, 14 December 2012 11:06 PM

ජනක, ඔබ වේදනාව හදුනා ගත්තා. (නි)

:       0       0

කුමාර Friday, 14 December 2012 04:06 PM

ඔබවහන්සේ ප්‍රශ්නය හදුනාගත් එක බොහොම හොදයි. (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:07 PM

හොද අදහසක්. බෙල්ජියමේ එක පවුලකට දරුවන් හතක් සිටියොත් හත් වැනි දරුවාට එම රටේ රැජිණියගේ සියලු සත්කාර හිමිවේ. (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 11:03 PM

ඔය අදහස කව්රුහරි ලංකාව තුළ ක්‍රියාත්මක කරනවානම් ලංකාවේ ව්‍යාපාරිකයනුත් උදව් කරාවි... හැමෝම නෙවි... මෙවන් දෙයකට කැමති අය....(නු)

:       0       0

කුමුදු Friday, 14 December 2012 04:07 PM

ඔබ වහන්සේගේ තීරණය ඉතාම හොදයි. (නි)

:       0       0

බලං‍ගොඩ Wednesday, 19 December 2012 09:29 AM

විවාහවන වයස 23-25 වත් අනිවාර්ය කලොත් (ස)

:       0       0

සුරංග Friday, 14 December 2012 04:13 PM

ඇත්තටම අපිත් අපේ ජාතිය ගැන හිතුවේ නැත්නම් අපි සුලු ජාතියක් වෙන දිනය වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

සෙනරත් Friday, 14 December 2012 11:29 PM

මාසයකට ලක්ෂ දෙකක්වත් දෙන්න ඕන..!(නු)

:       0       0

හේරත් Saturday, 15 December 2012 01:25 PM

තාත්තලාට නම් මොකෝ? අම්මලාටනේ දුක... (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 14 December 2012 11:47 PM

අපවත්වී වදාල අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ කාලයේ බෞද්ධයෝ අවධියෙන් සිටියා.. වර්තමානයේ සිංහලයා ඉංග්‍රීසි තාලයට තමයි වැඩ...!(නු)

:       0       0

ලංකාසිරි Sunday, 16 December 2012 12:36 AM

නිර්මල බුදු දහම ආරක්ෂා කළ යුත්තේ බෞද්ධ කුල දරුවන් විසිනි. එමනිසා මා හට මෙම හාමුදුරුවන් ගැන ඇත්තේ ආඩම්බරයකි. (නි)

:       0       0

කොස්වත්ත Saturday, 15 December 2012 12:12 AM

ගෞරවණීය ස්වාමින්වහන්සේ යුරෝපය අතුළු සියළුම විදේශ රටවල ඉන්න ලාංකිකයන්ට විවෘත ආරාධනයක් කරන්න මේ උතුම් වැඩපිළිවෙලට සහභාගීවීමට.!(නු)

:       0       0

ප්‍රියා Saturday, 15 December 2012 01:38 PM

හාමුදුරුවන්ට තියෙන සල්ලි ඉපදිලා ඉන්න දුප්පත් දරුවන්ට දෙන්න. සුබාසිතයේ කවිය මතක් කරගන්න. බෝ කරන එක නොවෙයි හපන්කම. හොඳ පුරවැසින් කරන එක. (නි)

:       0       0

චන්ද්‍රිකා Saturday, 15 December 2012 12:17 AM

කවුරු කවුරුත් විහිළුවට ගන් එපා වෙන්න ඕන හාමුදුරුවන්ගේ අදහසට එකගවෙන එකයි.. පන්සලෙන් කාලා හරි ජාතිය ගැන හිතන එක නැත්නම් මොන ගැටළුවලට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නැහැ.!(නු)

:       0       0

මුතුකුඩ Saturday, 15 December 2012 01:42 PM

ඔබවහන්සේලාම මැදිහත්වෙලා මෙය ක්‍රියාත්මක කළොත් නරකද? (නි)

:       0       0

ස්ලින්ග් Saturday, 15 December 2012 01:43 PM

මෙහෙ බඩු මිළ ඉහළ යනකොට, තරුණයින්ට රැකියා නැතිකොට කොහොම ළමයි හදන්නද? (නි)

:       0       0

දිල්කි Sunday, 16 December 2012 01:11 AM

අපිනේ ඇත්ත දන්නේ. (නි)

:       0       0

ගැයුම් Sunday, 16 December 2012 01:15 AM

ඔහොම කිවුවට අපිනේ ඇත්ත දන්නේ. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 14 December 2012 04:39 PM

සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑමට හේතුව, ප්‍රමාද වී විවාහ වීම යැයි මා සිතන්නෙමි. (නි)

:       0       0

අමිල Saturday, 15 December 2012 12:25 AM

මට දැනට ළමයි හතරක් ඉන්නවා. තව එක් කෙනෙක් හදාගන්න ඕනෑ. (නි)

:       0       0

නටරාජ් Sunday, 16 December 2012 01:16 AM

සිංහල ජාතිය වෙනුවෙන් අපි (දී)

:       0       0

දුමිඳු Wednesday, 19 December 2012 09:53 AM

ජාතිය විකුනන්න එපා (දී)

:       0       0

අශෝක Friday, 14 December 2012 04:42 PM

බෞද්ධාගමට ජාතිවාදයක් තියෙනවද හාමුදුරුවනේ? සිංහල හෝ ප්‍රංශ හෝ දමිල හෝ මුස්ලිම් හෝ වේවා යථාර්තය අවබෝධ කරදීම නේද බුදුදහම​ කියන්නේ? සිංහල ජාතිය ව්‍යාප්ත කිරීමට ළමයින් වැඩියෙන් හැදීම් වෙනම​ දෙයක්. (නි)

:       0       0

රුද්‍රා Saturday, 15 December 2012 12:56 AM

හොදම දෙය තමයි මේ සදහා අරමුදලක් පිහිටුවන එක. (නි)

:       0       0

මාලා Saturday, 15 December 2012 01:57 PM

දිනකට ගබ්සා 1000ක් පමණ ලංකාවේ සිදුවනවා. ඒ ඇයි කියලා හිතලා බලන්න. පුලුවන් නම් ඒවා නවත්වන්න බලන්න. (නි)

:       0       0

ජනක Saturday, 15 December 2012 01:01 AM

හැමෝම එකට එක කරන්න ගියොත් මේක නිකන් චීනයක් වගේ තියෙයි. අනෙක තෑගි ගන්න ළමයි හදන්නේ කවුද? (නි)

:       0       0

සංජීව Friday, 14 December 2012 04:47 PM

හරිනම් මේ දේවල් වලට ඔබවහන්සේ නෙමෙයි මැදිහත් වෙන්න ඕනෑ. දුප්පත් මිනිසුන්ට ලැබෙන්න ඕනෑ සල්ලි ලොක්කෝ ‍කොච්චර නම් ගසාකනවද? (නි)

:       0       0

නුරාධ Saturday, 15 December 2012 01:03 AM

පිං මද පුතුන් සියයක් ලදුවත් නිසරූ ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ ඉතාම හොද වැඩපිළිවෙලක් හාමුදුරුවනේ..!(නු)

:       0       0

චුල Saturday, 15 December 2012 02:04 PM

හැදුව වගේ නෙවෙයි උන්ට කන්න දෙන්නේ කොහොමද (දී)

:       0       0

ජගත් වීරසිංහ Saturday, 15 December 2012 01:04 AM

අපේ හාමුදුරුවනේ මමත් මම වැඩකරන රටේ යාලුවනුත් ඔබේ ක්‍රියාවට සහයෝගය දැක්වීමට කැමතියි.. ඒ සදහා අරමුදලක් වැනි දෙයක් ආරම්භ කිරීමට කටයුතු කරනවානම් අපේ සහයෝගය දීමට බලාපොරොත්තු වෙමු..!(නු)

:       0       0

malaka Saturday, 15 December 2012 02:00 PM

හාමුදුරුවනේ කන්න බොන්න දෙන්න පුළුවන් තත්වයක් අපිට නැහැ (දී)

:       0       0

එශාන් Sunday, 16 December 2012 02:06 AM

ළමයි සල්ලි වලට විකිනිමක්ද (දී)

:       0       0

ලක්ෂ්මන් Friday, 14 December 2012 04:53 PM

ලුම්බිණි ශයා දන්නේ නැතිවුනාට මේ අපේ හාමුදුරුවො ලංකාවට විශාල සේවයක් කරන හාමුදුරු නමක්.. ඔබවහන්සේට නිරෝගී සුවය ශක්තිය ලැබේවා..!(නු)

:       0       0

කල්පගේ Saturday, 15 December 2012 02:01 PM

සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි (දී)

:       0       0

චන්ද්‍රා Friday, 14 December 2012 04:50 PM

ලුම්බිණිගේ අදහස් හරිම අමුතුයි. (නි)

:       0       0

හිල්මි Wednesday, 19 December 2012 09:55 AM

මේ සිංහල කමයි ‍, බෞද්ධ කමයි පටලවා ගැනීමක් (ස)

:       0       0

රනී Saturday, 15 December 2012 02:07 PM

මිනිසුනේ, ඔබ ඡන්දය පාවිච්චි කරද්දී රට ගැන සිතුවා නම් හාමුදුරුවන්ට අද මෙහෙම කරන්න දෙයක් ඉතුරු නොවනු ඇත. (නි)

:       0       0

අමිල Friday, 14 December 2012 04:52 PM

අනිත් රටවල විහාරවලට වෙලා ගිහි පවුල්වල නෑයන්ගේ පවුල් නඩත්තු කරන සමහර හාමුදුරුවරුන්ටත් මේ උතුම් අදහස පහළ වේවා..!! (නි)

:       0       0

රීටා Saturday, 15 December 2012 02:04 PM

පිස්සු කතා කරන්න එපා (දී)

:       0       0

කිර්ති Friday, 14 December 2012 04:59 PM

ඒත් දැන් ජිවන බරත් එක්ක පුලුවන්ද (දී)

:       0       0

සිනහා Saturday, 15 December 2012 02:05 PM

හැමදාම දෙන්නේ නැහැනේ සල්ලි ඒත් ළමයි හැමදාම ඉන්නවනේ (දී)

:       0       0

කීර්ති Friday, 14 December 2012 04:54 PM

ඇත්තටම මේ ගැන ගොඩක් සතුටු වෙනවා.. අපි බෞද්ධාගම සිංහල ජාතිය රැක ගත යුතුයි..!(නු)

:       0       0

අසේල Friday, 14 December 2012 04:59 PM

රට ජාතිය ගැන කැක්කුම තියෙන හැමෝටම (දී)

:       0       0

තාරක Friday, 14 December 2012 05:00 PM

මේ යන විදිහට ගියොත් සිංහල ජාතිය නැති වෙනවා. සිකුරුයි. (දී)

:       0       0

හේමසාර Friday, 14 December 2012 05:00 PM

හොද වැඩක් (දී)

:       0       0

රසික Sunday, 16 December 2012 04:59 AM

ඔබ වහන්සේට ගොඩාක් පින්! (නි)

:       0       0

නිලා Saturday, 15 December 2012 02:13 PM

පුංචි පවුල රත්තරන් (දී)

:       0       0

මහේෂ් Friday, 14 December 2012 05:02 PM

අපි දෙන්නම් සහයෝගය. වැරදියට හිතන්න එපා. සිංහල ජාතිය වෙනුවෙන් (දී)

:       0       0

නිමල් Saturday, 15 December 2012 02:10 PM

තව තව එන එන ඕනෑම ආණ්ඩුවකට සල්ලි දෙමු. අපි තව තව ලෝකෙටම ණය වෙමු. (නි)

:       0       0

නිශ Friday, 14 December 2012 05:03 PM

සිංහල ජාතිය සුරැකීමටගත් හොද වැඩක් (දී)

:       0       0

චානක Friday, 14 December 2012 05:03 PM

කොච්චර දෙනවද දන්නේ නැහැ (දී)

:       0       0

දිනේෂ් - කටාර් Saturday, 15 December 2012 03:51 AM

ජනක, මම ඔයාගේ අදහසට එකඟ වෙනවා. ළමයෙක් ලෝකෙට ඉපදුන දවසේ ඉදල මැරෙනකන් එයාගේ මුලික අවශ්‍යතා ටික සම්පුර්ණ කරගන්න පුළුවන් වට පිටාවක් තියෙන්න ඕන. දැනට ලෝකේ තියන සම්පත් ඉතාම ඉක්මනින් ක්ෂය වෙලා යන කාලෙක අපි ඉන්නේ. දරුවෝ 5 - 6 හැදුවට එයාලගේ මුලික අවශ්‍යතා ඉටු කරගන්න, කරලා දෙන්න අපිට බැරිනම් අපි එයාලට කරන්නේ ලොකු අසාධාරණයක්. මොකොද ජනගහනය වැඩි වෙනකොට ලංකාවත් තව ලොකු වෙලා සම්පත් වැඩි වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කරන්න තියන හොදම දෙය තමා ජනගහනය පාලනය කිරීම. (නු)

:       0       0

නන්දන Saturday, 15 December 2012 02:12 PM

නිලා "පුංචි පවුල රත්තරන්" කියුවේ සුද්දා ඕකට අහු වෙන්න එපා (දී)

:       0       0

සරත් Friday, 14 December 2012 04:59 PM

ඉතාමහොදයි (දී)

:       0       0

ජගත් Saturday, 15 December 2012 03:52 AM

මෙතන තවත් පැත්තක් තියෙනව. වෛද්‍යවරුන් අනවශ්‍ය සිසේරින් සැත්කම් කර ලැබෙන ලමි ගණන අඩු කරන්න හදනවා .අපේ රටේ වඳ සැත්කම් කරන්නේ සිංහල මවුන් පමණි.එය කරන වෛද්‍ය වරුන් බොහෝවිට සිංහල අය නොවේ.අපේ අම්මලට දරුවන් හදන්න උන්නදු කරනවත් සමගම මේ දේ ගැනත් විමසිලිමත් විය යුතුය.කොළඹ අපේ ප්‍රතිශතය සියයට 24 දක්වා අඩු වී ඇත .මෙය භයානක ප්‍රවණතාවයකි .(නු)

:       0       0

සිංහ Saturday, 15 December 2012 02:14 PM

සිංහල ජාතිය තමයි මහා ජාතිය. එක නැති කර ගන්න එපා (දී)

:       0       0

නීලා Saturday, 15 December 2012 02:20 PM

බෞද්ධ භික්ෂුවකට ජාතියක් තිබිය හැකිද? (නි)

:       0       0

නිමල් Sunday, 16 December 2012 06:49 AM

සංඛ්‍යාවට අඩුවීමට වඩා ගැටලුව ඉන්න අයගෙ ගුණාත්මක බව අඩුවීම. නැද්ද ඒකට විසදුමක්? (නි)

:       0       0

සනා Saturday, 15 December 2012 04:28 AM

පාසලකට දාන්න ගියහම තමයි කරපු මෝඩකම කියලා හිතෙන්නේ. (නි)

:       0       0

මලා Saturday, 15 December 2012 02:16 PM

මිනිසුනේ දැන්වත් සිංහල ජාතියට වෙලා තියෙන දේ තේරුම් ගන්න (දී)

:       0       0

නිමල් Sunday, 16 December 2012 06:53 AM

සල්ලිවලට නැමෙන ජාතියක් නොවෙයි අපි (දී)

:       0       0

සනත් Friday, 14 December 2012 05:01 PM

ජාතිය සුරක්ලිමට එක්වෙමු (දී)

:       0       0

රුවන් Saturday, 15 December 2012 04:38 AM

මම හිතන්නේ මේක වෙන්න ‍ඕනෑ මෙහෙම නෙමෙයි. ළමයි තුනකට වැඩිය ඉන්න පවුල් වලින් බද්දක් අද කළා නම් හරි. (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:24 PM

අන්න නියම වැඩේ. අපිත් උදවු කරනවා. (නි)

:       0       0

චුලරත්න Saturday, 15 December 2012 02:20 PM

සල්ලිවලට දරුවන් හැදීම (දී)

:       0       0

චතුල Saturday, 15 December 2012 05:00 AM

අපි කාන්තා කුළගන සමිතියක් හදලා මේ ගැන කාන්තාවන් දැනුවත් කරමු. හැමෝම එකතු වෙමු. (නි)

:       0       0

සිරි Saturday, 15 December 2012 02:21 PM

දරුවෝ හැදුවොත් සල්ලි තමයි (දී)

:       0       0

දේශප්‍රිය Friday, 14 December 2012 05:02 PM

ගොඩාක් සත‍‍ටුයි.ජාතියේම සහයෝගය හිමිවිය යුත‍යි. (දී)

:       0       0

ටානියා Friday, 14 December 2012 05:08 PM

මම හිතන්නේ මේ නැහැ සල්ලි පස්සෙම යන්න ඕනෙම කියලා (දී)

:       0       0

අසේල Friday, 14 December 2012 05:03 PM

තෑගි ගන්න නෙවෙයි අපේ යුතුකමක් තියෙනවා අපේ ජාතිය රැකගන්න (දී)

:       0       0

රංජිත් Saturday, 15 December 2012 05:58 AM

ප්‍රංශයේ සිටින රටට ජාතියට ආදරය කරන සියලුම සිංහලයන් ඔබ වහන්සේගේ මෙම තීරණය ඉතාමත් කැමැත්තෙන් උදවු කරාවි. කවදත් රටට ජාතියට වටිනා සේවයක් කරන ඔබවහන්සේට මේක කරන්න පුලුවන්. අපේ සහයෝගය ඔබ වහන්සේට. (නි)

:       0       0

නදුනි Friday, 14 December 2012 05:05 PM

ඒ වැඩේ හොදයි (දී)

:       0       0

ලලිත් Saturday, 15 December 2012 06:01 AM

ළමයි හැදුවට පස්සේ "අරමුදල ඉවරයි" කියලා කිවුවොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

කමල් Friday, 14 December 2012 05:08 PM

(මාගේ මෙම ඉදිරිපත් කිරීම විහිළුවකට නොගන්නා ලෙස ඉල්ලමි.) තෑගි ටිකක් ප්‍රසිද්ධ කළොත් හොඳ නැද්ද? එතකොට තීරණයකට එන්න පුළුවන්. (නි)

:       0       0

හේමන්ත Saturday, 15 December 2012 06:17 AM

අශෝක, අතීතයෙ හාමුදුරුවරුන් රට ජාතිය ගැන නොසිතුවා නම් අද ඔහේත් ඉපදෙන්න තිබුණේ ඉතියෝපියාවේ. (නි)

:       0       0

අනුර Friday, 14 December 2012 05:15 PM

ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත (දී)

:       0       0

පුබුදු Saturday, 15 December 2012 07:05 AM

බෞද්ධාග‍මේ නොවෙන කට්ටියට හොදටම රිදිලා. (නි)

:       0       0

උදයංග Friday, 14 December 2012 05:13 PM

මාසෙකට රුපියල් 60000ක විතර පඩියක් ලැබෙනවා නම් පහක් හදන්න පුලුවන්. (නි)

:       0       0

උපුල් Saturday, 15 December 2012 07:20 AM

ඇත්තටම මේක ඉතාමත් කාලෝචිත වැඩක්‌, ලුම්බිණි මට පුළුවන් ඔයාට ඕනෑ නම් උදවු කරන්න. (නි)

:       0       0

දිනේෂ් Saturday, 15 December 2012 02:58 PM

රට ජාතිය ගැන කැක්කුම නැතිව මොනවා කලත් වැඩක් නැහැ (දී)

:       0       0

වෙනුර Saturday, 15 December 2012 07:22 AM

මේ යෝජනාවට විරුද්ධව අදහස් දාලා තියෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ ඇස් වල තියෙන පොල් පරාලේ පෙනෙන්නේ නැහැ. අනුන්ගේ ඇස් වල තියෙන පොල් කෙන්ද ගැන හොයනවා. (නි)

:       0       0

පාලිත Saturday, 15 December 2012 07:26 AM

ගරු හාමුදුරුවනේ, මෙම සද්කාර්යය සදහා ශ්‍රී ලාංකීය නියෝජිතයින් පත්කරන්නේ නම් ඒ සදහා ස්වේච්ඡාවෙන් වඩ කිරීමට කැමති පිළිගත හැකි පුද්ගලයින් පත්කරන්න. (නි)

:       0       0

හේරත් Saturday, 15 December 2012 07:30 AM

ඉතාම වැදගත් කාලෝචිත අදහසක්. (නි)

:       0       0

අජිත් Friday, 14 December 2012 05:21 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

සමන් Saturday, 15 December 2012 07:37 AM

නියමයි ! දැන් සියල්ල අතහැර මේ සම්බන්ධ නිෂ්පාදනයන්ට දායකවීම හෝ ජපන් ක්‍රමයට හැඩගැසීම යෝග්‍යවේ යැයි සිතේ. (නි)

:       0       0

රෂ්මි Friday, 14 December 2012 05:33 PM

ලජ්ජා නැද්ද.. සල්ලි දීල ළමයි හදාගන්න (දී)

:       0       0

ආනන්ද Saturday, 15 December 2012 07:36 AM

ඔබවහන්සේගේ අදහස ඉතාමත් උතුම්. (නි)

:       0       0

රොහාන් Friday, 14 December 2012 05:33 PM

සිංහලයිනි අවදි වෙන්න (දී)

:       0       0

පියල් Saturday, 15 December 2012 07:38 AM

ලංකාවේ මිනිස්සුන්ට මොනවා කිවුවත් වැරදියි. (නි)

:       0       0

අනුර Saturday, 15 December 2012 03:10 PM

සල්ලි දෙනවා කියුවොත් ඕන දෙයක්

:       0       0

සුරංග Friday, 14 December 2012 05:36 PM

අපි මිනිස්සුන්ට දැන්වත් ඇස් ඇරේවා (දී)

:       0       0

සුගත් Saturday, 15 December 2012 07:51 AM

සිංහල ජාතිය වෙනුවෙන් කැප වෙමු (දී)

:       0       0

සෑම්. Friday, 14 December 2012 05:37 PM

සිංහල ජාතියට ජයවේවා (දී)

:       0       0

මංජුල Saturday, 15 December 2012 08:04 AM

කතාව ඇත්ත

:       0       0

ලියනගේ Friday, 14 December 2012 05:46 PM

හාමුදුරුවෝ නම් කියයි. ඒත් ඉතිං අපි එපායැ බර අදින්න. (නි)

:       0       0

කේ Thursday, 20 December 2012 01:52 AM

වැදගත් වන්නේ තත්ත්වය මිස ප්‍රමාණය නොවේ. (නි)

:       0       0

හේවා Friday, 14 December 2012 05:48 PM

මෙය සියලු සත්ත්වයින් වෙනුවෙන් පතුරවනු ලැබූ නිර්මල බුදු දහමට කොපමණ දුරට එකගද? (නි)

:       0       0

චන්දිමාල් Friday, 14 December 2012 05:49 PM

ගොඩක් හොද වැඩක්. (නි)

:       0       0

කුමාර Saturday, 15 December 2012 08:42 AM

තමන්ගෙ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ජාතියේ නායකයො පෙනී සිටීම අගය කළයුතුයි. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 15 December 2012 03:37 PM

සිංහල ජාතිය මුදලට පාවාදීමක් (දී)

:       0       0

දුමින්ද Saturday, 15 December 2012 03:37 PM

දරුවන්ට මිලක් නියම කිරීමක්ද (දී)

:       0       0

මුහිත් Saturday, 15 December 2012 03:38 PM

ජාතිය බේරා ගැනීමේ සටන (දී)

:       0       0

ජනක Friday, 14 December 2012 05:58 PM

මගේ අදහස නම් මුස්ලිම් අයට දරුවන් හදන සීමාවක් පැනවිය යුතු බවයි. (නි)

:       0       0

දේශප්‍රිය Saturday, 15 December 2012 08:43 AM

‍මේකේ ඉන්න ගොඩාක් පිරිමින්ට දරුවො හදන්න සල්ලි නෑලු. ඒත් සිගරට් බොන්න අරක්කු බොන්න සල්ලි දෙවියො වෙන්න ඇති දෙනවා ඇත්තේ. (නි)

:       0       0

පාලිත Friday, 14 December 2012 06:06 PM

සන්තෝසයි

:       0       0

අසන්ක Friday, 14 December 2012 06:00 PM

මේකට විරුද්ධව අදහස් දාලා තියෙන අය සිංහල නෙමෙයි. ඒක නිසා ඒවා ගණන් ගන්න එපා. අපි අපේ ජාතිය බේරා ගමු. (නි)

:       0       0

කමල් Saturday, 15 December 2012 08:55 AM

තවත් මෝඩයෝ වැඩි වේවි !!!!!!! (ස)

:       0       0

උෂාන් Saturday, 15 December 2012 03:45 PM

ඉතාම හොද වැඩපිළිවෙළක්. (නි)

:       0       0

විජය Friday, 14 December 2012 06:11 PM

ඒ හිමියන් කරනවදේ අපි අගය කරන්න ඕනේ (දී)

:       0       0

කුමාර Friday, 21 December 2012 03:33 AM

සිංහල ජාතිය මේ වෙනකොට රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වෙලාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ශානිකා Friday, 14 December 2012 06:11 PM

හාමුදුරුවන්ගේ යෝජනාව ඉතා අගය කර සළකනවා. (නි)

:       0       0

ශ්‍යාමා Friday, 14 December 2012 06:12 PM

වෙන ආගමක වුණත් පොරොන්දු වුණා නම් දෙන්න වෙයි. (නි)

:       0       0

චානක Friday, 14 December 2012 06:08 PM

කන්න දෙන්නේ පන්සලෙන්ද? ඔහොම කතා කියන්න එපා. (නි)

:       0       0

තිලක් Friday, 14 December 2012 06:16 PM

ජිවිත කාලයම රැක බලා ගන්න උදව් කරනවාද (දී)

:       0       0

ජෝන් Friday, 14 December 2012 06:16 PM

දමිළ, මුස්ලිම් ජනයාට ජය වේවා! (නි)

:       0       0

නිශාන්ත Saturday, 15 December 2012 09:14 AM

හොද අදහසක්. (නි)

:       0       0

රෙබ්ල් Saturday, 15 December 2012 04:01 PM

සිංහල ජනගහනය අඩු වීමට ජිවන බර (දී)

:       0       0

වාසනා Monday, 17 December 2012 10:46 AM

ඔබ වහන්සේ කරන්න යන මේ ක්‍රියාව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා (ස)

:       0       0

දිනෙක් Saturday, 15 December 2012 03:58 PM

සිංහල ජනගහනය අඩුයි ඇත්ත (දී)

:       0       0

අචිනි Sunday, 16 December 2012 06:13 PM

කන්න දෙන්නේ කොහොමද (දී)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 06:33 PM

ළමයි දෙන්නෙකුට කන්න දෙන්නත් අපි විදින දුක දන්නේ අපි විතරයි. (නි)

:       0       0

රිස්මි Saturday, 15 December 2012 09:26 AM

ඇයි ඔබවහන්සේ මෙහෙම තීරණයක් ගත්තේ? (නි)

:       0       0

තිළිණ සමිද්ධි Saturday, 15 December 2012 04:09 PM

ඔබ වහන්සේට ගොඩාක් පින් !!! (දී)

:       0       0

රීසා Saturday, 15 December 2012 09:27 AM

සල්ලි දුන්නට මදි. අපිනේ විදවන්න ඕනෑ. (නි)

:       0       0

නීල් Wednesday, 19 December 2012 12:25 PM

ආර්ථික වරදානයක් තිබ්බොත් හොදයි නේද (දී)

:       0       0

වීරසේකරගේ Friday, 14 December 2012 06:42 PM

ඔය කතාවම ගිය බජට් එකේදී ඇහුණා වගේ මට මතකයි. (නි)

:       0       0

විසුද්ධි Saturday, 15 December 2012 09:23 AM

මමත් මේ අදහස වෙනුවෙන් උපරිම සාධාරනය ඉටුකරනවා. (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 06:42 PM

ජනක, ජාතිවාදී වෙන්න එපා. (නි)

:       0       0

රොෂාන් Saturday, 15 December 2012 09:25 AM

ඉතා උතුම් අදහසක්. ඔබවහන්සේට බුදු බව අත්වේවා! (නි)

:       0       0

සම්පත් Friday, 14 December 2012 06:39 PM

කමල්, ඔයාට හිතෙන විදියට හිතෙන්නේ උප්පත්තියේ දෝෂ ඇති අයට. (නි)

:       0       0

නවරත්න Saturday, 15 December 2012 09:28 AM

තුන්වෙනි දරැවාට ලක්ෂයක් දෙන නිසා හමුදාවේ අය දැන් වැඩේ ඉහළින්ම කරනවා වගේ. දැන් ඉතින් අනෙත් අයත් පටන් ගනිමු. හැබැයි බිහිවන්නේ සිංහල අයද යන්නත් ප්‍රශ්නයක්. හේතුව ඔවුන් කිසිකෙනෙක් ළගවත් සිංහල ගතිය නම් නැහැ. තිබෙන්නේ පරංගි නැත්නම් සුද්දන්ගෙ ආකල්ප,ගතිපැවතුම්, ආචාර විධි, අන්‍යාගමික අදහස්, පරහැති මානසිකත්වය. ඒකට මොනවද කරන්නේ? මටත් සල්ලි දෙනවා නම් 10ක් වුණත් හැදිය හැකියි. ඒත් වැඩක් තියෙයිද? (නි)

:       0       0

ඛාන් Friday, 14 December 2012 06:50 PM

ජනක, ඔයගොල්ලන්ට කොන්ද පණ නැති වුණාට අපි මක්කරන්නද? (නි)

:       0       0

ශාමලී Friday, 14 December 2012 06:52 PM

අපේ ජාතියේ අනාගතය ලස්සන කරන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Saturday, 15 December 2012 09:58 AM

සිංහල ජාතිය වෙනුවෙන් කැප වෙන්න ඔනෙ අපි (දී)

:       0       0

ශානිති Friday, 14 December 2012 06:46 PM

ළමයින්ගේ අධ්‍යාපනයට යන මුදලක් මාසෙකට (දී)

:       0       0

සමන් Saturday, 15 December 2012 10:01 AM

මම හිතන්නේ ප්‍රයෝගික නැහැ

:       0       0

රොෂාන් Saturday, 15 December 2012 05:00 PM

වැඩේ නම් හොදයි.... අපේ ජාතිය වෙනුවෙන් අපි (දී)

:       0       0

ශාෆික් Saturday, 15 December 2012 10:10 AM

දිනේෂ්, ඔබ හරි. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 15 December 2012 10:14 AM

රට ගැන ආදරයක් තියෙන්නේ රටින් පිට ඉන්න අයටයි. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 16 December 2012 10:34 AM

තෑගි දෙන්න නෙවෙයි හාමුදුරුවනේ. ආණ්ඩුවත් එක්ක කතා කරලා ජිවන බර අඩු කරලා දෙන්න (දී)

:       0       0

සංක Saturday, 15 December 2012 10:19 AM

ජිවිත කාලෙම සල්ලි දෙනවාද (දී)

:       0       0

විනොත් Sunday, 16 December 2012 10:51 AM

සිංහල ජාතියට ජය වේවා (දී)

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 14 December 2012 07:14 PM

රුහුණේ උපන් ඔබ වහන්සේට මෙවැනි උතුම් අදහසක් පහළ වීම සතුටුයි. රට ඡාතිය ආගම ගැන වැඩි ආදරයක් තියෙන්නේ රුහුණු පුතුන්ටයි. (නි)

:       0       0

මෝරාළ Saturday, 15 December 2012 10:44 AM

ඊටපස්සේ අපිට මුහුද ගොඩකරලා හරි ගෙවල් හදාගන්නත් බැරියෑ. (නි)

:       0       0

රංග Thursday, 20 December 2012 06:39 PM

පුංචි පවුල රතතරන් වුණ එකතමයි මේ ඔක්කොටම මුල. (නි)

:       0       0

ජගත් Friday, 14 December 2012 07:24 PM

ළමයි හදලා විතරක් මදි, පිළිවෙළකට හදන්නත් ඕනෑ. (නි)

:       0       0

ගාමිණී Sunday, 16 December 2012 11:00 AM

දරුවන් දෙන්නෙකුට වඩා හිතන්න එපා (දී)

:       0       0

බන්දුල Sunday, 16 December 2012 11:07 AM

දුප්පත් කම තුරන් කරමු. එතකොට මේ කිසි ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

ටානියා Sunday, 16 December 2012 11:03 AM

මිනිස්සු සල්ලි දෙනවනම් ඕනදෙයක් කරනවා (දී)

:       0       0

අසේල Friday, 14 December 2012 07:26 PM

රටට ජාතියට ආගමට ආදරයක් නැති විජාතික ගැත්තන්ට නම් මේක විහිළුවක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ගිණුමක් විවෘත කළොත් අංකය ප්‍රසිද්ධ කරන්න. අපට හැකි අයුරින් ආධාර කරන්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 15 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 88 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 302 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 589 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 440 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3675 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site