IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුලා පච්ච කෙටුවොත් ඔබාමා යුවලත් ඒ පාරේ

ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සිය දියණියන් දෙදෙනා වන මලියා (14) සහ සාසා (11) ට අවවාදයක් දුන්නේය.

මේ දින වල විලාසිතා රැල්ලක් මෙන් තරුණ පෙළ අතර හමා යන ‘‘පච්චා කොටා‘‘ගැනීමේ කලාව ගැනයි.

දියණියන් දෙදෙනා  කිසියම් දිනක ඔවුන්ගේ  පච්චා කොටාගත හොත්  තමා  තම බිරිද වන මිචෙල්  සමඟ එම ස්ථානයටම ගොස්  දියණියන් එම පච්චා කොටා ගත් ස්ථානයේම එම පච්චයම කොටා ගන්නා බව පවසා තිබේ.

එතැනින්ද නොනැවතී ඔබාමා අතුළු පවුලේ හතර දෙනාම යු ටියුබ් වීඩීයෝවට පැමිණ  එසේ කොටා ගත් පච්චය පවුලේ පච්චයක් ලෙස  ලොවට පෙන්වන බවත්  සිනාසෙමින් තම දියණියන්ට කී බව  ජනාධිපති ඔබාමා ඇමෙරිකා රූපවාහිනියට කීය.

දියණියන් දෙදෙනාගේ මානසික සමබරතාවය රැක ගැනීම  තම බිරිද මිචෙල්  හොදින් ඉටු කරනා බවත් ජනාධිපති ඔබාමා  එහිදී පැවැසීය.



අදහස් (0)

දුලා පච්ච කෙටුවොත් ඔබාමා යුවලත් ඒ පාරේ

අනිල් රෝහන Thursday, 25 April 2013 09:55 PM

ඇත්තනෙන්නම් දුලා කරපුදේ කරපු තවත් ඇමරිකා ජනාදිපති කෙනෙක් හිටියා. දුව පෙම්වතෙක් හොයාගත්තම තාත්ත පෙම්වතියයක් හොයාගත්තේ පෙම්වතිය (මොනිකා) තාත්ත කවුද දන්නවනේ ?(නදී)

:       0       0

ගාමිණී Thursday, 25 April 2013 10:17 PM

මම පච්චයෙක් නම් ඔබාමාගේ පපුවේ කොටන්නේ " ලෝකයේ සම්පත් සූරා කමින් මින්ස් ඝාතන කරන ඔබාමා " යනුවෙන්.(නදී)

:       0       0

ප්‍රදීපා Thursday, 25 April 2013 10:26 PM

මගේ මහත්තයත් අපි යාළුවෙලා ඉන්න කාලේ පච්චයක් කොටාගන්න හරියට දැඟලුවා. මම කිව්වා ඔයා කෙටුවොත් මමත් එකක් කොටාගන්නවයි කියලා. ඒක ටිකෙන් ටික මග ඇරිලා ගියා. පහසුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා. (නදී)

:       0       0

හේරත් Thursday, 25 April 2013 10:29 PM

දරුවන් බලන්නේ අම්මගේ අම්ම. අම්මත් දරුවන් ගේ වගකීම දරනවා. තාත්තාත් වගකීම දරනවා නම් දරුවෝ නොමග යන්නේ නෑ.(නදී)

:       0       0

රුක්මල් Sunday, 28 April 2013 06:20 PM

ඒක ඒගොල්ලන්ගේ දෙයක්නේ. ඒ ඇමෙරිකාවේ සංස්කෘතියනේ. එයාලට හොඳ නම් අපිට මොකද.... (නි)

:       0       0

අනුරාධ. Friday, 26 April 2013 12:01 AM

දරුවන් මෙලොවට බිහිකලා සේම යහපත් ලෙස සමාජයට දායාද කිරීම දෙමවුපියන්ගේ විසාල වගකීමක්,ලොකු පින්කමක්. 95% කට වඩා දරුවන් නොමග යන්නේ දෙමවුපියන්ගේ වරදින්. ඔවුන් ආදර්ශවත් ලෙස ජීවත් වනවානම් දරුවන් දෙමවුපියන් අනුගමනය කරන බැවින් ගුණ ගරුක අයලෙස සමාජයට එක්වේවි. අනවශ්‍ය දේ කිරීමෙන් දරුවන් පීඩාවට පත්කලයුතු නෑ. (නදී)

:       0       0

සීල Thursday, 25 April 2013 04:03 PM

අන්න නියම 'ආඩම්බර තාත්තා' කෙනෙක්. (නි)

:       0       0

ශීලා Thursday, 25 April 2013 04:06 PM

අපේ දෙමවුපියෝ මෙහෙම කියල යාප්පුවෙන් නවතයිද? අපේ අම්මි නම් තෝ මරනවා ගෙදර ආවොත් කියයි. සංස්කෘතීන් දෙකක වෙනස හරි අපුරුයි. (නි)

:       0       0

ලසන්ත Thursday, 25 April 2013 04:07 PM

අපේ තාත්තත් ඔහොම කිවුවා මට මතකයි.... හැබැයි මම රට ආවට පස්සේ පච්චයක් ගහ ගත්තා. ඒක කාලෙකට එන උණක්.දැන් නම් උන බැහැලා ගිහිල්ලා.මනෝ විද්‍යාවේ නම් කියන්නේ මේ විලාසිතා කරන්නේ කැපී පෙනෙන්න කියලා. (නි)

:       0       0

චූලා Thursday, 25 April 2013 04:08 PM

අපේ රටේ නම් දරුවෝ බලන්නේ සුදු ඇදලා පිරිත් නුල් අගලක් විතර ගනකමට බැදලා ඊලග ඡන්දෙට ලෑස්ති වෙන්නනේ... (නි)

:       0       0

මහේෂ්වරන් Thursday, 25 April 2013 04:10 PM

ලංකාවෙත් දැන් පච්ච විලාසිතාව හරි ජනප්‍රියයි. මම දැක්කා මත්තලෙත් විදි දිගේ තියනවා මේවා කරන තැන්.ප්‍රමිතිය එහෙම කොහොමද දන්නේ නැහැ.හැමෝම කාලය යොදවන්නේ බනින්න.අන්තිමට මේවා කොහොම හරි බෝ වෙලා.ප්‍රමිතිය අමතක වෙලා. (නි)

:       0       0

රාණි Thursday, 25 April 2013 04:12 PM

පච්ච කලාව අපට හුරු නැති වුණාට එය අප්‍රිකාවේ,නවසිලන්තේ,ෆිජි, සැමෝව සහ ආදී ඇමරිකානු වැසියන්ගේ නිල තල,ගෝත්‍රය,ප්‍රදේශය පෙන්වන සංස්කෘතික අංගයක්.අද විලාසිතාවක්. (නි)

:       0       0

මුරුගන් Thursday, 25 April 2013 04:13 PM

හැමෝම බනිනවා බටහිර සංස්කෘතියට.නමුත් බටහිර සංස්කෘතියත් මේවා කොහෙන් හෝ ගත්තු දේවල්.අප්‍රිකාවෙන්,පැසිෆික් රටවලින්. ජනප්‍රිය වෙන්න දෙයක් නැති නිසා අපෙන් මොනවත් අරන් නැද්ද කොහෙද. (නි)

:       0       0

ශීලා Thursday, 25 April 2013 04:15 PM

අපේ දෙමවුපියෝ නම් කියයි උඹ ගෙදර එන්න නෙමෙයි ඕක ගහගෙන කියලා.මේ මිනිස්සු ඒකම වෙනත් විදියකින් කියනවා (නි)

:       0       0

මාරසිංහ Thursday, 25 April 2013 04:24 PM

"ටීනේජ්" කියන වයසේදී "අයිඩෙන්ටිටි ක්‍රයිසිස්" කියලා මානසික තත්වයක් හට ගන්නවා.මේක ලෙඩක් නෙමෙයි.අවුරුදු 13 සිට 19 දක්වා තරුණ අය පෙලබෙනවා තමන්ට අවේනික හැදින්වීමක් සමාජෙට දෙන්න.විලාසිතාවට වැඩි තැනක් දෙන්නේ මේ වයසේදී. (නි)

:       0       0

නන්දන Thursday, 25 April 2013 04:25 PM

බටහිර දෙමවුපියෝ දරුවෝ හදන්නේ මනෝ විද්‍යාවට අනුව. ඒකයි මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

ශාන්ත Thursday, 25 April 2013 04:34 PM

අම්මා හා තාත්තා තදින් නොසිටියහොත් දරුවන් හරි මග යවන්නට බැහැ.ඒක මොන රටේ වුණත් ,තාරාතිරමක් නොමැතිව කාටත් පොදු සනාතන ධර්මයක්.නොමේරූ කුඩා දරුවන්ට තේරෙන්න කියලා දෙන්න ඕනෑ.උගත් මවක් හා පියෙකු හැටියට ජනපති ඔබමා හා මිචෙල් ඔබාමා බටහිර ජීවත් වුණත් හොඳ නරක තම දරුවන්ට කියාදී ඇති හැටි නම් හරිම අගෙයි.පිටරටක වෙසෙන අපට අපේ සමහර තරුන දු පුතුන් කොටා ඇති පච්ච දකිනකොට ඇතිවන්නෙ ශෝචනීය හැගීමක්. (නි)

:       0       0

කමල් Thursday, 25 April 2013 04:55 PM

අපේ රටේ නම් තියෙන්නෙ කැසිනෝ සැල් (නි)

:       0       0

සෙනරත් Friday, 26 April 2013 06:23 AM

ලංකාවේ පැරණි ප්‍රසිද්ධ පච්චා තමා රතු ඉන්දියන් මුහුණ,කිරිච්චියේ ඇමුණුනු නයා. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 25 April 2013 05:57 PM

පච්ච කියනකොට මට මතකෙට ආවේ, අපේ පච්ච සිරා අයියවයි කොච්චි අයියවයි. (නි)

:       0       0

යොහාන් Thursday, 25 April 2013 07:42 PM

ඔබ තුමා දියණියන්ට පච්ච කොටන්න එපා කීවට මුලු ලෝකෙටම පච්ච කොටන්නනේ අර අදින්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 153 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 561 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 255 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 692 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2002 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2278 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site