ලෝක ආහාර අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස දෙල් යොදා ගත හැකියැයි හවායි හි ජාතික නිවර්තන කලාපීය උද්භිද උද්‍යානයේ ආචාර්ය ඩයන් රගෝනේ මහත්මිය පවසයි. ඇය මේ බව පවසන්නේ 1980 සිට රටවල් 34 ක වැවෙන දෙල් වර්ග පිළිබඳ අධ්‍යයනයකින් අනතුරුවය.
මේ අධ්‍යයනය සඳහා ම ආචාර්ය රගෝනේ 2003 වසරේදී මෝයි දිවයිනේ දී පර්යේෂණාගාරයක් ද විවෘත කිරීමට කටයුතු කළා ය.
චිකාගෝ නුවර නෝර්ත්වෙස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නයිරේ සිගේරා සමග රෙගෝනා මහත්මිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. මෙම පරීක්ෂණයට දෙල් ගසේ මුල් පද්ධතියේ පටක යොදා ගනිමින් කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද ඇතුලත්ය. ආචාර්ය රගෝනා මහත්මිය පවසන්නේ ලොව මුලින්ම මිනිස් ආහාරය සඳහා එක්කැරගෙන ඇති දෙල් වර්ගය නිව්ගිනියාවේ වැඩෙන බ්‍රෙඩ්නටස් නමැති දෙල් වර්ගය බවයි.
මේ පර්යේෂණයෙන් පසු ශාන්තිකර දූපත්වල වෙසෙන වැසියන් හා විද්‍යාඥයින් දෙල් ශාක වැවීම කෙරෙහි වඩාත් නැඹුරුව සිටියි. පැසිපික් කලාපයේ රටවල සහල්, තිරිඟු හා ඉරිඟු වගා කරන හෙක්ටයාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙල් වගා කිරීමට ගොවියන් තීරණය කැර ඇත.
බරින් කිලෝග්‍රෑම් තුනක පමණ දෙල් ගෙඩියකින් මිනිසුන් පස් දෙනකුට දිනකට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලබාගැනීමට අවකාශ ඇත. දෙල් යනු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සහ විටමින් වර්ග රැසකින් යුත් ආහාරයකි. මෙහි ඇති ප්‍රෝටීන් වලින් නිපද වන ඇමයිනෝ අම්ල සෝයා බෝංචි මගින් ලැබෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණයට වඩා අධික බව පර්යේෂකයන්ගේ මතයයි.
පොලිනීසියාවේ අපූරු සම්ප්‍රදායක් පවතී. ඒ සෑම ළමයකුගේ ම උපත සිහිවීම පිනිස උපන් විගස දෙල් පැලයක් සිටුවන බවයි. ආචාර්ය නයිරේ සිගේරා පවසන්නේ මේ සම්ප්‍රදාය සමස්ථ ලෝක වාසීන් විසින් ආදර්ශයට ගත යුතු දෙයක් බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙල් කනකොට ශක්තිය අඩුවෙන කතාව බොරු වෙන්න ඕන. මොකද ඒ කාලේ අපි ජිම් එකට යන දවස්වල අපේ අම්ම අපිට කන්න දුන්නේ දෙල්, කොස්, අල, බතල, කඩල. ශක්තියේ කිසි අඩුවක් අපිට දැනුනේ නැහැ. දැන් එවුන්ට විටමින් නැතුව මොනවත් කරගන්න බෑ. සල්ලි දීල ලෙඩ ගන්නවා අපි දැන්. (නදී)
දෙල් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය අඩු වෙන බවට ලංකාවේ සමහර අය අතර මතයක් තිබෙනවා. දෙල් ගස ලංකාවට සුදු මිනිසුන් විසින් හදුන්වා දෙන ලද්දේ එම නිසා යයි කියති. එය බොරු මතයක් බව දැන් පෙනෙනවා. (නදී)
දෙල් උයන විට නිවිති කොළ සහ පොල්කිරි දැමීමෙන් සැර මැකේ. (නදී)
මොන බොරුද ඉස්සර දෙල් කාලා හෙම ගෙදරකම ළමයි 5-6 ක් හිටියා. දැන් දෙල් නොකා 1 ළමයයි බොරුද මම කියන්නේ (නදී)
දෙල් කියන්නේ ඇදුම වගේ අසනීප වලට හොද ප්‍රතිකාරයක්. මෙවැනි ලිපි පල කරන ලංකාදීපයට අපේ ප්‍රණාමය. (නදී)
අපේ අම්ම දෙල් කිරට හදල දෙනවා. පුදුම රසයි. (නදී)
දුප්පත් මිනිසුන්ට බොහෝවිට පිහිට වෙන කෑමක් මේක (නි)
හෙරලි, බතල, දෙල්, නුපුරුදු හින්දා රට හාලේ බත කාලා. කන්ට අදින්ටා පිටරටින් එනතරු මුහුදට දත නියවන්නා. (නදී)
මම දැක්කා දෙල් ආවේ ඕලන්දයෙන් කියලා.මමත් ඉන්නේ ඕලන්දයේ.ඒත් මම කවදාවත් දැකලා නැහැ මෙහෙ දෙල් තියා දෙල් ගහක්වත් තියනවා .සමහරවිට මිනිස්සු දන්නෙවත් නැතුව ඇති. (දී)
දෙල් අටුකොස් හරිම රසයි. (නදී)
රේණුකා, පෘතුගීසීන් කියල කියන්නේ ඕලන්දේ ඉන්න අයට නෙවෙයි. කොහොම උනත් පෘතුගාලයේත් දෙල් නැහැ. දෙල් හැදෙන්නේ කර්කටක හා මකර නිවර්තනය අතර තියෙන රටවල්වල. (නදී)
කොහොමත් පරණ දේවල් ඉස්සරහට ඕන වේවි. (නදී)
අපේ රටට දෙල් හඳුන්වල දුන්නේ ඕලන්ද ජාතිකයෝ නේද? දන්නේ නැති නිසා අහන්නේ. එහෙමනම් ඒ මිනිස්සුත් දෙල් වල තියන ගුනේ දැනගෙන හිටිය වෙන්න පුළුවනි. (දී)
කොස් දෙල් කෑවහම යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා (දී)
මම ගමේ කොල්ලෙක් (දී)
අපි නම් ගමේ කන්නේ හැමදාම දෙල් කොස් සහ ගමේ සෑදෙන එළවලු .මස් මාළු කෑම බොහෝ දුර්ලබය . දෙල් සහ කොස් කියන්නේ ජාතික සම්පතක් අපිට නම් (දී)
සමහරු දෙල් කන්නේ නෑ උෂ්නයි කියල. හවසට තැඹිලි බොන්නේ නෑ සීතලයි කියල. එත් හවසට තැබෑරුමෙන් බොන ඒවාට කිසිම දෝෂයක් කියන්නේ නෑ. (ස)
දෙල් තමයි හොඳම ආහාරය මගේ නම් (නි)
කොම්පුයුටර් වර්ගයක් තියනවා දෙල් කීයලා. ඒකත් හොඳයිද ? (නදී)
කොස් වගේම දෙලුත් අපිට පිහිට වෙනවා. (නි)
මගේ ආසම කෑමක් තමයි දෙල්. පින්තුරය දැක්කම ගෙඩියක් කඩා ගන්න පුලුවන්නම් කියල හිතුනා. (නදී)
දෙලුයි පොලුයි ලුනුමිරිසයි - රජ බොජුනක්. මේකට ගහන්න කිසිම කෑමක් නෑ (නදී)
බලන්න. කොච්චර අපරාධයක්ද කියලා? අපේ ගස් යට කොච්චර නම් දෙල් වැටිලා කුණුවෙලා යනවද? (නි)
දෙලුයි, පොලුයි මාලුයි කාල ඉන්න දුපත් වාසී මිනිසුන් පිරිසක් තමයි ලෝකයේ ලස්සනම හා නිරෝගී ජනතාවක් වෙලා ඉන්නේ. අපේ මිනිස්සු දෙල් ගිනියම් කියා මාසයකට සැරයක් හෝ දෙල් කන්න බයයි. සුද්ද කාල පෙන්නුවා නම් පැන පැන කයි. (නදී)
හොඳට පැසුණු දෙල් තම්බල කන්න පුළුවන්. ලුනු මිරිසක් පොල් ටිකක් හෝ පොල් සම්බෝලයක් උනත් හොඳයි දෙල් කන්න. බත් එක්ක කනකොට කිරිහොද්ද සමග අනල කාලා බලන්න රස. තරමක් පැසුණු දෙල් මැල්ලුම හදන්න අබ ගම්මිරිස් සුදුළුණු සමග පොල් අඹරලා. දෙල් කපල වේලලා තෙලේ බැදලා සීනි මෙරාදු කරලා හෝ පැණි කලවම් කරලා හරිම රස අතුරුපසක්. දෙල් හීනියට ලියාගෙන උණුදිය දා පෙරා හොඳින් අව්වේ වෙලාගෙන දෙල් අටුකොස් හදාගත්තාම අවාරෙට දෙල් අටුකොස් මැල්ලුම හෝ උයලා කන්න පුළුවන්. මේවා අපේ පාරම්පරික ගමේ කෑම. ඕලන්ද කාරයෝ ලංකාවට ගෙනාපු මුල්ම දෙල්ගස ගාලු කොටුවේ තියන වග දැනගත්තේ ලංකාදිපයෙන්ම තමා. (නදී)
ප්‍රනීත ආහාරයක් දෙල්. (නදී)
හේමන්ත ඔබට ගොඩක් ස්තුතියි. මේ වගේ කෑම ගැන දැනුවත් කිරීම ගැන. (නදී)
අපි පොඩි කාලේදිම දෙලුයි,පොලුයි,බලමාලුයි,රතු බතුයි කාල තියෙනවා. ඒ වුණාට සමහර පැතිවල අය අදත් මෙිව කන්න බයයි. (නදී)
අපිත් කොස්, දෙල්, අල, බතල කන මිනිස්සු තමා (නදී)
චී...චී ටීරාල ඒක දෙල් නෙමේ ඩෙල්. (ස)
මම දැනගත් විදිහට ඕලන්ද කාරයො ලංකාවට ගෙනාවෙ සිංහලයන්ට කන්න දීල ශක්තිය නැති කරන්නලු. මෙයින් පුරුශ ශක්තිය හීන වෙනව කියල කියනව. නමුත් සිංහල මිනිසුන් පොල් දාල කාල එම විසසහිත බව නැතිකලා. පොල් නිසා දෙල් විස නැසුව. (ස)
අපි දෙල් කාල තියනව දැනුත් කනවා. දකුණු පලාතේ අපේ ගමේ කෙනෙක් හිටිය එයාගෙ නම මුලට දෙල් වචනෙ දාල කථා කරන්නෙ එයාගෙ ගෙදර දෙපැත්මෙ දෙල් ගස් වැවිල දෙලුයි පොලුයි තමයි බොහෝ විට ප්‍රධාන ආහාරය කිසි ලෙඩක් දුකක් තිබුනෙ නැහැ. හැබැයි මිනිසුන් අතර පැතිරුණු විශ්වාස යක් තියනව පෘතුගීසි කාරයො ලංකාවට දෙල් හඳුන්වල දුන්නෙ දෙල් කෑවහම මිනිස්සුන්ගෙ ශරීර ශක්තිය පිරිහෙනව කියලා. අරලිය ගස හදුන්නලා දුන්නෙත් ඒ ගොල්ලොලු පස නිසරු වෙන්න. (නදී)
ඒ කාලේ අපේ ගමේ මිනිසුන් ජීවත් උනේ කොස්, දෙල්, අල බතල කාලා තමයි. දැන් නම් ඉතුරුවෙලා තියෙන්නේ ගස් කීපයයි. ඒකත් මිනිස්සු විකුණලා ගෙදරට සොසේජස් ගේනවා.(නදී)
අපේ අම්මලා දෙල් උයනකොට අනිවාර්යෙන්ම අඟුණ කොළ මැල්ලුමක් හදනවා. දෙල් වල සැර මැකෙන්න. (නි)
දෙල් ගෙඩිය කීයක් කියලද ඔයාල හිතන්නේ දැන්? (ස)