දෙවැනි අදියරේ ජය ගුවන් හමුදාවේ ජීවන්ට
සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ සමත්විය.
දෙවැනි අදියර නිම වීමත් සමග සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත්ව සිටියි. දිලීප අදියර දෙක අවසානයේදී පැය 5 යි. විනාඩි 54. 19 ක කාලයක් වාර්තා කර තිබේ. තරගකරුවෝ 75 දෙනෙක් සහභාගි වු දෙවැනි අදියරේදී දිලීපට හිමි වුයේ 35 වැනි ස්ථානයයි.
යුද හමුදාවේම සමීර චතුරංග පැය 5 යි. විනාඩි 54. 24 ක කාලයක් වාර්තා කරමින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොලිසියේ සුදීර නිලංග පැය 5 යි. විනාඩි 54. 28 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගකරුවන් පොකුරක් අතුරින් තියුණු සටනකින් පසුව ජීවන් ජයසිංහ දෙවැනි අදියර ජය ගත්තේ පැය 3. විනාඩි 1 යි. 53 ක කාලයක් ලබමිනි. ගුවන් හමුදාවේම නවීන් රුචිර සහ නාවික හමුදාවේ ජානක හේමන්ත කුමාර එම කාලයම වාර්තා කරමින් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ජයග‍්‍රාහී ජීවන් ජයසිංහ ට පළමු අදියරේදී 22 වැනි ස්ථානය හිමි වු අතර සමස්ත තරගයේ ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
තිස්සමහාරාම නගරයෙන් අද (10) ආරම්භ වන පාපැදි සවාරියේ අවසන් අදියර (කිලෝමීටර් 111) මාතරින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩා ඉතිහාසයේ පළමු වරට ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරනු ලබයි.
දෙවැනි අදියරේ ජයග‍්‍රාහකයෝ ජීවන් ජයසිංහ (දකුණේ), නවීන් රුචිර (වමේ) සහ ජානක හේමන්ත කුමාර
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිලීප සමස්ත තරගයේ පෙරමුණ ගනියි