පියා පැදවු ත්‍රිරෝද රිය තම කාර්යේ හැපු බව කියමින් දියණියක පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ තමාට සිදු වු අලාභයට වඩා පියා බීමත්ව සිටියේ ද සොයා බලා එසේ සිටියේ නම් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.
පියා පැදවු ත්‍රිරෝද රිය තම කාර්යේ හැපු බව කියමින් දියණියක පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ තමාට සිදු වු අලාභයට වඩා පියා බීමත්ව සිටියේ ද සොයා බලා එසේ සිටියේ නම් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි දරුවනි නුබලට දුක නැති කම... (ර)
මේක බෞද්ධ යැයි කියාගත් රටක්නේ. (නි)
මම දන්න කාන්තාවක් ඉන්වා නඩු 8 ක් කියනවා සැමියට, සැමියගේ නෑයින්ට සහ අසල්වාසින්ට එරෙහිව. ජීවිතේම උසාවියේ. නමුත් අදටත් පොඩ්ඩ බැරිවෙනකොට කියන්නේ මම නඩුවක් දානවා කියලයි. (නි)
නිල්මිනි, ඔබ නිවැරදියි. (නි)
වත්මන් සමහර කාන්තාවන් පොඩ්ඩ බැරිවෙනකොට ගිහින් සැමියට එරෙහිව නඩත්තු නඩු දානවා. දරුවොත් රැගෙන උසාවි යනවා සල්ලි ගන්න සැමියාගෙන්. ඕවා බල බලා වැඩෙන දරුවනුත් හිතන්නේ හැම එකටම පොලිසි හරි උසාවි හරි ගියාම හරි කියලා. ඒ අයට තමයි අම්මා තාත්තා අමතක වෙන්නේ. උසාවියකට ගිහින් බැලුවොත් මේ කියන යථාර්ථය හොදින් වැටහේවි. (නි)
වැරදි නොකරන අය මේ ලොව නැත. බිමත්කම කියන්නේ දුවෙකුට තම තාත්තාව පොලිසියට අල්ලා දියයුතු තරමේ වරදක්ද? අනෙක බිලා හිටියද කියලා හරියට දන්නෙත් නැතිලු. (නි)
හැම එකටම පොලිසි උසාවි දුවන අම්මලා ළඟ හැදෙන දරුවනුත් හැදෙන්නේ ඒ විදියටම තමයි. තාත්තාවත් පොලිසියට රැගෙන යනවා. මේක මහා වසංගතයක් වෙලා තියෙන්නේ. තමන්ගෙ කාර් එකේ තාත්තා හැපුනා කියලා තාත්තව පොලිසියට බාරදෙන දුවලා නම් අපේ රටේ ඉන්නේ මේ රට කොහාටද යන්නේ? (නි)
අද ඉන්නේ තමන්ට ඕනෑ ඕනෑ විදියට නාස්ති කරන්න සල්ලි දෙන්නේ නැත්නම් උසාවි ගිහින් හරි තාත්තලාගෙන් සල්ලි ගන්න දරුවන්. තමන්ගෙ තාත්තා බොනවා නම් එය දුවෙක් විදියට විසඳනවා විනා පොලිසියට අල්ලා දෙන්න මොනතරම් දරුණු හිතක් තියෙන්න ඕනෑද? (නි)
තාත්තා කෙනෙක් තම දරුවන්ව ලොකුමහත් කරන්න කොච්චර දුක් විඳිනවද, අනේ පවු තාත්තා! (නි)
අද කාලේ ඉන්න තාත්තලා, අම්මලා, දුවලා ඇත්තටම ඒ නම් වලින් හදුන්වන්න සුදුසුද කියලා තීරණය කරන්න මේ තියෙන විස්තර ටිකෙන් බැහැ. ඒ නිසා කවුද හරි කියලා නිගමනයක් දෙන්න මේ ගැන ගැඹුරින් සොයාබැලිය යුතුයි. (නි)
තාත්තාට අම්මාට විරුද්ධව පොලිසි/උසාවි යනවා කියන්නේ, අනේ මන්දා දරුවොද කියලා. බීමත්කම වැරදි තමයි. නමුත් එය පොලිසියෙන් හදන්න බැහැ කියන එක කාර් එකක් තියෙන දුවට තේරෙන්නේ නැද්ද? (නි)
බනින්නෙපා පොඩි දෝණිට, ගහන්නෙපා... කාර් එකක් මම අරගෙන දුන්නේ සෙල්ලම් ගමන් බිමන් යන්නයි.... (නි)
ජයපාල, එතකොට එම කොම්පැණි වලට බඳවා ගන්නේ වලට රටේ ප්‍රභූ පැලැන්තිය කියාගන්නා පවුල්වල දරුවන් විතරමද? ත්‍රීරෝද පදවලා රටේ ඉහළම තැනට දරුවෝ යවපු පියවරු ඇත්තෙම නැද්ද? (නි)
මේ තාත්තා පාරේ යන අහිංසක මනුස්සයෙක්ව හප්පලා මැරුවා නම් මොකද වෙන්නේ? මේ දුව වන්දි ඉල්ලලා නැහැනේ (නි)
ඇත්තටම හොද වැඩක්. ත්‍රිරෝද කරුවන්ගේ අවිනීත හැසිරීම් නිසා ඔවුන්ගේ දරුවන් ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා. උදාහරණයක් විදිහට මම දන්නා පුද්ගලික ආයතන බොහොමයකම ත්‍රිරෝද කරුවන්ගේ දරුවන් කිසිම ආකාරයක රැකියාවක් සදහා බදවා ගන්නේ නෑ. ඊට හේතුව ඔවුන්ගේ පියවරුන් සමාජයේ හැසිරෙන අකාරයටම එම දරුවන්ද ආයතනය තුල හැසිරීමට පෙලඹෙනු ඇති බවට පවතින සාධාරණ සැකයි.(බ)
අනේ දරුවන්ටම බනින්නේ කොහොමද? මම දන්නා කෙනෙක් ඉන්නවා දරුවන්ට ඉගන ගන්න දුන්නෙත් නැහැ. ඒ ළමයි අමාරුවෙන් ඉගන ගෙන තැනකට ආවම ඒ ළමයිට ලජ්ජා කරන්න බීල ගේ ඉස්සරහ හිගා කනවා. දෙමව්පියෝ ආදර්ශමත් නම් ළමයි නරක වෙන් නැහැ. (බ)
ඔන්න දරුවෝ....! ආදර්ශයට ගන්න ඕනෑ. තව වයසට ගියහම කොහොම සළකාවිද? (නි)
සමහර ළමයි බොහොම මහන්සියෙන් දියුණු වුනාම මෙහම තාත්තලා ඉන්නවා. (ර)
රොමේෂ්, ඔබ හරි. (නි)
ශශිකා කියන එකත් ඇත්ත. අද කාලේ දරුවෝ විතරක් නොවෙයි සමහර දෙමව්පියොත් විශ්වාස කරන්න බැහැ (නි)
මම කල්පනා කළේ මේ අදහස් දාන්නෙ සියළු කෙළෙස් දුරුකරලා රහත් වුණ අයනෙ. සැබෑ ලෝකෙ මේ වගේ අය අපට මුණනොගැසෙන්නෙ ඇයි? (නි)
තාත්තාට වඩා මේ කාලේ කාර් එක වටිනවා දරුවන්ට (නි)
මේ දුවට බනින්න ඉස්සර පොඩ්ඩක් හොයලා බලන්න තාත්ත අංක එකේ බේබද්දෙක්ද කියලා. සමහරවිට දුව හම්බකරලා දීපුවත් විනාශකරන කෙනෙක්ද දන්නේ නැහැනේ. (නි)
කොච්චර කිව්වත් කවදාවත් හැදෙන්නේ නැති, හදන්නත් බැරි මිනිස්සු ඉන්න රටේ වැරැද්දකට සමාව දීමේ සම්ප්‍රදාය සමාජයෙන් පමණක් නොවේ, පවුලින්ද තුරන්වී තිබීම එක අතකට පුදුමයට කාරණයකුත් නෙමේ. (ර)
මැය ඉතාම යහපත් දියණියක්. පියා බී මත්ව කටයුතු කිරීම දරුවන්ටත් බිරින්දෑවරුන්ටත් ඉමහත් කරදරයක්; එයින් ඔවුන් ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් වෙනවා. (ර)
මෙහෙම දුවලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
අම්මපා රටකට ගිය කල! (නි)
පියා බීමත්ව සිටියා නම් එතන ගැටළුවක් තියෙනවා තමයි. එ්ත් පියා ත්‍රිරෝද රියක් පදවද්දී දුව කාර් එකක් ගන්න සුදුස්සෙක් කරන්න එම පියා මොනතරම් මහන්සිවුණාද දන්නේ නැහැ. (නි)
අත පය නොකඩා උස්මහත් කර වාහනයකුත් අරන් දුන් අහිංසක පියාට වුණ දේ? (නි)
දුව චූටි කාලයේ අම්මා තාත්තා කොපමණ දේවල් ගෙනත් දෙන්න ඇද්ද? (නි)
බීමත්කම ප්‍රශ්නයක් තමයි. නමුත් ඒ තාත්තා බීමත්කමට ඇබ්බැහි වුණේ මේ දුව ඉපදෙන්නත් කලින් වෙන්නත් ඇති. බීමත්කම නිසා ගෙදර ප්‍රශ්න තියෙන්නත් ඇති. කොහොම නමුත් දුව කාර් එකක් පදවන්නත් තාත්තා ත්‍රීරෝද රියක් පදවන්නත් හේතුව තාත්තා දුවට නිසි අධ්‍යාපනයක් දීමත් වෙන්න ඇති. පොලිසියට පැමිණිලි කරන්න හිත හදාගත්ත එක පුදුමයි (නි)
අහිංසක ජීවිත කීයක් අකාලයේ මරු තුරුලට මේ බිමත් රියදුරන් යවා තියෙනවද? ඔවුන් එක් කෙනෙකුටවත් මරණ දඬුවම ලබා දීලා තියෙනවද. නැහැනේ. පියා බිමත්ව රිය පැදවීම නුසුදුසු බව දැන දැනම කළ වැරදි ක්‍රියාවට ඔහුව නීතිය හමුවට පැමිණවීමට කටයුතු කිරීම මම ඉතා අගයකොට සළකමි. (නි)