බිඟුන් මේනක ගමගේ
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරියට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකර ඇතැයි ද ඔහු කීය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර තිබූ නමුත් එය පිහිටුවීම පමා වූයේ එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටු වන ස්ථානය පිළිබඳ ප්‍රශ්න මතු වූ නිසාය.
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවැනි විශේෂ මහාධිකරණයත් එයි
sena Sunday, 17 February 2019 08:46 AM
මොකටද සල්ලි නාස්ති කරන්නේ මේවාගෙන් කෙරෙන වැඩේ මොකක්ද?
sirimal Sunday, 17 February 2019 10:51 AM
"විශේෂ මහාධිකරණ" කියලා කීවට ඇති විශේෂත්වයක් පෙනෙන්නේ නැහැනේ. මේවගේ දැන් නඩු දෙකක්ම ඇහෙනවා නේද? ඒවා ඇහෙනවාට වැඩිය ඇහෙන එක කල් යන හැටි තමයි පෙනෙන්න තියෙන්නේ. හොරු අල්ලන්නවා කියලා බලයට ඇවිත් දැන් අවුරුදු හතරක් පොල්ගගා ඉඳල දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා ඇන කොටා ගන්න පටන් ගත්තා හැරෙන්න පොරොන්දු වුන දෙයක් කරන්න පුළුවන් කමක් තියෙන බවක් නම් පෙන්නුම් කලේ නැහැ. තව මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ?
Hafeel Sunday, 17 February 2019 11:59 AM
මේක මේ ආණ්ඩුවේ තවත් සංදර්ශනයක්. මේ ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුදු හතරටත් වැඩියි. මේ පනත සම්මත කරලා දැන් අවුරුද්දකටත් වැඩියි. පළමු විශේෂ මහාධිකරණය පිහිටවූයේ පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා. එ්කත් දැනට මාස 6ක් ගතවෙනවා. එක් නඩු තීන්දුවක් හෝ එකකට හෝ දඬුවම් දීලත් නැහැ. හැබැයි මේ පනත සම්මත කරනකොට නම්, මේ ආණ්ඩුවේ ඇමතිලා මහා ලොකුවට කිව්වා මාසයක් තුළ නඩු අහලා දඬුවමුත් දෙනවයි කියලා. ඒ නිසා මේ දෙවැනි මහාධිකරණයත් විහිළුවක්...
Gunapala Sunday, 17 February 2019 02:15 PM
ඇයි ත්‍රී වීල් යන හැටි පේන්න නැද්ද? ඔබ ත්‍රී වීල් කාරයෙක් නේද?
upali Sunday, 17 February 2019 04:16 PM
දැන කොහොමද නඩු දාන්නේ? මගුල් ගෙදර ගිහිල්ලා කේක් කීවට පස්සේ...
wije Sunday, 17 February 2019 04:24 PM
මේවා ආවා කියලා වැඩක් නැහැ.. මේවායෙන් කාටවත්ම දඬුවම් කරන්නේ නැහැ.. එන්න එන්නම රටේ අපරාධ වැඩිවෙනවා.. පොඩි මිනිහට එක නීතියකුයි, ලොකු කෙනාට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන රටකට මොන අධිකරණද?
abaran Sunday, 17 February 2019 09:05 PM
මම හිතන්නේ හොරෙන් අඹ කඩන අය හිරේට අරින්ට වෙන්නැති .
Bandara Sunday, 17 February 2019 10:09 PM
මේවා මහ බොරු වැඩ. අධිකරණ ගොඩක් ඇතේ,ඒත් එක හොරෙක්වත් ඇතුලේ නැත.
bo Sunday, 17 February 2019 11:57 PM
කවද්ද රනිල්, මහේන්ද්‍රන් ඇලෝසියස් එම්පිලා මේ උසාවියට යන්නේ?