IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දේවප්‍රිය මාධ්‍යයට අප්‍රිය වෙයි

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට බව කියමින් බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා විසින් අද (24) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට  පැය එක හමාරක් ප‍්‍රමාද වී පැමිණීම නිසා මාධ්‍යවේදීන්ගේ විරෝධය එල්ල විය.

මෙම මාධ්‍ය හමුව ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ දී පෙරවරු 10 ට පැවැත්වෙන බව මාධ්‍ය ආයතනවලට දැනුම් දී තිබිණි.

මහ ඇමැති දේවප්‍රිය මහතා පැය එකහමාරක් ප්‍රමාද වී පෙරවරු 11.30ට එහි පිවිසියේ සම්බන්ධාකාරක චමුදිත සමරවික්‍රම මහතාද සමඟය.

‘මට තවත් ජාතික උත්සවයක් තිබුණා. ඒකට ගිය නිසයි පරක්කු වුණේ. උඹලා මට ඔහොම කරන එක හොඳ ද?  මාධ්‍ය හමුව තියමු. ප‍්‍රමාදය ගැන සමාව ඉල්ලනවා’ කියමින් මහ ඇමැති එහි පැමිණ මාධ්‍ය හමුව ආරම්භ කළේය.

එවිට මාධ්‍යවේදීන් ඇසුවේ ‘‘උත්සවයකට යන්න තිබුණා නම් එය අවසන් වන වේලාව ගැන සිතා මාධ්‍ය හමුව පවත්වන වේලාව තීරණය කරන්න තිබුණා නේද?’’ යනුවෙනි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ යාම සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට පිළිතුරු දෙමින් මහ ඇමැති පැවැත්වූ මාධ්‍ය හමුව විනාඩි 10කට පමණ සීමා විය.



අදහස් (0)

දේවප්‍රිය මාධ්‍යයට අප්‍රිය වෙයි

සුසන්ත Monday, 24 October 2016 06:08 PM

ජනතාවටත් වැඩි ප්‍රියක් තිබුන කෙනෙක් නොවෙයි නේද? බොහොම සුළු ඡන්ද ගණනකින් පළාත් සබාවට ගිය කෙනෙක්නේ! (නි)

:       0       0

ජනහිත Tuesday, 25 October 2016 02:55 AM

මොකුත් කියන්න එපා අනේ. ඒ අය කාර්යබහුල නිසා මොනවටද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කියල හිතාගන්න අමාරුනේ. ඉතින් මාධ්‍යවේදීන් ඔය ඇත්තන්ට සමාව දෙන්න අකමැතිද? ඒ ගොල්ලෝ දැන් ඉන්නේ කරකවලා අතහැරියා වගෙයි. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 25 October 2016 03:31 AM

රුපවාහිනියේ පෙන්වන බොහෝ මාධ්‍ය වේදීන් සමහර දේශපාලනඥයන්ගෙන් අසන ප්‍රශ්න දෙස විමසිල්ලෙන් බැලුවහම මට හොඳට තේරෙන දෙයක් තමයි පරණ කාපු බීපු ඒවාට හිලව් වෙන විදියට හිත රිදෙන්නේ නැති විදියට බොහොම ශේප් එකෙන් ප්‍රශ්න අහන බවක්. කිසිම එඩිතර, හෝ මධ්‍යස්ත බවක් දකින්ට නැහැ. ඒ වගේම එවැනි ප්‍රශ්න අහල මිනිස්සුන්ව ගොනාට අන්දන්ට පුළුවන් කියල එම පිරිස හිතනවානම් එක ලොකුම මෝඩ කමක්. මම මෙහෙම කියන්නේ සමහර මාධ්‍යවේදීන් පිරිසකටයි. (බ)

:       0       0

රාමන් Tuesday, 25 October 2016 04:44 AM

ඡන්ද 20000ක්වත් නැහැ එහෙත් මගේ වැඩ කොහොමද? (බ)

:       0       0

රත්නායක Monday, 24 October 2016 11:41 AM

හැමදාම එකම දේවල් තමයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

දහම් Monday, 24 October 2016 12:37 PM

මේ ඔක්කොම දැන් වැඩකි කරන්නේ හොඳ සිහියෙන් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සජී Tuesday, 25 October 2016 07:11 AM

විනාඩි 10ක සාකච්ඡාවකට පැය එකහමාරක් බලාඉඳලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 57 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 163 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 723 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 422 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1477 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 330 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site