‘අධ්‍යාපන ඇමැතිතුමාට හෝ නිලධාරීන්ට ඕනෑ විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බෑ.යලට මහට වගේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. කන්නන්ගර මහතා පටන්ගත් නිදහස් අධ්‍යාපනය නිදහසේ පවත්වාගෙන යා යුතුයි.‘
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක විදුහලේදී අද (08) එසේ පැවසීය.
‘අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාටවත් හිතෙන හිතෙන විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බැහැ.අකුණු ගහන තැන්වල ඉන්න මං බය නෑ.මොකද මගේ අතින් හෙණ වදින දේ සිදු වී නැති නිසා.පසුගිය දවසක මම කැබිලිත්තට ගියා.කතරගම දෙවියන් භාවනායෝගීව සිටින්නේ කැබිලිත්තේ.බොහෝ දෙනකු කතරගම යන්නේ දෙවියන්ට තියෙන ආදරය නිසාම නෙවේ.භක්තිය නිසාත් නෙවෙයි.තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නයි.සමහරුන් දෙවියන් යොදා ගන්නේ පෙරකදෝරුවන් ගණනටයි.එහෙම හොඳ නෑ ‘යනුවෙන්ද ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනා පොල් පැලේට කිට්ටු කරනවා ! (නදී)
ඔබතුමා නම් නියමයි! ජය වේවා! (නි)
අපිට පෙනේනේ ඇමතිවරු කිහිප දෙනෙක් හැරෙන්න සෙස්සන්ගෙන් අපිට පලක් නැතිබවයි. (නි)
කොස් ගසේ පොල් පලගන්නේ නැතුවා වගේම කොස් ඇට පැල කලාම හැදෙන පලත් කොස්ම තමයි. ඒ නිසා වැඩිය මේ ගැන හිතන්න එපා.(අ)
අනේ පවු! එතුමාට මොකුත් කියන්න එපා (නි)
ඇමති තුමෝ ඔය ගමන්ම බොරැල්ලේ කනත්තට ගිහින් අර වෙන්කරගත් කෑල්ලේ වැඩ ඉවර කරොත් හොඳයි වගේ නේද? (නදී)
සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර බලන විභාග ශාලා රාජකාරි කරන ගුරුවරුන්ගේ ළමයි එම විභාගයටම පෙනී සිටිනවා නම් ඒ ගැන අමාත්‍යංශය දැනුවත් කරනවා. සමහරු එම රාජකාරි වලින් තාවකාලිකව ඉවත් වෙනවා. සාමාන්‍ය ජනතාවට එවැනි තත්ත්ව තිබෙද්දී අධ්‍යාපන ඇමති වරයාගේ ළමයෙක් උසස් විභාගයකට ලියනවා නම් ඒ විභාගයේ විනිවිද භාවය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. තාවකාලිකව හරි එම රාජකාරිය වෙනත් කෙනෙකුට භාර දීම සුස්දුසුයි. නැතිනම් තමන්ගේ කිසිම වැරද්දක් නැතත් කුණු නාමයක් වෙන්න ඉඩ කඩ තිබෙනවා. (නදී)
ඔය තියෙන්නේ ගණිතය ලේසි කරන්නයි ෆේල් වෙන අයට තව පහසුකම් දෙන්නයි හේතුව. 60 දශකයේත් සරසවි ප්‍රවේශයේදී එක්තරා බලවතෙකුගේ පුතෙකුට සරසවියට යන්න පුළුවන් වෙන්න ලකුණු මට්ටම පහල දැම්මලු. ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් මගේ ඥාතියෙක් මට කිව්වේ. (නදී)
දෙයියන්ගේ නමෙන් මේ ආණ්ඩුවෙන් අයින් වෙලා යන්න මර්වින් ඇමතිතුමා. ඔබ තුමාට කොමිස් එන්නේ නැති කිසිම දෙයක් කැලණියේ කරන්න බැරි බව අපි දන්නවා. එ්ක නිසා මහින්ද මහත්තයාගේ නම තවත් කැත කරන්නේ නැතුව යන්න යන්න. (නදී)
කට්ටිය කියන්නේ මර්වින් හොඳ උනාට පුතා හොඳ නැහැ කියලනේ. ඒ උනාට මහනුවරත් කාර් පැද්ද අයට එහෙම කියන්නේ නැත්තේ ඇයි ? (නදී)
වෙනස් වෙච්ච එකේ අලුත් කසාදෙකුත් බැන්දොත් මොකෝ (නදී)
කතරගම දෙවියෝ කැලණියට වඩිවිද දන්නේ නැහැ. මොකද සිල්වා ඇමතිගේ ආරක්ෂාව ලබා ගැනීමට (නදී)
කව්රු මොනවා කිව්වත්, එතුමත් ඉඳ හිටලා නොගැලපෙන දේවල් කලත්, අද කාලේ ඉන්න දේශපාලකයන් අතරින් මර්වින් මැතිතුමා අව්‍යාජ හොඳ හදවතක් තියෙන කෙනෙක්. (නදී)
බන්දුල ගුනවර්දන ඇමතිතුමා ගණිත විෂයය සරල කරන්න ප්‍රතිපත්ති හදනකොට චම්පික රණවක ඇමැතිතුමයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයයි කියනවා ලංකාවේ ළමයින්ගේ ගණිත දැනුම ජාත්‍යන්තර මට්ටමට ගේන්න නම් සරල කරන එක නෙවෙයි ගණිතය උගන්වන ක්‍රමය වෙනස් කරන එකයි විසඳුම කියා . මේ අව්රුද්දෙ සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වෙන ළමයි නම් කියන්නේ අධයාපන ඇමතිතුමාගේ දුවට ගණිතය සමත් වෙන්න පුළුවන් වෙන විදියට සරල කරන්නලු විභාග දෙපාර්තුමේන්තුවට උපදෙස් දීල තියන්නේ.(නදී)
අප්පා දැන් කතරගම දෙවියොත් අඩවිය මාරු කරයි. (නදී)
ඹබතුමා දැන් නම් අප රටෙි ජනාධිපතිකමට වුවද සුදුසුය (නදී)
ඔයා හුගාක් වෙනාස් වෙලා. (නදී)
ජයවේවා මෙන්න පොදු අපේක්ෂකයා (නදී)
ගින්නක් නැතුව දුමක් එන්නේ නැහැ. දුමක් නම් එනවා ගින්නක් නම් තවම පේන්නේ නෑ. ඇතුලේ ගින්නක් වගේ නම් තියෙනවා. ඇතුලේ වෙන දේවල් දන්නේ ඇතුලේ ඉන්න උදවියනේ (නදී)
පෙරකදෝරුවන් දෙවියන් නම් නඩුකාරවරු කාටද සමාන කරන්නේ ඇමතිතුමනි? (නි)
පොඩි පටලැවිල්ලක් තියෙනවා ඇමතිතුමනි. අධ්‍යාපන ඇමතිතුමාට නෙමෙයි නම් රටක අධ්‍යාපනය වෙනස් කිරීමේ කාර්ය භාරය පැවරෙන්නේ වෙන කාටද? මහජන සම්බන්ධතා ඇමැතිවරයාටද? (නදී)
දෙවියෝ ඇමති කෙනෙක් ගානට දැම්මට කමක් නැද්ද? අපිට ඇහිලා තියෙනවා සමහරු ඇමතිවරුන්ට 'මගේ දෙයියෝ' කියල කතා කරනවා. එකයි මං එහෙම ඇහුවේ. (නදී)
මෙතන සමහර අදහස් දැක්කහම දුක හිතෙනවා ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන. අපේ අයගේ ඡන්ද ගන්න පොඩි රඟපෑමක් දැම්මත් ඇති. මෙතන තියෙන අදහස් වලින් ඒක මනාව පැහැදිලි වෙනවා. (නි)
මේක හොඳ ප්‍රවණතාවයක් (නි)
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිවුවලු (නි)
අනේ ඔබතුමා ජනාධිපති වෙන්නකෝ ඉල්ලලා. අපිත් දෙනවා යන දෙල් ගහක් යටින් යන්න කියලා (නදී)
මෙයා හදන්නේ පුතාව අධ්‍යාපන ඇමති කරන්න. (නදී)
අපට හිතුනා නිකමට ගණන් ප්‍රශ්න පත්‍රය සමත් වීමට පහසුකම් සලසන කොට. (නදී)
දැන් කතරගමට එන්නේ නැද්ද? දැන් කැබිලිත්තේද යන්නේ? (නි)
ඇමතිතුමෝ අනේ කොහොම හරි ඊලග වතාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඔබතුමාට මේ රටේ කළහැකි දේ බොහෝයි. ජනතාව ඔබත් එක්ක. (නදී)
පුතාගේ කන කැපුවට පස්සේ තාත්තා වෙනේසවෙලා (අ)
අනේ මන්දා! ළඟකදී ඉඳලා ඇමතිතුමා අමුතු කතා කියන්නේ. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ....... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..... (නි)
හෙට කියයිද දන්නෙ නැහැ මම එහෙම කිව්වේ නැහැ කියලා (නි)
ඒ වුණාට එහෙමම කියන්නත් අමාරුයි මහත්තයෝ! (නි)
දෙවියන් පෙරකදොරුවන්වෙන්නෙත් ,සල්ලිවලට යටත් වෙන්නෙත් නැහැ. දේවාලවල ඉන්න කපුවෝ නම් දෙවියන්වත් විකුණගෙන කනවා මිසක්. හරියට සමහරු දේශපාලකයින්ගේ නම් විකුණගෙන කනවා වගේ! (අ)
බන්දුල දැන් පිටරට ඉඳගෙනත් අදහස් දානවා. (නි)
තේරෙන්නේ නැද්ද ඇමතිතුමා එන්නේ මොකාටද කියලා? (නි)
ලෝකයේ කොහේ හිටියත් අපි ඉතින් ලංකාවේ මිනිස්සුනේ. අපේ දේශපාලකයින්ගේ හැටි අපි නොදන්නවද? (නි)
ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)
අධ්‍යාපනය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
ඇයි දැන් මේ? මිනිසුනේ, හිතපල්ලා හොඳට. (නි)
මර්වින් අධ්‍යාපන ඇමති කරමු (අ)
මෙයා මොකාටද මේ අඳින්න හදන්නේ ? හෙට අනිද්දට සිලුත් ගනී.(අ)
දැන් මොකක්ද ඔබතුමා කරන්න යන්නේ? (නි)
එතුමා දන්නවා යථාර්ථය (නි)
යන යකා කොරහත් බිදගෙනම යනවලු..(අ)
මෙතුමා ආචාර්යවරයෙක්. කවදාවත් දුරදිග නොහිතා කතාකරන්නේ නැහැ (නි)
අපි ඔබතුමා සමඟයි (නි)
මෙතුමා ගැන අපි කිසිදෙයක් කතා නොකර ඉඳිමු. (නි)
අපේ රටේ අදටත් දේවත්වයේ ලා සළකන්නේ ඈත අතීතයේ සිටම දැහැමින් රට පාලනය කරමින් ජනතාව සුඛිත මුදිත කළ රජවරු. දේශපාලකයින්ගේ පිළිසරණක් නොමැතිකමින් දේවාල,පල්ලි,පන්සල්,කෝවිල් වල පෝලිම් ගැහෙන්නේ ජනතාවගේ දුක්ගැනවිලි වලට සහනයක් පතාගෙනයි. අද දරුවෙක් පාසලකට දමාගන්න පුලුවන්ද විදුහල්පතිට ගාස්තුව නොදී. (නි)
අපි දන්නවානේ මෙතුමා ගැන (නි)
මොකද අප්පේ මෙතුමාගේ මේ අලුත් වෙනස? (නි)
ඔබතුමා ගොඩක් වෙනස්වෙලා. බලමු ඉස්සරහට මොනවද කරන්නේ කියලා. හොඳ දේවල් සමඟ අපිත් ඉන්නවා (නි)
මට අපි ගැන දැනෙන ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. (නි)
ඔහොම යමුකෝ බලන්න (නි)
වෙනස්විය යුතු විදියට අධ්‍යාපනයද වෙනස්විය යුතුය. (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඉඳල හිටලා පිස්සුවක් කෙළියට රටට හිත ඇති මිනිහෙක්. ජයවේවා! (නදී)
නැව ගිලෙන්න යනකොට නැවේ ඉන්න මියන්ට ඒ ගැන තේරෙනවලු (නදී)
මෙතුමා මොන දේ කරත්, රට ජාතිය ගැන හිතපු කෙනෙක්. ඔබතුමා රටට අවශ්‍ය පුද්ගලයෙක්. ඔබතුමා අධ්‍යාපන ඇමති උනාමත් මේ විදියටම හිතන්න ශක්තිය දිරිය ලැබේවා! (නදී)
මෙතුමා දවසින් දවස හොඳ වෙනවා වගේ. (නදී)
පිස්සු හැදෙනවා මේ කතාවලට! (නි)
මර්වින් මහත්තයා වෙනස්වෙලා වගෙයි (නි)
දෙවියොත් පෙරකදෝරුවෝ වගේ වෙන වෙලාවල් තිබෙනවා. පූජා වට්ටියේ සල්ලි නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? (නි)
මෙතුමාගේ සැබෑ වෙනසක් පේනවා තමයි (නි)
දැන් දැන් අපිට ඇමතිතුමාගේ පැහැදිලි වෙනසක් පෙනෙනවා. මොනවා වුණත් දැන් ඔබතුමා හැසිරෙන, කතාකරන විදියට අපි හරිම කැමතියි (නි)
අනේ මන්දා මහත්තයෝ ඕවා! (නි)
මම නම් ඔබතුමා සමඟ එකඟයි (නි)
අධ්‍යාපනය නඟාසිටුවන්න පුලුවන් නම් වෙන පිනක් ඕනෑ නැහැ (නි)
මෙතුමා හැමදාම නිර්භයව කතාකළා (නි)
සහතික ඇත්ත. (නි)
ඔබතුමාවත් මේවාට මැදිහත් වෙලා මේ වංචා දූෂණ නැතිකරන්න (නි)
මර්වින් ඇමතිතුමා මොනවද මේ කියන්නේ? (නි)
ඒ වුණාට දෙවියොත් එහෙම වෙන වෙලාවල් නැත්තේ නැහැ මහත්තයෝ (නි)