IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘දෙවියන් පෙරකදෝරු ගණනට දාන්න එපා‘

‘අධ්‍යාපන ඇමැතිතුමාට හෝ නිලධාරීන්ට ඕනෑ විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බෑ.යලට මහට වගේ  අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. කන්නන්ගර මහතා පටන්ගත් නිදහස් අධ්‍යාපනය නිදහසේ පවත්වාගෙන යා යුතුයි.‘

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා  කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක විදුහලේදී අද (08) එසේ පැවසීය.

‘අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාටවත් හිතෙන හිතෙන විදියට අධ්‍යාපනය වෙනස් කරන්න බැහැ.අකුණු ගහන තැන්වල ඉන්න මං බය නෑ.මොකද මගේ අතින් හෙණ වදින දේ සිදු වී නැති නිසා.පසුගිය දවසක මම කැබිලිත්තට ගියා.කතරගම දෙවියන් භාවනායෝගීව සිටින්නේ කැබිලිත්තේ.බොහෝ දෙනකු කතරගම යන්නේ දෙවියන්ට තියෙන ආදරය නිසාම නෙවේ.භක්තිය නිසාත් නෙවෙයි.තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නයි.සමහරුන් දෙවියන් යොදා ගන්නේ පෙරකදෝරුවන් ගණනටයි.එහෙම හොඳ නෑ ‘යනුවෙන්ද ඇමැතිවරයා පැවසීය.

 

 

 



අදහස් (0)

‘දෙවියන් පෙරකදෝරු ගණනට දාන්න එපා‘

හේමන්ත Thursday, 09 October 2014 07:10 AM

කොස් ගසේ පොල් පලගන්නේ නැතුවා වගේම කොස් ඇට පැල කලාම හැදෙන පලත් කොස්ම තමයි. ඒ නිසා වැඩිය මේ ගැන හිතන්න එපා.(අ)

:       0       0

උපාලි Friday, 10 October 2014 01:34 AM

දෙවියෝ ඇමති කෙනෙක් ගානට දැම්මට කමක් නැද්ද? අපිට ඇහිලා තියෙනවා සමහරු ඇමතිවරුන්ට 'මගේ දෙයියෝ' කියල කතා කරනවා. එකයි මං එහෙම ඇහුවේ. (නදී)

:       0       0

බිහාර Wednesday, 08 October 2014 06:43 PM

අධ්‍යාපනය නඟාසිටුවන්න පුලුවන් නම් වෙන පිනක් ඕනෑ නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 09 October 2014 07:23 AM

අපිට පෙනේනේ ඇමතිවරු කිහිප දෙනෙක් හැරෙන්න සෙස්සන්ගෙන් අපිට පලක් නැතිබවයි. (නි)

:       0       0

ලලනි Thursday, 09 October 2014 12:57 PM

අපට හිතුනා නිකමට ගණන් ප්‍රශ්න පත්‍රය සමත් වීමට පහසුකම් සලසන කොට. (නදී)

:       0       0

ඩෙරික් Wednesday, 08 October 2014 07:18 PM

මම නම් ඔබතුමා සමඟ එකඟයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 08 October 2014 07:28 PM

අනේ මන්දා මහත්තයෝ ඕවා! (නි)

:       0       0

චාමලි Thursday, 09 October 2014 07:31 AM

ඔබතුමා නම් නියමයි! ජය වේවා! (නි)

:       0       0

පියුමි Thursday, 09 October 2014 01:18 PM

මෙයා හදන්නේ පුතාව අධ්‍යාපන ඇමති කරන්න. (නදී)

:       0       0

මොහාන් Wednesday, 08 October 2014 08:21 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

මහින්ද Thursday, 09 October 2014 07:34 AM

වෙනස් වෙච්ච එකේ අලුත් කසාදෙකුත් බැන්දොත් මොකෝ (නදී)

:       0       0

රනේ Thursday, 09 October 2014 01:35 PM

අනේ ඔබතුමා ජනාධිපති වෙන්නකෝ ඉල්ලලා. අපිත් දෙනවා යන දෙල් ගහක් යටින් යන්න කියලා (නදී)

:       0       0

හසිත් Wednesday, 08 October 2014 09:46 PM

මෙතුමාගේ සැබෑ වෙනසක් පේනවා තමයි (නි)

:       0       0

කුමාර් Thursday, 09 October 2014 07:57 AM

තේරෙන්නේ නැද්ද ඇමතිතුමා එන්නේ මොකාටද කියලා? (නි)

:       0       0

රකිත් Friday, 10 October 2014 02:56 AM

පොඩි පටලැවිල්ලක් තියෙනවා ඇමතිතුමනි. අධ්‍යාපන ඇමතිතුමාට නෙමෙයි නම් රටක අධ්‍යාපනය වෙනස් කිරීමේ කාර්ය භාරය පැවරෙන්නේ වෙන කාටද? මහජන සම්බන්ධතා ඇමැතිවරයාටද? (නදී)

:       0       0

කරුණාජීව Thursday, 09 October 2014 08:06 AM

බන්දුල දැන් පිටරට ඉඳගෙනත් අදහස් දානවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 08 October 2014 11:28 PM

දෙවියොත් පෙරකදෝරුවෝ වගේ වෙන වෙලාවල් තිබෙනවා. පූජා වට්ටියේ සල්ලි නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? (නි)

:       0       0

අසෝකා Thursday, 09 October 2014 08:22 AM

දෙවියන් පෙරකදොරුවන්වෙන්නෙත් ,සල්ලිවලට යටත් වෙන්නෙත් නැහැ. දේවාලවල ඉන්න කපුවෝ නම් දෙවියන්වත් විකුණගෙන කනවා මිසක්. හරියට සමහරු දේශපාලකයින්ගේ නම් විකුණගෙන කනවා වගේ! (අ)

:       0       0

සුගුනවති Thursday, 09 October 2014 12:52 AM

මර්වින් මහත්තයා වෙනස්වෙලා වගෙයි (නි)

:       0       0

චානක Thursday, 09 October 2014 01:29 AM

පිස්සු හැදෙනවා මේ කතාවලට! (නි)

:       0       0

නිල්මිණි Thursday, 09 October 2014 01:37 AM

මෙතුමා දවසින් දවස හොඳ වෙනවා වගේ. (නදී)

:       0       0

සුගත් Thursday, 09 October 2014 02:09 AM

මෙතුමා මොන දේ කරත්, රට ජාතිය ගැන හිතපු කෙනෙක්. ඔබතුමා රටට අවශ්‍ය පුද්ගලයෙක්. ඔබතුමා අධ්‍යාපන ඇමති උනාමත් මේ විදියටම හිතන්න ශක්තිය දිරිය ලැබේවා! (නදී)

:       0       0

එරංග Wednesday, 08 October 2014 02:17 PM

දැන් දැන් අපිට ඇමතිතුමාගේ පැහැදිලි වෙනසක් පෙනෙනවා. මොනවා වුණත් දැන් ඔබතුමා හැසිරෙන, කතාකරන විදියට අපි හරිම කැමතියි (නි)

:       0       0

සමන් පාලිත Wednesday, 08 October 2014 02:27 PM

වෙනස්විය යුතු විදියට අධ්‍යාපනයද වෙනස්විය යුතුය. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 08 October 2014 02:27 PM

ඔහොම යමුකෝ බලන්න (නි)

:       0       0

මැටිපහන Wednesday, 08 October 2014 02:36 PM

මට අපි ගැන දැනෙන ලැජ්ජාව කියලා නිමකරන්න බැහැ. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 08 October 2014 02:41 PM

ඔබතුමා ගොඩක් වෙනස්වෙලා. බලමු ඉස්සරහට මොනවද කරන්නේ කියලා. හොඳ දේවල් සමඟ අපිත් ඉන්නවා (නි)

:       0       0

නලීන් Wednesday, 08 October 2014 02:44 PM

මොකද අප්පේ මෙතුමාගේ මේ අලුත් වෙනස? (නි)

:       0       0

අන්ද්රෙව් Thursday, 09 October 2014 03:04 AM

නැව ගිලෙන්න යනකොට නැවේ ඉන්න මියන්ට ඒ ගැන තේරෙනවලු (නදී)

:       0       0

පිටිගල Thursday, 09 October 2014 03:11 AM

ඉඳල හිටලා පිස්සුවක් කෙළියට රටට හිත ඇති මිනිහෙක්. ජයවේවා! (නදී)

:       0       0

සේනක Wednesday, 08 October 2014 02:55 PM

අපි දන්නවානේ මෙතුමා ගැන (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 03:01 PM

අපේ රටේ අදටත් දේවත්වයේ ලා සළකන්නේ ඈත අතීතයේ සිටම දැහැමින් රට පාලනය කරමින් ජනතාව සුඛිත මුදිත කළ රජවරු. දේශපාලකයින්ගේ පිළිසරණක් නොමැතිකමින් දේවාල,පල්ලි,පන්සල්,කෝවිල් වල පෝලිම් ගැහෙන්නේ ජනතාවගේ දුක්ගැනවිලි වලට සහනයක් පතාගෙනයි. අද දරුවෙක් පාසලකට දමාගන්න පුලුවන්ද විදුහල්පතිට ගාස්තුව නොදී. (නි)

:       0       0

තේජාන්විත Thursday, 09 October 2014 03:24 AM

ඇමතිතුමෝ අනේ කොහොම හරි ඊලග වතාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඔබතුමාට මේ රටේ කළහැකි දේ බොහෝයි. ජනතාව ඔබත් එක්ක. (නදී)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 09 October 2014 03:25 AM

ගින්නක් නැතුව දුමක් එන්නේ නැහැ. දුමක් නම් එනවා ගින්නක් නම් තවම පේන්නේ නෑ. ඇතුලේ ගින්නක් වගේ නම් තියෙනවා. ඇතුලේ වෙන දේවල් දන්නේ ඇතුලේ ඉන්න උදවියනේ (නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 08 October 2014 03:09 PM

මෙතුමා ගැන අපි කිසිදෙයක් කතා නොකර ඉඳිමු. (නි)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Wednesday, 08 October 2014 03:21 PM

ලෝකයේ කොහේ හිටියත් අපි ඉතින් ලංකාවේ මිනිස්සුනේ. අපේ දේශපාලකයින්ගේ හැටි අපි නොදන්නවද? (නි)

:       0       0

සමන් Thursday, 09 October 2014 03:47 AM

ජයවේවා මෙන්න පොදු අපේක්ෂකයා (නදී)

:       0       0

හසිතා Thursday, 09 October 2014 10:24 AM

ඒ වුණාට එහෙමම කියන්නත් අමාරුයි මහත්තයෝ! (නි)

:       0       0

සුනෙත් Wednesday, 08 October 2014 03:43 PM

මෙතුමා ආචාර්යවරයෙක්. කවදාවත් දුරදිග නොහිතා කතාකරන්නේ නැහැ (නි)

:       0       0

අජිත් Wednesday, 08 October 2014 03:45 PM

යන යකා කොරහත් බිදගෙනම යනවලු..(අ)

:       0       0

රෝහණ Thursday, 09 October 2014 04:30 AM

ඔයා හුගාක් වෙනාස් වෙලා. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජී Wednesday, 08 October 2014 04:31 PM

එතුමා දන්නවා යථාර්ථය (නි)

:       0       0

සෙන්සා Thursday, 09 October 2014 04:34 AM

ඹබතුමා දැන් නම් අප රටෙි ජනාධිපතිකමට වුවද සුදුසුය (නදී)

:       0       0

ඔෂාන් Wednesday, 08 October 2014 04:33 PM

දැන් මොකක්ද ඔබතුමා කරන්න යන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 09 October 2014 06:02 PM

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිවුවලු (නි)

:       0       0

සුනිල් Thursday, 09 October 2014 06:02 PM

මේක හොඳ ප්‍රවණතාවයක් (නි)

:       0       0

නිමාලි Thursday, 09 October 2014 04:47 AM

අප්පා දැන් කතරගම දෙවියොත් අඩවිය මාරු කරයි. (නදී)

:       0       0

කිරින්ද Thursday, 09 October 2014 04:57 AM

බන්දුල ගුනවර්දන ඇමතිතුමා ගණිත විෂයය සරල කරන්න ප්‍රතිපත්ති හදනකොට චම්පික රණවක ඇමැතිතුමයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයයි කියනවා ලංකාවේ ළමයින්ගේ ගණිත දැනුම ජාත්‍යන්තර මට්ටමට ගේන්න නම් සරල කරන එක නෙවෙයි ගණිතය උගන්වන ක්‍රමය වෙනස් කරන එකයි විසඳුම කියා . මේ අව්රුද්දෙ සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වෙන ළමයි නම් කියන්නේ අධයාපන ඇමතිතුමාගේ දුවට ගණිතය සමත් වෙන්න පුළුවන් වෙන විදියට සරල කරන්නලු විභාග දෙපාර්තුමේන්තුවට උපදෙස් දීල තියන්නේ.(නදී)

:       0       0

රෝහිත සමරකොනේ Wednesday, 08 October 2014 04:56 PM

මෙයා මොකාටද මේ අඳින්න හදන්නේ ? හෙට අනිද්දට සිලුත් ගනී.(අ)

:       0       0

ප්‍රනීත් Thursday, 09 October 2014 07:05 PM

මෙතන සමහර අදහස් දැක්කහම දුක හිතෙනවා ලංකාවේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන. අපේ අයගේ ඡන්ද ගන්න පොඩි රඟපෑමක් දැම්මත් ඇති. මෙතන තියෙන අදහස් වලින් ඒක මනාව පැහැදිලි වෙනවා. (නි)

:       0       0

ජෙරාඩ් Thursday, 09 October 2014 05:06 AM

කව්රු මොනවා කිව්වත්, එතුමත් ඉඳ හිටලා නොගැලපෙන දේවල් කලත්, අද කාලේ ඉන්න දේශපාලකයන් අතරින් මර්වින් මැතිතුමා අව්‍යාජ හොඳ හදවතක් තියෙන කෙනෙක්. (නදී)

:       0       0

දයා Thursday, 09 October 2014 05:07 AM

කතරගම දෙවියෝ කැලණියට වඩිවිද දන්නේ නැහැ. මොකද සිල්වා ඇමතිගේ ආරක්ෂාව ලබා ගැනීමට (නදී)

:       0       0

ලොකු මල්ලි Wednesday, 08 October 2014 05:03 PM

මර්වින් අධ්‍යාපන ඇමති කරමු (අ)

:       0       0

චමිල Thursday, 09 October 2014 11:23 AM

හෙට කියයිද දන්නෙ නැහැ මම එහෙම කිව්වේ නැහැ කියලා (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 09 October 2014 05:13 AM

ගොනා පොල් පැලේට කිට්ටු කරනවා ! (නදී)

:       0       0

මංජු Wednesday, 08 October 2014 05:13 PM

ඇයි දැන් මේ? මිනිසුනේ, හිතපල්ලා හොඳට. (නි)

:       0       0

අජිත් Thursday, 09 October 2014 11:27 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.......‍ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..... (නි)

:       0       0

වීරසිංහ Wednesday, 08 October 2014 05:17 PM

අධ්‍යාපනය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 October 2014 05:18 PM

ඔබයි අපගේ බලාපොරොත්තුව (නි)

:       0       0

මංජු Thursday, 09 October 2014 05:30 AM

කට්ටිය කියන්නේ මර්වින් හොඳ උනාට පුතා හොඳ නැහැ කියලනේ. ඒ උනාට මහනුවරත් කාර් පැද්ද අයට එහෙම කියන්නේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

සීල ද සිල්වා Wednesday, 08 October 2014 05:24 PM

අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 October 2014 05:29 PM

ඒ වුණාට දෙවියොත් එහෙම වෙන වෙලාවල් නැත්තේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

බන්දු Wednesday, 08 October 2014 05:30 PM

මර්වින් ඇමතිතුමා මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

අංජන -ධකා Thursday, 09 October 2014 05:58 AM

දෙයියන්ගේ නමෙන් මේ ආණ්ඩුවෙන් අයින් වෙලා යන්න මර්වින් ඇමතිතුමා. ඔබ තුමාට කොමිස් එන්නේ නැති කිසිම දෙයක් කැලණියේ කරන්න බැරි බව අපි දන්නවා. එ්ක නිසා මහින්ද මහත්තයාගේ නම තවත් කැත කරන්නේ නැතුව යන්න යන්න. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 October 2014 11:58 AM

අනේ මන්දා! ළඟකදී ඉඳලා ඇමතිතුමා අමුතු කතා කියන්නේ. (නි)

:       0       0

විජේදාස Wednesday, 08 October 2014 05:46 PM

ඔබතුමාවත් මේවාට මැදිහත් වෙලා මේ වංචා දූෂණ නැතිකරන්න (නි)

:       0       0

හසිත Thursday, 09 October 2014 06:10 AM

ඔය තියෙන්නේ ගණිතය ලේසි කරන්නයි ෆේල් වෙන අයට තව පහසුකම් දෙන්නයි හේතුව. 60 දශකයේත් සරසවි ප්‍රවේශයේදී එක්තරා බලවතෙකුගේ පුතෙකුට සරසවියට යන්න පුළුවන් වෙන්න ලකුණු මට්ටම පහල දැම්මලු. ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත් මගේ ඥාතියෙක් මට කිව්වේ. (නදී)

:       0       0

ප්‍රභාත් කුලතුන්ගේ Thursday, 09 October 2014 12:09 PM

පුතාගේ කන කැපුවට පස්සේ තාත්තා වෙනේසවෙලා (අ)

:       0       0

සමන්ත Thursday, 09 October 2014 06:18 AM

සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර බලන විභාග ශාලා රාජකාරි කරන ගුරුවරුන්ගේ ළමයි එම විභාගයටම පෙනී සිටිනවා නම් ඒ ගැන අමාත්‍යංශය දැනුවත් කරනවා. සමහරු එම රාජකාරි වලින් තාවකාලිකව ඉවත් වෙනවා. සාමාන්‍ය ජනතාවට එවැනි තත්ත්ව තිබෙද්දී අධ්‍යාපන ඇමති වරයාගේ ළමයෙක් උසස් විභාගයකට ලියනවා නම් ඒ විභාගයේ විනිවිද භාවය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. තාවකාලිකව හරි එම රාජකාරිය වෙනත් කෙනෙකුට භාර දීම සුස්දුසුයි. නැතිනම් තමන්ගේ කිසිම වැරද්දක් නැතත් කුණු නාමයක් වෙන්න ඉඩ කඩ තිබෙනවා. (නදී)

:       0       0

සරත් Wednesday, 08 October 2014 05:54 PM

සහතික ඇත්ත. (නි)

:       0       0

නාරද Thursday, 09 October 2014 06:21 AM

ඇමති තුමෝ ඔය ගමන්ම බොරැල්ලේ කනත්තට ගිහින් අර වෙන්කරගත් කෑල්ලේ වැඩ ඉවර කරොත් හොඳයි වගේ නේද? (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 09 October 2014 06:28 AM

අනේ පවු! එතුමාට මොකුත් කියන්න එපා (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 09 October 2014 12:17 PM

පෙරකදෝරුවන් දෙවියන් නම් නඩුකාරවරු කාටද සමාන කරන්නේ ඇමතිතුමනි? (නි)

:       0       0

සමන්ති Thursday, 09 October 2014 12:22 PM

දැන් කතරගමට එන්නේ නැද්ද? දැන් කැබිලිත්තේද යන්නේ? (නි)

:       0       0

ඩෙරික් Wednesday, 08 October 2014 06:14 PM

මෙතුමා හැමදාම නිර්භයව කතාකළා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 449 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 483 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 878 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site