IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක අද (13) දිනයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර මේ වනවිට තවත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. 

අද (13) දහවල් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී නැවතවරක් සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ගේ එකඟත්වය හිමි වී තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තනි ආණ්ඩුවක් පිහිටුවන බව එහිදි තීරණය වී තිබූ අතර එම තීරණය දැනුම් දීම සඳහා මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ. 

කතානායක කරු ජයසූරිය සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අග්‍රාමාත්‍යධුරය බාරගන්නා බවට විවිධ ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබුණ ද පක්ෂයේ අනුමැතියකින් තොරව අග්‍රාමාත්‍යධුරය බාර නොගන්නා බවට ඔවුන් ප්‍රකාශ කර තිබිණි. 

මේ අතර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් එතෙක් ආණ්ඩුවක් පවත්වාගෙන යාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් දැන ගන්නට ලැබේ. 


055



අදහස් (13)

දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙයි

Chandana Tuesday, 13 February 2018 05:25 PM

ජනතාව බලාපොරොත්තු වන්නේ දෙකට බෙදිලා කුලල් කාගන්න එක නොවේ. එකට එකතුවෙලා පැරදුන ඒවගේ බලය අරගෙන වැඩක් කරලා පෙන්නන එක.

:       63       135

sirimal Tuesday, 13 February 2018 06:55 PM

මාලදිවයිනේ වෙන දේවල් මෙහෙත් ක්‍රියාත්මක කරන්නද සමහරු උත්සාහ කරන්නේ? මම හිතන්නේ මැතිවරණයක් මෙහෙයවා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගෙන ආණ්ඩු මාරු කිරීමට අගමැති මාරු කිරීමට සමත්වෙන තත්වයේ බලයක් ඇති මාධ්‍ය සමාගම් සහිත එකම රට ලංකාව විය යුතුයි. කලකින් ලැබුන මාධ්‍ය නිදහස තේරුම්ගෙන වගකීමකින් කටයුතු කිරීම සහ මාධ්‍ය සදාචාරය කියන දේවල් කොහෙන් කාගෙන් කවදා ඉගෙන ගන්නද මන්දා. හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ කියල කෝප වුන ඡන්ද දායකයින් හොරුන් ලෙසට ඇඟිල්ල දික්කල අයටම නැවත බලය ලබාදීම නම් කොහොම කෙලෙස කවදා තේරුම් බේරුම් කරගන්නද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ.

:       431       331

Nandalal DE SILVA - France Tuesday, 13 February 2018 09:07 PM

මේක හරියට තේ කෝප්පයක හටගත් කුණාටුවකට සමාන කල හැක. සෙනසුරාදා පැවැත්වූ මැතිවරණයෙන් රජය පෙරලා දැමීමට වලිකන්නේ කවුද කියා දන්නෝ දනිති. එම චන්දය පැවැත්වුයේ පවතින රජය වෙනස් කිරීමට නොවන බවත් හොඳ සිහියක් ඇති ජනතාව දනී. මේ මොහොතේදී, රජය එකා මෙන් නැගී නොසිට, අගමැති මාරුවකට හෝ හදිසි මැතිවරණයකට ගියොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජයට යලිත් වරක් ශක්තිමත් පාලනයක් බිහිකිරීමට හැකිවේදැයි විශාල වශයෙන් සලකා බැලිය යුතු වෙනවා! සමහරවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට හෝ මුදලට ගැනීමේ ක්‍රමවේදයන් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා ඇති. එතුමා රටේ ඉහලම තනතුරට ඔසවා තැබීමට ප්‍රමුඛවූ පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම එතුමා පිටුනොපානවා ඇත. 2020 වෙන තුරු රට කරගෙනයාමට එතුමාට ජනබලය දුන් බව සමහරුන්ට අමතක වී ඇති හැඩයි. යහපාලනය රජයේ දුර්වලතා නිසා මෙවැනි තත්වයක් උද්ගතවී තිබෙන බව නම් නොකියාම බැරිය.

:       166       143

බන්ඩාWednesday, 14 February 2018 07:43 AM

අැත්ත. පලාත් පාලන ඡන්දය යනු රටේ බලය මාරුකරන ඡන්දයක් නෙවෙයි. සිරිසේනට ජනාධිපතිකම වසර පහකට දුන්නා.. එ්කත් අැත්තයි. නමුත් රනිල්ගේ එජාපයට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුනේ නැහැ. ඊනියා ජාතික අාණ්ඩුවට 2020 වෙනකන් බලයක් ජනතාව දුන්නේ නැහැ. ඊනියා ජාතික අාණ්ඩුව හදා ගත්තේ මහින්ද දිනා දුන් ලැයිස්තුව සහ මහින්දගේ පානෙන් මන්ත්‍රී වූ අයට ජරාව කවලයි. අනෙක ජනාධිපතිවරණෙදී බොරු පොරොන්දු දීලා බලය ගත්ත හංස නඩේ මෙවර පළාත් පාලන ඡන්දෙ ඉල්ලුවේ වෙන වෙනමයි. ජනාධිපති එජාපටයි, රාජපක්‍ෂලටයි, එජාපයටයි පැහැදිලිවම හොරු කියලා දූෂිතයෝ එක්ක අාණ්ඩු කරන්නේ නැහැ කිව්වා. ජවිපෙත් ඒ කතාවම කියලා සීනුවට ඡන්දෙ ඉල්ලුවා. නමුත් ජනාධිපතිට ලැබුණේ 13.3%යි. ජවිපෙට 8.9%යි. රාජපක්‍ෂලගේ පොහොට්ටුව 44.6% ක් ගත්තා.

:       0       14

Nandalal DE SILVA - FranceWednesday, 14 February 2018 11:56 AM

ජනාධිපතිවරණයට පෙර වේදිකාවලදී කිව්වා නේද මෛත්‍රී, රනිල් එකතුවී ජාතික රජයක් පිහිටවන බව? 2015 අගෝස්තු මැතිවරණයෙන් ඔවුන් එම පොරොන්දුව ඉටුකළා. නමුත්....නව රජය හිටපු ජනපති පවුලේ හෙන්චයියන් පරිපාලනයේ තව දුරටත් තබාගත් නිසා වංචාකාරයන්, දූෂිතයින්, රටේ ධනය විදේශවල ගබඩා කරපු තක්කඩියන්, කොමිස් කාක්කන් අල්ලා නීතිය ඉදිරියට ගැනීමට අපොහොසත් වුණා. මේනිසා, යහපාලන රජය හොදාපාලුවකට ගියා. ඡන්ද දායකයින්ගේ "මොල සේදීමක් " සාර්ථකව විරුද්ධ පක්ෂ එකතු වී කළා. එනම් මේ පුංචි ඡන්දයෙන් රටේ පාලන බලය වෙනස් කිරීමේ අදහසක් ඔවුන්ගේ ඔලුවට දැම්මා. ඔවුන් රැවටුණා, 2020 ට පෙර එවැනි ඡන්ද පැවැත්විය නොහැකි බව ඔවුන්ට තේරුනේ ඡන්දෙන් පස්සේ. දැන්වත් ජනපතිතුමා උනන්දු වුනොත්, වරදකරුවන් අල්ලා දඬුවම් දුන්නොත් ඔබට යමක් කිරීමට පුළුවන් බව රටවැසියා තේරුම් ගනීවි. ඔබ සමග ආප්ප කාපු හිටපු පරණ ගජයන් අමතක කරන්න !!!

:       15       26

NeelakaWednesday, 14 February 2018 01:52 PM

හංස කුංචනාද විලාප හැමතැනම.

:       0       0

nuwan Wednesday, 14 February 2018 02:24 AM

තණ්හා ජායතී සෝකෝ.. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රී බාරනොගෙන නිර්පාක්ෂිකව සිටියානම් මෙවැනි විපතක් නිදහස් පක්ෂයට සිදු නොවනු ඇත. අවසානයේ නිදහස් පක්ෂය බිහිවූ දා මෙලොව එලිය දුටු මෛත්‍රී විසින් එම පක්ෂය පරලෝසැපත් කරන ලදී.

:       132       278

Rohana Wednesday, 14 February 2018 02:44 AM

අර්බුදයට හේතුව ගමේ ඡන්දය ජාතික මැතිවරණයක් ලෙස ගනන් ගැනීමයි. දේශපාලන පක්ෂත් ජනතාවත් ජාතික මැතිවරණයක් වගේ හිතාගෙන ඡන්දය දුන්නා. වරද එතනයි.

:       148       87

concerned citizen Wednesday, 14 February 2018 05:29 AM

ලෝක දේශ පාලනයම උග්‍ර අරබුදයකට පත්වී ඇත. සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් ඉවසීමෙන් කටයුතු නොකළහොත් ලොව බලවත් රටවල් අප රට වෙසෙන සියලු ජන කොටස් පිලිබදව දැඩි තීරණ ගනු ඇත.

:       183       75

විපුල Wednesday, 14 February 2018 05:52 AM

ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට ගියොත් එජාප පාක්ෂිකයා සිය ඡන්දය වර්ජනය කරනු නියතය. පොදුජන පෙරමුණ 5/6 ක බලයක් ලබා ගනු ඇත. එනිසා මැතිවරණ පොරොන්දු ඉටු නොකර මැතිවරණයකට යනවාට වඩා එජාප නායකයින් පක්ෂය විසුරුවා හැර රට අතහැර යාම වඩා සුදුසුය. පෝස්ටරයක් ගැසීමට කිසිදු එජාප ආධාරකරුවෙකු ඉදිරිපත් නොවනු ඇත. 2015 දුන් මැතිවරණ පොරොන්දු පිළිබඳ බලාපොරොත්තු හිතේ හිරකරගෙන මිය යනවාට වඩා අනාගතයක් එජාප පාක්ෂිකයාට නැත.

:       209       270

බන්ඩා Wednesday, 14 February 2018 07:44 AM

රාජිත වගේ වාචාලයො බයිලා කිව්වට වැඩක් නැහැ. 2015 පාර්ලිමේන්තු ඡන්දේදි 47% ක් ගත්ත එජාපයට 33% ක් වත් ගන්න බැරිවුණා. එදා මහරගම 41.98% ක් ගත්ත අලියා මේ ඡන්දේදි එක අාසනයක් වත් දින්නේ නැහැ. ගත්තෙ 26.7%යි, අහල නැති බයිසිකලයක් 45.7% ක් ගත්තා. බෞද්ධ බහුතරය ඉන්න සෑම ප්‍රාදේශිය සභාවක්ම පොහොට්ටුව දින්නා. මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් අද රනිල් තිත්ත වෙලා. 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය හෝදලා ගිහින්. 2015 පාර්ලිමේන්තු ඡන්දේදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80ක්% කට වැඩිය ගත්තා. බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමණක් 65%ක් ගත්තා. නමුත් මේ ඡන්දේදි අලියා ගත්තේ 46% යි. ඉතින් තවත් මොන කතාද? ඒජාප පාක්‍ෂිකයිනි, ඔය පටන් ගත්ත විතරයි. සුනාමියක පළමු රැල පහර වගෙයි. ඊළග රැල්ලෙන් ඔබලා විනාශ වෙලා යනවා. හොඳ හොඳ සෙල්ලන් පළාත් සභා ඡන්දේදි බලාගත හැකියි. රට කන හොර දෙටුවා වහාම පන්නමු !

:       0       100

abaran Wednesday, 14 February 2018 09:54 AM

ෂා... එතුමා නැති වුණෝතින් අපේ ගමට වයිෆයි නොලැබී යාවි... !!!

:       0       34

Sampath Wednesday, 14 February 2018 11:38 AM

ඒ කියන්නේ ඡන්දෙට දීපු ලණුවක්... අවුරුදු 3ක් ගියේ කියපු බොරු ඇත්ත කරගන්න බැරිවයි. අනෙක තමන් බලයට එන්න කියපු බොරුවට බලය රැකගන්නත් ... ඔය කියන ඒවා විශ්වාස කරලා, රට බෙදන සංස්කෘතිය විනාශ කරන බෙදුම්වාදය උළුප්පන සංවර්ධනය නතර වූ අකර්මණ්‍ය ක්‍රමයක්.. නැතිනම් ඔය පක්ෂ තව තිබුණේ... ඇයි නොදෙන්නේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 27 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 236 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 92 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 264 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 497 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site