‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්‍රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥයින්,රාජ්‍ය සේවකයින් අතරත් අල්ලස් ගන්නා ඇතැමුන් ඉන්නවා.’
‘මට හිතෙනවා මේ කුණු දේශපාලනය කරනවාට වඩා රාජ්‍ය සේවයට නැවත එන්න තියනවානම් හොදයි කියලා.’ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය.
මාතලේ දිස්ත්‍රීක්කයේ රාජ්‍ය සේවයට බඳවාගත් නවක ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ඔහු එසේ කීවේය.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද ඒ රැස්වීමේදී මෙසේ කීය.
‘අද දේශපාලනය බල්ලට ගිහින් නෑ’දේශපාලනයට බල්ලන් ඇවිත් ,ජරා ජීර්ණය වෙලා. තමන් ඉන්න ක්ෂේත්‍රය පිළිබඳව විවේචනය කිරීම සුදුසු නෑ .ඇතැම් පිරිස් කටයුතු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් චරිත.කොන්ද පණ තියන දේශපාලනඥයින් හැටියට තමන් ඉන්න ක්ෂේත්‍රය විවේචනය නොකළ යුතුයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා කියන වචනයට නිතර කියවෙනවා දැන්, සන්තෝසයි (දී)
බොහෝ වෙලාවට ඇසෙන්නේ බල්ලා, බුරුවා, ඌරා වගේ වචන කතා කරන අයයි. අනේ මන්දා! සතුන් දේශපාලනයට ගිහිල්ලාද ? (නි)
මොනවා වුණත් ඇත්ත කතා කරන කෙනෙක් (නි)
දේශපාලනයට ආවා යැයි පවසන බල්ලනුත්,බල්ලන්ට ගිය දේශපාලකයිනුන් හැමදාම මහජනයා ගොනාට අන්දවමින් කයිවාරු ගසමින් දේශපාලනය විනාශ කරමින් රට අනුභව කරමින් මේ නරා වළේම වැටිලා ඉන්නවා. එයයි අපිට ඇති දුක (නි)
මමත් පිළිගන්නවා මේ කතාව. සහතික ඇත්ත තමයි (නි)
පටන්ගන්න කොට ඉලක්ක ගත කළ අපේක්ෂා සහ නොසැලුණු බලාපොරොත්තු දැන් අතිරික්තයක් කරා ලඟා වෙලා තිබෙන හැඩයි!! (ස)
ඇයි අපි තවමත් මේ ක්‍රමය ගැන කතා කරන්නේ? ඔය ක්‍රමය තමයි එදා ඉඳලම තිබුනේ. ඇමරිකාවෙත් දේශපාලනයට විශාල මුදලක් පරිත්‍යාග කරන අයට තානාතිපති කම් දෙනවා. (ස)
මම නම් හිතන්නේ එ්කට වන්දිභට්ටයන් වෙන්නම ඕනෑ නැහැ කියලයි (නි)
දේශපාලන පත්වීම් විතරක් නෙමෙයි, වෙනත් වෙනත් ආකාර වලින් දෙන පත්වීම්ද අද රටටම විහිළුවක් වෙලා (නි)
ගරු ඇමතිතුමන්ලාට අනුව කුණු දේශපාලනය කරන්නෙත් ඔවුන්මය. ඇත්තටම මෙය පොඩි අමතකවීමක්ද? (නි)
මේවා විහිලු ගනයටද වැටෙන්නේ (දී)
බල්ලා මොන බලු වැඩේ කලත් කන්න දීපු අත නම් හපා කන්නේ නැහැ , දේශපාලකයෝ නම් ඉස්සෙලම කන්නේ තමන්ට චන්දෙ දීපු අපිවනේ, (ස)
ඇමති තුමනි, කැලේ පොල් හිටෙවුවත් , පොල්වත්ත කැලේට ගියත් ප්‍රතිපලය එකී. ඔබතුමාට ඔච්චර කෙන්තිගිහින් තියෙන්නේ තනතුරක් ලැබිලා නැති කම හෝ ලැබුණු තනතුර වෙනුවට ප්‍රසස්ති ගායන කරන්න සිදුවීම. ඔබතුමා හිතලා බලන්න ඔය ඔක්කොම පව් වලට වන්දි ගෙවන මහා ජනයාට කොච්චර කේන්ති යන්න ඕනද? (දී)
මම නම් ආපහු නොර්වේ රටට ගිහිල්ල ගෙවල් හෝදනවා!! (දී)
ඇමතිතුමා කියන්නේ ඇත්ත (දී)
අනේ ! (දී)
බල්ලා කියන වචනය භාවිතා කරන්න එපා (දී)
කල කිරුණු මන්ත්‍රී වරු ගොඩක් ඉන්නවා වගේ. නමුත් මේ කරුම දේසපාලන සම්ප්‍රදාය නැති කරන්න යෝජනා කරන්න කී දෙනාද කතා කරන්නේ. බඩගෝස්තරවාදී දේසපාලනයට මේ වතාවෙවත් සමු දෙන්න ජනතාවට ශක්තියක් ලැබේවා. (දී)
ලංකාවේ ඉන්නෙ වැඩිය ඉදිරිය ගෙන හිතන්නේ නැතුව කටට එනදේ කතාකරන දේශපාලකයො, බැන බැන එතනම නිදියනවා, අනේ මන්ද මේක ලංකාවේ අක්ෂාංශ දේශාංශ වල පිහිටීමේ දෝෂයක්ද. (දී)
අල බහිනවා වැල මැරෙනවා න්‍යාය දන්නේ නැද්ද?(දිල්)
ගැමුණු ඔයා හරි. ඒ ඉලක්කය සපුරා අවසන් කල ඇතැමුන්ට,දැන් අවශ්‍යවී ඇත්තේ මේ රජය යහමගට ගැනීමටයි. (ස)
නැවත රාජ්‍යය සේවයට ආවත් කරන්නේ ඕකම තම්යි. (ස)
වැරදි තමාම දැකීම හොඳ දෙයක්. නන්දිමිත්‍ර ගරු ඇමතිතුමා ලඟකදී ඉඳල ඇත්ත කියන්න බය නෑ වගේ. ඇත්ත දැකීම හොඳ දෙයක්. (දී)
රට බේරා ගත් නිසා මුනිවත රකිනු මැනවි (දී)
පාර්ලිමේන්තුවේ නියමිත කාලය සපුරා අවසන් වූ පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කියන නිසාදෝ මන්දා, අද වනවිට සමහර දේශ පාලකයින් ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කරනවා...මදකට හිතන්න...ඇයි, එයාල මිට ප්‍රථම ඔවැනි අදහස් ප්‍රකාශ නොකළේ! ...මේ වනවිට ඔවුන් ඔවුන්ගේ ඉලක්කය වෙත ළඟාවී හමාරයි. (දී)
ඒක තමයි කියන්නේ රට නැතිවෙලා කියල. (දී)
කුණු ගොඩේ ඉන්න හොඳා, කුණු වලට කුණු කියන එක තමා හොඳ නැත්තේ. කුණු ගොඩේ ඉන්නකොට ඒවා කුණු කියල තේරෙන්නේ නැහැ නොවැ (දී)
කොහොමත් අද අපේ රටේ දේශපාලනය දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ වෙලා ඉවරයි. (නි)
දෙන්නම ඇත්ත කියල තියෙන්නේ, කොහම නමුත් රට ඉවරයි. සමහර දෙසපාලකයින් ගෙදර ඇරිය උතු කාලය ඇවිත් තියෙන බව සමහර ප්‍රකාශ වලින් සහ වැඩ වලින් දකිනවා.. (දී)