උමා ඹය ව්‍යාපෘතිය කරන්න අනුබල දිපු නිලධාරින් හා දේශපාලනඥයින් එහි ජනතාව විඳින දුක හා ඔවුන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය තේරුම් ගැනීමට එහි නිරික්ෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පැවැසීය.
උමා ඔය ව්‍යාපෘතිය මෑත කාලයේ අසාර්ථක වූ ව්‍යාපෘතියක් බවත් එය තවමත් කරගෙන යන බවත් කී ඒ මහතා දැනට ඉදිකර ඇති කිලෝමීටර් 6ක ප්‍රමාණය හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් ඇතිවී ඇතැයිද කීවේය.
දේශපාලනඥයින් යනු නිලධාරින්ගෙන් බුද්ධිමතුන්ගෙන් උපදෙස් ගන්න අය නොවන බවත් මෙවැනි ව්‍යාපෘතිවලට මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වෙනත් ආයතන වලින් පාරසරික ඇගැයීම් වාර්තා අවශ්‍ය වුවත් ඒ පිළිබඳ අවධානය යොමුකර නැති බවත් කටුපොත මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමනි, මේ උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවිය හැකි ප්‍රයෝජන හා ජනතාවට සිදුවී ඇති හා අනාගතයේ සිදුවිය හැකි අවාසනාවන්ත යැයි කියන තත්වය රටට පහදා දෙන්න. ජනතාවට මේ කිසිම දෙයක් පැහැදිලි නැහැ (නි)
දේශපාලඥයින් යනු නිලධාරින්ගෙන් බුද්ධිමතුන්ගෙන් උපදෙස් ගන්නා අය නොව රටට හෙණ ගැසුවද තම මදි තරකර ගන්නා අයයි (නි)
ඔබතුමා මේ ගැන කතා කිරීම අගය කරනවා. උමා ඔය යනු කලත් ඉතාම අවදානම් සහගත වූ , බොහෝ විට නොකළ යුතු වූ ව්‍යාපෘතියක් බව නොකිව යුතු නොවේ. විශේෂයෙන්ම ඉරානය වැනි කාර්මික අතින් සහ අවදානම් කළමනාකරණය කිරීම අතින් නොදියුණු රටකට, දේශපාලන වාසි තක ලබාදුන් ව්‍යාපෘතියක් වූ මෙය දැන් නැවත හැරවිය නොහැකි දුකක් ඉතිරි කර තිබේ. එත් තවම ප්‍රමාද නැත. වහාම මෙහි වැඩ නවතා නැවත ඇගයීමක් කල යුතුය. වගකිව යුතු යට එරෙහිව ක්‍රියා කර හානි අවම කිරීමට කටයුතු කල යුතුව තිබේ. ජනතාවගේ දුක් නිවීම සදහා දියුණු ස්විට්සර්ලන්තය වැනි රටක් උපදෙස් කාර්මික සහය ලබාගත යුතු බව සිතමි. (ර)
කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති රැකියාව දේශපාලනය. එහෙව් අයට උගතුන්ගේ උපදෙස් වලින් වැඩක් නැහැ. ඒ අය වටේ ඉන්නේ ඔවුන්ට තරම්වත් මොලයක් හෝ අවබෝධයක් නැති පිරිසක්. මේ කට්ටිය තමයි උගතුන්, බුද්ධිමතුන් යටපත් කරගෙන ඉහලට ඇවිත් ඉන්නේ. (ර)
මෙතුමාට මිනිසුන් විඳින දුක පෙනුනට දේශපාලකයන්ට කවදාවත් පේන්නේ නැහැ. (ර)
මහත්තයො, අපේ රටේ දේශපාලුවන්ට කවදාද මනුෂ්‍යයින්ගේ දුක දැනුනේ. (නි)
හැම එකටම ලියන සුමිත්‍රා බස්නායක මේකටත් යමක් ලියන්නකො (නි)
ඔය ව්‍යාපෘතියට මුල්වුණ දේලඥයින්ට චෝදනා ගෙනවිත් දඬුවම් දෙන්න බැරි ඇයි? හිතුමතයට කළ පොර්ට්සිටි නිසා අද අපේ රට විශාල ප්‍රශ්න ගොඩක පැටලිලා. (නි)
අපි ඔබතුමාලා මොනවා කරන්නද දැන්? අනෙක් පාරත් ඡන්දෙ දෙමුකෝ මෙයාලටම. (නි)
සංවර්ධනය රටකට අවශ්‍යයි. නමුත් මිනිස්සු ගැන හිතන්න ඕනෑනේ. (නි)