ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා ඔවුන්ගේ නවතම ‘දුෂණ දර්ශකය’ එළිදැක්වූ අතර ඒ අනුව ලෝකයේ දුෂණ වංචාවලින් පිරුණු රට සෝමාලියාවය. දුෂණ අඩුම රට ලෙස එම වාර්තාවේ දැක්වෙන්නේ නවසීලන්තයයි. ශ්‍රී ලංකාව 86 වැනි ස්ථානයේ ද පසුවෙයි. ඉන්දියාවට හිමිවන්නේ 95 වැනි ස්ථානයයි. ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එම ‘දුෂණ දර්ශකය’ සකස් කර තිබෙන්නේ රටරටවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සිදුවන්නා වූ දුෂණ වංචා පිළිබඳ දත්ත එක්රැස් කර ගැනීමෙනි. එම දත්ත රැස්කර ගැනීමේදී විවිධ රටවල අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල, ව්‍යාපාරික සමාගම් සහ පරිපාලන ආයතනවල සහාය ලබා ගෙන තිබේ. ඔවුන් එම දර්ශකය ඉදිරිපත් කර ඇත්තේ අවරෝහණ පිළිවෙළටය. එනම් දුෂණ වැඩිම රටට බිංදුව ද අඩුම රටට 10 ද වශයෙන් ලකුණු දීමේ ක‍්‍රමයක් අනුව මෙම දර්ශකය සැකසෙයි. ඒ අනුව නවසීලන්තයට පසු අටවැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ටේ‍්‍රලියාවය. 14 වැනි ස්ථානයේ ජපානයත්, 10 වැනි ස්ථානයේ කැනඩාවත්, 16 වැනි ස්ථානයේ බි‍්‍රතාන්‍යයත් සිටියි. ඇමෙරිකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ප‍්‍රංශය පවතින්නේ 25 වැනි ස්ථානයේය. මීට අමතරව චීනය 75 වැනි ස්ථානයේ ද පාකිස්තානය සහ මාලදිවයින 134 වැනි ස්ථානයේ ද පසුවන අතර 143 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රුසියාවයි. සෝමාලියාවට පසු දුෂණ වංචා වැඩිම දෙරට උතුරු කොරියාව සහ මියන්මාරයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
රට ගැන ධනාත්මකව කතා කරන කවුරුත් නැහැ
බය වෙන්න එපා. ඊළග සැරේ පළමු තැන ගනී
දත්ත රැස් කිරීමේ ක්‍රමයක් අලුතෙන් හදාගත්තොත් හොදයි.
86 වත් ලැබුණ එක ගැන හිතල හිත හදාගමු
අනිවාර්යෙන්ම මේක වැරදි රිපොර්ට් එකක් වෙන්න ඇති.
මේක හදපු අයටත් මොනව හරි දුන්නද දන්නෙ නෑ.
මේවනම් කියල වැඩක් නැහැ.
වෙන්න බෑ
ලංකාවට පොතේ හැටියට තියෙන්න ඕනා සෘන 0 (-0)
ලංකාවේ වාර්තා හරියට ලබාගන්න බැරිවෙලාද කොහෙදෝ....
ලංකාව කොම්පියුටර් jil-mart දැම්මද දන්නෙ නැහැ?
ලබන පාරවත් පළමු තැන ගන්න උත්සාහ කළ යුතුය.
ඇති ඔයින් ගියා
හරියට බැලුවොත් රුසියාවටත් පහල තැනක් දෙන්න ඕන
සුදු අංක තහඩු නැති වාහනයකින් ඇවිල්ල උස්සයි කියල බය හිතිලද කොහෙද 86 දීල ඇත්තේ. නැතිනම් අඩුමගානේ 10 වත් ලැබෙනවා ෂුවර්
මේක වැරදියි. ලංකාව තියෙන්න ඕන මියන්මාර් වලටත් පස්සේ
මන් හිතන්නේ මේක වැරැදියි. ලංකාවට මීට වඩා හොද තැනක් එන්න ඕනෑ
ටොප් 10 වලට එන්න ලැබේවායි පතමි
ඒකෙන්වත් අපිට පළමුවැනි තැන ගන්න බැරි වුණානේ