IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දූෂණ විරෝධී පනතට තරුණ මන්ත්‍රීවරයෙක්ගෙන් බාල්දියක්

(අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස  තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 

මේ දි වල කතාබහට ලක්ව සිටින තරුණ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉදිරි දෙසතිය ඇතුළත දූෂණ විරෝධී පනත් කෙටුම්පත  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සම්පූර්ණ කර පවතින පසුබිම යටතේය.

මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී  තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.



අදහස් (4)

දූෂණ විරෝධී පනතට තරුණ මන්ත්‍රීවරයෙක්ගෙන් බාල්දියක්

sachith Wednesday, 31 July 2024 12:54 PM

තවත් නාට්‍යක්.ඔය මොනවා ගෙනාවත් අපිව අල්ලන්න බෑ

:       4       45

ravin Wednesday, 31 July 2024 01:02 PM

අමු දූෂිතයෙක් වෙන්න ඇති නේද ?අනික් කාරණය තමා කැබිනට් එකටවත් යන්න ඉස්සෙල්ලා මෙයාගේ අතට ගියේ කොහොමද ?

:       0       44

Banda Wednesday, 31 July 2024 01:49 PM

නාමල් බේබි නේද? අපි දන්නවා හැංගිලා දෙන ගේම් ගහන්නේ කවුද කියලා

:       2       50

CC Thursday, 01 August 2024 11:08 AM

මේ රට පාලනය කල කිසිවෙකු සැබෑ දූෂණ විරෝධී පනතක් නිසි පරිදි සම්මත කර ගන්නේ නැත.මක් නිසාද ඔවුන්ගේ දේශපාලනය රඳා පවතිනේ රට දියුණු සංවර්ධිත පොහොසත් රාජ්‍යයක් කිරීමට නොව තමන්ට බලය ගැනීමටත් ගත් බලය ආරක්ෂාකිරීමටත් තමන්ට උදව්කරන පිරිස්වලට හැකි තරම් රටේ මහජන ධනය කොල්ල කන්න අවශ්‍ය අනීතික පසදුබල සහාය සැලසිය හැකි නීතිමය පරිසරයක් රටතුළ පවත්වා ගන්නටය.නිසි පරදි අල්ලස් හා දූෂණ විමර්ෂනය කොමිෂම ස්වාධීන පද්ධතියක් ලෙස පූර්ණබලැති නීතියක් සමග සම්මත කර ,ස්වාධීන විගණන කොමිෂමද ඒ අයුරින් ශක්තිමත් නිසි දඩුවම් සහිත නීති පද්ධතියක් මේ පාලකයන් ස්ථාපනය කරන්නේ නම් මහජන ධනය තමන්ට හිතූ පරිදි අවභාවිතා කරන්නට,සොරා කන්නට මේ කිසිම පාලකයකුට අවස්ථා අවහිර වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 94 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 97 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1569 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1314 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31658 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23786 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site