IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක 12කින් පොහොට්ටුව පෙරට

(හර්ෂණ තුෂාර සිල්වා සහ බිඟුන් මේනක ගමගේ)


අද දහවල් 1.00 වන විට ප්‍රකාශයට පත් කර තිබෙන ඡන්ද ප්‍රතිඵලවලින් දිස්ත්‍රික්ක 12කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

දහවල් වනවිට සියයට 44.15 ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,752,432ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර දිනාගෙන ඇති අතර සභිකධුර සංඛ්‍යාව 1,291කි.

දැනට තිබෙන ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය සභික ධුර 889ක් දිනාගෙන ඇති අතර ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,251,947කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 31.54කි.

දහවල් 1 වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 383,478කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම තරග වැදුණු පළාත් පාලන ආයතනවලින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව 181,551කි. ප්‍රතිශත ලෙස පිළිවෙළින් එය සියයට 9.22ක් සහ 4.57ක් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගෙන ඇති සභික ධුර සංඛ්‍යාව 703කි.

ජනතා විමුක්ති පෙරමුණ සභික ධුර 174ක් දිනාගන්නා විටදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය දිනාගෙන ඇති සභිකධුර සංඛ්‍යාව 173කි.



අදහස් (38)

දිස්ත්‍රික්ක 12කින් පොහොට්ටුව පෙරට

කොඩිතුවක්කු Sunday, 11 February 2018 05:11 AM

අපි පොහොටිටුවට දුනනේ ආන්ඩුවට තද රතුඑලියක් දිමටයි.ජනාධිපතිතුමා ඉතා ඉක්මනට ⁣සියලුම දුෂිතයණ්ට දරැණුලෙස දඩුවමි කර ජනතාවට ඉතා උපරිමයෙන් සහන සලස්වා රට සීඝ්‍ර සංවර්ධනට යොමුකලයුතුයි මෙි මොහෙතේ පටන්ම.

:       6208       6356

gunarathnaSunday, 11 February 2018 06:57 AM

ඔබතුමා හරි.. හුඟක් අය ඡන්දෙ දුන්නේ මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. තව අවුරුදු දෙකක් තියෙනවා හැදෙනවානම්. දැන් මුළු ගමේ බලයම මහින්ද අතේ. ගමට මහින්ද කියලා ගමේ වැඩ වලට ආණ්ඩුව පස්ස ගැහැව්වොත් ඊළඟ ඡන්දෙදී ආණ්ඩුව හෝදගෙනම යනවා.

:       66       345

PerakumSunday, 11 February 2018 08:06 AM

එහෙම නොකළොත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කරන දේ බලාගන්න.

:       0       73

nimalSunday, 11 February 2018 09:51 AM

මේක ජනාධිපතිවරණයක් වුනානම් මහින්ද ඒත් පරාදයි. ඉතින් රටේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන පක්ෂයක් මේක ජයග්‍රහණයක් විදිහට සලකන්නේ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ.

:       113       6

rakithaSunday, 11 February 2018 01:49 PM

මේ ප්‍රතිපල වල විදිහට මහින්ද මහත්තයට කවදාවත් ජනාධිපතිවරණයක් දිනන්න ලැබෙන එකක් නැහැ. දැන් තියෙන තත්වය විදිහට 50% ගන්න එතුමාට ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ඊලග පාරත් පොදු අපේක්ෂක මෛත්‍රී තමයි දිනන්නේ. අනිත් පක්ෂ සේරම එතකොට උදව් කරන්නේ පොදු අපේක්ෂකයටනේ. අනික මේ ආණ්ඩුව ජනාධිපතිවරණයට කලින් කීයටවත් මහා මැතිවරණෙකට යන්නේ නැහැ. ජනාධිපතිවරණය දිනලා ඒ උණුසුමත් එක්ක මහා මැතිවරණෙ තියල ඒකත් දිනා ගන්නවා. මේ වෙලාවේ මහින්ද මහත්තය විශ්‍රාම සුවයෙන් ඉන්නවනම් හොදයි.

:       461       320

AbaranSunday, 11 February 2018 10:15 AM

දෙපිලට බෙදිලා.. දෙපැත්තේ ඉඳලා... මේ කට්ටිය කෙරුවේ නෙට් බෝල සෙල්ලමයි..

:       0       7

පිටිගල මිලානෝ Sunday, 11 February 2018 06:02 AM

අරලියගහ මන්දිරේ ඇතුලේ හැංගිලා ප්‍රකාශ විතරක් නිකුත් කරකර හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ. අතට ලැබුණු දේ කටට දාගන්න බැරි යූ ඇන්පිය කොහොමද මේ රට සංවර්ධනය කරන්නේ? ලැබුන කාලය ඉවරයි දැන් ඉතින් කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා යන්න.

:       682       1077

nishanSunday, 11 February 2018 07:59 AM

එ.ජා.ප. යේ වත්මන් නායකත්වය සමග රටටවත් පක්ෂේටවත් අනාගතයක් නෑ. බාල බොළඳ නුපුරුදු නායකයන්ට මේ රට කරන්න බෑ. ඔහු බොහොම දුර්වලයි වගේම කිසිදු වගකීමකින් කටයුතු කරන කෙනෙක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි රටේවත් නැති අයෙක්ව මහා බැංකු අධිපති කිරීම. මම එයා ගැන වග කියන්නම් කිව්වට මොකෝ එයා කරන කිසි දෙයක් ගැන අවබෝධයක්වත් දැනුමක්වත් තිබිලා නෑ.

:       376       844

Lanka Sunday, 11 February 2018 06:29 AM

ඡන්දෙ දුන්නත් මේ අය දිනුම්... නොදුන්නත් දිනුම්, එක හොරු සෙට් එකක් ගියාම අනිත් සෙට් එක එනවා. ලංකාව කවද්ද මේකෙන් එළියට එන්නේ?

:       1994       1734

Mangala Sunday, 11 February 2018 06:38 AM

මේ සැරේ බත්කන හරක් නෑ වගේ................

:       127       735

Sathyayaa Thursday, 15 February 2018 10:19 PM

ඉස්සරනම් බත් කන හරක් හිටියේ දුෂිතයින්ට කතිර ගහන්න. දැන් බත් කන හරක් ගෙන් කොටසක් පාර්ලිමේන්තුවේ. ඉතිරි හරක් ටික පළාත් පාලන ආයතන වලට රිංග ගෙන.

:       0       0

Thilina Sunday, 11 February 2018 07:01 AM

අපි නම් පොහොට්ටුවට ඡන්දය දුන්නේ කාටවත් රතු එළි දෙන්න නෙමෙයි.. තව දුරටත් මේ වන විනාශය නවත්තන්න ඕනෑ නිසයි.. රටේ මහජාතිය අමතකකර සුළු ජාතින් පමණක් පිනවන්න යෑමේ ප්‍රතිඵල තමයි මේ..

:       417       9000

Thilina Sunday, 11 February 2018 07:01 AM

අපි නම් පොහොට්ටුවට ඡන්දය දුන්නේ කාටවත් රතු එළි දෙන්න නෙමෙයි.. තව දුරටත් මේ වෙන විනාශය නවත්තන්න ඕන නිසයි.. රටේ මහජාතිය අමතක කර සුළු ජාතීන් පමණක් පිනවන්න යෑමේ ප්‍රතිඵල තමයි මේ..

:       132       4900

chanak los angeles Sunday, 11 February 2018 07:18 AM

මේ ප්‍රතිඵලේ පිළිගන්න බැහැ.. සියලුදෙනාම යහපාලනයට ඡන්දය දුන්න බව වාර්තා වුණා. යහපාලන රජය 2030 වෙනතුරු යනවා.

:       5801       405

anuraSunday, 11 February 2018 07:59 AM

ඇමෙරිකාවට ගියාම මොලේ මච්චන් වෙනවලු...

:       51       465

LapayaSunday, 11 February 2018 08:16 AM

අද ඉඳන් 2020 වෙනකල් බඩයනවා යහපාලනයට. ලැජ්ජයි ජනතාව අමතලා වි‍ශේෂ ප්‍රකාශයක් කරන්නකෝ..

:       49       300

Ruwan Sunday, 11 February 2018 07:35 AM

පොහොට්ට්ටුවට ජය වේවා! මහින්ද, අපි ඔබ සමගයි.

:       376       3500

nuwan Sunday, 11 February 2018 07:59 AM

එක එක්කෙනා සතුටු කරවන්න රණවිරුවෝ හිරේ දැම්මා. තමන්ව මරන්න ආපු කොටියා නිදහස් කළා. දැන් වත් මේ අවමානයෙන් ගැලවෙන්න අපේ රණවිරුවෝ ටික නිදහස් කරන්න ඔබතුමාගේ බලතල වලින්...

:       1       338

janatha anura Sunday, 11 February 2018 08:01 AM

ආණ්ඩු විරෝධී විපක්ෂයට ජයවේවා !!! පාමංකඩ හොරුන් බලයෙන් නෙරපන්න.

:       8       231

කලණ ජයවර්ධන Sunday, 11 February 2018 08:09 AM

මම හරි ආසයි රාජිත, එස්.බී දෙපල මේ ප්‍රතිඵල ගැන මොකද කියන්නෙ කියල දැනගන්න. කෝ තවම නෑනේ සද්දයක්?

:       21       242

nisha Sunday, 11 February 2018 08:50 AM

ඡන්දය දුන් අයවලුන් ඔය කාලකන්නි රටේ තපිනු ඇත. මම සහ මගේ පවුල ඇමෙරිකාවේ සුවසේ ඔබලා විඳින දුක් බලා සිනාසෙන්නෙමු.

:       3681       651

malindaSunday, 11 February 2018 09:48 AM

කරුණාකර රට ගැන අදහස් දක්වීමෙන් වලකින්න මන්ද ඔබ මෙරට නොමැති බැවින් මෙහි සිදුවන දේ ගැන ඔබගේ දැනුම මද බව පෙනේ

:       19       832

mihinduSunday, 11 February 2018 11:01 AM

ඔය දාපු කමෙන්ට් එක නිසාම අයිඑස්.අයිඑස් කාරයෙක් ඔබට සහ පවුලට දීපු දාට අපි සිනා කන්නෙමු.

:       1       932

MigidaSunday, 11 February 2018 11:13 AM

ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී අය නම් අපේ මව්බිමේ පස්පාගන්නවත් එන්න එපා.

:       1       374

GihanSunday, 11 February 2018 02:10 PM

ඔබ වැනි අය පරාජය වීම පිලිබඳවත්, මේ රටේ නොසිටීම පිලිබඳවත් අපට ඇත්තේ බලවත් සං‍තෝසයකි. ඇමරිකාවේ කොයි කවුරුත් විඳින සුව වල හැටි අපි හොඳට දන්නවනේ. මොලේ තියෙන බුද්ධිමත් මිනිස්සුත් එහේ ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු මෙහෙම කතා කියන්නේ නෑ.

:       0       69

Thushara Sunday, 11 February 2018 10:01 AM

හොරු අල්ලන්න කියලා බලයට ආව ආණ්ඩුවම කිසිම වැඩක් නොකර හොරකම් කරන්න ගත්තා. එ්කේ ප්‍රතිඵලය තමා මේක. රනිල් මහත්තයා නැවතත් ඔප්පු කලා එතුමා සැබෑ ලෙසම පොළවේ පය ගහලා ඉන්න නායකයෙක් නොවන බව. මේවා එජාප නායකයින්ගෙම වැරදි...

:       0       22

kasun Sunday, 11 February 2018 10:09 AM

මේක ජනාධිපතිවරණයක් වුණානම් පැරදිච්ච සේරම එක පැත්තක්. 50% නැති නිසා මහින්ද මහත්තයා අායෙත් පරාදයි.

:       104       0

බණ්ඩාර-(කැකිරාව) Sunday, 11 February 2018 10:30 AM

යහපාලනය රජය බොරු සුරංගනා ලෝක මවමින් මුළු රටේම ජනතාව මුලාකරන්න හැදුවත් රටට ආදරේ කරන බුද්ධිමත් ජනයා, 2015 ජනවාරි 08 සිදුවුන වරද නිවැරදි කරගනිමින් ලබාදුන් කදිම තීන්දුවක් ලෙස මෙම "නෙලුම් පොහොට්ටුවේ " ජයග්‍රහණය ඉතිහාසයට එක්වේවි.

:       0       108

Ruwan Sunday, 11 February 2018 10:43 AM

දැන්වත් මිනිස්සුන්ට ඇස් පෙනුන එක ලොකු දෙයක්

:       0       109

manoj Sunday, 11 February 2018 10:51 AM

අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ සිංහයාට මාගේ උත්තමාචාරය. සිංහල අපේ රට රැක දෙන්න මැතිඳුනි...

:       11       415

alwis Sunday, 11 February 2018 11:14 AM

දැනට පවතින පාලනයට රතු එළියක් පෙන්නුවා. දැන්වත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. එයට සතුටු වෙනවා. එහෙත් වැඩිවුණු ධූර සංඛ්‍යාව ගැන නැවත හිතන්න වෙනවා. මෙම අටදහස් ප්‍රමාණයක් නඩත්තු කරන්න වෙන්නේ අපේ බදු මුදල් වලින් නේද? ජනාධිපතිතුමනි, මේ ගැන නැවත සලකා බලන්න. සමහර පළාත්වල ඡන්දය දුන්න සංඛ්‍යාව 3000ක් විතර.. එහෙත් සභිකයෝ 8 - 10ක් විතර ඉන්නවා. ලංකාවේ එක වර්ග මීටරයකට 7 - 8 ක් විතර ඉන්නවා. එ්ක රටට ලොකු බරක්...

:       0       16

K.D Ranil Sunday, 11 February 2018 12:14 PM

ලංකාවක් කියන්නේ සිංහල රටක්... සිංහලයන් විදියට අපට ජීවත් වෙන්න තියෙන එකම රට ලංකාවයි. අපට ඉන්දියාවට, පාකිස්තානයට නැතිනම් අරාබි රටකට ගිහින් අපට ජීවත් වෙන්න බැහැ. ජොබ් කරන්න පුළුවන්... එ්ත් ජාතියක්, ආගමක් විදියට ජීවත් වෙන්න තියෙන එකම රට ලංකාව... ඉතින් ඒ රට විනාශ කරන මුදලට රට, ජාතිය, ආගම පාවා දෙන අපේම සිංහල මිනිස්සු දිහා මම නම් දකින්නේ පුදුම පිළිකුල් විදියටයි. දෙමළ මිනිස්සු එයාලගේ ජාතිය ගැන හිතනවා. මුස්ලිම් මිනිස්සුට ඒ වගේමයි. එ්ත් අපේම සිංහල මිනිස්සු පක්ෂ, පාට වලට බෙදිලා මේ කරන්නේ අපේම ඉරණම වලපල්ලට අද දැමීමක්... මහින්ද මහත්තයා කියන්නේ මොන දේවල් කලත් රට, ජාතිය, ආගම ගැන හිටපු මිනිහෙක් රුපියල් 10ක් හොරකන් කලත් රුපියල් 8 ක් වත් රටට සේවයක් කළා... අවුරුදු 30ක් තිබ්බ යුද්ධය ඉවර කල නායකයෙක්ට අපේම අය හොරා කියනවා. ජාතියක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ..

:       10       311

ගුණවර්ධන Sunday, 11 February 2018 01:53 PM

ඔබේ කතාව හරි.. මොන දේ වුනත් අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් ඉතුරු වුනේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා.. අනිත් අය කරේ හැමදාම යුද්දෙ වවාගෙන කාපු එකනේ. ඇත්තෙන්ම මමත් කණගාටු වෙනවා යුද්දෙ ඉවර වෙලා අවුරුදු ගාණක් යන්නත් කලින් සිංහල මිනිසුන් ට කළගුණ අමතක වීම ගැන ....

:       15       456

BamunuarachchiThursday, 15 February 2018 07:39 AM

මම ඕක නිතර කියන දෙයක්. යුද්දය පරාද වෙලත් දමිල මිනිස්සු ප්‍රභාකරන්ට දෙවියෙකුට වාගේ සලකනවා නමුත් යුද්දය දිනවා සිංහලයාට ඔලුව කෙලින්තියා ගෙන ලෝකේ ඕනෙම තැනකට යන්න හදා දීපු මේ යුගපුරුෂයාට සිංහලයාම සලකන විදිහ දැක්කාම සිංහලයෝ මොනතරම් කුහක ගුණමකුවෝද කියා පෙනෙනවා නේද?

:       0       1

පිටිගල මිලානෝ Sunday, 11 February 2018 12:26 PM

මැතිවරණයේ එජාප නිදහස් පක්ෂ පොදු පෙරමුණ ජවිපෙ, ටී.එන්.ඒ මුස්ලිම් කොන්ග්‍රස් සියලු පක්ෂවල එකතුව පොහොට්ටුවට වඩා වැඩියි. මේ සියල්ලම පොහොට්ටු විරෝධී පක්ෂ. මේකෙන් කියවෙන්නේ ජනතාව බහුතරයක් තාමත් මහින්දව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

:       826       26

premSunday, 11 February 2018 01:07 PM

ප්‍රතිපලෙන් පෙන්නන්නේ ජාතියේ එකමුතුකමයි. එය වර්ධනය කරගන්න පියවර ගනිමු.

:       0       1003

menna Sunday, 11 February 2018 12:32 PM

ඔන්න ජනාධිපතිට දෙපැත්තෙන්ම වැඩ ගන්න චාන්ස් එකක්. දැන් තියෙන්නේ හොඳට වැඩ ගන්න එකයි. ජනතාවට සේවය කරන්න ඕනේ හින්දනේ ඔච්චර කෑගහගෙන ඡන්දේ ඉල්ලගෙන එන්නේ. දැන් තියෙන්නේ දෙපැත්තටම බැන බැන වැඩ ගන්න එකයි. මරේ මරු.

:       32       1

naradha Sunday, 11 February 2018 12:59 PM

හොරුන් ඉවත්කර, පිරිසිදු පාලනයක් ගෙන එනවා කියා බලයට පත්ව, හොරුන් ආරක්ෂා කරමින් බැංකු හොරකමේ යෙදෙන්නට වීමේ පල විපාක තමා මේ. මා සිතන හැටියට අපේ මව්බිමට යහපත්, පිරිසිදු පාලකයන් ලැබීමට තරම් පිනක් නැහැ.

:       69       120

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 15 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 233 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 89 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 263 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 494 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site