( තිළිණි ද සිල්වා )
ලබන දෙසැම්බර් මාසය තුළ තවත් ගුවන් සමාගම් 04 ක් ශ්‍රි ලංකාවට නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව රුසියාවේ අසූර් ගුවන් සමාගම , කසකස්ථානයේ එයාර් අස්තානා ගුවන් සේවය , පෝලන්තයේ ලොට් පෝලිෂ් ගුවන් සමාගම හා ඉතාලියේ නියෝස් ගුවන් සමාගම මෙලෙස ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රුසියාවේ අසූර් ගුවන් සමාගම දෙසැම්බර් මස 03 වෙනිදා සිට සතියකට දෙවරක් ද , කසකස්ථානයේ සිට එවාර් අස්තානා ගුවන් සේවය ද එදින සිට සතියකට දෙවරක් ද , පෝලන්තයේ ලොට් පෝලිෂ් ගුවන් සමාගම දෙසැම්බර් 08 වෙනිදා ද , ඉතාලියේ නියෝස් ගුවන් සමාගම 15 වැනිදා ද සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවේය.
පසුගිය දින කීපය තුළ රුසියාවේ ඇරෝෆ්ලොට් , එයාර් ෆ්‍රාන්ස් යන ගුවන් සමාගම් ඇතුළු නව ගුවන් සමාගම් 04 ක් සිය සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කළ අතර නව ගුවන් සමාගම් මෙලෙස සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කිරීම මෙරට සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ කාර්යයට රුකුලක් බව හෙතෙම කීවේය.
කොවිඩ් වසංගතයට පෙර මෙරටට ගුවන් සමාගම් 37 ක් පමණ ගුවන් මෙහෙයුම් සිදු කළ අතර මේ වන විට ගුවන් සමාගම් 17 ක් මගී ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇත. ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති ගුවන් සමාගම් ගණන 08කි.
මීට පෙර ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කළ සියලු සමාගම් සමග නැවත මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතින බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙසැම්බරයේදී නව ගුවන් සමාගම් 4ක් ලංකාවට සාජු ගුවන් ගමන් අරඹයි
jagath Wednesday, 24 November 2021 01:06 PM
අනේ යන්න මෙතන උදේ පාන්දර කෙප්ප කෙබර ඇදබාන්නේ නැතිව...
Rohan Wednesday, 24 November 2021 02:09 PM
මත්තල වී ගබඩාව සුද්ද කරලා ගමු...
RohanWednesday, 24 November 2021 02:55 PM
මත්තල නැති කළේ රනිල් ලොක්කා.. දැන් තමයි ආදායම එන්නේ..
RohanWednesday, 24 November 2021 03:00 PM
මත්තල වී ගබඩා නොකළා නම් අද වනවිට මීට වඩා ලාබ ලබනවා. එ්කේ පව රනිල්ට ගෙවන්න වෙන්නේ නැහැ..
seneWednesday, 24 November 2021 03:59 PM
මෙතන මත්තල කියා දෙයක් නැහැනේ ? මත්තල හදපුඑකම විශාල විනාශකාරි දෙයක්... තාම ණය ගෙවනවා...
Weerasumana Wednesday, 24 November 2021 02:53 PM
කවුද ඔය අහලාවත් නැති ගුවන්යානාවල යන්නේ... මොට්ට කතා...
පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 05:38 PM
බොරුත් දානවා. ලොට් පෝලිෂ් එයාර්ලයින් එක ඉස්සරත් ආවා... වසරකට මාස 09 ක් විතර...
විපරමා Wednesday, 24 November 2021 06:12 PM
කවුද ඔය කියන රටවලට යන්නේ එන්නේ...? දන්න විදියට නම් යුක්‍රේන් වලට යන්ඩ එන්ඩ අය ඉන්නවා.