දෝහා නුවර ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති හොටෙල් පාර්ක් උද්‍යානය නිල වශයෙන් විවෘත කළ බව කටාරා හොස්පිටැලිටි ආයතනය පවසයි. මෙය පවුල් තේමාව යටතේ ඉදිකර ඇති උද්‍යානයකි.
ෂෙරටන් ග්‍රැන්ඞ් දෝහා රෙසෝර්ට් ඇන්ඞ් කන්වෙන්ෂන් හෝටලයට යාබදව ඉදිකර ඇති මෙම උද්‍යානය කුඩා ජල උල්පත්, දිය ඇළි, කුඩා දිය කඩිති වැනි ජල විශේෂාංග මෙන්ම හොඳින් නඩත්තු කරන ලද තණ බිමකින්ද සමන්විතය.
හොටෙල් පාර්ක් උද්‍යානය හරහා අමුත්තන්ට මෙන්ම නගර වැසියන්ටද සන්ධ්‍යාව ගත කිරීම සුදුසු වාතාවරණයක්, ක්‍රීඩා කිරීමේ ප්‍රදේශයෙක් සහ පවුලේ සාජිකයන්ට රැස්වීම සඳහා එළිමහන් බිම් කඩක් යන පහසුකම් ලබාදී ඇත. මීට අමතරව ළමා ක්‍රීඩා පිටියක්, එළිමහන් භූමියක්, ශාරීරික යෝග්‍යතා කලාපයක් සහ වීඩියෝ වෝල් වැනි විනෝදාත්මක පහසුකම්ද හොටෙල් පාර්ක් උද්‍යානය තුළ ස්ථාපිත කර ඇත.
එසේම රස නහර පිනා යන ආහාර සහ ප්‍රණීත අතුරු පස අළෙවි කරන අවන්හල් පහක්ද ළඟදීම හොටෙල් පාර්ක් උද්‍යානය තුළ විවෘත වීමට නියමිතය.
උද්‍යානයේ භූගත රථ ගාල මට්ටම් හතරකින් සමන්විත වන අතර භූගත උමං මාර්ග පද්ධතිය ඔස්සේ රථ ගාලේ සිට දෝහා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ විය හැකිය. රථ ගාලේ වාහන 2,500 ක් පමණ ගාල් කළ හැකිය.
මෙම උද්‍යානයේ කළමනාකරණ කටයුතු කටාර් කේන්ද්‍ර කොටගත් මොසනාඩා කළමනාකාරීත්ව සමාගම විසින් සිදුකරනු ඇත.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෝහා ෂැරටන් හෝටලය අසල නව තේමා උද්‍යානයක් විවෘත වෙයි