(චමිල් රූපසිංහ)
මහනුවර පන්විල ප්‍රදේශයේ දළුක් ඔයේදී දිය නෑමට ගිය පස්දෙනකු දියේ ගසාගෙන යාමෙන් සිව්දෙනකු මියගොස් අයෙක් අතුරුදන්ව තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනකු සහ පිරිමි අයෙකි. තවත් පිරිමි අයෙක් අතුරුදන්ව සිටී.
මහනුවර හුළු ගඟේ අතු ගංගාවක් වන දළුක් ඔයේදී දිය නෑමට ගොස් ඇති මෙම පිරිස කොළඹට ආසන්න ප්‍රදේශයක ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් බව දිගන පොලිසිය කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දළුක් ඔයේ ගසාගෙන යාමෙන් 4 ක් මරුට අයෙක් අතුරුදන්
ජගත් ලියනගේ Saturday, 07 April 2018 12:02 PM
ළඟදී මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් ඇයි මිනිස්සු මෙච්චර මෝඩ. කොහේ හරි වතුර දැක්කොත් අපේ මිනිස්සු ඒකට පැනල නාන්නමයි හදන්නේ.. ඒකෙ තියන භයානක කම හිතන්නේ නැතුව. බලධාරීන් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ කාලය ඇවිල්ල තියෙන්නේ...
PJSaturday, 07 April 2018 10:33 PM
මේ සම්බන්ධයෙන් බලධාරීන් වන්නේ අපමයි.
ජගත් ලියනගේ Sunday, 08 April 2018 08:51 AM
මම අදහස් කළේ ඔය වගේ තැන් වලට, භයානක කම දක්වන පුවරු සවිකිරීම, ජීවිත ආරක්ෂක නිලධාරීන් එම ස්ථාන වල රැඳවීම වගේ දේවල් ඇති කිරිමට බලධාරීන් විසින් කටයුතු කිරීම වගේ දේවල්....
Thusha Saturday, 07 April 2018 12:49 PM
මාධ්‍යය මගින් කොපමණ රටේ මිනිසුන්ව දැනුවත් කළත් වැඩක් නැහැ. පත්තරවලින්, රූපවාහිනියෙන් කොතරම් නම් දැනුවත් කලත් මිනිසුන්ට ගානක් නැහැ. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ...
nihal Saturday, 07 April 2018 03:06 PM
තුෂා හරි .. මේ රටේ මිනිස්සු පත්තර, රූපවාහිනී මගින් ඉගන ගන්නේ නැත.. හරි හෝ වැරදි දේ පුරුද්දට වගේ කරති.. නිල් නැත්නම් කොළ ......කොළ නැත්නම් නිල්...
Chandima Saturday, 07 April 2018 04:00 PM
ඔන්න ඕකට තමයි කියන්නේ කේන්දරේ අට වෙනි ස්ථානයේ චන්ද්‍රයා ඉන්න අය කොච්චර කිව්වත් අහන්නේ නැහැ. වතුරෙන් මරණය සොයාගෙන යනවා කියලා. මේ අය ගැනත් පරීක්ෂණයක් කරලා බැලුවොත් එහෙම තියෙන අය බව සමහරවිට පෙනේවි..
Ranjith Silva Saturday, 07 April 2018 04:04 PM
කොහොම කොහේ හිටියත් කර්මය අනුව විපාක ලැබෙනවා. මේ වගේ රටක ඉන්න ලැබුණට නියම පල ලබන්න ශක්තිය අඩු වෙලා. සුවපත් වේවා !!!
Thiina Saturday, 07 April 2018 05:27 PM
ශ්‍රී ලංකාව වටේම සාගර ජලය, රට ඇතුලේ වටේටමත් මිරිදිය වලින් සපිරි ගංගා ඇළ දොළ වැව් අමුණු සාගර වන් ජලාශ උතුර උතුරා වාන් දමනවා. අපේ රට ඒ අතින් හරිම වාසනා වන්තයි . නමුත් ලංකාවේ පිහිනීමට ඇති හැකියාවේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව දැනෙන්නේ එදිනෙදා මාධ්‍ය හරහා ලැබෙන පුවත් මගින්. මේ තත්වය නම් හොඳ ප්‍රවන තාවක් නොවේ. දියේ ගිලී මිය යන යව්වන ප්‍රතිශතය ඉහල අගයක් ගන්නා බව පෙනේ. පාසල් පද්ධතියේ අනිවාර්ය විෂයක් ලෙස පිහිනීම් ක්‍රීඩාව හඳුන්වා දී එය සාර්ථකව ගැහැණු පිරිමි ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රචලිත කරවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමේ කාර්ය අධ්‍යාපන බල ධාරීන් වෙත පැවරීමට සුදුසුම කාලය උදාවී ඇති බව කිව මනාය.
abaran Sunday, 08 April 2018 01:27 AM
මිනිස්සු කොයි ආකාරයෙන්වත් දැනුවත් කරන්නට බැරි නිසා තමයි රටට හේනේ වැදිලා තියෙන්නේ...මොනවා කරන්නද රටේ අවාසනාව...
ajithkaru Sunday, 08 April 2018 02:12 AM
නුතන තරුණ තරුණියන් බොහොම දෙනෙක් නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපලයක් තමයි මේ. අපේ තරුණ කාලේ ගැහැණු ළමයිනට ඔය වගේ තරුණ කණ්ඩායම් එකතු වෙලා විනෝද ගමන් යන්න දෙමවුපියන් ඉඩ දුන්නේ නැහැ. ගැහැණු ළමයි පිරිමි ඉදිරියේ දිය රෙද්දක්වත් ඇඳගෙන නානවා තියා ඉස්සරහට එන්නෙත් නැහැ. ඒක ඒකාලේ මේක මේ කාලේ කියල අපහාසයෙන් බලන මේ කාලේ මෙවැනි මරණ දකින කොට හිතෙන්නේ නැද්ද ඒකාලේ අපේ සංස්කෘතිය මොනතරම් වටිනවද කියල. එහෙම වුනානම් මෙහෙම වෙයිද?
Sanath Sunday, 08 April 2018 02:16 AM
මේකට තවත් හේතුවක් වෙන්නේ කට්ටියක් එකතුවෙලා විනෝද සවාරි ගියාම වතුරට බහින්න භය ඈයොත් බලෙන්ම අදලගන්නවා නාන්න. ඉතින් පීනන්න බැරි අය කරවටක් ගැඹුරු වතුරේ උනත් බයටම වැටිලා ගිලෙන්න පුළුවන්. මාත් ඉස්කෝලේ ට්‍රිප් එකකදී යාලුවෝ එකතුවෙලා මුහුදට ඇදල දාල තියෙනවා.
Semapala Sunday, 08 April 2018 02:55 AM
සොබා දහමට නොගැලෙපන විට අපව අසරණ කරන දඩුවම් ලැබේ.
kalum Sunday, 08 April 2018 03:09 AM
මේකත් සසර සැඩපහර වගේ තමයි. බුදුහාමුදුරුවෝ කොයිතරම් එහි භයානක බව කිව්වත් ඒකටම පැනල වැනසෙනවා.
t.n.j.kumara Sunday, 08 April 2018 03:45 AM
මම නම් කියන්නේ මේ මැරෙන වුන් විහින් ම තමා මේ දේ කරගන්නේ . ඒ නිසා මේවා ගැන එච්චර එලවන්න ඕන නෑ. පත්තර , රුපවාහිනිවල කොච්චර මේ වගේ සිද්දීන් දැම්මත් පාඩමක් ඉගෙනගන්නැති එවුන් මැරුණට දුක් වෙන්නේ මෝඩයින් පමණයි.
Dayan Sunday, 08 April 2018 04:03 AM
වතුරට බැසීමට ප්‍රථම ජිවිත ආරක්ෂක කබා පැළඳීම අනිවාර්ය කිරීමෙන්, මෙවන් ජිවිත හානි යම්තාක් දුරකට පාලනය කර ගත හැකි වනු ඇත.
ravi Sunday, 08 April 2018 07:16 AM
සැලකිලිමත් සහ වගකීමකින් යුතු ජීවන රටාවක අධ්‍යාපනයක්, අපේ රටට අනිවාර්යෙන්ම අවශ්‍යයි.
ravi Sunday, 08 April 2018 07:16 AM
සැලකිලිමත් සහ වගකීමකින් යුතු ජීවන රටාවක අධ්‍යාපනයක්, අපේ රටට අනිවාර්යයෙන්ම අවශ්‍යයි.