(උපාලි ආනන්ද)

දළ ඇතුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට අදාළ නඩු 10 ක් අනුරාධපුර සහ තදාසන්න ප‍්‍රදේශ වල පිහිටි මහේස්ත‍්‍රාත් අධිකරණ වල සහ මහාධිකරණ වල දැනට විභාග වෙමින් පවතී.

බරණ, රේවත, සුමේධ සහ දීග දන්තු දළ ඇතුන්ගේ ඝාතන  සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 4 ක් කැකිරාව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ද,  ඩොලර් මැෂිම නමින් සංචරකයින් හඳින්වූ යුනිකෝන් නැමති දළ ඇතා ඝාතනයට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ද විභාග වේ.

අලියකු සමඟ පැවැති සටහනකදී සිහිසුන්ව බිම වැටුණු මහේශාක්‍යගේ දළ කපාගෙන යාමට අදාල නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය විභාග වේ.  පංදම්වලින් පුලූස්සා වන අලියකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාග වේ.  භාතිය දළ ඇතාගේ මරණයට සම්බන්ධ නඩුව මහව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

දෙස් විදෙස් වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කාවන්තිස්සගේ‍ ඝාතනයට අදාළ නඩු දෙකක්  ගල්ගමුව සහ මහව මහේස්ත‍්‍රාත් අධිකරණ වල විභාග කෙරේ

ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතාගේ මරණයට අදාළ නඩුව කුරුණෑගල පළාත් බද මහාධිකරණය විභාගය සිදු වේ.