තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූ සම්බරේ නම් ධීවරයාගේ රැවුල ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත්න වසර 9 කට පසු කැපුවේය. ඇමති නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු ධීවරයා ඇමති ලවා රැවුල කප්පවාගැනීමටද එකඟ විය. මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 3 ක් වැය වුණු බව ඇමති කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේටත් ඉගෙන ගන්න ඕන, මේකත් මෙයාට කරන්න බැරී දෙයක්! (ස)
මේ ඇමති වන්නට කලින් දේශපාලනයට එන්නට කලින් කරපු රැකියාව වන්නට ඕනේ. පළමු රැකියාව කවදාවත් අමතක නොවේ (නදී)
බලනකොට මෙතුමත් නොදන්න දෙයක් නැහැනේ! (නි)
රැවුල කපන්න ගත්ත කතුර කීයක් වුණාද දන්නෙ නැහැ (නි)
මුල්ගල ලියලනකොට ආයෙත් රැවුල වවපන් මාමේ (නි)
මොනවාහරි වෙලා කමක් නැහැ, මේ වැඩේ කෙරෙනවා නම් ඒ ඇති අපිට (නි)
මෙතුමා කොහොමත් දක්ෂයා (නි)
බලනකොට එතුමා නොදන්න දෙයක් නැහැනේ! (නි)
බොහොම සන්තෝෂයි (නි)
කෝටි තුනක් වැය වුණා කියන්නේ කුමකටද? මුල්ගලටද? මෙච්චර හිටපු එකේ නැංගුරම්පොළ හදලා අවසන් වනතුරු ඉන්න බැරි වුණේ මොකද? (නි)
යාන්තම් ඇති. (නි)
මට තේරෙන්නේ නැහැ. මුල්ගලක් තියනවා කියන්නේ වරාය ඉදිකරලා ඉවරයි කියන එකද? ඒ මනුස්සයාට ආයි ඔයවගේම රැවුල වවන්න වෙයි ඕක හදලා ඉවරකරගන්න (නි)
අනේ මටත් ආසයි පාර්ලිමේන්තුවේ කෙනෙකුට කියලා මගේ කොණ්ඩෙත් කපාගන්න (නි)
දත් ගලවපු කෙනාට රැවුල කපන එක මහා කජ්ජක්ද (අ)
නැංගුරම් පොළ හදන්න කලින් මුල්ගල මුල් අදියිද දන්නේ නැහැ නේද?(අ)
දැන් ඉතින්, මුල්ගල ලියලන එක කපන්න බැරියයි. (අ)
අම්මපා! මේ ඇමතිලා ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට කරන වැඩ දිහා බැලුවම. (නි)
දැන් බාබර් වැඩෙත් පටන් අරගෙනද? (නි)
තවම මුල් ගල් විතරනේ තියලා තියෙන්නේ. කපාගත්ත එක හොඳයි. ඔහොමම වැවෙන්න ඇරියා නම් දණහිස ගාවටවත් වැවිලා තියෙයි ඕක හැදිලා ඉවරවෙනකොට. (නි)
අපි බලමුකෝ ඊළඟ ඡන්දෙදි... (නි)
මෙන්න නියම මිනිස්සු! (නි)
මුල්ගල තියන එකයි, වරාය සම්පූර්ණයෙන් හදලා විවෘත කරන එකයි වෙනස්නේ! (නි)
ලොවෙන් කෙනෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලුනේ. (නි)
සමීර, මටත් ඔයටිකම තමා හිතුනේ. (නි)
අනේ! ඒ ධීවරයින් කොච්චර හොඳද? (නි)
අවුරුදු 9ට ඔච්චරද වැවිල තියෙන්නේ. (අ)