IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ධීවර මරණ හතර දක්වා ඉහළට

(පද්මසිරි ගාර්දියවසම්)

මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

මෙම ධීවරයින් වෙනත් ධීවර යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙන එන බවද පොලිසිය කියයි .

අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයන් හැකි ඉක්මනින් ගොඩට රැගෙන ඒමට මැදිහත් වන ලෙසට බල කරමින් අද පස්වරුවේ මාතර කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් හරස් කර ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූහ .

නාවික හමුදාව ධීවරයන් ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කරන බවට පොලිසිය පැවසූ පසු ධීවරයින් විසිර ගියහ .

----------------------------------

මුහුදේ පාවූ අරක්කු පානය කළ ධීවරයෙක් මරුට:තවත් පහකට අසාධ්‍යයි

----------------------------

(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 4 වෙනිදා මුහුදු රැකියාවට ගිය බහුදින ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් පසු යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස කටයුතු කල ධීවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

අනෙක් ධීවරයින් පස්දෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවද මේ වන විට වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන් ගොඩට රැගෙන එන බවද පොලිසිය පවසයි .

ධීවර යාත්‍රාව නාවික සැතපුම් 317 ක් දුර ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී අද (29) දා මෙය සිදුවී තිබේ .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි එම්.ජේ.නයනකාන්ත නමැති 42 හැවිරිදි ධීවරයාය.

මේ වන විට නාවික හමුදා යාත්‍රාවක් මේ වන විට එම ස්ථානයට යවා ඇතැයි ද නාවික හමුදාව කියයි

 



අදහස් (14)

ධීවර මරණ හතර දක්වා ඉහළට

පිටිගල මිලානෝ Saturday, 29 June 2024 02:07 PM

ලංකාවේ මිනිස්සු බහුතරයක් මකලාම හදන්න ඕනෙ ජාතියක්

:       3       92

සමන් Saturday, 29 June 2024 02:38 PM

බේබද්දනි, පාඩමක් ඉගෙන ගනිව්..!

:       5       82

පැරකුම්Saturday, 29 June 2024 07:43 PM

ඇයි බේබද්දෝ විතරද? මාළු මරණ පව් කාරයින්ටත් මේවා හොඳ පාඩම්...

:       6       0

Anura Sunday, 30 June 2024 09:01 AM

රටේම තරුණ පරපුර බේබද්දන් වුනේ කොහොමද පාලනයට යවලා තියෙන්නේ මත්පැන් හල් හිමියන් රටට අරක්කු පොවන්නේ දේශපාලුවන්

:       5       45

Thushara Saturday, 29 June 2024 03:08 PM

මරුවා ඇවිල්ලා අයියෝ...! 

:       2       43

අපි තංගල්ලෙ අප්පොච්චිගෙ මිනිස්සු Saturday, 29 June 2024 03:42 PM

මත්පැන් ද නැද්ද කියලා දන්නේ නෑ අයියා, නිකං ලස්සන හැඩ ලොකු බෝතලයක් පාවෙලා ආවා. රත්තරන් පාට වතුරක් තිබුනා ඇතුලේ... මොනවද මොනවාද ලේබලේත් ගහලා තිබ්බා. විෂබීජ නාශකයක්ද, කෘමිනාශකයක්ද, පොලිෂ් එකක්ද, සැර කෙමිකල් එකක්ද දන්නේ නෑ තිබ්බේ. හදිස්සියට කවුද ඔව්වා බලන්නේ. මිරිස් කරලක්, මාලුකෑල්ලක් හපන ගමන් අමුවෙන්ම ඇදලා ඇරියා හයදෙනාම. එච්චරයි මතක...

:       2       81

රංබොඩ Saturday, 29 June 2024 06:53 PM

අතීතය හදන්න බෑ. මේවා පාඩම් කරගන්න ඕන අනෙක් අය. දරුපවුල් රකින තාත්තලානෙ මේ ධීවර රැකියාවට යන්නේ . මත් වතුරක් සුවඳින්වත් හඳුනගන්න බැරිද ? ඔක්කොම එකට කටේ හලාගෙන. එකෙක් ඉස්සෙල්ලා බිව්වනම් උනිත් අයට බේරෙන්න තිබුණා. මත් වතුරක් වගේ හැඩයක් දැක්කම සිහි විකල් වෙන තරමට ඇබ්බැහි වෙලා.

:       0       34

Ruwan Saturday, 29 June 2024 08:43 PM

පව් කියන්න හොඳ නෑ.බේබදු කමට බීල කෙලවුනාම උන්ගෙ ගෙවල් වල උන් පාරවල් වහන් උද්ඝෝෂණය කරනව නම් උන්ටත් ගහල පන්නල දාන්න ඕනෙ.

:       2       47

Perera Sunday, 30 June 2024 01:00 AM

බේබදුකමට වඩා මෙතන තියෙන්නේ මෝඩකම

:       24       22

නන්දන පනා-මිලානෝ Sunday, 30 June 2024 10:45 AM

න්‍යෂ්ඨික අපද්‍රව්‍ය වෙන්නත් බැරි නැහැ.

:       16       9

lal Sunday, 30 June 2024 12:10 PM

පෙරේරා, බේබදුකමයි මෝඩකමයි දෙකක් නෙමේ එකක්. ඔතන වෙනසකට තියෙන්නේ මේකේ අය ඉක්මනට මැරුණා. අනිත් ජාති බොන අය පවුලේ අයටත් වද දීගෙන, අතේ තියෙන සොච්චමටත් කෙලගෙන හිමින් හිමින් මැරෙනවා....

:       0       18

Ruwan De Silva Sunday, 30 June 2024 01:11 PM

මට මතක් වුනේ මීට ඉස්සර තැපැල් කන්තෝරුවේ හොරට ගත්ත ගල් මෙලෙක් කරන බොතලේ බීලා මැරිච්ච කතාව. අරක්කු වගේ මුත්‍රා බොතලයක් වුනත් අපේ උන් බොයි. එච්චරම මළ පෙරේතකම. බලන්න මොන්ටිසෝරි යන ළමයි බිම තිබ්බ චොකලට් එකක් වුනත් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි අහලා කන්නේ ඒ කියන්නේ අවුරුදු 4-5 පොඩි උන්ටත් වඩා මොඩ හරක් තමයි මේ ඉන්නේ

:       0       11

de silva berlin Sunday, 30 June 2024 01:28 PM

පසුගිය කාලයේ බේරුවල ප්‍රදේශයේ ධීවරයෙක් පිහි ඇනුමකින් මරණයට පත්වෙලා තිබෙනවා , පිහි අනුමෙන් පස්සේ ඔහු පැය 7-8 ජීවත්වෙලා තිබෙනවා , මුහුදේදී විෂ දෙයක් පානය කිරීම නිසා අද ධීවරයෝ 4 දෙනෙක් මරණයට පත්වෙලා , මෙම සිද්දි සිදුවෙලා සුළු කාලයක් තුලදී රේඩියෝ පණිවිඩ මාර්ගයෙන් රටේ බලධාරියෝ දැනුවත් වෙලා තිබෙනවා , නමුත් මුහුදේ නාවික හමුදාව සහ ගොඩබිම ගුවන් හමුදා හෙලිකොප්ටර සහ පුහුණු නියමුවන් ඉඳලත් මේ ජිවිත බෙර ගන්න රජයට බැරිවුණා , සිද්දි වෙලා පැය 3-4 අතර තුර අත්‍යවශ්‍ය ප්‍රථමාධාර දීල මේ ධීවරයෝ රෝහල් ගත කල නම් ජිවිත 5 බෙර ගන්න තිබුන , ගුවන් හමුදාව , නාවික හමුදාව පම්පෝරි ගැහුවට වැඩක් නැහැ .අඩුම වශයෙන් මේ සිධි ඉන්දියාවට කිව නම් ඒගොල්ල මේ ගලවාගැනීමේ කටයුතු කරලා දෙනවා

:       9       1

ගමේ එකාලා Sunday, 30 June 2024 03:22 PM

බේබදුකමට පුරුදු වෙච්චි අයට බෝතලේ දැක්ක ගමන් උන් හිටි තැනුත් අමතක වෙලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2535 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site