ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි චමින්ද කරුණාරත්න මහතාගේ මෝටර් රිය කිරිබත්ගොඩදී අනතුරකට ලක් කළ බව කියන නීතී සිසු යෝහාන් රජීව් විජේසිංහ (31) රුපියල් පනස්දහසක ඇප දෙකක් මත මුදා හරින්නැයි මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.
සිද්ධිය සමථයකට පත්වීමට ඉඩ තිබු නමුත් අනතුරින් පසු නීතී ශිෂ්‍යයා සිය ජිප් රථයෙන් පලා ගිය බවත් කරුණාරත්න මහතා පස්සට පැන එම රියට යට නොවී සුළු තුවාල ලබා බේරුණු බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේදී නීතිවේදියෙක් වෙන්න ඉන්න අයෙක්ගේ හැසිරීම ඉතාම කණගාටුදායකයි (නි)
නීතීඥයෙක් වෙන්න කලින් ඔහොම නම් නීතීඥයෙක් වුණාට පස්සේ කොහොමට හිටීද? (නි)
මෙයා නීති ශිෂ්‍යයෙක්ද? (නි)
නීති ශිෂ්‍යයෙක් නීතියෙන් පලා යන්න තැත් දරයි ? නිතිවේදියෙක් උනාම කොහොම හිටීද? (නදී)
අැට මස් ලේ රහ බලන්න ලෑස්ති වෙනවා දැන්මම. (අ) .
නීතියට පයින් ගසන අනාගත නීතීඥයෙක් වගෙයි (නි)
තාම මාර්ග නීතිය පාඩම හරියට කියදීල නැතිව ඇති .(ස)
අනාගතයේ, රටේ නීතිවේදියෙක් වෙන්න ඉන්න කෙනෙක් නේද මේ? ක්‍රියාකලාපය නම් අන්තිම නරකයි (නි)
මේ වගේ අය අවුරුදු 20 කට වත් හිරේ යවන්න ඕන මිනීමැරුම් චෝදනාව මත? (අ)
තියරියට අනුව මේ කරලා තියෙන ප්‍රැක්ටිකල් එක බරපතල වැඩි මේ නීති සිසුවාගේ. (ස)