IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නත්තල් අැති ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනෙක්ට නත්තල් සමරන්න වෙන්නේ ලංකාවෙන් බැහැරව. ඒ මේ කාලෙට තියෙන ක්‍රිකට් තරග නිසා. මෙවරත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් ඉන්නේ දකුණු අප්‍රිකාවේ. හැබැයි මෙවර ලංකාවේ නත්තල් සමරන කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අයගේ ආදරණීය බිරින්දෑවරැන් සමඟ නත්තල් සමරන හැටි කතා කරන්න අපි හිතුවා.....

 

2016-12-24-ent-39

මුලින්ම කතා බහට සම්බන්ධ කර ගත්තේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේ ආදරණිය බිරිය.

නම - නිහාරි කාරියවසම් 

නිහාරිගේ ආගම -  මමත් කතෝලික 

 

කොහොමද පුංචි කාලෙ නත්තල් සමරැවේ?

ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි. නත්තල් එනකම් තමා මඟ බලාගෙන හිටියේ නත්තල් ගස ඒ වගේම ගවලෙන එහෙම හදන්න.

 

මේ සැරෙත් නත්තල් ගහ හැදුවද?

අපොයි ඔව්. අපි දෙසැම්බර් පළමු වැනිදා වෙද්දීම නත්තල් ගහ හැදුවා.

 

එතකොට නත්තල් කේක්?

අනිවාර් යෙන්ම හදනවා. ධම්මික ක්ලබ් එකටත් නත්තල් කේක් ගෙනියනවා. ඒ නිසා ඒ අයටත් එක්කම ගෙදර නත්තල් කේක් හදනවා.

 

දරැවෝ ගැන මතක් කළොත්?

ඔව්. අපිට ඉන්නේ දුවෙක් සහ පුතෙක්. දුව තමා වැඩිමල්. දුවගේ නම ඩිහාෂී ක්ලේයාරා. පුතා ඩිහාශ් නිලෝන්.

 

පොඩි අය නත්තල් සීයාගෙන් තෑගි ඉල්ලන්නේ කොහොමද?

අපි හදපු නත්තල් ගහේ දැන්මම ලියලා දාලා තියෙන්නේ ඕනේ දේවල්. එයාලා හිතන් ඉන්නේ නත්තල් සීයා කොයි වෙලාවේ හරි ඇවිත් ඒ ලියුම් අරන් ගිහින් තෑගි ගෙනත් දේවි කියලා.

 

එයාලා ඉල්ලන ඒවා ඔක්කොම වගේ ගෙනත් දෙනවද?

ඔව් ඔව්. දැන් මෙතන ඉන්න නිසා හරියටම ඒ ගැන කියන්න බැහැ. ඒ වගේම තමා එයාලා ඉල්ලන සමහර ඒවා මෙහේ ගන්නවත් නැහැ.

 

කොහොමද දැන් ඒ තෑගි දෙන්නේ?

අපි පල්ලි ගිහින් එද්දී කොහොමත් පාන්දර දෙක තුන වගේ වෙනවා. ඒ වෙද්දී නත්තල් ගහ ගාව තියලා තියනවා. ඉතින් ආපු ගමන් බලන්නේ තෑගි තියෙනවද කියලා.

 

නත්තල් සීයා ගැන අහන්නේ නැද්ද?

අපි ගිය අවුරැද්දේ දී නම් ධම්මිකගේ යාළුවෙක්ව නතතල් සීයා විදියට අන්දලා පොඩි අයව සර්ප්‍රයිස් කළා. දැන් දුව එහෙම ලොකු නිසා තේරෙනවා. පුතාට වුණත් එහෙමයි එයාටත් දැන් අවුරැදු 5ක් නිසා බොරැ කරන්න අමාරැයි.

 

ධම්මික නැතුව සමරපු නත්තල් දිනයක් තියෙනවා ද?

ඔව් දුව හම්බුන මුල එක සැරයක් ධම්මික හිටියේ දකුණු අප්‍රිකාවේ පැවති තරගයකට ගිහින්. එතකොට දුවට මාස දෙකක් වගේ නිසා මම ගියේ නැහැ. ඊට පස්සේ දෙසැරයක් වගේ අපි ඔස්ට්‍රේලියාවේදී තමා නත්තල් සැමරැවේ.

 

කොහොමද ඔස්ට්‍රේලියාවේ දී නත්තල් සැමරැවේ?

එහේදී ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ ඔක්කොම එකම එකතුවෙලා නත්තල් සමරනවා. පොඩි අයගේ නම් ටික කලින්ම ඉල්ලගෙන හැමෝටම තෑගි එහෙම ගෙනත් තියෙනවා.

 

නිහාරිගේ අනාගත බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු අතර එකම දේ තමා ධම්මික ආයේ ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කරනවා දකින එක. මොකද ධම්මිකගේ මේ උරහිසේ ඇතිවුණු අබාධ තත්ත්වය නිසා එයා දැන් සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් ඒ දේවල් හොඳවෙලා ආයේ කණ්ඩායමේ සෙල්ලම් කරනවා දැකීම තමා එකම බලාපොරොත්තුව.

 

නිහාරිගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා කියන පැතුමත් එක්කම අපි ඊළඟට සම්බන්ධ කර ගත්තේ තුන් ඉරියව් ක්‍රීඩක  තිසර පෙරේරාගේ ආදරණීය බිරිය ෂෙරමි දිනුෂිකා.

 

ෂෙරමිත් කතෝලික නේද?

2016-12-24-ent-40ඔව්. නමුත් මගේ අම්මා නම් බුද්ධාගමේ. තාත්තා තමා කතෝලික. තාත්තා ගොඩක් ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා අම්මා තමා මාව දහම් පාසැල් පවා එක්කගෙන ගියේ.

 

නත්තල් දවසට මොකද කරන්නේ?

ජේසුස් වහන්සේගේ උපන් දිනේට ජේසුස් වහන්සේ වෙනුවෙන් පල්ලි ගිහින් ගවලෙන හදලා නත්තල් ගහ හදලා එහෙම අපි නත්තල සමරනවා.

 

ගෙදරදී නත්තල් ගහ හදනවාද ?

ඔව් ඔව් හැම අවුරැද්දකම අපි නත්තල් ගහ හදනවා. ඒක දෙසැම්බර් පටන් ගන්නකොට වගේම හදනවා.

 

එතකොට නත්තල් කේක්?

සාමාන්‍යයෙන් ඉතින් ගෙදර අයට ඇති වෙන්න තරම් හදනවා.

 

තිසර එක්ක විවාහවෙලා කොච්චර කල් ද?

දැන් අවුරැදු 8ක් වෙනවා. පහුවුණ දෙසැම්බර් 3 වැනිදාට තමා අපි  අවුරැදු 8 සැමරැවේ. 

 

ෂෙරමිට තිසරව මුලින්ම හම්බුණේ කොහේදීද?

මුලින්ම නම් හම්බුණේ පල්ලියේදී. ඒ වගේම තමා මම 4 වසරේ ඉඳන්ම තිසරව දන්නවා. පොඩි කාලේ ඉඳන්ම යාළුවො අපි.

 

තිසර වගේ කෙනෙක් ලැබීම ගැන මොකද?

ඇත්තටම හරි සතුටුයි. මොකද මම එයාව පොඩි කාලේ ඉඳන්ම දන්නවා. එයා ගොඩක් කැපකිරීම් කරලා මහන්සි වෙලා තමා අද මේ තැන ඉන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම කවදාවත් හිතුවේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කසාද බඳින්න. හැබැයි මම කියන්න ඕනේ මම තිසරව කසාඳ බැන්දේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණාට පස්සේ නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න කලින්. ඉතින් ඒ ගැන සතුටුයි.

 

මේ අවුරැදු 8 ඇතුළත තිසර නත්තල් කාලෙට අවුරැදු කීයක් රටින් බැහැරව හිටියද?

ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න ලැබෙන්නෙ නැහැ. මොකද කොහොමත් එයාලගේ තරග වැටෙන්නේ මේ කාලෙට නිසා. එත් ගිය අවුරැද්දේ නම් හිටියා. ඒ වගේම මේ අවුරැද්දේත් ලංකාවේ ඉන්නවා. ඒ ගැන නම් ගොඩක් සතුටුයි.

 

තිසර ලංකාවේ නැති අවුරැදුවල ෂෙරමි කොහොමද නත්තල් සමරන්නේ?

මෙහෙමයි. ගොඩක් වෙලාවට මමත් තිසර එක්ක යනවා. ඉතින් ඒ යන රටේදී අපි නත්තල් සමරනවා.

 

වැඩිපුරම ගිහින් තියෙන්නේ මොන රටට ද?

නවසීලන්තේ හිටියා. එතකොට ඔස්ට්‍රේලියා හිටියා.

 

කොහොමද පිටරට දී නත්තල් සමරන්නේ?

එතකොට ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න කතෝලික  සියලුදෙනාම එකතු වෙලා ඉතින් පල්ලි යනවා.

 

ලංකාවේ ඉන්නවනම් කොහොමද නත්තල් සාදයක් තියෙනවද ගෙදර?

ඔව්. අපි ගිය අවුරැද්දේ දී නම් එහෙම තිබ්බා. මේ අවුරැද්දේ නම් අපි පාටි එකක් තියන්නේ නැහැ. මොකද මේ දෙසැම්බර් මගේ අම්මගේ අම්මා නැති වුණා. ඒ නිසා.

 

අනාගත බලාපොරොත්තු?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මේ ජීවිතය යන විදියට අපි යනවා. මම ගොඩක් කැමතියි එයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා දකින්න.

 

හදසර මේ කතාබහට අපි තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ගේ ආදරණීය බිරිය වෙනේෂා මෙන්ඩිස්වත් එකතු කරගත්තා.

 

2016-12-24-ent-41

වෙනේෂාත් කතෝලිකද?

ඔව්. මමත් කතෝලික.

 

කොහොමද නත්තලට සුදානම් වුණේ?

අපි ඉතින් පොඩි කාලේ ඉඳන්ම නත්තල එද්දී ගෙවල් පිරිසුදු කරලා. නත්තල් ගහ හදලා සරසලා එහෙම, නත්තල් කේක් හදලා ලෑස්ති වෙනවා.

 

දැන් පොඩි අය තුන්දෙනෙක්ම ඉන්නවනේ කොහොමද ඒ අය?

ඔව් පුතාලම තුන්දෙනෙක් තමා ඉන්නේ. ලොකු එක්කෙනාට නම් දැන් අවුරැදු 6ක් වෙනවා. දෙවැනියට අවුරැදු 3යි. පොඩිම කෙනාට අවුරැද්දයි.

 

කොහොමද දැන් එයාලා නත්තල් තෑගි එහෙම ඉල්ලනවා ද?

ඔව් ඔව් ඒවා කලින්ම ඉල්ලා තියෙන්නේ. ඒ ඉල්ලන ඒවා නම් ඉතින් මෙහෙන් හොයා ගන්න තමා අමාරැ. ඉතින් ඒවා බලලා අරන් දෙනවා.

සමහර දේවල් නම් හිතාගන්නවත් බැරි දේවල් ඉල්ලන්නේ.

 

කොහොමද එයාලා තෑගි ඉල්ලන්නේ?

එයාලට අපි කිව්වා ඕනේ තෑගි ලියලා දෙන්න. ඒක මම ගිහින්  Post  Office එකට දුන්නම ඒක නත්තල් සීයට ලැබෙනවා. ඊට පස්සේ  ඒක බලලා නත්තල් සීයා ඒ තෑගි එවනවා කියලා. දැන් ඉතින් එයාලා ලොකු නිසා ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකක් ද Post Office එක කියන්නේ කොහොමද Post කරන්නේ  කියලා. ඉතින් මුලින්ම මම  ඒ දේවල් පැහැදිලි කරලා  කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් එයාගේ ලියුමේ අකුරැ හරිද කියලා පවා බලන්න කියනවා. කොහොමත් මම උත්සහ කරන්නේ දරැවන්ට නත්තලේ තියෙන නියම අරැත තේරැම් කරලා දෙන එක. නැත්නම් ඉස්සරට මේ දේවල් යන්නේ නැහැනේ.

 

කොහොමද ඒ තෑගි දෙන්නේ?

ගිය අවුරැද්දේ සහ ඊට කලින් අවුරැද්දේ නම්  අපි මගේ මල්ලිට නත්තල් සීයා වගේ ඇඳන් එන්න කිව්වා නත්තල් උත්සවයට. ඊට පස්සේ මේ නත්තල් සීයා ඇවිත් තෑගි දෙන්නේ කියලා පෙන්වන්න. ඊට පස්සේ අපේ ලොකු පුතාට එ්කත් හරි කුතුහලයක්, කොහොමද ආවේ එතකොට එක පාරටම කොහොමද ගියේ කියන එක. එයාට දැන් තේරෙන වයස නිසා ගොඩක් දේවල් හිතනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කරන්නේ නිදාගන්න තැන, එතකොට නත්තල් ගහ ගාව එහෙම තෑගි තියලා තියනවා.

 

ජීවන් ලංකාවේ නැති අවුරැදුවල කොහොමද ?

එතකොට ඉතින් අපිත් යනවා එයත් එක්ක. එතකොට ඉතින් අපි ඉන්නවානේ එයත් එක්කම. එහෙම අපි අවුරැදු දෙකකදී වගේ තමා පිටරටක නත්තල් සැමරැවේ.

 

ඒ කොහෙදිද?

ඔස්ට්‍රේලියාවේ දී.

 

කොහොමද ඒ රටේ දී?

මට නම් මෙහෙ හොඳයි. ඒ රටවල් නත්තල්වලට බර වුණාට මට නම් මෙහෙ නත්තල් සමරනවා වගේ නැහැ. අපිට පුරැදු ගොඩක් අපේ නෑදෑයින් එක්කම නත්තල් සමරන නිසාද දන්නේ නැහැ මට එහෙම හිතෙන්නේ. ඔන්න ඔය විදියට තමා අපේ රටේ ඉන්න ජනප්‍රිය ක්‍රිකට් තරැවල  පවුලේ අය නත්තල් සමරන්නේ. ඉතින් මේ සියලු දෙනා ඇතුළු නත්තල් සමරණ ලක්වාසි සියලුම දෙනාට සුබ නත්තලක් වේවා!

 

අනූෂා රණසිංහ

 

 



අදහස් (0)

නත්තල් අැති ක්‍රිකට් තරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 359 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 949 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 294 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4624 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 966 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site