හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති ඇතුළු බලධාරීන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති වන වෛද්‍ය ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත සිය මූලික විරෝධතා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට අද (23) නියෝග කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළාය.
පෙත්සම ඔක්තෝබර් 24 වැනි දා සලකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය සමහරු සාක්කි දීලා තියෙන්නේ අස්ථි කොටස් මෙතුමා විසින් සයිටම් එකට අරන් ගියා කියලා නේද? ඒ මොකටද? එහෙ ළමයින්ට අධිකරණ වෛද්‍ය විද්‍යාව උගන්වනනේ තාජුඩීන්ගේ අස්ථි කොටස් වලින්ද? (නි)
සයිටම් එකට තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න? (නි)
තවත් සොයලා බලන්න දෙයක් නැහැ. මම නම් කියන්නේ කෙළින්ම ඇතුලට දාන්න ඕනෑ. දුප්පත් මිනිහෙකුට මෙහෙම නීතියෙන් ගැළවීමක් තියේද? අැයි මේ රටේ නීති ක්‍රම කීපයක්? එමනිසා තමයි රට මේ විනාශයට පත්වෙන්නේ? මේක දැන්වත් නතර කරන්න (නි)
අපරාධය පෙනී පෙනීත් සමහරු නිකම් රටේ ජනතාව ගොනාට අන්දන්න විකාර කරනවා. අනිත් මිනිස්සුන්ටත් ඔහොමද? ඔය යසට පොලීසිය ගිහින් කුදලාගෙන ඇවිත් අහන්නේ. අැයි මෙයාලට විතරක් අමුතු ක්‍රමවේද? (නි)
මෙයාලට තිබුනු බලය නිසා තමයි එහෙනම් මේ කොටස් අතුරුදහන් වුණෙත්. අන්තරය සහ දොස්තර සංගමය ඒ කාලේ සයිටම් එකට විරුද්ධ නොවුණෙ ඇයි කියලත් අපිට තේරෙනවා. (නි)