IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නීතිවේදියෙක් අර්ථ නිරූපණයක් ඉල්ලයි

තමන්ට කිසිදු බාධාවකින් තොරව සිය තනතුරු වල කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් වන දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරුන් එම පක්ෂ දෙකෙහි හිටපු මහ ලේකම්වරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිලි දෙක අද (28) අධිකරණයේදී ඉල්ලා  අස්කර ගත්හ.

අදාළ පැමිණිලි දෙක කොළඹ  ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා හමුවේ අද (28) කැඳවු අතර එහිදී පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතා සහ විශ්වා වර්ණපාල මහත්වරුන් සිය නීතීඥවරුන් මාර්ගයෙන්   දිසා විනිසුරුවරයා හමුවේ ප්‍රකාශ කර සි‍ටියේ තම ධූරයන්හි කටයුතු කිරීමේදී වගඋත්තරකාර හිටපු ලේකම්වරුන්ගෙන් කිසිදු බාධාවක් ඇති නොවීම හේතුවෙන් මෙම පැමිණිලි දෙක ඉල්ලා  අස්කර ගන්නා බවය.

එසේම සිය තනතුරු වල කටයුතු  වලට කිසිම අවහිරයක්ද එල්ල නොවු හෙයින් නැවත නඩු පැවරීමේ අයිති තබා ගෙන පැමිණිලි ඉල්ලා අස් කර ගැනීමට පැමිණිලිකරුවන් කැමති බවද එම නීතීඥවරු දන්වා අධිකරණයට දැන්වුහ.

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන මහලේකම්  ධූර වලින් නිල ලෙස පසුගියදා ඉල්ලා අස්වී  ඇති බවද පැමිණිල්ලේ නීතීඥවරු එහිදී කරුණු දැක්වීය.

පැමිණිලිකාර පාර්ශවයේ එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන  දිසා අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා එම පැමිණිලි දෙක නිෂ්ප්‍රභා  කළේය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් මහතා සමඟ චන්දක ජයසුන්දර , චාරක ජයරත්න ,පුලස්ති රූපසිංහ යන නීතිඥවරුන් පෙනී සිටියහ. වගඋත්තරකාර හිටපු මහ ලේකම්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද පෙනී සිටියහ.



අදහස් (0)

නීතිවේදියෙක් අර්ථ නිරූපණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 61 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 220 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 688 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1171 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 877 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site