IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති

ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මාධ්‍යවේදීහු 250ක් පමණ  ඊට සහභාගී වී සිටිති.

වෘත්තීය සමිති හා එජාප ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මාධ්‍යවේදීන් හා එක්වූහ.

මැර ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටය කැඩී ඇති බවත්, සැත්කමකින් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පවුලේ සාමාජිකයෝ කියති.

ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.

(ඡායාරූප සහ වීඩියෝ අමිල දර්ශන හේරත්)

 

 

DSC_5389

P1200420 P1200432 P1200443 P1200445 P1200446 P1200451 P1200458 P1200471 P1200498 P1200515

DSC_0003 DSC_0009 DSC_0011

DSC_0013

SPMC Galle

ඡායාරූප සහ වීඩියෝ චතුරංග සී චන්ද්‍රසේකර

DSC_0218

DSC_5376 DSC_5378 DSC_5380 DSC_5381 DSC_5385 DSC_5389 DSC_5396 DSC_5399

DSC04566 DSC04562

 

 



අදහස් (0)

නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති

සමන්ත Friday, 03 October 2014 04:50 PM

දක්ෂිණ ලංකා මාධ්‍ය සංවිධානේ කොල්ලෝ ටිකත් දුර නොබලා ආවා....උඹලාටත් ගොඩක් පිං..........(නදී)

:       0       0

විධුෂක Saturday, 04 October 2014 06:21 AM

ප්‍රජාතත්‍රවාදය සහ රටේ මාධ්‍ය නිදහස අපි දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතුයි. අනේ ඉතින් අර අහිංසක මාධ්‍යවේදියාට උපකාරයකුත් ඔය ඇත්තෝ ඔය ගමන්ම කලොත් නේද හොඳ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 03 October 2014 05:07 PM

බන්දුල පෙරේරා 2014-10-03 08:50:39 අදහස මගේ නම් නෙමෙයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 03 October 2014 08:50 AM

මාධ්‍යවේදීයෙකුගේ හකු ඇට කැඩුව කියල පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණ කරන්න කාටවත් අයිතියක් නැහැ.හකු ඇට කැඩුවනම් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නනේ ඕනේ.මොනවද මේ කරන විහිලු වැඩ? (ස)

:       0       0

විමල් Friday, 03 October 2014 08:51 AM

අදිරජ්‍යවාදී කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. (ස)

:       0       0

පුරවි Friday, 03 October 2014 09:12 AM

නියමයි . කෝ මේවට ප්‍රතිචාර. (ස)

:       0       0

සේන Friday, 03 October 2014 09:14 AM

හොඳටම පරක්කුයි. (ස)

:       0       0

නාරද Friday, 03 October 2014 09:23 AM

මාධ්‍යවේදීන්ට නිදහස වැඩියි එකයි ප්‍රශ්නේ. (ස)

:       0       0

දිනුෂ් Friday, 03 October 2014 09:23 AM

කොච්චර කෑ ගැහුවත් මාධ්‍ය නිදහස හම්බෙන්නේ නෑ මිත්‍රවරුනි.... (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 03 October 2014 09:25 AM

රටට ගහකොළ සතා සිව් පාවුන්ට, රටේ බත් කන හරක්ට මේ තරම් සේවයක් කල රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ .අනාගතයේදී බිහි වෙන්නේ නැහැ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 03 October 2014 09:30 AM

ඌව ඡන්දය.......ඌව චන්දය දින්නන්න නොකරපු දෙයක් නැහැ.සිල් රෙද්දේ/ බන පොතේ ඉදල,බත් පැකට් එකේ ඉදල කසිප්පු බෝතල් දක්වා,මුදල් දී විරුද්ද පාක්ෂිකයන්ගේ චන්ද කොළ පවා අකතු කරගෙන තිබෙනවා.කියන්නත් ලැජ්ජයි. (ස)

:       0       0

නුවන් Friday, 03 October 2014 09:35 AM

බන්දුල පෙරේරා කියන කෙනා නිල්පාට කන්නාඩියක් දාගෙන ඉන්න බව පේනවා.මේ වගේ අනුන්ගේ පව් හෝදන අය නිසා අපි හැමදාම රටක් විදියට ඉස්සරහට යන්නේ නැත්තේ. (ස)

:       0       0

නිශාන්ත Friday, 03 October 2014 09:49 AM

මේ උද්ඝෝෂණය බාල වෙන්නෙ කොටියට ආවඩලා සල්ලි හම්බ කරපු අය,තම දේශපාලන බංකොලොත් කම වහගන්න උත්සාහකරන අය,මේ අස්සෙ රිංගගෙන දඟලන එකෙන්.ඒ අය දැක්කම හිතෙන්නෙ ගුටිකාපු මනුස්සයා ගැන නෙවෙයි මෙයාලගෙ හකු ගැන. (ස)

:       0       0

සමන් Friday, 03 October 2014 10:11 AM

උද්ඝෝෂණය නම් සාදාරනයි. එත් ඔය වික්‍රමබාහුල වයේ අය දැක්කම එකේ සාධාරනකම අමතක වෙලා වෙනත් කුමන්ත්‍රණයක් ද කියල හිතෙනවා. ඇත්තටම මේවගේ උද්ඝෝෂණයක්වත් මේවගේ මිනිස්සුන්ට එපා වෙච්ච අය නැතුව කරන්න බැරිද? (ස)

:       0       0

සමීර Friday, 03 October 2014 10:17 AM

බන්දුල ලංකාවේ නිදහස් මාධ්‍ය තියෙන්නේ රජයට කඩේ යනවනම් විතරයි. (ස)

:       0       0

මහින්ද Friday, 03 October 2014 07:23 PM

මාධ්‍යවේදීන්ට ජය වේවා! (නි)

:       0       0

මාලනී Friday, 03 October 2014 07:47 PM

මාධ්‍ය මර්දනයට අපිත් විරුද්ධයි (නි)

:       0       0

පාන් කිරිත්තා Friday, 03 October 2014 10:57 AM

බන්දුල රෙදි නැතුව කඩේ යනවා වගේ. (ස)

:       0       0

මහින්ද Friday, 03 October 2014 11:02 AM

යූ එන් පී එක මාධ්‍ය මර්ධනය නොකරාටද මේ උද්ගොෂණයට ආවේ නැතිනම් සල්ලි වලට කහින වාහන වලට තෙල් ගහගෙන වාර්තා දාන හොරුන්ට ඇත්තම මාධ්‍යවේදින් අහුවෙලාද පරිස්සම් වෙමු. (ස)

:       0       0

කමල් Friday, 03 October 2014 11:06 AM

ඔය ඔතන ඉන්න දේශපාලකයින්ගෙන් තමන් බලයට ආවිට මෙවැනි දේ නොවන බවට සහතික වනවාද කියලා දැම්මම අහලා තියාගත්තොත් හොඳ නැද්ද? එදාට අපි අනිත් පැත්තේ අය සමඟ කෑගහමු වැරදියි කියලා (නි)

:       0       0

ඔෂාන් Friday, 03 October 2014 11:10 AM

අහෝ මියයන සත්‍යය! (නි)

:       0       0

සුනෙත් Friday, 03 October 2014 11:11 AM

බොරු කියන ඕනෑ නැහැ. මට නම් පෙනෙන විදියට මේ රටේ වෙන මොනවා නොමැති වුණත් මාධ්‍ය නිදහස නම් තියනවා (නි)

:       0       0

සේනාදීර Friday, 03 October 2014 11:14 AM

ටිකිරි බණ්ඩාර,අපිත් මේ රටේ තමා හිටියේ ඔබතුමා ඔය නොකියා කියන කාලේ.. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 03 October 2014 11:28 AM

අද පුවත්පතක එක ඇමතිවරයෙක් කියලා තිබුනා මාධ්‍යවේදීන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙනවා කියලා (නි)

:       0       0

රාම Friday, 03 October 2014 11:38 AM

පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා. (ස)

:       0       0

අජිත් Friday, 03 October 2014 11:46 AM

ආණ්ඩුවට බනින අය යන්නේ කඩේ නෙමේ වෙන්නැති.. (ස)

:       0       0

පද්මිණී Friday, 03 October 2014 11:50 AM

මාධ්‍ය තිබුනොත්නේ ඔය සමහරු පිටරට තානාපතිලට පයින් ගහපුවා ආරංචි වෙන්නේ. හකු නොකඩා කොහොමද?

:       0       0

සුගතපාල Friday, 03 October 2014 11:53 AM

බන්දුල පෙරේරලා වගේ මිනිස්සු කියන්නෙ හිට්ලර්ගෙ අනුගාමිකයො වෙලා මියගිය අයගෙ අවතාරද කොහේද? දැන් ලංකාවෙ ඉපදිලා. මේ වගේ අය රටක් ජනසමාජයක් කියන කාරනයේදි විශ්වාස කරන එකම දේ තමයි දැඩි විනය. ලිබරල් කියන නාමයක් මෙයාලා දන්නෙ නැහැ. (නි)

:       0       0

කමන්ත Friday, 03 October 2014 12:22 PM

දැන් අපිද කඩේ යන්නේ (නදී)

:       0       0

සෝනා Friday, 03 October 2014 12:29 PM

මම නම් කැමතියි දේශපාලනය ගාව ගන්නේ නැතිව නිදහස් මාද්‍ය ව්‍යාපාරයක් නම්. අනික ඇතුලෙම ඉදන් අනිත් අයගේ බෙල්ල කපන අයත් නැතිවම නෙමෙයිනේ. ඒ නිසා පාවා දෙන්නන් ගෙන් පරිස්සම් උනොත් හොඳයි (නදී)

:       0       0

ජනක Friday, 03 October 2014 12:47 PM

උද්ඝෝෂණය මාධ්‍යවේදීන් එක්ව සිදුකළ එකක් වුණත් අපේ රටේ පුරුද්දක් විදියට බහුතරය එක්වෙන තැන්වලට එක්වෙන දේශපාලකයන් වගේම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත කණ්ඩායම් ඉන්න බවත් අපි අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 03 October 2014 01:09 PM

මාධ්‍යවේදීන් අමනාප කරගැනීම දැලි පිහියෙන් කිරිකෑමක් මෙන්ම අනාගතය අඳුරුකර ගැනීමේ මුලාරම්භයක්! (නි)

:       0       0

ගාමිණී Saturday, 04 October 2014 01:41 AM

මෙහෙව් රටක මෙහෙව් මිනිසුන්ට මෙහෙම වෙන එක පුදුමයක්ද? උඹලාට මේ දුක තේරෙන්නේ උඹලගෙම හක්ක කඩාපු දවසටයි. මේ මනුස්සයා විඳපු දුක ලක්ෂ විසි ගනනක් යන සැත්කමකට මුහුණ දුන් එක උඹලාට සිනාසීමට කරුණක් වී නම් එවන් මිනිසුන් ඉන්න රටක ඉපදීමද පවකි. (නදී)

:       0       0

ලුම්බිණි Friday, 03 October 2014 02:05 PM

මේ සමහර අදහස් දැක්කම හිතෙන්නේ මේ අයත් මිනිසුන්ද කියලයි. මේ කළ වැඩේ වැරදියි කියන්නේ නැතුව ඒක සාධාරනීකරණය කරන්න බණ කියන අය තමා අද ඉන්නේ. මාධ්‍ය කියන එකත් නැත්නම් අද අපිට නිදහසේ පාරේ බැහැලා යන්නවත් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

ගමගේ Saturday, 04 October 2014 01:44 AM

දේශපාලනය ගාවාගත් එකට නම් මගේ කැමැත්තක් නැහැ (නි)

:       0       0

විමුක්ති Saturday, 04 October 2014 01:56 AM

උදඝෝෂණය ඉතාමත් සාධාරනයි. නමුත් බලය විසින් සියලු දේ යටපත් කළ කාලයක් මේ තියෙන්නේ. කවුරු වුණත් තමන්ගේ ජිවිතයට ආයතනයට ව්‍යාපාරයට ආදරෙයි. තව දෙයක්. ඔතනට දේශපාලකයන් සහභාගිකර නොගත්තා නම් වැඩේ ඉතාමත් ලස්සනයි. (නි)

:       0       0

ගාමිණී Friday, 03 October 2014 02:15 PM

නියම කට්ටිය සෙට් වෙලා ඉන්නේ හා හා (අ)

:       0       0

ගිහාන් Saturday, 04 October 2014 02:35 AM

රට පුරා පවත්වන ඕනෑම විරෝධතා පෙරහැරක මුලින්ම ඉන්නේ විපක්ෂය හෝ ජේවීපීය පමණයි. ඒ වගේම පටු දිග පතිකා අතේ තියාගෙන ඒකේ ලියලා තියෙන දේ කියවමින් කෑ ගසන එකත් හැමතැනම තියෙනවා. මේකෙන් මහජනතාව දැනගන්නවා මේවාට මුල්තැන දෙන්නේ කවුද කියලා. අරගලයකට දේශපාලන නායකත්වයක් දියයුත්තේ මෙවන් තැනකදී නොවෙයි. (නි)

:       0       0

බන්දු Friday, 03 October 2014 02:31 PM

බන්දුල මහත්තයෝ වමාරන දවස ඈත නෑ. (අ)

:       0       0

මිනිපෙ Friday, 03 October 2014 03:41 PM

හැම උද්ඝෝෂණයක්ම මහා පාරේ පවත්වන්නේ මහජනයාගේ අවධාණය ලබාගන්න.ඇයි ගාලු මුවදොරට යන්න බැරි. (අ)

:       0       0

රාජ් Friday, 03 October 2014 03:43 PM

මේ උද්ගෝෂණයට ආපු යු.එන්.පී. මන්ත්‍රී ල ටිකට රිචර්ඩ් ද සොයිසා ඝාතනය මතකද දන්න නැ..(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 03 October 2014 03:56 PM

අර මාධ්‍යවේදීනියකගේ ගෙදරට පැනල පැය ගානක් තිස්සේ දුරකතනයෙන් සම්බන්ද වෙමින් ලැප්ටොප් සහ ලිපි ගොනු හොරකම් කරපු හොරුන්ට මොකද වුනේ? ඒ මාධ්‍යවේදීනිය ලංකාවේද නැතිනම් පිටරටකට ගිහින්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 03 October 2014 03:59 PM

මේ තරම් මාධ්‍යවේදීනට ගහල මරල හකු කටු කුඩු කරලත් බියක් නැතිව එනවනේ උද්ගෝෂණ කරන්න අම්මපා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 03 October 2014 04:05 PM

මට නම් ලක්ෂ කෝටියක් දෙනවා කිව්වත් අද ලංකාවේ මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. මොන යකාද ඉල්ලන් කන්න කැමති වෙන්නේ. දැන දැන මුහුදු වතුර බොන්න කැමති වෙන්නේ. (නදී)

:       0       0

පිටිගල Friday, 03 October 2014 08:02 AM

ඔබ බලාපොරොත්තු වන නිදහස ඔබට ලැබේද? (නි)

:       0       0

අසන්ති Friday, 03 October 2014 04:10 PM

වික්‍රම බාහු සුමන්තිරන් මහත්තුරු ඉන්න නිසා මම හිතන්න නෑ නරක දෙයක් මේකේ තියනවා කියලා. මොකද එයාල ඉතින් ලංකාවට හරිම හිතවත් කට්ටිය නේ. (නදී)

:       0       0

දීපාල් Friday, 03 October 2014 08:18 AM

යු ඇන් පි යට කඩේ යන අයට හොඳ දඬුවම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 1510 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 663 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 1456 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 6758 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 799 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 300 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38112 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site