ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාධ්‍යවේදීහු 250ක් පමණ ඊට සහභාගී වී සිටිති.
වෘත්තීය සමිති හා එජාප ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මාධ්‍යවේදීන් හා එක්වූහ.
මැර ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටය කැඩී ඇති බවත්, සැත්කමකින් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පවුලේ සාමාජිකයෝ කියති.
ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
(ඡායාරූප සහ වීඩියෝ අමිල දර්ශන හේරත්)
ඡායාරූප සහ වීඩියෝ චතුරංග සී චන්ද්‍රසේකර




























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් මාධ්‍යවේදීනට ගහල මරල හකු කටු කුඩු කරලත් බියක් නැතිව එනවනේ උද්ගෝෂණ කරන්න අම්මපා. (නදී)
බන්දුල පෙරේරලා වගේ මිනිස්සු කියන්නෙ හිට්ලර්ගෙ අනුගාමිකයො වෙලා මියගිය අයගෙ අවතාරද කොහේද? දැන් ලංකාවෙ ඉපදිලා. මේ වගේ අය රටක් ජනසමාජයක් කියන කාරනයේදි විශ්වාස කරන එකම දේ තමයි දැඩි විනය. ලිබරල් කියන නාමයක් මෙයාලා දන්නෙ නැහැ. (නි)
දැන් අපිද කඩේ යන්නේ (නදී)
මම නම් කැමතියි දේශපාලනය ගාව ගන්නේ නැතිව නිදහස් මාද්‍ය ව්‍යාපාරයක් නම්. අනික ඇතුලෙම ඉදන් අනිත් අයගේ බෙල්ල කපන අයත් නැතිවම නෙමෙයිනේ. ඒ නිසා පාවා දෙන්නන් ගෙන් පරිස්සම් උනොත් හොඳයි (නදී)
උද්ඝෝෂණය මාධ්‍යවේදීන් එක්ව සිදුකළ එකක් වුණත් අපේ රටේ පුරුද්දක් විදියට බහුතරය එක්වෙන තැන්වලට එක්වෙන දේශපාලකයන් වගේම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිත කණ්ඩායම් ඉන්න බවත් අපි අමතක නොකළ යුතුයි. (නි)
මාධ්‍යවේදීන් අමනාප කරගැනීම දැලි පිහියෙන් කිරිකෑමක් මෙන්ම අනාගතය අඳුරුකර ගැනීමේ මුලාරම්භයක්! (නි)
මේ සමහර අදහස් දැක්කම හිතෙන්නේ මේ අයත් මිනිසුන්ද කියලයි. මේ කළ වැඩේ වැරදියි කියන්නේ නැතුව ඒක සාධාරනීකරණය කරන්න බණ කියන අය තමා අද ඉන්නේ. මාධ්‍ය කියන එකත් නැත්නම් අද අපිට නිදහසේ පාරේ බැහැලා යන්නවත් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. (නි)
නියම කට්ටිය සෙට් වෙලා ඉන්නේ හා හා (අ)
බන්දුල මහත්තයෝ වමාරන දවස ඈත නෑ. (අ)
හැම උද්ඝෝෂණයක්ම මහා පාරේ පවත්වන්නේ මහජනයාගේ අවධාණය ලබාගන්න.ඇයි ගාලු මුවදොරට යන්න බැරි. (අ)
මේ උද්ගෝෂණයට ආපු යු.එන්.පී. මන්ත්‍රී ල ටිකට රිචර්ඩ් ද සොයිසා ඝාතනය මතකද දන්න නැ..(අ)
අර මාධ්‍යවේදීනියකගේ ගෙදරට පැනල පැය ගානක් තිස්සේ දුරකතනයෙන් සම්බන්ද වෙමින් ලැප්ටොප් සහ ලිපි ගොනු හොරකම් කරපු හොරුන්ට මොකද වුනේ? ඒ මාධ්‍යවේදීනිය ලංකාවේද නැතිනම් පිටරටකට ගිහින්ද? (නදී)
මාධ්‍ය තිබුනොත්නේ ඔය සමහරු පිටරට තානාපතිලට පයින් ගහපුවා ආරංචි වෙන්නේ. හකු නොකඩා කොහොමද?
මට නම් ලක්ෂ කෝටියක් දෙනවා කිව්වත් අද ලංකාවේ මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ. මොන යකාද ඉල්ලන් කන්න කැමති වෙන්නේ. දැන දැන මුහුදු වතුර බොන්න කැමති වෙන්නේ. (නදී)
වික්‍රම බාහු සුමන්තිරන් මහත්තුරු ඉන්න නිසා මම හිතන්න නෑ නරක දෙයක් මේකේ තියනවා කියලා. මොකද එයාල ඉතින් ලංකාවට හරිම හිතවත් කට්ටිය නේ. (නදී)
දක්ෂිණ ලංකා මාධ්‍ය සංවිධානේ කොල්ලෝ ටිකත් දුර නොබලා ආවා....උඹලාටත් ගොඩක් පිං..........(නදී)
බන්දුල පෙරේරා 2014-10-03 08:50:39 අදහස මගේ නම් නෙමෙයි. (නදී)
මාධ්‍යවේදීන්ට ජය වේවා! (නි)
මාධ්‍ය මර්දනයට අපිත් විරුද්ධයි (නි)
මෙහෙව් රටක මෙහෙව් මිනිසුන්ට මෙහෙම වෙන එක පුදුමයක්ද? උඹලාට මේ දුක තේරෙන්නේ උඹලගෙම හක්ක කඩාපු දවසටයි. මේ මනුස්සයා විඳපු දුක ලක්ෂ විසි ගනනක් යන සැත්කමකට මුහුණ දුන් එක උඹලාට සිනාසීමට කරුණක් වී නම් එවන් මිනිසුන් ඉන්න රටක ඉපදීමද පවකි. (නදී)
දේශපාලනය ගාවාගත් එකට නම් මගේ කැමැත්තක් නැහැ (නි)
උදඝෝෂණය ඉතාමත් සාධාරනයි. නමුත් බලය විසින් සියලු දේ යටපත් කළ කාලයක් මේ තියෙන්නේ. කවුරු වුණත් තමන්ගේ ජිවිතයට ආයතනයට ව්‍යාපාරයට ආදරෙයි. තව දෙයක්. ඔතනට දේශපාලකයන් සහභාගිකර නොගත්තා නම් වැඩේ ඉතාමත් ලස්සනයි. (නි)
රට පුරා පවත්වන ඕනෑම විරෝධතා පෙරහැරක මුලින්ම ඉන්නේ විපක්ෂය හෝ ජේවීපීය පමණයි. ඒ වගේම පටු දිග පතිකා අතේ තියාගෙන ඒකේ ලියලා තියෙන දේ කියවමින් කෑ ගසන එකත් හැමතැනම තියෙනවා. මේකෙන් මහජනතාව දැනගන්නවා මේවාට මුල්තැන දෙන්නේ කවුද කියලා. අරගලයකට දේශපාලන නායකත්වයක් දියයුත්තේ මෙවන් තැනකදී නොවෙයි. (නි)
ප්‍රජාතත්‍රවාදය සහ රටේ මාධ්‍ය නිදහස අපි දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතුයි. අනේ ඉතින් අර අහිංසක මාධ්‍යවේදියාට උපකාරයකුත් ඔය ඇත්තෝ ඔය ගමන්ම කලොත් නේද හොඳ? (නදී)
උද්ඝෝෂණය නම් සාදාරනයි. එත් ඔය වික්‍රමබාහුල වයේ අය දැක්කම එකේ සාධාරනකම අමතක වෙලා වෙනත් කුමන්ත්‍රණයක් ද කියල හිතෙනවා. ඇත්තටම මේවගේ උද්ඝෝෂණයක්වත් මේවගේ මිනිස්සුන්ට එපා වෙච්ච අය නැතුව කරන්න බැරිද? (ස)
යු ඇන් පි යට කඩේ යන අයට හොඳ දඬුවම. (ස)
මාධ්‍යවේදීයෙකුගේ හකු ඇට කැඩුව කියල පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණ කරන්න කාටවත් අයිතියක් නැහැ.හකු ඇට කැඩුවනම් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නනේ ඕනේ.මොනවද මේ කරන විහිලු වැඩ? (ස)
අදිරජ්‍යවාදී කුමන්ත්‍රනයක ප්‍රතිපලයක්. (ස)
නියමයි . කෝ මේවට ප්‍රතිචාර. (ස)
හොඳටම පරක්කුයි. (ස)
මාධ්‍යවේදීන්ට නිදහස වැඩියි එකයි ප්‍රශ්නේ. (ස)
කොච්චර කෑ ගැහුවත් මාධ්‍ය නිදහස හම්බෙන්නේ නෑ මිත්‍රවරුනි.... (ස)
රටට ගහකොළ සතා සිව් පාවුන්ට, රටේ බත් කන හරක්ට මේ තරම් සේවයක් කල රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ .අනාගතයේදී බිහි වෙන්නේ නැහැ. (ස)
ඌව ඡන්දය.......ඌව චන්දය දින්නන්න නොකරපු දෙයක් නැහැ.සිල් රෙද්දේ/ බන පොතේ ඉදල,බත් පැකට් එකේ ඉදල කසිප්පු බෝතල් දක්වා,මුදල් දී විරුද්ද පාක්ෂිකයන්ගේ චන්ද කොළ පවා අකතු කරගෙන තිබෙනවා.කියන්නත් ලැජ්ජයි. (ස)
බන්දුල පෙරේරා කියන කෙනා නිල්පාට කන්නාඩියක් දාගෙන ඉන්න බව පේනවා.මේ වගේ අනුන්ගේ පව් හෝදන අය නිසා අපි හැමදාම රටක් විදියට ඉස්සරහට යන්නේ නැත්තේ. (ස)
මේ උද්ඝෝෂණය බාල වෙන්නෙ කොටියට ආවඩලා සල්ලි හම්බ කරපු අය,තම දේශපාලන බංකොලොත් කම වහගන්න උත්සාහකරන අය,මේ අස්සෙ රිංගගෙන දඟලන එකෙන්.ඒ අය දැක්කම හිතෙන්නෙ ගුටිකාපු මනුස්සයා ගැන නෙවෙයි මෙයාලගෙ හකු ගැන. (ස)
ඔබ බලාපොරොත්තු වන නිදහස ඔබට ලැබේද? (නි)
බන්දුල ලංකාවේ නිදහස් මාධ්‍ය තියෙන්නේ රජයට කඩේ යනවනම් විතරයි. (ස)
බන්දුල රෙදි නැතුව කඩේ යනවා වගේ. (ස)
යූ එන් පී එක මාධ්‍ය මර්ධනය නොකරාටද මේ උද්ගොෂණයට ආවේ නැතිනම් සල්ලි වලට කහින වාහන වලට තෙල් ගහගෙන වාර්තා දාන හොරුන්ට ඇත්තම මාධ්‍යවේදින් අහුවෙලාද පරිස්සම් වෙමු. (ස)
ඔය ඔතන ඉන්න දේශපාලකයින්ගෙන් තමන් බලයට ආවිට මෙවැනි දේ නොවන බවට සහතික වනවාද කියලා දැම්මම අහලා තියාගත්තොත් හොඳ නැද්ද? එදාට අපි අනිත් පැත්තේ අය සමඟ කෑගහමු වැරදියි කියලා (නි)
අහෝ මියයන සත්‍යය! (නි)
බොරු කියන ඕනෑ නැහැ. මට නම් පෙනෙන විදියට මේ රටේ වෙන මොනවා නොමැති වුණත් මාධ්‍ය නිදහස නම් තියනවා (නි)
ටිකිරි බණ්ඩාර,අපිත් මේ රටේ තමා හිටියේ ඔබතුමා ඔය නොකියා කියන කාලේ.. (නි)
අද පුවත්පතක එක ඇමතිවරයෙක් කියලා තිබුනා මාධ්‍යවේදීන්ට අවශ්‍ය සියලු පහසුකම් දෙනවා කියලා (නි)
පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා. (ස)
ආණ්ඩුවට බනින අය යන්නේ කඩේ නෙමේ වෙන්නැති.. (ස)