පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් ප්‍රධාන චරිතයක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මීට පෙර ක්‍රිෂ් සමාගමේ රුපියල් මිලියන 70ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නාමල් එම නඩුවට ඇප මත මුදාහරිනු ලැබ සිටියි.
නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මනුස්සයෙක් මෙච්චර ගානක් හොරකම් කරානම් ජීවිත කාලයම හිරේ මේගොල්ල ඇප පිට එලියට ඇවිත් පොලිසියටත් අභියෝග කරනවා පුදුම රටක් මේක (හේ)
අපේ රටේ දේශපාලකයන්ගේ හෘද සාක්කිය ගැනත් මිනිස්සුන්ගේ දේශපාලන හැසිරීම ගැනත් දුක හිතෙනවා. (හේ)
දැනට ඇමතිකම් දරන උදවියගේත් වංචා සහ දුෂණ පරීක්ෂණ සිදුකර නීතිය හමුවට ගෙන්වන්නේ නම් යහපාලනය සැබෑවක් බව පෙන්විය හැක (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රටේ නීතියට කරපු වැරදි වලට කරපු පරීක්ෂණ වලට අදාලවනේ මේ අත්අඩංගුවට ගැනීම් වෙන්නේ. එහෙම නැතුව ඉස්සර වගේ විධායක බලතල පාවිච්චි කරලා හිතුමතේට කරන දේවල් නොවෙයිනේ. මේකටනේ ප්‍රජාතන්තවාදය කියන්නේ (නි)
පුදුම විහිලු මේවා. රටේ නීතිය මිනිසුන්ව මුලාකරනවා මේ වගේ නාට්‍ය පෙන්න පෙන්නා. මේවට අනාගත මිනිස්සු උත්තර දෙනවා. එදාට හැමෝටම හැංගෙන්න වෙනවා (නි)
අර්ජුන මට හිතෙනවා ඔයා දවල් හීන දකිනවා වගේ. අපේ දේශපාලුවෝ සෙල්ලම් කරන්නෙම නීතිය එක්කනේ (බ)
ඇත්තම කියනවනම් ලංකාවේ නීතිය දුර්වලයි. දේශපලුවොන්ට ඕනකමක් නැහැ එක හදන්න. මොකද උන්ට ප්‍රසිද්ධ වෙන්නත්, ඕනෑම ජඩ වැඩක් කරලා ගැල වෙන්නත් තියෙන්නේ ඔය දුර්වල නීතිය නිසාත්. ඉතින් මේ නීති රීති යටතේ මොනම ආණ්ඩුවකින් වත් සල්ලිකාර හොරෙක් අල්ලනවා බොරු . (බ)
මේ ආණ්ඩුවට මොකක්ක්වත් හරියට කරාන්න බැරි බව සහ බොරු කියන කරන බව ඔප්පු වී හමාරයි. (බ)
අපෙන් කොල්ලකාපු සල්ලි ටික කොහොමහරි ආපහු ගන්න ... (නි)
හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා (නි)
මේ අදහස් වලින් පැහැදිලියි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා.(හේ)
රුපවාහිනි සදහා රු.කෝටි 15 යි කෝටි ගණනක ගොඩනැගිලි ඉඩම් රාජසන්තකයි.පවුලේ සුසාන භූමියට කෝටි 200 ක් ආපසු ගෙවයි.මේවා කාගේ සල්ලිද? එත් තවමත් දේශපාලනය කරනවා .පුදුමයි! ඒත් මේක ලංකාව.(හේ)
අර්ජුන මම නම් හිතන්නේ නැහැ මේයා මේ කාලේදී නැවත බලයට ඒවි කියලා (හේ)
මේ අත් අඩංගුවට ගන්නවා තව ටිකකින් ගෙවීමේ වාට්ටුවේ ඊට පස්සේ අත් දෙක උස්සගෙන එලියට එනවා නිදහස් කියලා මේක දැන් විහිලුවක්. (ර)
නාමල් අන්තිමේදී වීරයකු සහ නිවැරදි කරවකු වනු ඇත , (හේ)
ඇතුලට යනවා ආයේ එළියට එනවා. මේකටත් බද්දක් ගහන්න ඕන. (හේ)
අත් අඩංගුවට ගැනීමත් දැන් කජු ඇට කොස් ඇට ගානටම වැටිලා. (ර)
මට නම් පෙන්නේ මේක සෙල්ලමක් වගේ... අරයා ඇතුලේ මෙයා එළියේ.. ඊළගට එකේ අනිත් පැත්ත.. දැන් නම් විකාරයක් වෙලා... (ර)
අසනීප තත්වයන් බලලම අත්අඩංගුවට ගත්තනම් නේද හොද. නැත්තම් හෙට ඉස්පිරිතාලේ නේ! (ර)
ඔන්න පාද යාත්‍රා ගිහින් කරගත්ත හරිය මදිද, ටිකක් ඉවසල නිශ්ශබ්දව හිටියනම් ඉවරනේ.(හේ)
දීපාල්, මොනවද ඔයා මේ කියන අප්‍රබංශ? (නි)
යහපාලන සැලුන් එකට සති දෙකකට වතාවක් ඇතුළු කරගනු ලැබේ!! (නි)
ගරු නාමල් මන්ත්‍රී තුමනි!බය නොවී ඉන්න.ඔබ මොන වැරැද්ද කර තිබුණත් යහපාලනෙන් නිදහස ලැබෙනවා. (බ)
යහපලානේ තිත්ත වෙලා..ගන්නවනම් දඩුවම් කරන්න අපිව නිකන් රවටන්නේ නැතිව (බ)
බොරු වැඩ . ඇතුළට අරන් දවස් දෙකෙන් එළියේ. යහපාලනය තිත්තයි දැන්නම්. (නි)
අනේ මන්දා මේවට හිනාවෙන්නද අඬන්නද කියලා (නි)
දැන්නම් මොන පාලනයත් තිත්තයි මේ ලංකාවේ (නි)
දැන්නම් මේ ආණ්ඩුව අපිට එපාවෙලා (නි)
අවභාවිත සල්ලි නැවත ගන්න ලංකාවේ නීති නැද්ද? (නි)
බොරු වැඩ. ඇතුළට අරන් දවස් දෙකෙන් එළියේ. මේ පාලනය තිත්තයි දැන්නම්. (නි)
තාම ලංකාවේ ඉන්න මිනිසුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)
මහා එපාකරපු පාලනයක් මේක. (නි)
පෙන්නන්න මට රටට ආදරෙන් වැඩකරන එක ඇමතියෙක්. ඔක්කොම තමන්ගේ වාසියට විතරයි. ආණ්ඩු පක්ෂයට පැනපු හොරු ටික අල්ලන්නේ කවදාද? හොරකම් කරලා තියෙනවා නම් ඕක අල්ලන්න ඔච්චර අමාරුද? තිත්තයි දැන්නම් යහපාලනය... (නි)
නඩු අසා, වැරදි කර ඇත්නම්, ජීවිතාන්තය දක්වාම සිරගත කළයුතුයි. ඔහු කළ වැරදි සුළුපටු නොවේ (නි)
හෙට ඇප ලැබෙයි නේද? (නි)
අත්අඩංගුවට ගත්තෙත් සුළු මොහොතකටද දන්නෙ නැහැ (නි)
නීතිය සමග සෙල්ලම් නොකළ යුතුයි . කරන දෙය හරියටම කර අවසන් තීරණයට යා යුතුයි. මේ අය යලි බලයට ආවොත් සියලු දෙනාගෙන්ම පළි ගනීවි (බ)
එරංගලා, නාරංගොඩලා ජීවත්වුණේ ලංකාවේ නෙමෙයිද? (නි)
දැන් අත්දෙක උස්සගෙන වීරයෝ වගේ ටීවී චැනල් වලට ප්‍රකාශ දෙයි, පළිගන්නවා කියලා. රටේ නීතියයි හෑල්ලුවට ලක්වෙන්නේ මේ වගේ දේවලින්. (නි)
මේ විනෝද සමයට දැන්නම් හිනායන්නෙම නැහැ (නි)
මීට කලින් සමහර අය වැඩ කළේ නීතිය තමන්ගේ කියා හිතාගෙනනේ. (නි)
කිසිම තේරුමක් නැති වැඩක්. තව දවස් දෙක තුනකින් ආපසු යාවි වටේටම ටටා කියලා නෙල්සන් මැන්ඩෙලා වගේ. ඇත්තටම දැන් මේවා විහිලු වැඩ වෙලා. නීතියේ ගරුත්වයත් නැහැ. මේ අයට ලැජ්ජාවකුත් නැහැ. (නි)
මේ අත්අඩංගුවට ගැනීම් නිකන් මිනිසුන් සතුටු කිරීමටද? දින පහකින් හෝ හතකින් එළියට එනවිට වීරයෝ වගේ එන්නේ හරියට 100% නිර්දෝෂී කෙනෙක්ව ඇතුළට දැම්මා වගේ. අත්අඩංගුවට ගන්නවා නම් නියත සාක්කි ඇතුව ගන්න. නැත්නම් නොගෙන ඉන්න එක වඩා යෝග්‍යයයි. (නි)
යහපාලනය රටේ නීතිය බාල්දු කරනවා කියලයි අපිට හිතෙන්නේ (නි)
අනේ අපි ඉතින් මේවා බලලා අහලා ඔහේ ඉන්නවා (නි)
මහ බැංකු මංකොල්ලයට කවදා පියවර ගනීද? (නි)
අත්අඩංගුවට ගන්නවා දවස් කීපයක් රිමාන්ඩ් එකේ ඉන්නවා ඊට පස්සේ ඇප පිට එළියට එනවා ආයෙමත් අත් අඩංගුවට ගන්නවා ඊටපස්සේත් වෙන්නේ කලින් ටිකමයි. මොකද්ද මේ විගඩම?(හේ)