IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති

බදුල්ල දිස්ත්‍රික්කයේ  කැබිනට් ඇමැතිවරුන්  දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා  මහතාගේ බදුල්ල  ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා  මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද  එක්සත් ජාතික පක්ෂයට හිමි විය.

 

 

 

 



අදහස් (0)

නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති

නේතන් Sunday, 21 September 2014 10:00 AM

වැඩ කරලා තිබුනා නම් මෙහෙම වෙන්නෙ නැහැ. දැන්වත් ජනතාව අතරට ඇවිත් බලන්න. (නදී)

:       0       0

සෝමසේන Monday, 22 September 2014 05:03 PM

කෝ ඉල්ලීම් ලැබුනද?දැන්වත් පාරට බහිමු (නි)

:       0       0

සුනිල් Sunday, 21 September 2014 11:09 AM

දෙන්නම කරපු දේවල් වලට තමයි (නදී)

:       0       0

දීපිකා Sunday, 21 September 2014 11:16 AM

එක්සත් ජනතා සංධානයට ඡන්දෙ දුන්න අයට දැන් කන්න හම්බවෙයි...සමහරුන්ට පාන් කියාගන්න බැහැ.ඉන්නේ පැල්පතේ .(අ)

:       0       0

සරත් Sunday, 21 September 2014 11:34 AM

මේ අයගේ කෙරුවාව විතරයි. හොඳ වැඩේ පැරදුන එක. (නදී)

:       0       0

වසන්ති Sunday, 21 September 2014 11:37 AM

කොහොම කීවත් ආණ්ඩුවට දැන් රතු එලිය වැටිලා තියෙන්නේ ලගදීම ගෙදර යනවා. යු එන් පි ආණ්ඩුවක් අපිට ඕනි දැන් එකම බලපොරෝතුව. (නදී)

:       0       0

රූපා Sunday, 21 September 2014 05:47 AM

අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතාගෙන හිටියට දැන් මොකද උනේ. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 21 September 2014 05:52 AM

ඊළඟ මහා මැතිවරණයේදී තවත් බුද්ධිමත් වන්නට බදුල්ල ජනතාවට හැකිවේවා! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 21 September 2014 05:48 AM

ඕනෙම දෙයක් සීමාව ඉක්මවා යාමෙන් අයහපත් ප්‍රතිපල තමා ලැබෙන්නේ. එජාපය පැරදුනාට ඔවුන් මේ වනවිට විශාල ජයග්‍රහණයක් හිමිකරගෙන සිටිනවා. ජනතා අප්‍රසාදය මේ රජයට දැන් මතුවෙමින් තිබෙනවා. මා ප්‍රබල ශ්‍රී.ල.නි.ප වුනත් අද බොහොම සතුටුවෙනවා. මොකද මේ මැතිවරණ ව්‍යාපාරය තුල විරුද්ධ පාක්ෂිකයින්ට ඉතාමත් නින්දිත ලෙස නොයෙක් නොයෙක් මැර ප්‍රහාර එල්ල වුනා නොයෙක් නොයෙක් බාධා ඇතිවුනා. ඔවුන් ඉවසීමෙන් කටයුතු කිරීම තුලින් මේ ජයග්‍රහණය ඔවුන්ට ලබා ගැනීමට හැකිවුනා. සාධාරණ ලෙස ඔවුන්ට තම මැතිවරණ කටයුතු කරගන්න බැරිවුනා. ජනතාව දැන් දැන් අසාධාරණයට විරුද්ධව නැගී සිටිනු දකින්න හරිම සතුටුයි.(නදී)

:       0       0

ප්‍රේමසිරි විජේසිංහ Sunday, 21 September 2014 05:59 AM

මේ අය හිතාගෙන හිටියේ දිනන්න වැඩකරන්න ඕනේ නැහැ කතාව තිබුනොත් ඇති කියලා (නදී)

:       0       0

සරත් Sunday, 21 September 2014 06:01 AM

මෙය විශාල පෙරලියක ආරම්භයම සිතන්නට ජනතාවට පනිවුඩයකි. එයට තදබල හේතුවක් ඇත. රාජපකෂ පවුලේ අයකුටම මෙසේ පිළිතුරු දීම ජනපතිවරණයට ලොකු අභියෝගයකි. ආන්ඩුවේ බල කනු දෙකක ආසන පරාද වී ඇත. ජෙනරාල් මාධ්‍ය මගින් ඡන්ද ප්‍රචාරක කටයුතු නොකිරීමෙන් රජයට වාසි වී ඇත (නදී)

:       0       0

නයනජිත් රත්නායක Sunday, 21 September 2014 06:07 AM

මේ අය දැන් අවලංගු උන කාසි තරමට වැටිලා නිසා අයින් වෙලා දැන් අලුත් අයට ඉඩදෙන එක තමා හොද. (නදී)

:       0       0

අසිත චාමර Sunday, 21 September 2014 06:08 AM

ඒක ඇත්ත තමයි රූපා අක්කේ (නදී)

:       0       0

බංඩාර Sunday, 21 September 2014 06:10 AM

දෙන්නම එකම පාරේ යන්නේ කියලා අාරංච්යි. ඉතින් ඡන්ද වැඩ කරන්න වෙලාව නැතිව ඇති. කොහොම හරි දෙන්නවම ලබන පාර ගෙදර යවමු (නදී)

:       0       0

සමීර Sunday, 21 September 2014 06:18 AM

කාටද මන්දා ඔෆිස් කාමරෙයි නිදියන කාමරෙයි මාරුවුණා කියල අාරංචිත් වුනානේ (නදී)

:       0       0

කපිල Sunday, 21 September 2014 06:26 AM

වැපිරූ දේට අස්වැන්න ලැබී ඇත. (නි)

:       0       0

මධූ Sunday, 21 September 2014 06:24 AM

මාළුවා නහින්නේ කට හින්දා කියනවනේ! (නි)

:       0       0

සේන Sunday, 21 September 2014 06:28 AM

ඡන්දෙ ගන්නකල් බොරු කියන, අරගෙනත් බොරු කියන මහත්වරුන්ට හොඳ පාඩමක්. (නි)

:       0       0

සජී Sunday, 21 September 2014 12:26 PM

මේ දෙන්නාගැන කියන කොට වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය මතක් වුනා. ''ලිඳෙන් වතුරබීලා එයින්වතුර නාලා ලිඳට ගල්ගසාලා වතුරබොරකරයි මිනිසා...'' මේ දෙන්නාම අපිට කළේ මේ දෙයම තමයි.. මහා ඡන්දයක් එනතුරු අපි බලන් ඉන්නේ මෙයාලාට කලගුණ සලකන්න..(අ)

:       0       0

සමන් Sunday, 21 September 2014 06:28 AM

ලංකාවේ සමහර ඇමතිවරුන්ට තිබෙන ජනතා කැමැත්ත මේකෙන්ම තේරෙනවා (නි)

:       0       0

ජීවන්ති Monday, 22 September 2014 04:00 AM

තමන්ගේ තරම දෙන්න්ම් ඇමතිලා දෙන්නටම දැනිල ඇති හොදටම්. (ස)

:       0       0

සමන් Sunday, 21 September 2014 06:34 AM

දෙන්නම් බැටේ කියලාම මිනිස්සු දීලා තියනවා. (නි)

:       0       0

ජිම් Sunday, 21 September 2014 06:52 AM

හරින්ට සහ ජයන්තට සුභ පැතුම් (නදී)

:       0       0

නදිනි Sunday, 21 September 2014 12:47 PM

මමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. එත් මේ අය පැරදෙන්නම ඕනේ. බලමු දැන්වත් වැඩ කරයිද කියලා (නදී)

:       0       0

තරුණාරත්න පෙරේරා Sunday, 21 September 2014 06:54 AM

මෙයාල හිතන් ඉන්නේ මේ ගොල්ල කියන සේරම දේවල් පිලිගන්න ඕනා කියලා. දෙන්නගෙම පැටිකිරිය මිනිස්සු හොඳට දන්නවා. ඊළඟ ඡන්දයේදී මෙයාලට මිනිස්සු පැන්සන් දේවි. (නදී)

:       0       0

බණ්ඩා Sunday, 21 September 2014 07:00 AM

මෙයාල වෙන වැඩ කළා මිසක් ආසනයට වැඩක් කලේ නැහැ කියල මිනිස්සුන්ට දැන් තේරිලා. (නදී)

:       0       0

සම්පත්- ඩුබායි Sunday, 21 September 2014 07:00 AM

ඩිලාන් ඇමති ගැහැණු ටික රට පටවලා රට විරුවෝ කියල ලස්සන නමකින් දාලා හිතාගෙන ඉන්නවා ඇති අපි ලංකාවේ ඉන්න ඔක්කොමලා ආණ්ඩුවට කියලා. (නදී)

:       0       0

සදුනි Sunday, 21 September 2014 07:01 AM

සරත්, මේ දෙදෙනාම රාජපක්ෂ පවුලේ සාමාජිකයින් නොවේ. මෙය රජය පෙරලන රැල්ලක් හෝ ඔබ කියන විදියේ පෙරළියක පණිවිඩයක් නම් අඩුගනනේ දිස්ත්‍රික්කයක් වත් පැරදිය යුතුය. ජෙනරාල්ගේ වලංගු භාවය තිබුනේ සිරගෙයිදී පමණි. එදා ඔහු සමග සිටියවුන් ...මංගල..අර්ජුන ටිරාන් ජවිපෙ යු එන පී.ටී එන ඒ පමණක් නොව ඔහුගේ ලේකම්වරු පවා අද ඔහු අතහැර ගොස්ය. නමුත් මෙය ආණ්ඩුවේ ඇතැම් අත්තනෝමතික ක්‍රියා දාමයන්ට නම් රිදෙන පිළිතුරකි. ව මේ රටේ රජයක් පිහිටවනවා නම් ඒ යු.එන්.පිය පමණකි. (නදී)

:       0       0

රුවන්තිකා Sunday, 21 September 2014 12:51 PM

මෙහෙම තමා අනෙක් අයටත් කරන්න තියෙන්නේ. හොද පාඩමක් අනිත් අයටත්. දැන්වත් ජනතාවට සේවයක් කරන්න අනිත් අයත් හිතට ගන්න . හැමදාම රජ කරන්න බැහැනේ. බලයට එන්නේ නිකන් ඉන්න නෙමෙයිනේ. ඔය වගේ කපා හරින්න තව ගොඩක් අය ඉන්නවා. අර කුඩු කාරයෝ,පාතාල නායකයෝ,හොරු,මංකොල්ල කාරයෝ. ජනතාව වෙලාව ආවම ඔයවගේ ප්‍රතිචාර දක්වයි. ආණ්ඩුවට මේ ජන්දයෙන් හිතන්න දෙයක් තියෙනවා ඔය වටේ ඉන්න හොරු ටික පන්නල දාන්න. බොරුවට මන්ත්‍රීලා ගොඩක් තියාගෙන ඉන්නේ නැතුව වැඩක් කරන ටික දෙනෙක් තියා ගන්න. (නදී)

:       0       0

අචිනි Sunday, 21 September 2014 07:04 AM

බුද්ධිමත් ඌව ජනතාවට හිසනමා ආචාර කරමි (නි)

:       0       0

කලීල් Sunday, 21 September 2014 07:04 AM

කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ මේකට වෙන්න ඇති (නි)

:       0       0

රොහාන් ගල්ගමුව Monday, 22 September 2014 04:43 AM

ජනාධිපතිතුමණි කොහොමද ඔබ තුමාගේ කැබිනට් ඇමති වරුන්ට ආසනවලින් සලකලා තියෙන අන්දම. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (නදී)

:       0       0

කේ නීල් රන්ජන් Sunday, 21 September 2014 01:07 PM

හොඳ වැඩේ වෙන වෙන දේවල් කළා මිසක් රටට වැඩක් කලේ නෑහැනේ (නදී)

:       0       0

රංජන් ඉන්දියාව Sunday, 21 September 2014 07:19 AM

හොදම වැඩේ. මේ ලියපු ප‍්‍රතිචාරය දමයිද කියා මට සැකයක් තියනවා. (නදී)

:       0       0

තරංග Sunday, 21 September 2014 07:22 AM

තවම පටන් ගත්තා විතරයි , හරීන් දිනුම් (නදී)

:       0       0

සරත් Sunday, 21 September 2014 07:42 AM

ඇත්තම කියනවා නම් මේ දෙන්නම නිතිය දන්නා වූ දෙදෙනෙකුයි කියති. නමුත් ලයිමකට නිකමටවත් මිරිවැඩිසඟල තබා ඇවිද නැත. බදුල්ල ඡන්දෙට මේ දෙන්න නොගියා නම් තවත් කියක් හෝ වැඩි කරගන්නට තිබුණි. මෙයාලාගේ වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුනන බදුල්ල ජනතාව කොළ බොක්කටම ඇනපු බව පෙනේ. ජනාධිපතිතුමනි! මේ සමගම ඇමති මණ්ඩල මාරුවකට නොව සංශෝධනයකට යනු මැනව (නදී)

:       0       0

අපොන්සු Sunday, 21 September 2014 07:50 AM

අවසානයක ආරම්භය? (නදී)

:       0       0

රුමේෂ් Sunday, 21 September 2014 07:49 AM

සදුනි - සරත් මහතා කියා ඇත්තේ රාජපක්ෂ පව්ලේ ශෂින්ද්‍ර රාජපක්ෂ ගැන. මෙය රජය පෙරන රැල්ලක් ද නැද්ද යන්න තවම තීරණය කල නොහැකිය. නමුත් මොනරාගල, බදුල්ල වැනි දිස්ත්‍රික්ක වලින් මෙහෙම ආණ්ඩුවට ඡන්ද අඩු වෙනවා නම් බස්නාහිර, දකුණ, මධ්‍යම වගේ පළාත් වලින් ආණ්ඩුවට තියන අවස්ථා බොහොම අඩු වෙන බව කිව හැකිය (නදී)

:       0       0

විමුක්ති Sunday, 21 September 2014 01:30 PM

ඈවරයි දෑවරයි තුන් ඈවරයි තීන්දුයි නිවාරනයි (නදී)

:       0       0

කුසල් Sunday, 21 September 2014 07:55 AM

සදුනිගේ කතාව හරි. මේ රටේ විකල්ප රජයක් පිහිටුවනවා නම් ඒ එජාපය පමණයි. ෆොන්සේකා මහතා වගේම ජවිපෙ අයත් මෙම තිත්ත ඇත්ත තේරුම්ගෙන ඒකාබද්ද විපක්ෂයක් හැදුවොත් පමණක් සන්දානයට තරඟයක් දියහැකියි. නැත්නම් මෙයාල කරන්නේ නිකන් ඡන්ද අපතේ යැවීම පමණයි. (නදී)

:       0       0

ගිහාන් Sunday, 21 September 2014 07:58 AM

සඳුනි නම් ඔබටයි. කාර් එකට නැගල හොඳට පදවාගෙන ඇවිල්ල දැම්ම නේද කුණු කාණුවටම. (නදී)

:       0       0

කමල් පෙරේරා Sunday, 21 September 2014 01:52 PM

මම හිතන්නේ බදුල්ලේ හා හාලි ඇල ජනතාව බුද්ධිමත් (නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 21 September 2014 08:14 AM

නමට කැබිනට් ඇමති, ජනතාවට වැඩකරන්න මුදල් නෑ, බලය නෑ, නමුත් මේ ඇමතිවරු දෙදෙනා පළපුරුදු උගත්, බුද්ධිමත් දක්ෂ ඇමතිවරු දෙපලක්. බලය මුදල් එක තැනකට ගුලිවෙනකොට මෙවන් ප්‍රතිපල අරුමයක් නොවෙයි. තව ඉදිරියේදී මෙය ව්‍යාප්ත වනු ඇත. එළිවෙන ජමෙටලු හොඳ, හොඳ සෙල්ලම්. අපි බලාගෙන ඉඳිමු, එලිපත්තට වී මා ද බලා සිටිමි. (නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 21 September 2014 02:06 PM

සම්පත් වටින කතාවක්. දෙන්නටම කන්නවෙයි (නදී)

:       0       0

රෝහණ Sunday, 21 September 2014 08:21 AM

රජයට ටිකක් රිදෙන්න මේපාර මැතිවරණයෙන් මිනිස්සු කරපුදේ මම අගය කරනවා. කොච්චර සංවර්දනය කරනවා කිවත් මිනිස්සු තවමත් තුන් වේලෙන් එක වේලක් හොදට කන්නේ නැතිව දුක් විදිනවා. එ්ක සන්දාන ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

සාරංග Monday, 22 September 2014 06:26 AM

මෙලෝ රහක් නැති දේශපාලනේ...කොයි කවුරුත් බලන්නෙ තමන්ගෙ මඩිය පුරවගන්න තමයි...පොඩි එකාට සලකල හිතල වැඩ කරන එකෙක්වත් නෑ... (ස)

:       0       0

ජයසුරිය Sunday, 21 September 2014 08:23 AM

දොඹෙන් දෙනවා කියල කියන්නේ මේකටද ? (නදී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 21 September 2014 08:31 AM

වැඩකට නැති කෛයිවාරු ගහන දෙන්නෙක්. අයින් වෙනවා නම් හොඳයි (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 21 September 2014 08:32 AM

හාලි ඇළ, ඉන්න ජනතාවට දැන්නම් මොලේ පෑදිලා වගේ (නදී)

:       0       0

මහින්ද Sunday, 21 September 2014 02:43 PM

රට කාපු අයගේ කාලේ දැන් අවසාන වේගන එන්නේ (අ)

:       0       0

බමුණු Sunday, 21 September 2014 08:37 AM

රටේ රජයක් පිහිටවනවා නම් ඒ යු.එන්.පිය පමණකි. එතකොට යු එන් පි එක 2008 දී අර කණ්ඩායමකට පොරොන්දු උන ඒවා ? (නදී)

:       0       0

ප්‍රනාන්දු මේරියන් Sunday, 21 September 2014 02:49 PM

දෙන්නම පමනට වැඩිය හිතට අරන් හිටියේ (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 21 September 2014 08:51 AM

අධිවේගී මාර්ග, නගර අලංකාර, සිමා කර ගමේ ගොඩේ පාරවල් ටික අලුත් වැඩියා කරදී , දුප්පත් ගොවියා ගැන සිතුවා නම් වඩා හොද බව මේ අය තේරුම් ගත යුතුය. නමුත් ජනතාව කරන්නෙත් එකම අච්චාරුවේ මුට්ටිය මාරු කිරීම පමණයි. (නදී)

:       0       0

අශෝක Sunday, 21 September 2014 09:10 AM

කොහොමටත් සිරිපාල මහත්තයට ලොකු මහත්තයා කැමති නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නිසා. ඒ නිසා ට පාඩමක් උගන්නන්න තමයි ඕක කරේ. දිලාන්ට නම් ඉතින් ලබන සැරේ ඇපත් නැහැ (නදී)

:       0       0

ධර්මපාල Sunday, 21 September 2014 09:24 AM

බෞද්ධයන්ට වලකපන මෙවැනි දේශපාලුවන්ගේ දේශපාලන ජීවිතය අවසන් කරන්නට ජනතාව ලබාදුන් තීන්දුවට අපේ ප්‍රණාමය(අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 21 September 2014 09:38 AM

මහත්මාගතිය නම් ඉල්ලා අස්වෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 146 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 104 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 510 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1011 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1076 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site