(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටවූ ස්ථාවරයේ සිටින කණ්ඩායමට ඇතුළත් වන්නේ මන්ත්‍රීවරුන් විස්සකට අඩු පිරිසකි.
මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් එම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත්වන්නෝය.
සෙසු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී මේ පිරිස සභාවේ අසුන් ගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවද දැනගන්නට ඇත.
මේ අතර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ සිටින අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන්ද පක්ෂයේ තීරණයත් සමඟ කිසියම් අර්බුදකාරී තැනකට ගොස් ඇති අතර
ආණ්ඩුවට විරුද්ධ මතයක සිට එම තනතුරු දැරීමද ගැටලුකාරීවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාමල් පිලේ මැති ඇමැතිලා එළියට විසිවේ?
ගමේ එකාලා Wednesday, 31 July 2024 05:42 PM
ශිෂ්ට සම්පන්න නීති ගරුක රටක නම් මෙළහකටත් හිරේට යවලා.
අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 06:15 PM
බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි, ඒක නිසා ඔය හොරු රැල ආණ්ඩු පක්ෂයේ වාඩි වුණත් විපක්ෂයේ වාඩි වුණත් වෙනසක් නැහැ. එකිනෙකාට අවශ්‍ය වෙලාවට ඇවිල්ලා උදව් කර ගනීවි... හොරුන්, අපරාධකරුවන් හා දූෂිතයින් රැකගන්න.
Gesha Wednesday, 31 July 2024 07:28 PM
එතකොට අරවින්ද මොණරවිල කියන්නේ කප්පම් ප්‍රසන්න ඇතුළු හොරුන් හොඳයි කියලද? ආණ්ඩුව ගෙනියන්න. ඇන්නා පැන්නා කොම්පැනිය මරු තමයි ආණ්ඩුව ගෙනියන්න.
dasun Wednesday, 31 July 2024 09:40 PM
ඔය රාජපක්ෂ පවුල හිඟා කන දිනය වැඩි ඈතක නොවේ...
Rohana Wednesday, 31 July 2024 09:56 PM
හොරකමට වංචාවට ආයුෂ අඩුයි කියන්නේ ඔන්න ඕකයි.
chandima Thursday, 01 August 2024 02:49 AM
රනිල් පිල,නාමල් පිල ,රාජපක්ෂ පිල ,සජිත් පිල ,එතකොට කෝ මහජනතාවගේ නියෝජිතයෝ ?