පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහස කිරිමේ චෝදනා පත්‍රය ඔක්තෝබර් 3 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අල්ලස් කොමිසමට නියෝග කළේය.
අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරිමෙන් මන්ත්‍රීවරයා අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ගොනු කළ කරුණ සම්බන්ධ තින්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කැරිණි.
අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ එම නියෝගයේ සඳහන් වන්නේ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් පනතේ 20 (5) වගන්ති අනුව තමන්ට ලැබෙන සහතිකයක් මත මෙවැනි අපහාස නඩු ගොනු කිරිමට සහ ඒ සම්බන්ධ කටයුතු විමර්ශනය කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරටම ඉටුවේවා! (නි)
අපි බලමුකෝ මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා (නි)
ආණ්ඩුවේ බෝඩිම මෙයාට හුරු පුරුදු තැනක් නිසා එහි සිටින නෑදෑයෝ බලල අපහු ඒවි ! කුල් එකේ ඉන්න (බ)
එක පාරක් නොගිය අයට නඩු. දහ පහළොස් වරක් නොගිය අයට මොනවද? (නි)
‘බෝඩිමේ‘ ඉන්න ඔක්කොම මෙයාලට ඡන්දෙ දාපු අය කියලා ගියපාර එළියට ආ ගමන්ම කිවුවා මතක නැද්ද? (නි)
මේ රටේ ලක්ෂ 62 ඡන්දෙ දුන්නේ මේ නාඩගම් බල බලා ඉන්න නෙමෙයි. ජීවන වියදම අඩු කරවාගන්න. වඩා හොඳ ජීවිතයක් ගතකරන්න. මේ නාඩගම් පෙන්වන ගමන් ඡන්දෙ දීපු මිනිසුන්ගේ බෙල්ල මිරිකනවා. (නි)
ඔය තත්ත්වය උදාවීමට හේතුකාරක වූ කියුම් කෙරුම් මතක්වීමට හෝ අමතක කිරීමට හැකි අලුත් භාවනා ක්‍රමයකුත් සොයාගෙනම ගියා නම් තමයි හොඳ නේද? එතකොට අනුගාමිකයෝ සැමදේම ළඟටම සපයා දේවි. (නි)
නෑදෑයෝ බලලා අාපහු ඒවි (හේ)
අනේ මන්දා. මේවා බලලා බලලා අපිට ඇතිවෙලා (නි)
අනේ කිසිම වරදක් කරලා නැති අහිංසක ළමයෙක්. (නි)