මහේල ජයවර්ධනගෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ට ලැබුණොත් එය බාරගැනීමට සූදානමින් පසුවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පවසන බව ඒකාබද්ධ ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවය වාර්තා කරයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් නායකයා වන මහේල ජයවර්ධන මෙම තරගාවලියෙන් අනතුරුව නායකත්වයෙන් ඉවත් වන බව පවසා තිබේ.
”මම කොහොමත් සූදානමින් ඉන්නේ. ඔවුන් මට නායකත්වය දුන්නොත්, මම ඒක බාරගන්නවා.”
”මහේල ඉතා හොඳ නායකත්වයක් කණ්ඩායමට දුන්නා. මහේල වගේ කණ්ඩායම හසුරුවන එක පහසු දෙයක් නෙමෙයි. මට එය දැඩි අභියෝගයක් වෙයි.” යයිද මැතිව්ස් පැවසීය.
සිය අවසන් ටෙස්ට් තරග තුනේදී ලකුණු 79ක්, 84ක් සහ 75ක් රැුස්කිරීමට සමත් වූ මැතිව්ස්, මේ දක්වා ටෙස්ට් අර්ධ ශතක 11 ක් ලබා ඇතත් මෙතෙක් ලබාගෙන ඇත්තේ එකම ටෙස්ට් ශතකයක් පමණි. එය ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිවය.
2010 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙල්බර්න් ක‍්‍රිකට් කී‍්‍රඩාංගනයේදී, නොදැවී ලකුණු 77ක් රැුස් කරමින් ලසිත් මාලිංග සමග එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 132ක සබඳතාවක් ගොඩනැංවීමට මැතිව්ස් සමත් වූ අතර එම තරගයේදී ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 1 ක තියුණු ජයග‍්‍රහණයක් අත් කර දීමටද ඔහුට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. නායකත්වය කොහොමත් ලැබෙන්නේ ඔබටයි. (නි)
අද මෙයා දැවී ගිය හැටි දක්කම් ඕන කෙනෙක් ට ත්රෙනවා නායකත්වය ගැන කතාකරන්න ඉස්සෙලා , ම මුලින්ම ටෙස්ට් තරග වල බැට් කරන හැටි ඉගෙන ගන්න වෙයි කියල(නු)
අපිට මතකයි ලෝක කුසලානයේ අවසන් තරගයේදී කරපු දේ. (නි)
ලකුණු අතරට පැමිණෙන්න..නැතුව වැඩක් නෑ වැඩක් නෑ මොනවා තිබුණත් (ස)
ඹයිට වඩා කණ්ඩායම් හැගීම තියෙන්න ඕන.. අර්ජුන ඕස්ට්‍රේලියාව පරද්දන්න ඇගිලි කඩාගෙන සෙල්ලම් කළා.. මෙයා ලෝක කුසලානෙ වෙලාවෙ තුවාලයි කියලා නිකං හිටියා.. තව මදි..!(නු)
කොහොමද තියෙන ඕන කම (දී)
මෙය ලොකු අභියෝගයක්. නමුත් ඔබ වටා වැඩිහිටි ක්‍රීඩකයන් සිටීම ඔබට වාසියක්. (නි)
කළ දුටු කළ වළ ඉහ ගන්නෝ...!(නු)
නියම නායකයා ඔබයි. අපෙන් සුභ පැතුම්! (නි)
ලෝකෙම කටවල් වහන්න පුලුවන් විදියේ වැඩක් කරන්න. (නි)
ඕන වෙලාවකට අවශ්‍ය පරිදි ක්‍රීඩා කරන්න බැරිව නායකත්වයට දැමීම නිවැරදිද?(නු)
ඔහුට පීඩනය දරාගත හැකිද? (නි)
චී... අමිල, ඔය දැක්කේ මැතිව්ස්ගේ දැවීයාම විතරද ? (නි)