යක්කලමුල්ලේ කරාගොඩ ශ්‍රී පූර්වාරමයේ චෛත්‍යයට කොත් පැළඳවීමට අද එහි ගිය නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාත් ලොකු අකරතැබ්බකට මුහුණ දුන්හ.
විහාරාධිපති හිමියන් ද සමග දොඹකරයක ආධාරයෙන් චෛත්‍යයේ කොත පැළැන්දවූ ඔවුන්ට යළි පහළට ඒමට නොහැකි වූයේ දොඹකරය පහළට ගත නොහැකි ලෙස හිරවූ බැවිනි. දැඩි අවු රශ්මියේ දාඩිය මුගුරු වගුරුවමින් දොඹකරය මත ඉහළට එසවී සිටින නියෝජ්‍ය කතානායකත්, මන්ත්‍රීවරයාත් හිමියනුත් පහළට ගැනීමට ගැමියෝ උණගස් ගෙනැවිත් දිග ඉනිමගක් සෑදූහ.
ඒ අතර දොඹකරයත් අලුත්වැඩියා කිරීම ආරම්භ කැරිණි. පැයක් පමණ ගතවී ඉනිමග සෑදූ පසු විහාරාධිපති හිමියෝ ඉනිමග දිගේ අපහසුවෙන් බැස ගත්හ. ඉන් පසු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාත් ඉනිමග දිගේ බැස්සේය.
රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ඉන්මග දිගේ බහින්නට සූදානම් වෙද්දී ක්‍රියාවිරහිතව තිබූ දොඹකරය ක්‍රියාත්මක විය. ඔහු පහසුවෙන් දොඹකරයෙන් බැස්සේය.
‘‘ ඕක තමයි කලින් පනින්නේ නැතුව ඉවසගෙන හිටියනම් සැපට බහින්න තිබුණා “ යැයි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කීවේය.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නියෝජ්‍ය කතානායක දොඹකරයේ හිරවේ
චතුර Friday, 12 June 2015 08:44 PM
ගිනිගහන අව්වේ පිච්චි පිච්චි ඉන්න ඇති. පවු! (නි)
ශෙහාන් Saturday, 13 June 2015 02:03 AM
අනේ අපේ අහිංසක දොස්තර මහත්තයා! (නි)
චාමර Saturday, 13 June 2015 02:06 AM
රමේෂ් මහත්තයෝ, පරිස්සමින් (නි)