IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නියෝජ්‍ය කතානායකට හා ශ්‍රීලනිප ඇමතිවරු 6කට එරෙහි විශ්වාසභංග කතානායකට

රංජන් කස්තුරි 

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල , ඇමතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , දයාසිරි ජයසේකර ,  එස් බී දිසානායක , චන්දිම වීරක්කොඩි ,  ඩබ්.ලිව්. ජේ සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව අද පස්වරුවේ විශ්වාස භංග යෝජනාව  කතානායක වරයාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
 

තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් 9 දෙනෙකුට එරෙහිව විශ්වාස භංග 9ක් ලබන සඳුදා බාරදෙන බව ඔහු පැවසීය.



අදහස් (18)

නියෝජ්‍ය කතානායකට හා ශ්‍රීලනිප ඇමතිවරු 6කට එරෙහි විශ්වාසභංග කතානායකට

Sunil Friday, 06 April 2018 03:12 PM

අනේ මන්දා! විශ්වාසභංග වලින්ම මේක ගිලෙයිද දන්නේ නැහැ!

:       3       31

Shan Friday, 06 April 2018 03:16 PM

ඊට ඉස්සරවෙලා අස්වෙන්නවත් මොලේ කළඳක් තිබුණොත් හොඳයි.

:       109       164

VajiraSaturday, 07 April 2018 04:24 AM

මේ අය මහින්දගේ ලණුව කාලා අමාරුවේ වැටුණා. අන්තිමේදී මහින්ද රනිල් දෙන්න දිනුම්. එයාලගේ ලණු කාපු ශ්‍රීලනිප අමාරුවේ වැටුණා. කොහොමද දෙන්නගේ ප්ලෑන් එක වැඩ කරපු හැටි...

:       15       204

keli Friday, 06 April 2018 03:32 PM

කාලය නාස්ති කරන දේශපාලකයෝ. රටේ ජනතාවට ඇති අගහිඟකම්, රැකියාවන් ගැන උනන්දුවට වඩා, පලිගැනීම්, තම පක්ෂය සහ තනතුරු රැකගැනීම් වැනි කාරණාවන්ට මුල්තැන දෙන මේ දේශපාලන ක්‍රමය කවදා තුරන් වේවිද?

:       79       658

kan Friday, 06 April 2018 05:01 PM

ඇත්තටම මේ රටේ දේශපාලකයන්ට මේ රට ගැන රටේ දියුණුව් ගැන කිසිම හැඟීමක් නැද්ද?

:       31       136

sirimal Friday, 06 April 2018 05:44 PM

ඕක හරියන වැඩක් නෙවේ. 2020 දක්වාම මේ ඇමැති මණ්ඩලයම කටයුතු කළ යුතු යැයි එකෙක්නෙක් කියද්දී විශ්වාස භංග ඉදිරිපත් කරන්න එපා කියල තව කෙනෙක් කීවා නේද? ඕකට අත්සන් කරලා තියෙන්නෙත් 20 ලු. තව තොගයක් අවුරුද්දෙන් පස්සෙත් දෙන්න යනවලු. දැන් වෙන්නේ මේවා ගැන විවාද කර කර කාලය නාස්තිකරනවා මිස දුන්න පොරොන්දු ඉටු කරන එක නෙවේ. මේවා නිකන් මිනිස්සුන්ට ආණ්ඩුව තවත් එපා කරවන වැඩ.

:       76       185

saliya Friday, 06 April 2018 06:50 PM

අස් වෙන්නේ නැති නම් අයින් කරන්න. ඇමති බලතල වලින් වහලා තිබෙන ෆයිල් දැන් වත් එළියට අදින්න.

:       0       26

aseSaturday, 07 April 2018 06:13 AM

කතාවක් තියනවා, නැවක් ගිලෙන්න යනකොට එහි සිටිය පව්කාරයා දියට විසිකර නැව යලිත් දියත් කල බව, අපේ මේ රටට සහ අපිට බොරු කරපු කොන්ද පණ නැති අයව එලවා දැමුවොත් නැවත රටට හොඳ කලක් ඒවි.

:       0       50

කුමාර් (ගල්ෆ්) Friday, 06 April 2018 07:40 PM

ගෙදර ගියත් මොකෝ ලක්ෂ තුන් හාරසීයක් එකවර ලැබිලා තියෙනවනේ, සල්ලි දෙනවා නම් මෙයාලා නරකාදියට වුනත් යයි.

:       0       5

Thilina Saturday, 07 April 2018 12:40 AM

දෝෂාභියෝගයක් ගේන්න ඕනේ සිරිසේනට...

:       107       584

nishantha Saturday, 07 April 2018 01:17 AM

ඉහත අදහස් දාන අයට කියන්න තියෙන්නේ දුන් පොරොන්දු ඉටුකරන්න. මේ කකුලෙන් අදින, වැඩක් කරන්න නොදෙන අය අයින් කරලාවත් පුළුවන්ද කියල බලමු. ඉවසන්න.

:       0       0

paksikaya Saturday, 07 April 2018 02:20 AM

අගමැතිවරයා එළවීමට ගොස් අනාථ වී ඇති ඉහත සඳහන් ඇමැති පිරිසට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය නැත. ලෝකයේ කිසිම රටක ඇමැතිවරයෙක් තමන් සහභාගී වන කැබිනට්ටුවට විරුද්ධ වී එය පැරදුණ හොත් ඉල්ලා අස්වනවා මිස යළිත් කැබිනට්ටුවට සහභාගි වන්නේ නැත. පසුගිය ඡන්දයේදී මෛත්‍රිපාල සිරිසේනට ඉතාම නින්දිත ආකාරයට බැනවැදුණු ඔය ඇමති පිරිස කිසිම ලැජ්ජාවකින් සහ හිරිකිතයකින් තොරව මෛත්‍රිපාල සිරිසේන සමග එකට එකතුවී සිටියි. ඔය කට්ටිය දේශපාලනය කරන්නේ වරප්‍රසාද, යානවාහන වලට තිබෙන කෑදරකම නිසාය. රටට සේවය කිරීමට නම් නොවේ. කෙසේ වෙතත් කරුණාකර ඔය කට්ටියට කැබිනෙට්ටුවට යලිත් සහභාගි වීමට අවස්ථාව දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය ඇමති කට්ටිය විශ්වාස භංගය පරදින බව දැන දැනත් එයට පක්ෂව ඡන්දය දී තිබෙන්නේ අගමැතිවරයා තව තවත් ශක්තිමත් කිරීමේ ඒකායන අරමුණින් බව තේරුම් ගන්න.

:       0       39

Prabath Saturday, 07 April 2018 02:41 AM

මේ 7දෙනාට දැඩි තීරණයක් ගන්න. මොකද මේ අය යහපාලනයට ආවේ තමන්ගේ බඩගෝස්තරවාදයට මිසක් රටට ආදරයට නෙමෙයි. මේ අය පරණ රෙජිමයත් එක්ක එකතුවෙලා රට අස්ථාවර කරන බව මුළු රටම දන්නවා. අපි යහපාලනයට රට බාරදුන්නේ ජනාධිපති සහ අගමැතිට මේ අය සමග විහිළු සපයන්න නෙමෙයි. මේ සෙල්ලමෙන් අපිට රටක් නැතිවෙනවා. මේ ඔක්කොම මහා පව්කාරයෝ...

:       7       206

yaha Saturday, 07 April 2018 02:57 AM

ඇත්තටම මේ මන්ත්‍රීලා කියන අය පාර්ලිමේන්තුවේ අයගේ තැන රැක ගන්න සහ බඩ වඩා ගන්න වැඩ කරනවා ඇරෙන්න රට ගැන හිතන්නේ නැතිද? මේ රට කොහෙන් නවතීද දන්නේ නැහැ. කොච්චර උගත්තු හිටියත් රටකට වැඩක් නැති අය පිරිච්ච කාලකන්නි රටක් මේක...

:       0       25

රවින් Saturday, 07 April 2018 03:02 AM

තමන් සමග සිටින අනිකුත් අය ගැන විශ්වාසයක් නැතිනම් තමන් එතනින් ඉවත්වීම සදාචාරාත්මක පිළිවෙතයි. කවුරුවත් එ් පිළිබඳව තවකෙකුට නොකිය යුතුයි. කොහෙද ඉතින් අපේ රටේ අයට ඒ ටික හිතන්න වත් උගත්කමක් තියෙන්න එපායෑ. පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා .. තමයි පොදුජනයට කියන්න ඉතිරිවෙලා තියෙන්නේ.

:       0       1

Aslam Saturday, 07 April 2018 04:04 AM

වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛරයෙන් අවෛරය සංසිඳේ...

:       4       4

රූපසිංහ Saturday, 07 April 2018 08:00 AM

ජේ. ආර්. ජයවර්ධනට පෙර එනම් අපේ මතකය අනුව, ඉස්සර රස්සාවල් දුන්නේ නැහැ. මාරුවීම් දුන්නේ නැහැ. පර්මිට් දුන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පරිපාලන කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැහැ. කලත් ඒ සමාජ සුභසිද්ධියකටම පමණයි. මේ බව මම ලංකාදීප පුවත්පතට ලිපියක් ලියු දයාන් ජයතිලක මහතා මීට පෙර මේ බවද ලියා තිබෙනවා මම දුටිමි. මේ සියල්ල සිදු වුයේ ජේ.ආර්. ජයවර්ධනගේ කාලයෙන් පටන් ගැනීමෙන් පසුවයි කියලා කිව්වොත් හරි. එකල මන්ත්‍රීවරු කළේ තමා නියෝජනය කරන පළාතේ ජනතාවගේ දුක් කම්කොටළුවලට පිළිතුරු පාර්ලිමේන්තු වලින් සොයා ගැනීමයි. මොකද ඔහු පළාතේ ජනතාව විසින් තෝරා පත් කරන නිසයි. නැතුව අද මෙන් වෙනත් පළාතක කෙනෙක් නියෝජනය නොකරයි. එකල ඔහුට කරන්නන්ට වැඩ තිබුණා ... ඔවුන් තම පවුල හැදුවේ නැත. තම ධනය වියදම් කර දේශපාලනය කළේය. උදාහරණ: ගාල්ලේ දහනායක මහතා. අද මේ අයටත් වඩා මොළ පිහිටි අය පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ ජනතාවට සේවය කිරීම නොව බඩ වඩා ගැනීමට භංග යෝජනාවලට පාර්ලිමේන්තුව තුළ තර්ක කිරීමයි. එහෙත් රටේ දැවෙන ප්‍රශ්න එමටයි.

:       0       26

rama Saturday, 07 April 2018 08:55 AM

අන්තිම ප්‍රතිඵලය නම් 62%... ජනතාව මහබැංකු මංකොල්ලය අනුමත කළා. මේකද රටේ තත්වය...?

:       56       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 582 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2206 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4873 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1231 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1909 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1277 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site