කල්පිටිය නොරොච්චෝලේ බලාගාරය මුලිමනින්ම අක්‍රීය වී ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට නොරොච්චෝලෙන් සැපයූ විදුලිය නතර වනු ඇත.
කල්පිටිය නොරොච්චෝලේ බලාගාරය මුලිමනින්ම අක්‍රීය වී ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට නොරොච්චෝලෙන් සැපයූ විදුලිය නතර වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කවදද වැඩ කලේ හරියට ?(අ)
අපි යමු ආශ්චර්යයට. (නි)
ඔන්න ඔය මඟුල වහල දනවල අපේ රටේ සල්ලි ටික කල දන්නේ නැතුව තවත්. (අ)
බැලුවොත් හැමතිස්සෙම කැඩිලා. දැන් තියෙන්නේ ඕක පරණ යකඩ වලට කාට හරි විකුනන්න. එකනුත් කෝමිසන් එකක් කාට හරි ලැබෙයි නේ. (අ)
දවසින් දවස මහජනතාවට නඩත්තු කරන්ට තියෙන ලිස්ට් එක වැඩිවෙනවා ..! නඩත්තු වෙන ලිස්ට් එක අඩුවෙනවා.......! (අ)
ආශ්චර්ය දැන් හොදට පෙන්වා. තව විදුලි බිලට වැඩිපුර කීයක් ගෙවන්න ඕනද ?(අ)
ලංකාවේ පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර තිබෙන තුරා නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කල නොහැක (අ)
නොරොච්චෝලේ ගැන අපේ රටේ උගත් විද්‍යාඥයන්ගේ අදහස් පලනොකරන්නේ ඇයි?, ඒ ගැන ස්වාධින පරීක්ෂණයක් කරලා එකේ තත්ත්වේ ගැන ජනතාවට කිව්වොත් මොකද (අ)
පවිත්‍ර ඇමතිනි අසනීප නිසා වෙන්නැති.! (අ)
මේක මේ රට අද මුහුණ පාල තියන ප්‍රශ්න වල එක පැතිකඩක් විතරයි මේ බිඳවැටීම් පිටිපස්සේ එක එක සංගම් වල මෆියාවන් ,කොමිස් ,දේශපාලන වන්ධි භට්ට කම් පාලනයක් නැති කම් ඔක්කොම තියනවා ඇස ඇරලා බැලුවොත් පෙනේවි රටේ හැම තැනකම හුඟක් ආයතන වල තත්ත්වය ඕකම නේද ? මොනවා කරන්නද අපි බලා ඉන්නවා දියසේන කුමාරය වත් එනකම් ! (අ)
නියම වෙලාව. අර රූප රාජිණියෝ ටික අරගෙන ගිහින් වැඳලා හරි කියන්න තියෙන්නේ "අනේ නංගියේ, මේ බලාපල්ලා උඹලගේ වැඩ. අපරාද සල්ලි. ගිහින් කියන්න මේවා වගකිවයුතු ඇත්තන්ට" කියලා. (නි)
මේවා කැඩුනාට මේ සඳහා ගත්ත ණය සහ පොලිය වෙලාවට ගෙවිය යුතු වෙනවා.මත්තල ගුවන් තොටුපොල,හම්බන්තොට වරාය ආදියේත් කතාව ඒකම තමයි. ගුවන් යානා ආවත් නැතත් නැව් ආවත් නැතත් නඩත්තු වියදම්, සේවක පඩිනඩි,ණය වාරික සහ පොලිය වෙලාවට ගෙවිය යුතුයි. (අ)
අපරාදේ සල්ලි මේක සමහර ජනතාවට තේරෙන්නේ නෑනේ (දිල්)
රටේ මුදල්, කාලය, ශ්‍රමය, බලාපොරොත්තු සියල්ලම මේ වගෙයි. හරි කණගාටුයි. අපේ අහිංසක මිනිසුන් ගේ අනාගතය මෙසේ නොවෙවායි සිතා සිතින් සැම විටම පතමි. (අ)
මෙහෙම කැඩෙන්න මේක මෙච්චරටම දිරපු එකක්ද ? නැතිනම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? හොදින් සෙවිය යුතුය, (අ)
හදන්ඩ ඕනේ තැන හදන්නේ නැහැනේ මේ රටේ ලොක්කෝ. (අ)
මෙය සදාකාලිකව වසා දැම්මනම් තමයි හොඳ. මොකද මෙය තියා ගත්තොතින් රටට ඊට වඩා වියදමක් දරන්න වේවි. මෙය සමහරවිට කොහේ හරි අහක දමපු එකක්ද දන්නේ නැහැ මෙතරම් නිතරම කැඩෙන්නේ. වෙන රටවල වැඩියෙන්ම පාවිච්චි කරන්නේ තාප විදුලි බලාගාර. ඒවා මෙහෙම කැඩෙන්නේ නැහැ. (අ)
තිලක් විදුලි බලාගාරයක් සංකීර්ණ තමයි නමුත් මේ වගේ කැඩෙන එකක් ඔය ලෝකේ කොහේ වත් දැකල තියනව කියල මට කියන්න දැන ගන්නත් එක්ක. (ස)
සෑදු අලුත මෙතරම් දෝෂ ඇතිවන බලාගාර ගැන නම් අපි නොදනිමු. (නි)
මම නම් හිතන්නේ මේක නඩත්තු කටයුතු වලට තාවකාලිකව වසා ඇතැයි කියලයි (නි)
දැන් බලනකොට ඉතින් ප්‍රවෘත්තියක් වෙන්නේ මේක වැඩකරන වෙලාවට ඒ බව පළකරන එකයි. (නි)
දැන් නම් අපිටත් හිතෙනවා නොරච්චෝලේ ගැන විපක්ෂයේ ඇත්තන් කිව්ව ඒවා ඇත්ත වෙන්න ඇති කියලා. (නි)
නොරොච්චෝලේ හරි කරච්චලේනේ. (නි)
පක්ෂය,ජාතිය ආගම කුමක් වේවා, මෙවැනි ජාති ද්‍රෝහී වැඩ කරන ,කරවන, කිරීමට ඉඩදී බල සිටින ,කොමිස් කන දේශද්‍රෝභීට සාප වේවා. මේ වගේ ද්‍රෝහියන්ට වඩා ගණිකා වෘත්තියෙන් තම ජිවත් වීම සලස්වා ගන්න අය දහස් වරක් හොඳයි. ඔවුන් නිසා විපතේ වැටෙන්නේ ඔවුන්ගේ පහස ලැබීමට යන්නවුන්ය. එහෙත් මෙවැනි ද්‍රෝහියන් නිසා මුළු ජාතියටම විඳවීමට සිදුවේ. (නදී)
අයියෝ සල්ලි! (නි)
කැඩෙන්න පළමුව නියමිත නඩත්තු අලුත්වැඩියාවන් අකුරටම කළාද කියලා අහන්න කැමතියි. (නි)
මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර කළ බොහෝ ව්‍යාපෘති මෙහෙම තමයි. අර යැවූ චන්ද්‍රිකාවට වුණ දෙයකුත් නැහැ.අනේ අපේ සල්ලි....! (නි)
පුලුවන් නම් ඕක හොඳට ක්‍රියාකළ දවසක් කියන්නකෝ. අනේ අපේ සල්ලි.....! (නි)
ඕවා කරවපු උදවිය හැම පැත්තකින්ම අපිට හිනාවෙනවා ඇති. (නි)
මේක නඩත්තු කරන එකේ නම් කිසිම තේරුමක් නැහැ වගෙයි (නි)
මගේ පරණ 1983 නිසාන් සනි කාර් එක හැමදාම ලෙඩ දෙනකොට අපේ හාමිනේ කියන්නේ, ඊළඟ පාර කැඩුනොත් 'මම ලාම්පුතෙල් දාලා ගිනි කූරක් ගහනවා කියලා' (නි)
සල්ලි හොරකම් කළා බාල බඩු දාපුවම ඔහොම තමයි ඕවාට හැමෝම වග කිව යුතුයි (අ)
මොනා කරන්නද පාලකයාට ඕන කොමිස් පලිත්යාට උදලු තලයක් කොපි පොතක් හොදටෝම එති. (අ)
නොරොච්චෝලේ පලච්චාවේ කියල ලබන සතියේ තව චීන ලඳුන් ටිකක් එක්කන් එමු එතකොට අපේ විසදුම් ලැබෙනවනේ ! (අ)
අදටත් මේ රටේ විදුලිය තියෙන්නේ ඒ ජා ප ආණ්ඩුවලින් කරපුවයින් තමයි. මේ රටේ හරි සංවර්දනයක් කරේ එජාපය මිසක් වෙනත් ආණ්ඩුවක් නෙවෙයි (අ)
මේ බලාගාරයත් හරියට දෙමටගොඩ රේල් ගේට්ටුව වගේ. ඇරලා තියෙනවට වආ වහල තියෙන්නේ . මේ බලාගාරයත් වැඩ කරනවට වඩා කැඩිලා තියෙන්නේ මේකට නම දාන්නඕනේ කරච්චලේ කියල .(අ)
ඇත්ත තේරෙනකොට අපි ප්‍රමාද වැඩියි (නි)
තාප විදුලි බලාගාර ගැන දන්නා අයට මෙහි අරුමයක් නැත. තාප විදුලි බලාගාරයක් යනු සංකීර්ණ යන්ත්‍ර සුත්‍ර විශාල ගණනක් එක්කොට එක්ව ක්‍රියාකරන පද්ධතියක් ලෙස නිර්මාණය කළ දෙයකි. මෙය වැරදි ලෙස හෝ යම් කොටස් නිසි පරිදි ක්‍රියාත්මක නොවනවිට ක්‍රියාත්මක කරන්න ගියහොත් අති භයංකර දේපල හා ජීවිත හානි සිදුවීමට ඉඩ තිබෙනවා. එවැනි දෝෂ ඇති නොවන බලාගාර ලෝකයේ කොහෙවත්ම නැත. එම නිසා එවැනි දෝෂයක් ඇති වූ විට බලාගාරය නවත්වා එය නිවැරදි කළ යුතුමයි. (නි)